යෝෂිත අත්අඩංගුවට ගැනීම දේශපාලන දඩයමක් නෙවෙයි... නලින්ද ජයතිස්ස
යෝෂිත රාජපක්ෂ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත්‍රයා වීම නිසා පමණක් අත්අඩංගුවට නොගත් බව පැවසූ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස, අද (25) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී කියාසිටියේ, නීතිවිරෝධී ලෙස හෝ සැකසහිත ආකාරයෙන් ඉඩම් හෝ දේපළ මිලදී ගෙන තිබේ නම් නීතිය ක්‍රියාත්මක කරන බවයි.
අද සිදු වූ අත්අඩංගුවට ගැනීම් පිටුපස දේශපාලන දඩයමක් නොමැති බව ඔහු පැවැසීය.
“යමෙකු නීතිවිරෝධී ලෙස හෝ සැකසහිත ආකාරයෙන් ඉඩම් හෝ දේපළ මිලදීගෙන තිබේ නම් සහ එවැනි නඩු සම්බන්ධයෙන් CID පරීක්ෂණ පවත්වන්නේ නම්, නීතිය ක්‍රියාත්මක වෙනවා. යෝෂිත අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහු මහින්ද රාජපක්ෂගේ පුත්‍රයා නිසා නෙවෙයි. ඔහු සඳහන් කළේය.
ආරම්භ කර ඇති පරීක්ෂණ දිගටම පවතින බවත්, CID සහ පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඒ අනුව අත්අඩංගුවට ගැනීම් සිදුකරන බවත් අමාත්‍යවරයා පැවැසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන්ට ඇපලබා දීම පිළිබඳ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ “ඔවුන්ට ඇප ලැබෙනවා. නමුත්, නඩු කටයුතු දිගටම ක්‍රියාත්මක වෙනවා. නීතිය ක්‍රියාත්මක කිරීම අධිකරණයේ යුතුකම. රජය කරන්නේ එයට පහසුකම් සැලසීම පමණයි.”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..