News Category
From Date
To Date
Maximum Number of Result

හරිනිගේ අ‍ඬහැරය සහ ජවිපෙ විලාපය

Jan 25, 2025 at 09:19 AM
|

මේ 1987 ඔක්තෝම්බර් 27 වැනිදා ජවිපෙ නායක රෝහණ විජේවීර ශ්‍රී ලංකාවේ මහ ජනයා වෙත නිකුත් කළ ඉන්දු ලංකා ගිවිසුමත්, පළාත් සභාත් බළාත්මක කළ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 13 සංශෝධනයය පිළිබඳ හඬ පටයෙන් උපුටා ගත් කොටසකි.


''අපේ පීතෘභූමිය එහි මෑත ඉතිහාසයේ මුහුණ පෑ භායානකම විපත්තියට ගොදුරු වී සිටින මේ සාතිශය දුෂ්කර අවස්ථාවේදී දේශප්‍රේමී රටවැසියන් සියලූ දෙනා තනිතනිවත් සාමූහිකවත් ඉටු කළ යුතු අපේ පීතෘභූමියේ නිදහස යළි දිනා ගැනීමත් රැකගැනීමත් සඳහා ඉටු කළ යුතු අපේ දරු මුණුපුරු පරම්පරාවත් ඉන්දීය අධිරාජ්‍යයේ වහලූන් බවට පත් නොකිරීම සඳහා ලාංකීය ජාතිය වහල් බවින් මුදා ගැනීම සඳහාත් ඉටු කළ යුතු භාරධූර කර්තව්‍ය පිළිබඳ කරුණු සැකෙවින් පැහැදිලි කිරීමටයි, අද මෙසේ ඔබ අමතන්නේ.


සහෝදර රටවැසියනි,


අවුරුදු ගණනක් තිස්සේ අපි දිගින් දිගටම කියාපු දේවල් දැන් ඇස් පනාපිට සත්‍ය වෙලා තිබෙනවා. අපි කිව්ව වගේම දැන් ජයවර්ධන අපේ උදාර පීතෘභූමිය ඉන්දියන් අධිරාජ්‍යයේ පිළිකන්නක් කරලා හමාරයි. අපේ පුංචි ලාංකීය ජාතිය ඉන්දියන් අධිරාජ්‍යයේ වහලූන් කරලා හමාරයි. තමුන්නාන්සේලාට මතක ඇති 1972 දී විතර ජයවර්ධන යූ.ඇන්.පී යේ නායකත්වයෙන් විතරක් නොවෙයි මුළු පක්‍ෂයෙන්ම තල්ලූවෙලා යන තැනට වැඩ සිද්ධවෙමින් තිබුණ බව. එදා යූ.ඇන්.පියේ හිටපු නායකයා ඩබ්ලි සේනානායක මහත්තයා ජේ.ආර්.ව පක්‍ෂයෙන් පන්නන්න හදනවා කියලා ජයවර්ධන උසාවියේ නඩුවක් දැම්මා. ඒකට උත්තර බඳිද්දී ජයවර්ධන මහා බොරුකාරයෙක් කියලා ඩඞ්ලි උසාවියේදීම කිව්වා. මේ විදිහට ඩඞ්ලි – ජේ.ආර් ගැටුම උච්චතම අවස්ථාවෙ තියෙද්දී ජයවර්ධන යූඇන්පියෙන් පන්නල දාන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී හදිසියේම ඉතාමත් සැක කටයුතු විදිහට ඩඞ්ලි මළේ. ඊට ටික දවසකට පස්සෙ එයාගෙ දෙවැනිය හිටපු කෘෂිකර්ම ඇමැති. එම්.ඞී. බණ්ඩත් මළා. ඒ එක්කම වී.ඒ සුගතදාස, යූ.බී. වන්නිනායක, ඊරියගොල්ල, සී.පී.ද සිල්වා වගේ ඩඞ්ලි පිලේ පතාක යෝධයෝ ඔක්කොම හදිසියෙම මළා. කොහොම සිද්ධ වුණත් මෙන්න මේ නිසයි ජයවර්ධනට යූඇන්පියේ නායකත්වයට ඇවිල්ලා බලය තහවුරු කරගන්න පුළුවන් උනේ.


ජයවර්ධනගෙ යූඇන්පී නායකත්වය සේනානායකලගෙ නායකත්වයට වඩා ඉඳුරාම වෙනස්, දේශද්‍රෝහියො, පල්හොරු, දේශපාලන පාදඩයො, ලැජ්ජා නැති බොරුකාරයො, අධිරාජ්‍යවාදී ඒජන්තයො භයානක මීනිමරුවො මේ සොර නඬේ තමයි ධර්මිෂ්ඨ හැවක් ඇතුළට රිංගලා ධර්මයෙන් රට කරනවාය කියල බොරු පොරොන්දු දීල ශ්‍රීලංකා සමසමාජ කොමියුනිස්ට් හවුල් ආණ්ඩුවේ වැරදි උපයෝගී කරගෙන මහජනයාගේ ඇස්වලට වැලිගහලා 1977 බලයට ආවෙ දේශපාලන විරුද්ධවාදීන්ගෙන් පළිගන්නෙ නෑ කිව්ව පාර්ලිමේන්තුවෙ කාලෙ දික්කරන්නෙ නෑ කිව්වා.


ඉන්දියන් ධනේශ්වර පාලකයො එදා කියල තිබුණෙත් මීට මුළුමනින්ම සමාන දෙයක්, ඉන්දියන් ධනේශ්වර පංතියේ දේශපාලන නායකයා, ජවහල්ලාල් නේරු 1944 දී ලියපු ‘‘ඩිස්කවරි ඔෆ් ඉන්ඩියා’’ ඉන්දියාව සොයා ගැනීම කියන පොතේ 569 වන පිටුවේ මේ විදිහට කියනවා.


‘‘ලෝක පාලන මධ්‍යස්ථානය වශයෙන් අත්ලාන්තික් කලාපයට හිමි තැන නුදුරු අනාගතයේදී පැසිපික් කලාපය විසින් හිමිකර ගනු ඇතැයි සිතිය හැකිය. සෘජු ලෙසම පැසිපික් රාජ්‍යයක් නොවුනද ඉන්දියාව නොවැළැක්විය හැකි ලෙසම එහි වැදගත් බලපෑමක් කරනු ඇත.


ඉන්දීය සාගර කලාපයේත් ගිණිකොණ දිග ආසියාවේත්, මැදපෙරදිග දක්වාත් ආර්ථික හා දේශපාලනික ක‍්‍රියාකාරීත්වයේ මධ්‍යස්ථානය වශයෙන් ඉන්දියාව සංවර්ධනය වනු ඇත. නුදුරු අනාගතයේදී ලොව වේගයෙන් සංවර්ධනය වන්නට තිබෙන කොටසක ඇය ආර්ථික හා යුද්ධෝපායික වැදගත්කමක් ගනු ඇත. ඉන්දියාව දෙපැත්තෙන්ම ඇයව මායිම් වන රාජ්‍යයන්ගේ – ඉරානය, ඉරාකය, ඇෆ්ගනිස්ථානය, ලංකාව, බුරුමය, මලයාව, සියම, ජාවාය යනාදී කලාපීය ගොනුවීමක් වේ නම් වත්මන් සුළුජාතික ප‍්‍රශ්න එක්කෝ නැති වී යනු ඇත. නැතිනම් අඩු ගණනේ සාකල්‍යයෙන්ම වෙනස් වූ සන්දර්භයක් තුළ සැළකිල්ලට ලක් කිරීමට සිදු වනු ඇත.


මගේ පැත්තෙන් ගත් කල ලෝකය විශාල උත්තර් ජාතීය රාජ්‍යයන් කිහිපයකට බෙදීම ගැන ඒවා කිසියම් බලසම්පන්න ලෝක බැම්මකින් නොබැඳේ් නම්x මගේ කිසිම කැමැත්තක් නැත. නමුත් ලෝක එක්සත්කමක්, ලෝක සංවිධානයක් ඇතිවීම වැළක්වීමට තරම් ජනතාව මුග්ධවේ නම් ප‍්‍රාදේශීය ස්වාධිපත්‍යයක් සහිතව තනි යෝධ රාජ්‍යයක් ලෙස ක‍්‍රියාත්මක වන මෙබඳු එක් එක් අති විශාල උත්තර් – ජාතීය කලාපයක් හැඩ ගැසීමට බොහෝසෙයින් ඉඩ ඇත. එහෙයින් කුඩා ජාතික රාජ්‍යය මැකී යනු ඇත. ඒවාට පැවතිය හැක්කේ ස්වාධීන දේශපාලන ඒකක වශයෙන් නොව සංස්කෘතික ස්වාධිපත්‍යයක් ඇති ප‍්‍රදේශ වශයෙනි. ඉන්දියාවට සිය බලපෑම් කළ හැකි වේ නම් කුමක් සිදුවුවද ලෝකයට යහපත් වනු ඇත.’’


ඉතින් මේක කියන විදියට එදා නේරුට අවශ්‍ය වෙලා තිබුණුදේ ඉටුකරලා දෙන්න, ඒ කියන්නෙ නේරුව හාම්පුතු සැටියට පිළිගන්න, ඉන්දියාවෙ ආධිපත්‍යයට යටවෙන්න, අවුරුදු හතළිස් සයකට එහා ඉඳලා ජයවර්ධන ලෑස්තිවෙලා ඉඳලා තියෙන බව කාටත් තේරුම් ගන්න පුළුවන්.


ඉන්දියන් ධනේශ්වර පංතිය එසේ පාලක පංතිය බවට පත් වූ දා ඉඳලම ඒගොල්ලන්ගේ ප‍්‍රතිපත්ති, උපායමාර්ග, උපක‍්‍රම, ක‍්‍රියාමාර්ග සේරම සකස් කළේ ඉන්දියාව ඉස්සර වෙලා කලාපීය බලවතා කරලා දෙවනුව ලෝක අධිරාජ්‍ය බලයක්, සුපිරි අධිරාජ්‍ය බලවේගයක් කරන ඉදිරි දැක්ම ඇතිවයි. ඉන්දියන් ධනේශ්වර පංතියේ ආර්ථික, දේශපාලන, යුදමය, විදේශ කියන මේ සෑම ප‍්‍රතිපත්තියකම ඒවායේ යටින් දුවපු අරමුණ ඒකයි.


අපි දන්නවා ජර්මනියෙන්, ඉතාලියෙන්, ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලව සිද්ධ වුණේ පමා වෙලා. මේ නිසා ඒ රටවල්වල තිබුණු කුඩා කුඩා වැඩවසම් රාජධානි එකතු කරලා ජාතික රාජ්‍යයක් බිහිකරන්න පමා වුණා. මේ නිසා ඉතාලිය, ජර්මන් ධනපතියන්ට අල්ලගන්න යටත්විජිත ඉතුරු වෙලා තිබුණේ නෑ. ඒ මොකද ඒගොල්ල නැගිටලා එනකොට අනිත් අය ඔක්කොම අල්ල ගෙන ඉවරයි. මෙන්න මේ නිසා ලෝක ජනතාවට සිද්ධ වුණා ලෝක යුද්ධ දෙකට මුහුණ දෙන්න. ලෝක යුද්ධ දෙකම පටන් ගත්තේ මේ දෙන්නා. ඒ වගේ ඉන්දියාව ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදී විප්ලවය සම්පූර්ණ වුණෙත් බොහොම කල් ගිහිල්ලා. මේ විදිහට ප‍්‍රමාද වෙලා. බහුජාතික රාජ්‍යයක් වුණු ඉන්දියාවේ ධනේශ්වර පංතිය තමන්ගෙ පසුගාමීත්වය ඉක්මණින්ම මගහරවා ගන්න යොදාගත්තෙත් ජර්මනියෙ බිස්මාක්ල, ඉතාලියෙ කවුර්ල යොදාගන්න රාජ්‍ය ධනවාදී පිළිවෙතමයි.


ඉන්දිය රාජ්‍ය ධනවාදය අද රාජ්‍ය ඒකාධිකාරී ධනවාදය දක්වා වර්ධනය වෙලා තියෙනවා. මේ රාජ්‍ය ඒකාධිකාරී ධනවාදය කලාපීය රටවල් සම්බන්ධයෙන් දැඩි ආක‍්‍රමණශීලී ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන බව පැහැදිලිව දකින්න පුළුවන්.


ඉන්දියන් ජනතාව ඉතාම දුප්පත්. ඒ නිසා පසුගාමී ඉන්දියන් ධනවාදයට මෙන්ම ඒකාධිකාරීන්ගෙ නිෂ්පාදන වලට අවශ්‍ය විදියට ඒ තරමට දේශීය වෙළෙඳපොළ පුළුල් කරගන්න බැහැ. ඒ නිසා ඉන්දියන් බැංකුකාරයන්ට, කර්මාන්තකාරයින්ට තමන්ගෙ රටින් පිටත වෙළෙඳපොළ සොයන්න සිද්ධ වෙලා තියෙනව. මෙතනදී ඒ ගොල්ලන්ට දියුණු ධනපති රටවල් එක්ක හැප්පෙන්න බැහැ. ඒ නිසා ඒ ගොල්ලෝ ස්වභාවිකවම නැඹුරුවෙලා තියෙනවා අසල්වැසි අපි වගේ දුබල රටවල් වෙතට. ඉන්දියාවේ ‘‘ආධාර’’ වෙළෙඳ ප‍්‍රතිපත්ති, තාක්‍ෂණය, හුවමාරු, විදේශ ආයෝජන, කොන්ත‍්‍රාත් බැංකු මේ ඔක්කොම මුළු මහත් විදේශ ප‍්‍රතිපත්තියක් ගොඩනැගිල තියෙන්නෙ ඒ අරමුණ මතයි.


ලෝක ජාතීන් අතර අසමානතාව වර්ධනය කෙරුවෙ, සූරාකෑම් වර්ධනය කෙරුවෙ ජාත්‍යන්තර ධනවාදය විසින්ම බව අප දන්නවා. ඒක දැන් ආයෙත් තුන්වැනි ලෝකයේම වඩා දියුණු රටවලූයි, අඩු දියුණු රටවලූයි අතරෙ පුනරුත්පාදනය වෙලා.


ඉන්දීය උප මහාද්වීපයෙන් විශාල කොටසක රාජ්‍ය බලය තමන් අතට ගත්ත ඉන්දියන් ධනේශ්වර පංතිය තමන්ගෙ දේශපාලන දර්ශනයක්, ප‍්‍රතිපත්තිත්, උපාය උපක‍්‍රමත් ගොඩනැගුවේම බි‍්‍රතාන්‍ය අධිරාජවාදීන්ගෙ සපත්තුවට බැහැල. බි‍්‍රතාන්‍ය ධනේශ්වර පංතියේ ආභාසයෙන් සැදුණු වැඩුණු ඉන්දියන් ධනපති පංතියක් එහෙම කරන එක පුදුමයක් නොවෙයි. මේ විදියට ඉන්දියන් උප මහාද්වීපයෙන් තදාසන්න ප‍්‍රදේශවලත් බි‍්‍රතාන්‍ය යටත් විජිතවල, අර්ධයටත් විජිතවල තමන්ගෙ අණසක පිහිටුවන එක තමයි දැන් ඉන්දීයන් ආක‍්‍රමණකාරී විදේශ ප‍්‍රතිපත්තියෙ පරමාර්ථය වෙලා තියෙන්නෙ. මෙතනදී බි‍්‍රතන්‍යයන්ගෙ සපත්තුවට බැහැලා ඒ රටවල්වලට රිංගාගෙන හිටපු නොයෙකුත් ඉන්දියන් ජාවාරම්කාරයොත්, අනික් සංක‍්‍රමණික ඉන්දියානුවොත් මේකට යොදාගන්න ඔවුන්ට පුළුවන් වුණා. අද මලයාව, සිංගප්පූරුව, සියම, ලංකාව, මොරීෂිස් වගේ රටවල්වල ඉන්න ඉන්දියන් සංක‍්‍රමණිකයො ඉන්දියන් ධනපති පංතිය විසින් තමන්ගෙ ඒජන්තයන් සැටියට ඉතාමත් සකී‍්‍රයව මේ කටයුත්තට යොදා ගෙන තියෙනවා. මොවුන් තමයි ඉන්දියන් ධනපති පංතිය විසින් තමන්ගේ පස්වැනි සේනාංකය හැටියට දැනුවත්වම යොදා ගෙන තියෙනවා. මොවුන් තමයි ඉන්දියන් ධනපති පංතිය විසින් තමන්ගේ පස්වැනි සේනාංකය හැටියට දැනුවත්වම යොදා ගෙන තියෙන්නේ.

ඉන්දියන් ධනපති පංතිය තමන්ට උපායමාර්ගිකව වැදගත් තැන්වල මේ උපාය මාර්ගය වඩාත් තහවුරුව ක‍්‍රියාවට නංවලා තියෙනවා. භූටානය, බංග්ලාදේශය, කාශ්මීරය, ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාව අනුගමනය කරපු ප‍්‍රතිපත්තිය මේකට හොඳම නිදර්ශන.


දැන් ආයෙත් ඉන්දියන් අධිරාජ්‍යයේ බලය කලාපයේ සුපිරි බලය හැටියට ඉස්මතුවෙලා තියෙන තත්ත්වය යටතේ අවස්ථාව අනුව කරණම ගසලා ඉන්දියන් අධිරාජවාදය හාම්පුතා හැටියට පිළිගන්න ඉදිරිපත්වෙලා.


ඉන්දියන් ආක‍්‍රමණකාරී විදේශ ප‍්‍රතිපත්තිය නිසා ඉන්දියාව වටේ රටවල් ඔක්කොම සතුරු කර ගෙනයි සිටියෙ. එහෙම ඉන්දැද්දී සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව චීනයත් එක්ක, පකිස්ථානයත් එක්ක මිත‍්‍ර වුණු එක ඉන්දියන් ධනපති පාලකයින්ට රිස්සුවේ නෑ. චීන නැව්වලට මිත‍්‍ර නැව් හැටියට ලංකාවෙ වරායවලට ඇතුළු වෙන්න ඉඩදුන්නු එක ගැන ඉන්දියාව උරණ වුණා. ඒ වගේම 1971 දී නැගෙනහිර පකිස්ථාන් ප‍්‍රශ්නෙ වෙලාවේ පකිස්ථාන් ගුවන්යානාවලට බටහිර පකිස්ථානෙ ඉඳලා කටුනායක හරහා ඩැකාවලට සෙබළු අරන් යන්න, ඉඩදීපු එක ගැනත් උරන වුණා. මගේ මතකයේ හැටියට 1972 ජූලි මාසෙදී, සමහරවිට අගෝස්තු සැප්තැම්බර් වෙන්නත් පුළුවන්. ඒ කාලෙ අපි වැලිකඩ සිරගෙදර, ඉන්දිරා ගාන්ධි ලංකාවට ආව. ඇවිත් සිරිමා බණ්ඩාරනායක නෝනත් එක්ක උපදේශකයන්ගෙන් තොරව කතාකරන්න ඕනෙයි කිව්වලූ. කියලා සාකච්ඡුාවක් කරලා චීනයත් පකිස්ථානයත් එක්ක තියෙන හිතවත්කම ගැන තදින් දොස් කිව්වලූ’’ මගේ ආරක්‍ෂාව මට වැදගත්. ඒ හින්දා බලාගනින්’’ කිව්වලූ. මේක, පස්සෙ බණ්ඩාරනායක නෝනා මෛත‍්‍රීපාල සේනානායක මහත්තයත් එක්ක කියල එයා වෙනත් අයට කීව නිසා අපටත් ආරංචි වුණා. ලංකාව ස්වාධීනව කෙළින් ඉන්නවට, ඉන්දියාව කැමති නැති දේ කරනවට ඉන්දියන් ධනපති පංතිය කවදාවත් කැමති වුණෙ නෑ.


මේ විදියට චීන – ලංකා මිත‍්‍රත්වයටත්, පකිස්ථාන් – ලංකා මිත‍්‍රත්වයටත් ලංකාවෙ ස්වාධීන විදේශ ප‍්‍රතිපත්තියටත් ඉන්දියාව තදින්ම විරුද්ධ වුණා. ඒ විරෝධය උඩ ඉන්දියන් ධනපති පාලකයො එතෙක් ලංකාව ගිලගන්න සෙමින් සෙමින් අනුගමනය කරපු ක‍්‍රියාමර්ග වෙනුවට වේගවත් ආක‍්‍රමණශීලී අලූත් ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන්න පටන්ගත්තා.


මෙතනදී සම්ප‍්‍රදායානුකූල වැඩවලින් ඈතට ගිහිල්ලා එතෙක් ඒගොල්ලම මැදිහත් නොවුණු උතුරු නැගෙනහිර ජාතික ප‍්‍රශ්නයට අත පොවලා, ඒක තමන්ගෙ වුවමනාවක් සඳහා යොදාගන්න බැලූවා. මේකට අලූත් සජීවී අත්දැකීමක් බංග්ලාදේශයෙන් ලැබිලා තිබුණා. මොකක්ද? පකිස්ථාන් බෙංගාලි ජාතික ගැටලූව නොවිසඳී තිබුණ නිසයි, ඒ ජාතික ප‍්‍රතිවිරෝධතාව පාවිච්චි කරලා තමන්ගෙ සම්ප‍්‍රදායික සතුරා වුණු පකිස්ථානය දෙකඩ කරලා දුර්වල කරන්න පුළුවන් වුණේ ඒ වගේ ලංකාවෙන් නොවිසඳී නියත ජාතික ප‍්‍රශ්නය ඒ ගොල්ලන්ට යොදාගන්න පුළුවන් බව දැක්කා.


මේ සොර ගිවිසුම ලංකාවෙ මහජනයාට විතරක් නොවෙයි, ජයවර්ධනගෙම එක්සත් ජාතික පක්‍ෂයටත්, ඒකෙ නායකයන්ගෙන් බහුතරයටත්, ඇමැති මණ්ඩලයටත්, කොටින්ම අගමැතිටත් සොරෙන් කරපු කුමන්ත‍්‍රණයක්. ජයවර්ධනලගෙ, ගාමිණී දිසානායකලගෙ කුමන්ත‍්‍රණයක්. ඒක කෙරුණේ ඒ තරම්ම රහසිගතව. ඒක සමස්ත ලාංකීය ජනතාවටම විරුද්ධව කරපු භයානක කුමන්ත‍්‍රණයක්. ඒකෙ ආදීනව බොහොම අය සිතනවට වඩා ඉතාම භයානකයි.


ජයවර්ධන තමන් මේ වගේ ගිවිසුමක් අත්සන් කරන්න වෙනවා කියලා එයාගෙ පක්‍ෂයෙම කෘත්‍යාධිකාරී සභාවට දැන්නුවෙත් අගමැති ජපානයෙ සංචාරය කරමින් ඉන්නැද්දී. අවසානයේ දී ජයවර්ධන එතැනදී කිව්වා කෘත්‍යාධිකාරී සභිකයන්ට ඔබලාට රජීව් ගාන්ධි විශ්වාස නැත. මම එය දනිමි. එනමුදු මට ඔහු විශ්වාසයි. කවුරු විරුද්ධ වුණත් තමන් මේ ගිවිසුමට අත්සන් කරනවා කියලා. තවත් කිව්වා මේ ගිවිසුමෙන් පස්සෙ ජනතා විමුක්ති පෙරමුණ විනාශ කරන්න ඉන්දීය යුද්ධ ආධාර ගන්න පුළුවන් කියලා. ඒ නිසා කවුරුත් මේකට කැමති වෙන්නෙයි කියලා.


අගමැති පේ‍්‍රමදාස ලංකාවට ආවට පස්සෙ පවත්වපු ඇමැති මණ්ඩල රැුස්වීමේදී ගිවිසුම ගැන මහා ගාලගෝට්ටියක් ඇති වුණා. ඉන්දියන් මහ කොමසාරිස් ඇමැති මණ්ඩලය ගෙන්නෙව්වා. ඇමැතිවරුන්ට ගිවිසුම ගැන කරුණු පැහැදිලි කරන්න. ලංකාවට ගිය කල එයින්ම පේනවා නේද? ඇමැති මණ්ඩලය තීරණයක් නොගෙනම විසිරිලා ගියා. ඊට පස්සෙ රජීව් ගාන්ධි ලංකාවට ආවා. ගිවිසුම අත්සන් කරන්න. අවෙ ඇඳිරි නීතිය පනවලා, ආපු ගුවන් යානය ආරක්‍ෂාවට හෙළිකොප්ටර්වලින් වට කරගෙන ඇවිල්ලා කටුනායකට බැහැලා. එතන ඉඳලා ගෝල්ෆේස් එකට හෙළිකොප්ටර්වලින් ඇවිල්ලා, එතනින් වෙඩි නොවදින කාර් එකෙන් ජනාධිපති මන්දිරයට රිංග ගත්තේ හරියට සොරකමකට ආපු සොරෙක් වගෙයි.

ඇඳිරි නීතිය දාලා පාරවල් වලට පාරවල් වලට බසින්න තහනම් කරලා තියේ්ද්දීත් දේශපේ‍්‍රමී මහජනයා තුන් පැත්තකින් මහා ජන ගංගාවක් වගේ කොළඹට ඇදුණා. පෙළපාළිවලින්, පොලීසිය ලව්වා වෙඩි තිබ්බා සිය ගණන් මැරිලා වැටුන. මේ වෙලාවේ අගමැතිවරයාත් ඇමැතිවරුන් ගණනාවකුත් රජීව් ගාන්ධි වර්ජනය කළා. අන්තිමට තෑගි ඔප්පුව ලියවගත්තු රජීව් ගාන්ධි දේශපේ‍්‍රමී ජනතා පුත‍්‍රයකු වූ විජිත රෝහණ නාවුක භටයාගේ තුවක්කු බදින් පාරක් කාලා ගියා. ඒ වෙන කොටත් ගිවිසුම් උඩ ඉන්දීය ආක‍්‍රමණකාරී හමුදාව ලංකාවට ගොඩබස්වමින් තිබුණා. මේ හමුදාව ලංකාවට ගේන්න දකුණු ඉන්දියාවෙ හමුදා කඳවුරුවල කළින්ම ලෑස්ති කරලා තිබුණා. රජීව් ගාන්ධිට ඇවිත් ගිිවිසුම අත්සන් කරන්නත් කලින් ජූලි 28 වැනිදා පත්තරවල ඒ ගැන තිබුණා. උතුරට නැගෙනහිරට ඉන්දියන් හමුදා එව්වට පස්සෙ කොළඹ වරායටත් නැව් තුනක් භටයො ගෙනාව, ජයවර්ධනලගෙ ආරක්‍ෂාවට.


මේ ගිිවිසුම රටට හානිකර නැත්නම් ඇයි ඒක කුමන්ත‍්‍රණකාරී විදිහට සකස් කෙරුවේ? ඇයි ඒක අත්සන් කරන්න කලින් රටට ඉදිරිපත් නොකළේ? ඇයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළේ? ඇයි ඉන්දියන් හමුදා ගෙන්නන බව කලින් නොකිව්වේ? ඇයි ඒක හැංගුවේ? මේවා අසන්න ඕන ප‍්‍රශ්න නෙවෙයි. කාටත් තේරෙන දේවල්. මේක හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්.


ජයවර්ධනත් රජීව් ගාන්ධීත් අත්සන් කරපු මේ කුමන්ත‍්‍රණකාරී ගිවිසුමට දෙමළ ඊළාම් ත‍්‍රස්තවාදී සංවිධාන එකක්වත් හවුල් කර ගෙන නෑ. ඔවුන් මේකට අත්සන් කරලා නෑ. ඒ ඒකත් ලාංකීය ජනතාවට විරුද්ධව කරපු භායනක කුමන්ත‍්‍රණයක්. මේ නිසා තමයි දෙමළ එක්සත් විමුක්ති පෙරමුණවත්, දෙමළ ඊළාම් කොටිවත්, අනෙක් දෙමළ ඊළාම් සංවිධානවත් කිසිම කොන්දේසියට යටත් නැත්තේ. අම්ර්තලිංගම්වත් ප‍්‍රභාකරන්වත් මේ ගිවිසුමට අත්සන් කරලා නෑ. ඒගොල්ල කිසිම ගිවිසුමකින් බැඳිලා නෑ.


ඊළඟට මේ ගිවිසුමෙන් ලංකාවේ උතුරු නැගෙනහිර පළාත් දෙක, ලංකාවෙ දෙවැනි හා තුන්වැනි විශාල පළාත් දෙක, ඒ කියන්නේ ලංකාවෙ මුළු බිමෙන් තුනෙන් එකක් දෙමළ ජනයාගෙ නිජබිම් කියලා, ඓතිහාසික නිජබිම් කියලා පිළිඅරන් තියෙනවා. ඒ කියන්නෙ දෙමළ ජන කොටසේ පමණක් භූමිය කියලා පිළිඅරන් තියෙනවා.

තිම්පු සාකච්ඡාවලදී දෙමළ ඊළාම් සංවිධාන ඔක්කොම එක දිගටම ඉල්ලූවේ උතුරු නැගෙනහිර ඒ ගොල්ලන්ගේ භූමිය කියලා පිළිගන්න කියලයි. ඒක කිසිසේත්ම කරන්න බැරිය කියලා මේ ආණ්ඩුවම එදා මහ උජාරුවෙන් කිව්වා. තමුන්නාන්සෙලාට මතක ඇති. නමුත් දැන් මොකක්ද වෙලා තියෙන්නෙ.''


1987 දී කොළඹ බිෂොප් විද්‍යාලයේ උසස් පෙළ සිසුවියක වූ ද ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද වලින් පාර්ලිමේන්තු පැමිණ 13 සංශෝධනය බලාත්මක කළ යුතු යැයි අද පවසන්නා වූ ද හරිනි අමරසූරියලා දැන නොදන්නා සේ ඉන්නා කාරණාව වන්නේ ඒ භීෂණ සමයේ හරිනිලා කොළඹ ඉහළ මධ්‍යම පන්තියේ නිවෙස්වල සුවසේ ඉගෙන ගනිද්දී ජනතා විමුක්ති පෙරමුණේ මතවාද වෙනුවෙන් ටයර් සෑ උඩ, වධකාගාර වල දිවි පිදූ හරිනිලාගේම වයසේ දහස් ගනනක ශිෂ්‍ය පරම්පරාවකගේ ඇට කටු මේ මහ පොළොවේ තවමත් මිහිදන් ව ඇති බවයි.


වින්දන විදුර කුමාර

සම්බන්ධිත පුවත් | Related News

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) රනිල් වික‍්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක යන දෙදෙනාගේම රජයන්හි ප‍්‍රධානතම ආර්ථික උපදේශකයෙකුගේ භූමිකාව ඉටු කළ බව හා ඉටුකරමින් සිටින බවත්,
2023 ඔක්තෝබර් 07 වැනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලය විසින් හමාස් සංවිධානයට සහ පලස්තීනයට එරෙහිව යුද ප්‍රකාශ කරන ලද අතර මෙම ගැටුම අතරතුර පලස්තීනය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනීසිටියේ ඉරානයයි. පසුගිය දා ඊශ්‍රායලය විසින් ඉරානයට ද ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝකය පුරා දැඩි ව්‍යාකූලත්වයක් නිර්මාණය වී තිබේ.
ලංකාවේ හමුවුණු විශේෂ ඒ වගේම හරිම ආකර්ෂණීය පුරාකෘතියක් ගැන කියන්නයි මේ සටහන වෙන් වෙන්නේ. ඒ වල්ලිපුරම් හෙවත් වැලිපුර රන් සන්නස ගැන. මේ ගොඩාක් අය මේ ගැන අහලත් ඇති. අපේ උරුමය ගැන බොහොම ලස්සනට ලියන Samarasinghe NH මැතිතුමාත් මේ ගැන වරක් මතක් කරල තිබුනා.
මේ අවුරුද්දේ ජනවාරි 18 සහ 19 දවස් දෙක ඇතුලේ රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් 323ක් නීති විරෝධී විදිහට මුදාහරින්න ආණ්ඩුව කටයුතු කළා.ඊට උපදෙස් දුන්නේ ජනාධිපති අනුර කුමාර සහ වරාය ඇමති බිමල් රත්නායක බව කියමින් රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිවේදනය පවා නිකුත් කළා.ඒ වගේම රේගු වෘත්තීය සමිති එකමුතුවෙන් කිව්වේ මේ බහාලුම් ඇතුලේ මත්ද්‍රව්‍ය,අවි ආයුධ,ප්‍රමිතියෙන් තොර බෙහෙත් සුවඳ විලවුන් වර්ග ඇතුළු නීති විරෝධී බඩු ඕනි දෙයක් තියෙන්න පුලුවන් කියලයි.
අද වන විට ඊශ්‍රායලය සහ අමෙරිකා එක්සත් ජනපදය ලෙස රටවල් දෙකක් නොමැති බව පැහැදිලිව දැකගත හැකි බවත්, වර්තමානයේ අමෙරිකාවේ පාලනය හොබවන පිරිස යුදෙව් ක්‍රිස්තියානි මූලධර්මවාදීන් බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
අප තරුණ කළ අපට විෂය වූ මාතෘකා දෙකක් වූයේ වියට්නාමය හා පලස්තීනය. වියට්නාමයට අත නොතබනු පලස්තීනයට ජය වගේ සටන්පාඨ අප අතර ජනප්‍රිය වුණා. මා එකල කී විධියට නම් විශ්වවිද්‍යාල ප්‍රවේශ පන්තියේ සිටි කාලයේ අපට අවුරූදු කිහිපයක් ජ්‍යෙෂ්ඨයකු වූ පාසලේ ආදි ශිෂ්‍යයකු වූ ද අල්ලපු වත්තේ ඉංජිනේරු පීඨයේ ඉගෙන ගත් සමසමාජ පාක්‍ෂිකයකු වූ ද බර්නාඩ් සීසර් පෙරේරා මිහිඳුකුලසූරිය විජෙදෝරු සහෝදරයාගේ මග පෙන්වීම යටතේ අපි සටන් පුවරු ඔසවාගෙන මහා මග ගියා. අප කී දේ නොඅසා ඇමරිකාව වියට්නාමයට අත තැබුවා පමණක් නොව අවසානයේ හෝ චී මින් නගරයක නමක් පමණක් බවට පත් කළා. විජේදෝරු සහෝදරයාත් දැන් නැහැ.
ජනාධිපතිතුමාගේ බදු සතිය ආරම්භයේදීම හර්ෂ ද සිල්වා මහතා මුදල් කාරක සභාවේදී ආණ්ඩුවේ එක් නිලධාරී පිරිසක් සිදු කරන කටයුත්තක් මහත් අගේ කරනු දුටිමි .
කුප්‍රකට සීනි බදු වංචාව පිළිබඳව සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවලදී කිසිදු අපරාධමය වරදක් අනාවරණය වී නොමැති බවට නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන් බව ජනමාධ්‍යයේ සඳහන් විය.
මේ වන විට ගෝලීය වශයෙන් ඇතිවී තිබෙන යුදමය වාතාවරණය මෙන්ම විශේෂයෙන් ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත පැමිණ ඇති නව ලෝක යුධ වාතාවරණය මගින් ශ්‍රී ලංකාවට එල්ලවන අභියෝග පිළිබඳව ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ් මහත්මිය විසින් කරුණු දක්වා තිබේ.

ප්‍රධාන පුවත්

අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)

"ඝන වන මීදුම තුළ සැරිසැරීම: අවට ඇති සියල්ල වෙනස් වන විට තෝරාගත් උපාය මාර්ගම අනුගමනය කළ හැකිද?" යන මාතෘකාව යටතේ SPIEF හි වැල්ඩායි සමාජ වටමේසයේ පළමු සැසියට සහභාගි වෙමින් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා G7 "කුණු කූඩයට" යන ගමනක යෙදී සිටින බව පැවසුවේය.

ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි

බෞද්ධ භික්ෂුණීන්ට සිල් මාතා වෙනුවට භික්ෂුණි යන පිළිගැනීම ලබා දී ජාතික හැඳුනුම්පත් ලබා දෙන ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) රනිල් වික‍්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක යන දෙදෙනාගේම රජයන්හි ප‍්‍රධානතම ආර්ථික උපදේශකයෙකුගේ භූමිකාව ඉටු කළ බව හා ඉටුකරමින් සිටින බවත්,

ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..

2023 ඔක්තෝබර් 07 වැනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලය විසින් හමාස් සංවිධානයට සහ පලස්තීනයට එරෙහිව යුද ප්‍රකාශ කරන ලද අතර මෙම ගැටුම අතරතුර පලස්තීනය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනීසිටියේ ඉරානයයි. පසුගිය දා ඊශ්‍රායලය විසින් ඉරානයට ද ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝකය පුරා දැඩි ව්‍යාකූලත්වයක් නිර්මාණය වී තිබේ.

ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)

ඊශ්‍රායලය නමැති රාජ්‍යයක් මැදපෙරදිග නොතිබුනා නම් ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් නිර්මාණය කිරීමට අමෙරිකාවට සිදුවන බව 1986 දී ජෝ බයිඩන් විසින් ප්‍රකාශකර තිබූ බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසයි.

ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර

දැනට ටෙහෙරානයේ පැවැත්වෙන BRICS ආශ්‍රිත සමුළුවකට අනෙකුත් රුසියානු විද්වතුන් සමඟ සහභාගී වී සිටින රුසියානු විදේශ ප්‍රතිපත්ති විශේෂඥයෙකු වන ඇඩ්ලාන් මාගෝව්, හමුදා සහ න්‍යෂ්ටික ඉලක්ක වෙත ඊශ්‍රායලය එල්ල කළ විස්මය ජනක ගුවන් ප්‍රහාරවලින් පසු ඉරාන අගනුවර ඇති මනෝභාවය පිළිබඳව පැහැදිළි චිත්‍රයක් ලෝකයට ඉදිරිපත් කරයි.

අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..

වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජාතික සංවිධාන නියෝජිතයින් විසින් ගොනු කරනු ලැබු මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයෙන් උපදෙස් ලබාගෙන කරුණු දක්වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජූනි 16) නීතිපතිවරයාට කල් ලබා දුන්නේ ය.

කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිවුණි.

ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ

ඊශ්‍රායලය දියත් කළ "ඔපරේෂන් රයිසින් ලයන්" මෙහෙයුමට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලයේ හයිෆා වෙත පහර දීම සඳහා හජ් කසෙම් ලෙස හඳුන්වන දියුණු නියාමනය කරන ලද බැලස්ටික් මිසයිලයක් භාවිතා කර ඇති බව ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ ස්පුට්නික් පුවත් සේවය වෙත පැවසීය.

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල විශ්‍රාම වැටුප් සහ විශේෂ වරප්‍රසාද අහෝසි කිරීම අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ක්‍රියාකාරී සැලැස්මෙන් ඉවත්කර ඇති බව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත හරහා ලබාගත් ලේඛනයකින් පෙනීගොස් තිබේ.

‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්

මේ වසරේ පනවා ඇති බදුවල කිසිදු අඩු කිරීමක් සිදු නොකරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

තමන් දේශපාලන සහ සිවිල් අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ යටතේ අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් අත්අඩංගුවේ රඳවා ගැනීමේ සූදානමක් ඇති බව පිවිතුරු හෙළ උරුමෙන් නායක හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..

මේ වන විට ගෝලීය වශයෙන් ඇතිවී තිබෙන යුදමය වාතාවරණය මෙන්ම විශේෂයෙන් ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත පැමිණ ඇති නව ලෝක යුධ වාතාවරණය මගින් ශ්‍රී ලංකාවට එල්ලවන අභියෝග පිළිබඳව ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ් මහත්මිය විසින් කරුණු දක්වා තිබේ.

ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ

ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ඊයේ(13) ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කළ අතර, එයට ටෙහෙරානය ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයකින් ප්‍රතිචාර දැක්වීය. මේ අතර බටහිර ජෙරුසලම පැවසුවේ මෙම ප්‍රහාර ටෙහෙරානය න්‍යෂ්ටික අවියක් අත්පත් කර ගැනීම වැළැක්වීම අරමුණු කරගත් බවයි.

ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ලකළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවට පළිගැනීමක් ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.

‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි

2020 ඔක්තෝබර් 13 වනදා සිට සීනි බද්ධ රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමේ සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවලදී කිසිදු අපරාධමය වරදක් අනාවරණය වී නොමැති බවට නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දුන්නේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.