මහින්ද නිල නිවසින් ඉවත් කරන්න නම් පනත සංශෝධනය කළ යුතුයි - පොහොට්ටුව
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විජේරාම නිල නිවසින් ඉවත් කිරීමට නම් 1986 අංක 4 දරන ජනාධිපති හිමිකම් පනත සංශෝධනය කළ යුතු බවත්, ආණ්ඩුව ඒ සඳහා උත්සාහයක් දරන්නේ නම්, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊට අභියෝග කිරීමේ හැකියාව පවතින බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නීතිඥ සංවිධානයේ ලේකම් නීතිඥ අතුල ද සිල්වා ඊයේ (23දා) එම පක්‍ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.
එහිදී වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ අතුල ද සිල්වා මෙසේ ද සඳහන් කළේය.
හිටපු ජනාධිපතිවරුන්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ වැන්දඹුවන්ගේ හිමිකම් පිළිබඳ 1986 අප්‍රේල් 18 වැනිදා සම්මත කරන ලද 1986 අංක 4 දරන ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනතේ සඳහන් වෙනවා, සෑම හිටපු ජනාධිපතිවරයකුට සහ හිටපු ජනාධිපතිවරයකුගේ වැන්දඹුවකට ඔහුගේ හෝ ඇයගේ ජිවිත කාලය තුළ වාසය සඳහා උචිත නිවාසයක්, නිවාස කුලියෙන් තොරව සැපයිය යුතු බව එහි සඳහන් වෙනවා. එසේම එහි මීළඟ වගන්තියේ වැඩිදුරටත් මෙසේ සඳහන් වෙනවා.
එසේ වුවද යම්කිසි හේතුවක් නිසා හිටපු ජනාධිපතිවරයකුගේ හෝ වැන්දඹුවකගේ වාසය සඳහා උචිත නිවාසයක් නොසපයන අවස්ථාවකදී අවස්ථාවෝචිත පරිදි හිටපු ජනාධිපතිවරයාට හෝ හිටපු ජනාධිපතිවරයාගේ වැන්දඹුවට ගෙවිය යුතු මාසික විශ්‍රාම වැටුපෙන් 1/3 කට සමාන දීමනාවක් ගෙවිය යුතු බව සඳහන් වෙනවා. එම වගන්තියේ ඉතා පැහැදිලිව සඳහන් වෙනවා නිවසක් නොසපයන අවස්ථාවක දී විශ්‍රාම වැටුපෙන් 1/3 කට සමාන දීමනාවක් දිය යුතු බව. නමුත් මේ වන විට මහින්ද රාජපක්‍ෂ මහතාට නිවසක් සැපැයීමට නොහැකි වෙලා නැහැ. පසුගිය රජය විසින් මහින්ද රාජපක්‍ෂ මහතාට නිවසක් සම්පාදනය කරලා අවසන්. එම නිසා මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිල නිවස සම්බන්ධයෙන් එම වගන්තිය වැදගත් වන්නේ නැහැ.
පසුගියදා ජනාධිපතිතුමා වගේම මෙම ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකයා වන නලින්ද ජයතිස්ස ඇමැතිවරයාත් මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිල නිවස සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කර තිබුණා. එබඳු ප්‍රකාශයක් කිරීමට පෙර නීතිය පිළිබඳ විශාරදයකුගෙන් කරුණු කාරණා විමසා බලන ලෙස ඉල්ලා සිටිනවා. නලින්ද ජයතිස්ස ඇමැතිවරයා ප්‍රකාශ කර තිබෙනවා ලියුම් ලියන්න හෝ යන්න කියන්න අවශ්‍ය නැති බව. 1986 අංක 04 දරන ජනාධිපති හිමිකම් පනත වෙනස් කිරීමට නම් පාර්ලිමේන්තුවට යා යුතුයි. ඒක රටේ නීතිය. එම නීතිය උල්ලංඝනය කරන්න බැහැ. එම නිසා ජනාධිපතිවරයාගේ ලේකම්වරයා හෝ වෙනත් නිලධාරියකු මේ සම්බන්ධයෙන් මහින්ද රාජපක්‍ෂ මහතාට ලියුමක් යොමු කරනවා නම් එම පනතට අනුව ඔහු වැරදිකාරයෙක් වෙනවා. ඒ වගේම එම නිලධාරීන්ට කවදා හෝ නීතිය ක්‍රියාත්මක කිරීමට පුළුවන් බවත් ප්‍රකාශ කළ යුතුයි.”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්