
මහින්ද නිල නිවසින් ඉවත් කරන්න නම් පනත සංශෝධනය කළ යුතුයි - පොහොට්ටුව
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විජේරාම නිල නිවසින් ඉවත් කිරීමට නම් 1986 අංක 4 දරන ජනාධිපති හිමිකම් පනත සංශෝධනය කළ යුතු බවත්, ආණ්ඩුව ඒ සඳහා උත්සාහයක් දරන්නේ නම්, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊට අභියෝග කිරීමේ හැකියාව පවතින බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නීතිඥ සංවිධානයේ ලේකම් නීතිඥ අතුල ද සිල්වා ඊයේ (23දා) එම පක්‍ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.
එහිදී වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ අතුල ද සිල්වා මෙසේ ද සඳහන් කළේය.
හිටපු ජනාධිපතිවරුන්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ වැන්දඹුවන්ගේ හිමිකම් පිළිබඳ 1986 අප්‍රේල් 18 වැනිදා සම්මත කරන ලද 1986 අංක 4 දරන ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනතේ සඳහන් වෙනවා, සෑම හිටපු ජනාධිපතිවරයකුට සහ හිටපු ජනාධිපතිවරයකුගේ වැන්දඹුවකට ඔහුගේ හෝ ඇයගේ ජිවිත කාලය තුළ වාසය සඳහා උචිත නිවාසයක්, නිවාස කුලියෙන් තොරව සැපයිය යුතු බව එහි සඳහන් වෙනවා. එසේම එහි මීළඟ වගන්තියේ වැඩිදුරටත් මෙසේ සඳහන් වෙනවා.
එසේ වුවද යම්කිසි හේතුවක් නිසා හිටපු ජනාධිපතිවරයකුගේ හෝ වැන්දඹුවකගේ වාසය සඳහා උචිත නිවාසයක් නොසපයන අවස්ථාවකදී අවස්ථාවෝචිත පරිදි හිටපු ජනාධිපතිවරයාට හෝ හිටපු ජනාධිපතිවරයාගේ වැන්දඹුවට ගෙවිය යුතු මාසික විශ්‍රාම වැටුපෙන් 1/3 කට සමාන දීමනාවක් ගෙවිය යුතු බව සඳහන් වෙනවා. එම වගන්තියේ ඉතා පැහැදිලිව සඳහන් වෙනවා නිවසක් නොසපයන අවස්ථාවක දී විශ්‍රාම වැටුපෙන් 1/3 කට සමාන දීමනාවක් දිය යුතු බව. නමුත් මේ වන විට මහින්ද රාජපක්‍ෂ මහතාට නිවසක් සැපැයීමට නොහැකි වෙලා නැහැ. පසුගිය රජය විසින් මහින්ද රාජපක්‍ෂ මහතාට නිවසක් සම්පාදනය කරලා අවසන්. එම නිසා මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිල නිවස සම්බන්ධයෙන් එම වගන්තිය වැදගත් වන්නේ නැහැ.
පසුගියදා ජනාධිපතිතුමා වගේම මෙම ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකයා වන නලින්ද ජයතිස්ස ඇමැතිවරයාත් මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිල නිවස සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කර තිබුණා. එබඳු ප්‍රකාශයක් කිරීමට පෙර නීතිය පිළිබඳ විශාරදයකුගෙන් කරුණු කාරණා විමසා බලන ලෙස ඉල්ලා සිටිනවා. නලින්ද ජයතිස්ස ඇමැතිවරයා ප්‍රකාශ කර තිබෙනවා ලියුම් ලියන්න හෝ යන්න කියන්න අවශ්‍ය නැති බව. 1986 අංක 04 දරන ජනාධිපති හිමිකම් පනත වෙනස් කිරීමට නම් පාර්ලිමේන්තුවට යා යුතුයි. ඒක රටේ නීතිය. එම නීතිය උල්ලංඝනය කරන්න බැහැ. එම නිසා ජනාධිපතිවරයාගේ ලේකම්වරයා හෝ වෙනත් නිලධාරියකු මේ සම්බන්ධයෙන් මහින්ද රාජපක්‍ෂ මහතාට ලියුමක් යොමු කරනවා නම් එම පනතට අනුව ඔහු වැරදිකාරයෙක් වෙනවා. ඒ වගේම එම නිලධාරීන්ට කවදා හෝ නීතිය ක්‍රියාත්මක කිරීමට පුළුවන් බවත් ප්‍රකාශ කළ යුතුයි.”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
