බිඳවැටෙන ආර්ථිකය, විරැකියාව සහ ඉන්දියාවට ඇති අවස්ථාව හේතුවෙන් බංග්ලාදේශය විශාල අර්බූදයක...
හිටපු අගමැතිනි ෂෙයික් හසීනාගේ පාලන සමයේදී බංග්ලාදේශ ආර්ථිකය වේගයෙන් වර්ධනය වෙමින් පැවතියේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සහ අනෙකුත් ප්‍රධාන ආර්ථික දර්ශක සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ කරට කර තරඟ කරමිනි. එසේ නමුත් හසීනාගේ වැටීමෙන් පසු, රට ආර්ථික වර්ධනයේ ශීඝ්‍ර පහත වැටීමක් අත්විඳිමින් සිටින අතර, මේ වන විට බංගලාදේශය අවපාතයේ මඩ ගොහොරුවේ ගැඹුරු පතුලටම ගිලෙමින් පවතී.
ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාර්තාවලට අනුව, හසීනා නෙරපා හැරීමෙන් පසු රට පීඩාවට පත් කරමින් පවතින අධික විරැකියාව හේතුවෙන් බංග්ලාදේශයේ දළ දේශීය නිෂ්පාදිත වර්ධන අනුපාතය අඩකින් අඩු වී ඇත. රටේ ආර්ථිකයේ කොඳු නාරටිය වන බංග්ලාදේශයේ රෙදිපිළි කර්මාන්තය බිඳවැටීමේ අද්දර සිටින අතර අර්බූදයෙන් ගොඩ ඒමට ඇපකර පැකේජයක් සොයමින් සිටියි.
පසුගිය 16 වනදා නිකුත් කරන ලද ලෝක බැංකු වාර්තාවට අනුව, ෂෙයික් හසීනාගේ රජය කඩාවැටීම ආයෝජකයින් බිය ගැන්වීය. එම බිඳ වැටීම බංග්ලාදේශයේ කර්මාන්ත දුර්වල කළ අතර එය රටේ ආර්ථික වර්ධනයට අහිතකර ලෙස බලපෑවේය.
කොවිඩ්-19 වසංගතයට පෙර බංග්ලාදේශය ලෝකයේ වර්ධනය වන ආර්ථිකයන්ගෙන් එකක් වූ අතර එය දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය සියයට 7.9 ක් ලෙස ලොවට ආඩම්බරයෙන් විදහා දැක්වීය. නමුත් පසුගිය වසරේ අගෝස්තු මාසයේදී හසීනාගේ රජය කඩා වැටීමෙන් පසු ආර්ථිකය තියුනු ලෙස මන්දගාමී වී ඇති බව වාර්තාව සඳහන් කළේය. ලෝක බැංකුව 2025 දී බංගලාදේශයේ ආර්ථිකය සියයට 4.1 ක අනුපාතයකින් වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කළ නමුත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඇස්තමේන්තු කර ඇත්තේ සියයට 3.8 ක අඩු වර්ධන වේගයක් සිදු විය හැකි බවයි.
ආර්ථික මන්දගාමිත්වයට අමතරව, බංග්ලාදේශ ජනයා 2022 දී සියයට 7.7 සිට වර්තමානයේ සියයට 10.34 දක්වා ඉහළ ගොස් ඇති, උද්ධමනයෙන්ද පීඩා විඳිති. ලෝක බැංකුව බංග්ලාදේශය, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව මෙම වසරේ වඩාත්ම ආර්ථික ගැටළු වලට මුහුණ දීමට ඉඩ ඇති රටවල් ලැයිස්තුවට ලැයිස්තුගත කර ඇත.
“හසීනාගේ පාලනය යටතේ, බංග්ලාදේශයද ඉන්දියාව, ඉන්දුනීසියාව සහ තවත් රටවල් 36ක් සමඟ - මධ්‍යම ආදායම් ලබන රටවල් අතරට ඇතුළු වූ නමුත් දැන්, ලෝක බැංකු වාර්තාවේ සඳහන් වන පරිදි, දේශපාලන කැලඹීම් “ආර්ථික ක්‍රියාකාරකම් අඩු කර ආයෝජක විශ්වාසය නරක අතට හැරවීමට හේතු වී තිබේ.” යනුවෙන් උපායමාර්ගික කටයුතු පිළිබඳ විශේෂඥ බ්‍රහ්ම චෙලනි X හි සටහනක් තබමින් සඳහන් කළේය.
මේ අතර, ඉහළ උද්ධමනය බංග්ලාදේශ පුරවැසියන්ගේ මිලදී ගැනීමේ ශක්තිය සැලකිය යුතු ලෙස දුර්වල කර ඇති බවත්, එය සංවර්ධනය තවදුරටත් මන්දගාමී කර ඇති බවත් ලෝක බැංකු වාර්තාවේ සඳහන් විය.
උද්ධමනය ඉහළ යාම රට තුළ තවදුරටත් නොසන්සුන්තාවයක් ඇති කළ හැකි බවත්, කර්මාන්තශාලාවල, විශේෂයෙන් රෙදිපිළි කර්මාන්තයේ වැඩ මන්දගාමී වීම බංග්ලාදේශයේ අපනයනවලට සෘජුවම බලපානු ඇති බවත් විශේෂඥයෝ අනතුරු අඟවති.
බංග්ලාදේශ ආර්ථිකයේ වත්මන් තත්ත්වය ඉන්දියාවට අද්විතීය අවස්ථාවක් නිර්මාණය කරන අතර, විශේෂයෙන් රෙදිපිළි කර්මාන්තය තුළ ඉන්දියාවට ඩකාහි අපනයන අඩුවීම නිසා ඇති වූ හිස්තැන පිරවිය හැකිය.
බංග්ලාදේශයේ නොසන්සුන්තාව හේතුවෙන් ඉන්දියාවේ ආර්ථිකය සියයට හතකට වඩා ස්ථාවර වේගයකින් වර්ධනය වෙමින් පවතින අතර, නිෂ්පාදනයට දැඩි ලෙස බලපා පාඩු ලබන ගෝලීය සමාගම් කිහිප දෙනෙකු දැන් තම මෙහෙයුම් ඉන්දියාවට මාරු කර ඉන්දියානු නිෂ්පාදකයින් කෙරෙහි අවධානය යොමු කිරීමට කල්පනා කරමින් සිටින බවද වාර්තා වේ.
හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහ කර, නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යූනුස්ගේ නායකත්වයෙන් යුත් අන්තර්කාලීන රජයක් ඩකාහි නායකත්වයට පත්වීමෙන් පසු ඉන්දියා-බංග්ලාදේශ සබඳතා මෙතෙක් පැවැති අවම මට්ටමට පැමිණ තිබේ.
බංග්ලාදේශයේ සුළු ජාතීන්ට, විශේෂයෙන් හින්දු භක්තිකයන්ට එරෙහිව පුළුල් වාර්ගික ප්‍රචණ්ඩත්වයක් ක්‍රියාත්මක වී ඇති අතර, එය නවදිල්ලිය සමඟ ඩකාහි සබඳතා පළුදු කර තිබේ. යූනුස්ගේ නායකත්වයෙන් යුත් අන්තර්කාලීන රජය රැඩිකල් ඉස්ලාමීය කොටස් විසින් සුළුතර හින්දු ප්‍රජාවට එරෙහිව සිදු කරන ලද කුරිරුකම් දෙස ඇස් පියාගෙන සිටිනවා හැර ප්‍රමාණවත් ලෙස කටයුතු නොකරන බවට චෝදනා කරමින් නව දිල්ලිය ඩකා සමඟ සබඳතා සීමා කර තිබේ.
www.india.com වෙබ් අඩවියේ පසුගිය 19 වන්දා පලවූ ලිපියක් ඇසුරෙන් සකස් කළේ ජීවන්ත ජයතිස්ස
Bangladesh in BIG trouble due to crumbling economy, unemployment and…., opportunity for India to…
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..