
බිඳවැටෙන ආර්ථිකය, විරැකියාව සහ ඉන්දියාවට ඇති අවස්ථාව හේතුවෙන් බංග්ලාදේශය විශාල අර්බූදයක...
හිටපු අගමැතිනි ෂෙයික් හසීනාගේ පාලන සමයේදී බංග්ලාදේශ ආර්ථිකය වේගයෙන් වර්ධනය වෙමින් පැවතියේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සහ අනෙකුත් ප්‍රධාන ආර්ථික දර්ශක සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ කරට කර තරඟ කරමිනි. එසේ නමුත් හසීනාගේ වැටීමෙන් පසු, රට ආර්ථික වර්ධනයේ ශීඝ්‍ර පහත වැටීමක් අත්විඳිමින් සිටින අතර, මේ වන විට බංගලාදේශය අවපාතයේ මඩ ගොහොරුවේ ගැඹුරු පතුලටම ගිලෙමින් පවතී.
ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාර්තාවලට අනුව, හසීනා නෙරපා හැරීමෙන් පසු රට පීඩාවට පත් කරමින් පවතින අධික විරැකියාව හේතුවෙන් බංග්ලාදේශයේ දළ දේශීය නිෂ්පාදිත වර්ධන අනුපාතය අඩකින් අඩු වී ඇත. රටේ ආර්ථිකයේ කොඳු නාරටිය වන බංග්ලාදේශයේ රෙදිපිළි කර්මාන්තය බිඳවැටීමේ අද්දර සිටින අතර අර්බූදයෙන් ගොඩ ඒමට ඇපකර පැකේජයක් සොයමින් සිටියි.
පසුගිය 16 වනදා නිකුත් කරන ලද ලෝක බැංකු වාර්තාවට අනුව, ෂෙයික් හසීනාගේ රජය කඩාවැටීම ආයෝජකයින් බිය ගැන්වීය. එම බිඳ වැටීම බංග්ලාදේශයේ කර්මාන්ත දුර්වල කළ අතර එය රටේ ආර්ථික වර්ධනයට අහිතකර ලෙස බලපෑවේය.
කොවිඩ්-19 වසංගතයට පෙර බංග්ලාදේශය ලෝකයේ වර්ධනය වන ආර්ථිකයන්ගෙන් එකක් වූ අතර එය දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය සියයට 7.9 ක් ලෙස ලොවට ආඩම්බරයෙන් විදහා දැක්වීය. නමුත් පසුගිය වසරේ අගෝස්තු මාසයේදී හසීනාගේ රජය කඩා වැටීමෙන් පසු ආර්ථිකය තියුනු ලෙස මන්දගාමී වී ඇති බව වාර්තාව සඳහන් කළේය. ලෝක බැංකුව 2025 දී බංගලාදේශයේ ආර්ථිකය සියයට 4.1 ක අනුපාතයකින් වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කළ නමුත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඇස්තමේන්තු කර ඇත්තේ සියයට 3.8 ක අඩු වර්ධන වේගයක් සිදු විය හැකි බවයි.
ආර්ථික මන්දගාමිත්වයට අමතරව, බංග්ලාදේශ ජනයා 2022 දී සියයට 7.7 සිට වර්තමානයේ සියයට 10.34 දක්වා ඉහළ ගොස් ඇති, උද්ධමනයෙන්ද පීඩා විඳිති. ලෝක බැංකුව බංග්ලාදේශය, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව මෙම වසරේ වඩාත්ම ආර්ථික ගැටළු වලට මුහුණ දීමට ඉඩ ඇති රටවල් ලැයිස්තුවට ලැයිස්තුගත කර ඇත.
“හසීනාගේ පාලනය යටතේ, බංග්ලාදේශයද ඉන්දියාව, ඉන්දුනීසියාව සහ තවත් රටවල් 36ක් සමඟ - මධ්‍යම ආදායම් ලබන රටවල් අතරට ඇතුළු වූ නමුත් දැන්, ලෝක බැංකු වාර්තාවේ සඳහන් වන පරිදි, දේශපාලන කැලඹීම් “ආර්ථික ක්‍රියාකාරකම් අඩු කර ආයෝජක විශ්වාසය නරක අතට හැරවීමට හේතු වී තිබේ.” යනුවෙන් උපායමාර්ගික කටයුතු පිළිබඳ විශේෂඥ බ්‍රහ්ම චෙලනි X හි සටහනක් තබමින් සඳහන් කළේය.
මේ අතර, ඉහළ උද්ධමනය බංග්ලාදේශ පුරවැසියන්ගේ මිලදී ගැනීමේ ශක්තිය සැලකිය යුතු ලෙස දුර්වල කර ඇති බවත්, එය සංවර්ධනය තවදුරටත් මන්දගාමී කර ඇති බවත් ලෝක බැංකු වාර්තාවේ සඳහන් විය.
උද්ධමනය ඉහළ යාම රට තුළ තවදුරටත් නොසන්සුන්තාවයක් ඇති කළ හැකි බවත්, කර්මාන්තශාලාවල, විශේෂයෙන් රෙදිපිළි කර්මාන්තයේ වැඩ මන්දගාමී වීම බංග්ලාදේශයේ අපනයනවලට සෘජුවම බලපානු ඇති බවත් විශේෂඥයෝ අනතුරු අඟවති.
බංග්ලාදේශ ආර්ථිකයේ වත්මන් තත්ත්වය ඉන්දියාවට අද්විතීය අවස්ථාවක් නිර්මාණය කරන අතර, විශේෂයෙන් රෙදිපිළි කර්මාන්තය තුළ ඉන්දියාවට ඩකාහි අපනයන අඩුවීම නිසා ඇති වූ හිස්තැන පිරවිය හැකිය.
බංග්ලාදේශයේ නොසන්සුන්තාව හේතුවෙන් ඉන්දියාවේ ආර්ථිකය සියයට හතකට වඩා ස්ථාවර වේගයකින් වර්ධනය වෙමින් පවතින අතර, නිෂ්පාදනයට දැඩි ලෙස බලපා පාඩු ලබන ගෝලීය සමාගම් කිහිප දෙනෙකු දැන් තම මෙහෙයුම් ඉන්දියාවට මාරු කර ඉන්දියානු නිෂ්පාදකයින් කෙරෙහි අවධානය යොමු කිරීමට කල්පනා කරමින් සිටින බවද වාර්තා වේ.
හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහ කර, නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යූනුස්ගේ නායකත්වයෙන් යුත් අන්තර්කාලීන රජයක් ඩකාහි නායකත්වයට පත්වීමෙන් පසු ඉන්දියා-බංග්ලාදේශ සබඳතා මෙතෙක් පැවැති අවම මට්ටමට පැමිණ තිබේ.
බංග්ලාදේශයේ සුළු ජාතීන්ට, විශේෂයෙන් හින්දු භක්තිකයන්ට එරෙහිව පුළුල් වාර්ගික ප්‍රචණ්ඩත්වයක් ක්‍රියාත්මක වී ඇති අතර, එය නවදිල්ලිය සමඟ ඩකාහි සබඳතා පළුදු කර තිබේ. යූනුස්ගේ නායකත්වයෙන් යුත් අන්තර්කාලීන රජය රැඩිකල් ඉස්ලාමීය කොටස් විසින් සුළුතර හින්දු ප්‍රජාවට එරෙහිව සිදු කරන ලද කුරිරුකම් දෙස ඇස් පියාගෙන සිටිනවා හැර ප්‍රමාණවත් ලෙස කටයුතු නොකරන බවට චෝදනා කරමින් නව දිල්ලිය ඩකා සමඟ සබඳතා සීමා කර තිබේ.
www.india.com වෙබ් අඩවියේ පසුගිය 19 වන්දා පලවූ ලිපියක් ඇසුරෙන් සකස් කළේ ජීවන්ත ජයතිස්ස
Bangladesh in BIG trouble due to crumbling economy, unemployment and…., opportunity for India to…
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි
