
ජනපති ලේකම්වරයාගේ උපදෙස් මාලාවෙන් ඇමතිලාට නියෝජ්‍ය ඇමතිලාට මසකට ඉන්ධන ලීටර 900ක්! දුරකථන දීමනාව රුපියල් 30000ක්!
නව රජයේ අමාත්‍යවරුන්ගේ කාර්යයන්ට සහ ප්‍රතිපත්ති ප්‍රසම්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම වෙනුවෙන් පහසුකම් සැලසීම සඳහා ජනාධිපති ලේකම් සනත් කුමානායක මහතාගේ අත්සනින් යුතුව අමාත්‍යංශ ලේකම්වරුන් වෙත උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.
එම උපදෙස්මාලාවට අනුව අමාත්‍යංශ සඳහා උපදේශකවරුන් පත් කර ගැනීම අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සහායක කාර්ය මණ්ඩලයට පත් කර ගැනීම, වාහන සහ ඉන්ධන දුරකථන සබඳතා ආදිය සම්බන්ධයෙන් නිකුත් කර ඇති නිශ්චිත උපදෙස් අනුගමනය කළ යුතුය.
ඒ අනුව අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ පරිහරණය සඳහා උපරිම වශයෙන් නිල වාහන දෙකක් භාවිත කළ හැකිය. එම වාහන සඳහා මාසිකව ඉන්ධන ලීටර 900ක් උපරිම වශයෙන් ලබා ගත හැකි බව පැවසේ.
අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ ස්ථාවර දුරකථන සඳහා මාසිකව රුපියල් 20000ක උපරිමයක් සහ ජංගම දුරකථනය සඳහා මාසිකව රුපියල් දස දහසක් වෙන් කර ඇති බවද පැවසේ.
සෑම අමාත්‍යවරයෙකුටම උපදේශකවරයෙක් හෝ කණ්ඩායමක් පත් කර ගැනීමට හැකියාව පවතින අතර උපරිමය දෙදෙනෙකු නොඉක්මවන පරිදි එම උපදේශක පත් කිරීම් සිදු කළ යුතු බවද උපදෙස් මාලාව මගින් අවධාරණය කෙරේ.
අමාත්‍යවරුන් සඳහා පෞද්ගලික කාර්ය මණ්ඩලය 15ක් හිමිවේ. එලෙසම නියෝජ්‍ය ඇමති කාර්ය මණ්ඩලය 14 ක් වේ.
ජනාධි ලේකම් වරයාගේ උපදෙස් වල්ට අනුව මෙම තනතුරු සඳහා අමාත්‍යවරයාගේ හෝ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පවුලේ සාමාජිකයින් හෝ සමීප ඥාතීන් පත් නොකර ගත යුතු බවට උපදෙස් දී තිබේ.
ඇමති කාර්ය මණ්ඩලයේ 4 දෙනෙකුට වාහන 4ක් හිමි බව උපදෙස් මාලාවෙන් පැවසේ. ඇමැතිවරුන්ට අමතරව ඔහුගේ කාර්ය මණ්ඩලයේ පෞද්ගලික ලේකම්, සම්බන්ධීකරණ ලේකම්, මාධ්‍ය ලේකම්, මහජන සම්බන්ධීකරණ නිලධාරීන්ටද මාසික දුරකථන දීමනා හිමි වන බව එම උපදෙස් මාලාව පවසයි. ජනාධිපති ලේකම්වරයා නිකුත් කළ උපදෙස් මාලාව පහතින්...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
