ජනාධිපති බංගලා සහ අමාත්‍ය නිවාස බදුදීම: ගොඩනැගිලිවල ඓතිහාසික වටිනාකමට හානියක්ද?
ජනාධිපති බංගලා සහ අමාත්‍ය නිවාස පෞද්ගලික අංශයට බදුදීමට රජය ගත් තීරණය හේතුවෙන්, මෙම ගොඩනැගිලිවල ඓතිහාසික වටිනාකමට හානියක් සිදුවේදැයි යන්න පිළිබඳව ඇතැම් පාර්ශව කනස්සල්ල පළකර ඇත.
පෞද්ගලික සංවර්ධකයන්ට කුමන දේපළ පැවරිය යුතුද යන්න ඇගයීම සඳහා කමිටුවක් පත්කර ඇති බව රජය පවසන නමුත්, එවැනි පියවරක් කෙතරම් ඥාණවන්තද යන්න පිළිබඳව ප්‍රශ්න මතු වී තිබේ.
රජයේ වටිනා දේපළ අනිසි ලෙස භාවිත කිරීමේ හැකියාව පිළිබඳව කනස්සල්ල මතුකළ අය අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ විපක්ෂ දේශපාලනඥයකු වන චරිත හේරත් ද සිටී.
“මෙම යෝජනාවට ඉතා වටිනා රජයේ බංගලා ඇතුළත් වන බව පෙනේ. ඒවායින් සමහරක් ඓතිහාසික හා වාස්තු විද්‍යාත්මක වැදගත්කමක් දරයි. විශේෂයෙන්, නුවරඑළියේ ජනාධිපති මන්දිරය ද අදාළ දේපළ අතර වේ. එවැනි ක්‍රියා, විනිවිදභාවයෙන් යුතුව හසුරුවන්නේ නැත්නම්, එය පූර්වාදර්ශයක් විය හැකියි” චරිත හේරත් සිය X ගිණුමේ සටහන් කර ඇත.
මෙම යෝජනාව හොඳින් ඇගයීම සඳහා ජාතික සංවාදයක් ආරම්භ කිරීම අත්‍යවශ්‍ය බව ඔහු පවසයි.
“මෙම දේපළ පටු අවශ්‍යතා සඳහා යොදවනවාට වඩා සමස්තයක් ලෙස රටට ප්‍රයෝජනවත් වන ආකාරයෙන් සංරක්ෂණය කර කළමනාකරණය කිරීම සහතික කිරීම සඳහා ඒවායේ තාර්කිකත්වය, තේරීමේ ක්‍රියාවලිය සහ අපේක්ෂිත භාවිතය පිළිබඳව මහජනතාව දැනුවත් කළ යුතුයි”
බෙලිහුල්ඔය, පොළොන්නරුව, හබරණ සහ මාතර යන ප්‍රදේශවල පිහිටි විශ්‍රාම නිවාඩු නිකේතන වැනි වටිනා වත්කම්, එවකට පැවති ආණ්ඩු සමඟ සමීපව සම්බන්ධ වූ අයට පවරා දුන් අවස්ථා අතීතයේ දී ඇති බව ඔහු පෙන්වාදෙයි.
මෙම දේපළවලින් සමහරක් සංවර්ධනය කරන ලද අතර, අනෙක් ඒවා නොසළකා හැරීම හේතුවෙන් ඒවායේ වටිනාකම සහ පවරාදීමේ අරමුණ අහිමි විය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..