දින 100 ආණ්ඩුවේ ප්‍රගති වාර්තාව අනුව ආණ්ඩුව ෆේල්ලු
වර්තමාන ආණ්ඩුවේ දින 100 ප්‍රගති වාර්තාව දෙස බැලූ විට සාර්ථකත්වයට පත් නොවී ඇති බවත්, එමෙන්ම ආණ්ඩුවේම මැති ඇමතිවරු සෑහීමකට පත්ව නොමැති බවත්, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.
සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (20දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.
“අද වන විට ජාතික ජන බලවේගය, එහෙම නැත්නම් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ කරගත් මේ ආණ්ඩුව බලයට ඇවිත් දින 100 සම්පූර්ණ වෙලා තියෙනවා. ආණ්ඩුවක දින 100 තමයි ඕනෑම ආණ්ඩුවක් බලයට ආවම වැදගත් වෙන්නේ. මේ ආණ්ඩුව බලයට ගෙනාපු විශාල ජනතාවක් විශාල අපේක්ෂාවන් තියාගෙන මේ රටේ ඉන්නවා.
ආණ්ඩුව ඡන්ද කාලයේදී බලාපොරොත්තු ලබා දුන්නා. ඒ අනුව ආණ්ඩුවේ දින 100 ප්‍රගති වාර්තාව අරන් බැලුවොත් මම හිතනවා, ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ කතාවලිනුත්, සමහර මැති ඇමතිවරුන්ගේ කතාවලිනුත් ඔවුන්වත් මේ ආණ්ඩුවේ දින 100 ගැන සන්තෝෂයකට එහෙම නැතිනම්, සෑහීමකට පත්වෙලා නෑ කියලා. මොකද දින 100 ප්‍රගති වාර්තාව ආරන් බැලුවොත් අපිට පේනවා ආණ්ඩුව ඒ දින 100 ප්‍රගති වාර්තාව තුළ විශේෂයෙන් කෙටිකාලීනව ආණ්ඩුව කරනවා කියලා ලබා දුන් පොරොන්දු ඉෂ්ට කරගන්න බැරිවෙලා තියෙනවා.
දින 100 දිහා අපි හැරිලා බැලුවම ආණ්ඩුවේ දින 100 ගමන සාර්ථකත්වයක් ලබා ගන්න ආණ්ඩුවට හැකියාවක් ලැබිලා නෑ කියන එක අපි පැහැදිලිවම පෙන්වලා දෙන්න ඕනි. නමුත් ජනාධිපතිතුමා එක එක දේවල් කියන්න පුළුවන්. අගමැතිතුමිය කියන්න පුළුවන්. ඒ ආණ්ඩුවේ ඉන්න ප්‍රධාන ඇමතිවරු නොයෙකුත් සුරංගනා කතා කියන්න පුළුවන්.
ඒවා තවම කෙරෙනවා. නමුත් අපි යථාර්ථවාදීව, ප්‍රායෝගිකව ආණ්ඩුව මෙතෙක් කල් ආපු ගමන් මගේ ප්‍රගති වාර්තාව අරන් බැලුවොත් මම හිතන්නේ මම හිතන්නේ ආණ්ඩුවට ඡන්දය දීපු විශාල පිරිසකුත් කනගාටු වෙලා තිබෙනවා. ඒ අයත් සෑහීමකට පත්වෙලා නෑ. ඒ වගේම ආණ්ඩුවේ සමහර මැති ඇමතිවරු කතා කරන විලාශය බැලුවම ඔවුනුත් සෑහීමකට පත්වෙලා නෑ.”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..
ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්
22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..
කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය
කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..