News Category
From Date
To Date
Maximum Number of Result

ඉන්දියානු සහ චීන සංචාර ආශ්‍රිතව ප්‍රකාශයට පත්ව ඇති භූ දේශපාලන ප්‍රතිවිරෝධතා හමුවේ ආණ්ඩුව ගන්නා ස්ථාවරයන් අතිශය බරපතළයි - පෙරටුගාමී සමාජවාදී පක්ෂය

Jan 21, 2025 at 08:09 AM
|


ඉන්දියානු සහ චීන සංචාර ආශ්‍රිතව ප්‍රකාශයට පත්ව ඇති භූ දේශපාලන ප්‍රතිවිරෝධතා හමුවේ ආණ්ඩුව ගන්නා ස්ථාවරයන් අතිශය බරපතළ බව  පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. නිටෙව්දනයක් නිකුත් කරමින් ඒම පක්ෂ,ය මෙසේ ප්‍රකාශයට පත්කර ඇත. 


එම සම්පූර්ණ නිවේදනය පහතින් 



ලංකාව භූ දේශපාලන බල පොරයේ උගුලක පැටලීම වලක්වමු!


ජනාධිපති අනුර කුමාර දිසානායක 2025 ජනවාරි 14 වැනි දින සිට 17 වැනි දා දක්වා මහජන චීන සමූහාණ්ඩුවේ රාජ්‍ය සංචාරයක නිරත වූ අතර ජනවාරි 16 වැනිදා ඒකාබද්ධ ප්‍රකාශයක්ද නිකුත් කරනු ලැබීය. එම ඒකාබද්ධ ප්‍රකාශය තුළ ”එක් තීරයක් – එක් මාවතක් සහයෝගිතාවයට සහය වීම සඳහා ජනාධිපති ෂී ජින් පිං මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලද ප්‍රධාන පියවර අට අනුගමනය කිරීමට දෙපාර්ශ්වයම එකඟ වූ” බව සඳහන් වේ. එමෙන්ම ”එක් තීරයක් -එක් මාවතක් සහයෝගිතා සැලැස්මකට දෙපාර්ශ්වට අත්සන් තැබීය” යනුවෙන්ද එහි සඳහන් වේ. ”කොළඹ වරාය නගරය සහ හම්බන්තොට වරාය ඒකාබද්ධ සංවර්ධනය ඇතුළු සියලුම ප්‍රධාන ව්‍යාපෘති ඉදිරියට ගෙන යාමට, සේද මාවත වැඩමුළුව වැනි වැඩසටහන් සම්පූර්ණයෙන්ම භාවිතා කිරීමට සහ එක්ව සැලසුම් කිරීමේ, ගොඩනැඟීමේ සහ ප්‍රතිලාභ ලැබීමේ මූලධර්මවලට අනුකූලව ලංකාව තුළ තවත් ජීවනෝපාය වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට” ලංකාවේ ආණ්ඩුව එකඟ වූ බව එහි වැඩිදුරටත් සඳහන් වී තිබේ. එක් තීරයක් – එක් මාවතක් සහයෝගිතාව හුදු ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළක් නොව දකුණු චීන මුහුද සහ ඉන්දියානු සාගරය තුළ චීනයේ භූ දේශපාලන උපායමාර්ගයකි.

චීනයට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය විසින් ”ඉන්දු – පැසිෆික් උපායමාර්ගය” නමින් හැඳින්වෙන වැඩපිළිවෙළක සිටින අතර ඉන්දියානු සාගර කලාපයද ඇතුළු ආසියානු කලාපය තුළ මෙම බලපොරය විසින් තියුණු ආතතියක් ගොඩනැගී තිබෙන බව නොරහසකි. එය ආර්ථික සහ වෙ‍ෙළඳ යුද්ධයක, දේශපාලන සහ රාජතාන්ත්‍රික ප්‍රතිවිරෝධයක සිට විවෘත මිලිටරි ගැටුමක තත්වයකට වර්ධනය වීමේ හැකියාව බැහැර කළ නොහැකිය. එහිදී ඉන්දියාව විවිධාකාර ආරක්ෂක සහයෝගිතා ගිවිසුම් සහ QUAD යුද සහයෝගිතාවයේ සම පාර්ශ්වකරුවෙකු ලෙස ඇමරිකා එක්සත් ජනපද වැඩසටහනට සහය දෙමින් සිටී. ඒ කලාපීය බලවතෙකු ලෙස තමන්ගේ අභිලාෂයන්ට යටත්වය. චීනය සමග ඒකාබද්ධ ප්‍රකාශයට හරියටම මාසයකට පෙර, 2024 දෙසැම්බර් 16 වැනිදා ඉන්දියාව සමග එක්ව නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශය ඉන්දියානු සාගරය තුළ ඉන්දියාවේ උපායමාර්ගයට සහ එහි අනුග්‍රහය ලබන ඇමරිකා එක්සත් ජනපද වැඩපිළිවෙළට වත්මන් ආණ්ඩුවේ පක්ෂපාතීත්වය ප්‍රදර්ශනය කරන්නකි. ලංකාවද අයත් ඉන්දියානු සාගර කලාපයේ ප්‍රධානතම භූ දේශපාලන බලපොරය තුලට ලංකාව ඇතුළු කරමින් සිටින බව මෙම ප්‍රකාශ දෙක අධ්‍යයනය කරන විට පෙනේ.

චීනය සමග නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශයේ නොමැති තවත් වැදගත් එකඟතා එකී සංචාරයේදී ඇති කරගෙන තිබේ. හම්බන්තොට ප්‍රදේශයේ තෙල් පිරිපහදුවක් ඉදි කිරීමට චීනයේ ‘සයිනොපෙක්‘ සමාගමට අනුමැතිය ලබා දීමේ ගිවිසුමක් අත්සන් කිරීම ඒ අතරින් ප්‍රධාන වේ. එය මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිට යෝජිත ව්‍යාපෘතියක් වූ අතර රනිල් වික්‍රමසිංහගේ අනුප්‍රාප්තික පාලනය එයට අනුමැතියද දෙන ලදී.

මෙතෙක් එම වැඩපිළිවෙළ ආරම්භ කළ නොහැකි වුයේ එයට එරෙහි ජනතා විරෝධය නිසා වන අතර ජනතා විමුක්ති පෙරමුණද එවකට එම ව්‍යාපෘතියේ ප්‍රමුඛ විවේචකයෙකු විය. මෙම ව්‍යාපෘතිය සඳහා පැවති විරෝධයේ පදනම වූයේ එක් අතකින් මෙමගින් හම්බන්තොට වරාය මූලික කරගත් භූ දේශපාලන ව්‍යාපෘතියකට ලංකාව හසු වීමයි. තවත් අතකින් දැනට පවතින ඛනිජ තෙල් පනතට අනුව ලංකාවේ රජයේ පූර්ණ ඒකාධිකාරයක් බවට පත්ව තිබෙන තෙල් ආනයනය, පිරිපහදුව සහ බෙදා හැරීම විදෙස් සමාගම් සතුවීම විසින් ලංකාවේ බලශක්ති ස්වෛරීත්වයට ඇති කරන ගැටලුවයි. එපමණක් නොව ආයෝජනයක් බව කීවද එම මුදල ලංකාවට ලැබෙන ආකාරය පැහැදිලිතාවයක් නොවීමද තවත් හේතුවක් විය. එම හේතු කිසිවක් මෙවරද වෙනස්වී නැත.

දැනටමත් හම්බන්තොට වරාය සියවසක පමණ කාලයකට චීනය සතුවී තිබෙන නිසා ඒ අසලම තෙල් පිරිපහදුවක් ආරම්භ කිරීම නිසා හම්බන්තොට වරායේ නැව්තෙල් ආදායම ලංකාවට අහිමි වනු ඇත. වත්මන් ආණ්ඩුව ඉන්දියානු තෙල් නලයක් ලංකාවට එලීමේ ව්‍යාපෘතිය සම්බන්ධ සාකච්ඡා ඉදිරියට ගෙන යාමට ඉන්දියාවට එකඟ වී ඇති තතු යටතේ ත්‍රිකුණාමලය වරායේ පමණක් නොව කොළඹ වරායේද නැව්තෙල් සැපයීමේ ආදායම් ලංකාවට අහිමි වීමේ අවදානමක් පවතී. මෙය හුදු ආදායම් අහිමි වීමේ ප්‍රශ්නයක් පමණක් නොව ලංකාවේ බලශක්ති ස්වෛරීත්වය අහිමි වීමේ අවදානමක්ද, මෙම වරායන් ආශ්‍රිතව මිලිටරි පහසුකම් සැපයීම විසින් ජාතික ආරක්ෂක අවදානමක්ද ජනිත කරයි. මෙම එකඟතා සියල්ල විසින් පෙන්වනුයේ උතුර සහ නැගෙනහිර ඉන්දියානු ආධිපත්‍යයකට නතු වන අතර හම්බන්තොට ඇතුළු දකුණු පළාත චීනයේ අධිකාරීත්වයකට ලක් වෙමින් තිබෙන බවයි. මෙම කලාපීය බලවතුන් දෙදෙනාම කොළඹට ප්‍රබල මැදිහත්වීමක් සඳහා සූදානම් වීම එම අනතුර තවත් බරපතළ කරවයි.

ලංකාවේ ආර්ථික ස්වෛරීත්වය පමණක් නොව දේශපාලන ස්වාධිපත්‍යයද, ජනතාවගේ ආරක්ෂාවද අවදානමට ලක්වන සේ වර්ධනය වන මෙකී දේශපාලන ගතිකයන් පිලිබඳ ලාංකේය වැඩකරන පන්තිය ඇතුළු සමස්ත ජනතාවගේ දැඩි අවධානය සහ සක්‍රිය මැදිහත්වීම අපේක්ෂා කරමු. ජනාධිපතිවරයාගේ ඉන්දියානු සහ චීන සංචාර ආශ්‍රිතව ප්‍රකාශයට පත්ව ඇති භූ දේශපාලන ප්‍රතිවිරෝධතා හමුවේ ආණ්ඩුව ගන්නා ස්ථාවරයන් අතිශය බරපතළ බව අපගේ විශ්වාසයයි. දිගු කාලයක් තිස්සේ මෙම ස්ථාවරයන්ම දරා සිටි පාර්ලිමේන්තු විපක්ෂයෙන් මෙයට විසඳුමක් අපේක්ෂා කළ නොහැකි බව පැහැදිලිය. එනිසා ලංකාව මුහුණ දෙන ආර්ථික – දේශපාලන – භූ දේශපාලනික – මිලිටරිමය අභියෝගවලට විකල්ප නිර්මාණය කිරීමේත්, ඒවා යථාර්ථයක් බවට පත් කිරීමේත් ශක්‍යතාව හිමි වැඩකරන ජනතාව ඇතුළු ලාංකේය ජනතාවට සංවිධිත මැදිහත්වීමක් සඳහා ආයාචනා කරමු.

මධ්‍යම කාරක සභාව
පෙරටුගාමී සමාජවාදී පක්ෂය

සම්බන්ධිත පුවත් | Related News

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු කණ්ඩායම දේශපාලන බලය ලබා ගැනීමට පෙර ආරක්ෂාව ලැබුවේත්, යැපුණේත් බෞද්ධ විහාරස්ථාන සහ සංඝරත්නය සෙවණේ බවත් මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසති.
ඉන්දියාවේ කොක්‍රෝච් ජනතා පක්ෂයේ නායක අභිජීත් දීප්කේ එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.
මහානායක හිමිවරුන් විසින් ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම පිළිබඳව කනස්සල්ල පළ කරමින් යැවූ ලිපියට ඉතා ඉක්මනින් ජනාධිපතිවරයා ප්‍රතිචාර දක්වද්දී, 22 සංශෝධනයට විරෝධය කළ කරමින් උන්වහන්සේලා යැවූ ලිපියට ජනාධිපති උපාසක මහතාගේ ප්‍රතිචාරයක් නොතිබූ බවත්, ජනාධිපති උපාසක මහතා බොරුවක් කළ බව දැන් රටම දන්නා කරුණක් බවත් මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ පවසති.
වත්මන් රජය විසින් අත්තනෝමතික ලෙස පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ගනු ලැබූ ක්‍රියාමාර්ග තරයේ හෙළා දකින බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.
බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකගේ සිවුර ඉවත් කිරීමේ ක්‍රියාවලිය බන්ධනාගාරයේ පවතින නීති රෙගුලාසි මත පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සම්බන්ධයෙන් තීරණය කිරීමේ පූර්ණ බලය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා සතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අවධාරණය කරයි.
සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නිදහස සහ සිවුර ආරක්ෂා කරගැනීම වෙනුවෙන් වන අරගලයේ පළමු පියවර අද (10) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මහ මළුවෙන් ආරම්භ කර තිබේ.

ප්‍රධාන පුවත්

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..

​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.