News Category
From Date
To Date
Maximum Number of Result

ඉන්දියානු සහ චීන සංචාර ආශ්‍රිතව ප්‍රකාශයට පත්ව ඇති භූ දේශපාලන ප්‍රතිවිරෝධතා හමුවේ ආණ්ඩුව ගන්නා ස්ථාවරයන් අතිශය බරපතළයි - පෙරටුගාමී සමාජවාදී පක්ෂය

Jan 21, 2025 at 08:09 AM
|


ඉන්දියානු සහ චීන සංචාර ආශ්‍රිතව ප්‍රකාශයට පත්ව ඇති භූ දේශපාලන ප්‍රතිවිරෝධතා හමුවේ ආණ්ඩුව ගන්නා ස්ථාවරයන් අතිශය බරපතළ බව  පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. නිටෙව්දනයක් නිකුත් කරමින් ඒම පක්ෂ,ය මෙසේ ප්‍රකාශයට පත්කර ඇත. 


එම සම්පූර්ණ නිවේදනය පහතින් 



ලංකාව භූ දේශපාලන බල පොරයේ උගුලක පැටලීම වලක්වමු!


ජනාධිපති අනුර කුමාර දිසානායක 2025 ජනවාරි 14 වැනි දින සිට 17 වැනි දා දක්වා මහජන චීන සමූහාණ්ඩුවේ රාජ්‍ය සංචාරයක නිරත වූ අතර ජනවාරි 16 වැනිදා ඒකාබද්ධ ප්‍රකාශයක්ද නිකුත් කරනු ලැබීය. එම ඒකාබද්ධ ප්‍රකාශය තුළ ”එක් තීරයක් – එක් මාවතක් සහයෝගිතාවයට සහය වීම සඳහා ජනාධිපති ෂී ජින් පිං මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලද ප්‍රධාන පියවර අට අනුගමනය කිරීමට දෙපාර්ශ්වයම එකඟ වූ” බව සඳහන් වේ. එමෙන්ම ”එක් තීරයක් -එක් මාවතක් සහයෝගිතා සැලැස්මකට දෙපාර්ශ්වට අත්සන් තැබීය” යනුවෙන්ද එහි සඳහන් වේ. ”කොළඹ වරාය නගරය සහ හම්බන්තොට වරාය ඒකාබද්ධ සංවර්ධනය ඇතුළු සියලුම ප්‍රධාන ව්‍යාපෘති ඉදිරියට ගෙන යාමට, සේද මාවත වැඩමුළුව වැනි වැඩසටහන් සම්පූර්ණයෙන්ම භාවිතා කිරීමට සහ එක්ව සැලසුම් කිරීමේ, ගොඩනැඟීමේ සහ ප්‍රතිලාභ ලැබීමේ මූලධර්මවලට අනුකූලව ලංකාව තුළ තවත් ජීවනෝපාය වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට” ලංකාවේ ආණ්ඩුව එකඟ වූ බව එහි වැඩිදුරටත් සඳහන් වී තිබේ. එක් තීරයක් – එක් මාවතක් සහයෝගිතාව හුදු ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළක් නොව දකුණු චීන මුහුද සහ ඉන්දියානු සාගරය තුළ චීනයේ භූ දේශපාලන උපායමාර්ගයකි.

චීනයට එරෙහිව ඇමරිකා එක්සත් ජනපදය විසින් ”ඉන්දු – පැසිෆික් උපායමාර්ගය” නමින් හැඳින්වෙන වැඩපිළිවෙළක සිටින අතර ඉන්දියානු සාගර කලාපයද ඇතුළු ආසියානු කලාපය තුළ මෙම බලපොරය විසින් තියුණු ආතතියක් ගොඩනැගී තිබෙන බව නොරහසකි. එය ආර්ථික සහ වෙ‍ෙළඳ යුද්ධයක, දේශපාලන සහ රාජතාන්ත්‍රික ප්‍රතිවිරෝධයක සිට විවෘත මිලිටරි ගැටුමක තත්වයකට වර්ධනය වීමේ හැකියාව බැහැර කළ නොහැකිය. එහිදී ඉන්දියාව විවිධාකාර ආරක්ෂක සහයෝගිතා ගිවිසුම් සහ QUAD යුද සහයෝගිතාවයේ සම පාර්ශ්වකරුවෙකු ලෙස ඇමරිකා එක්සත් ජනපද වැඩසටහනට සහය දෙමින් සිටී. ඒ කලාපීය බලවතෙකු ලෙස තමන්ගේ අභිලාෂයන්ට යටත්වය. චීනය සමග ඒකාබද්ධ ප්‍රකාශයට හරියටම මාසයකට පෙර, 2024 දෙසැම්බර් 16 වැනිදා ඉන්දියාව සමග එක්ව නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශය ඉන්දියානු සාගරය තුළ ඉන්දියාවේ උපායමාර්ගයට සහ එහි අනුග්‍රහය ලබන ඇමරිකා එක්සත් ජනපද වැඩපිළිවෙළට වත්මන් ආණ්ඩුවේ පක්ෂපාතීත්වය ප්‍රදර්ශනය කරන්නකි. ලංකාවද අයත් ඉන්දියානු සාගර කලාපයේ ප්‍රධානතම භූ දේශපාලන බලපොරය තුලට ලංකාව ඇතුළු කරමින් සිටින බව මෙම ප්‍රකාශ දෙක අධ්‍යයනය කරන විට පෙනේ.

චීනය සමග නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශයේ නොමැති තවත් වැදගත් එකඟතා එකී සංචාරයේදී ඇති කරගෙන තිබේ. හම්බන්තොට ප්‍රදේශයේ තෙල් පිරිපහදුවක් ඉදි කිරීමට චීනයේ ‘සයිනොපෙක්‘ සමාගමට අනුමැතිය ලබා දීමේ ගිවිසුමක් අත්සන් කිරීම ඒ අතරින් ප්‍රධාන වේ. එය මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිට යෝජිත ව්‍යාපෘතියක් වූ අතර රනිල් වික්‍රමසිංහගේ අනුප්‍රාප්තික පාලනය එයට අනුමැතියද දෙන ලදී.

මෙතෙක් එම වැඩපිළිවෙළ ආරම්භ කළ නොහැකි වුයේ එයට එරෙහි ජනතා විරෝධය නිසා වන අතර ජනතා විමුක්ති පෙරමුණද එවකට එම ව්‍යාපෘතියේ ප්‍රමුඛ විවේචකයෙකු විය. මෙම ව්‍යාපෘතිය සඳහා පැවති විරෝධයේ පදනම වූයේ එක් අතකින් මෙමගින් හම්බන්තොට වරාය මූලික කරගත් භූ දේශපාලන ව්‍යාපෘතියකට ලංකාව හසු වීමයි. තවත් අතකින් දැනට පවතින ඛනිජ තෙල් පනතට අනුව ලංකාවේ රජයේ පූර්ණ ඒකාධිකාරයක් බවට පත්ව තිබෙන තෙල් ආනයනය, පිරිපහදුව සහ බෙදා හැරීම විදෙස් සමාගම් සතුවීම විසින් ලංකාවේ බලශක්ති ස්වෛරීත්වයට ඇති කරන ගැටලුවයි. එපමණක් නොව ආයෝජනයක් බව කීවද එම මුදල ලංකාවට ලැබෙන ආකාරය පැහැදිලිතාවයක් නොවීමද තවත් හේතුවක් විය. එම හේතු කිසිවක් මෙවරද වෙනස්වී නැත.

දැනටමත් හම්බන්තොට වරාය සියවසක පමණ කාලයකට චීනය සතුවී තිබෙන නිසා ඒ අසලම තෙල් පිරිපහදුවක් ආරම්භ කිරීම නිසා හම්බන්තොට වරායේ නැව්තෙල් ආදායම ලංකාවට අහිමි වනු ඇත. වත්මන් ආණ්ඩුව ඉන්දියානු තෙල් නලයක් ලංකාවට එලීමේ ව්‍යාපෘතිය සම්බන්ධ සාකච්ඡා ඉදිරියට ගෙන යාමට ඉන්දියාවට එකඟ වී ඇති තතු යටතේ ත්‍රිකුණාමලය වරායේ පමණක් නොව කොළඹ වරායේද නැව්තෙල් සැපයීමේ ආදායම් ලංකාවට අහිමි වීමේ අවදානමක් පවතී. මෙය හුදු ආදායම් අහිමි වීමේ ප්‍රශ්නයක් පමණක් නොව ලංකාවේ බලශක්ති ස්වෛරීත්වය අහිමි වීමේ අවදානමක්ද, මෙම වරායන් ආශ්‍රිතව මිලිටරි පහසුකම් සැපයීම විසින් ජාතික ආරක්ෂක අවදානමක්ද ජනිත කරයි. මෙම එකඟතා සියල්ල විසින් පෙන්වනුයේ උතුර සහ නැගෙනහිර ඉන්දියානු ආධිපත්‍යයකට නතු වන අතර හම්බන්තොට ඇතුළු දකුණු පළාත චීනයේ අධිකාරීත්වයකට ලක් වෙමින් තිබෙන බවයි. මෙම කලාපීය බලවතුන් දෙදෙනාම කොළඹට ප්‍රබල මැදිහත්වීමක් සඳහා සූදානම් වීම එම අනතුර තවත් බරපතළ කරවයි.

ලංකාවේ ආර්ථික ස්වෛරීත්වය පමණක් නොව දේශපාලන ස්වාධිපත්‍යයද, ජනතාවගේ ආරක්ෂාවද අවදානමට ලක්වන සේ වර්ධනය වන මෙකී දේශපාලන ගතිකයන් පිලිබඳ ලාංකේය වැඩකරන පන්තිය ඇතුළු සමස්ත ජනතාවගේ දැඩි අවධානය සහ සක්‍රිය මැදිහත්වීම අපේක්ෂා කරමු. ජනාධිපතිවරයාගේ ඉන්දියානු සහ චීන සංචාර ආශ්‍රිතව ප්‍රකාශයට පත්ව ඇති භූ දේශපාලන ප්‍රතිවිරෝධතා හමුවේ ආණ්ඩුව ගන්නා ස්ථාවරයන් අතිශය බරපතළ බව අපගේ විශ්වාසයයි. දිගු කාලයක් තිස්සේ මෙම ස්ථාවරයන්ම දරා සිටි පාර්ලිමේන්තු විපක්ෂයෙන් මෙයට විසඳුමක් අපේක්ෂා කළ නොහැකි බව පැහැදිලිය. එනිසා ලංකාව මුහුණ දෙන ආර්ථික – දේශපාලන – භූ දේශපාලනික – මිලිටරිමය අභියෝගවලට විකල්ප නිර්මාණය කිරීමේත්, ඒවා යථාර්ථයක් බවට පත් කිරීමේත් ශක්‍යතාව හිමි වැඩකරන ජනතාව ඇතුළු ලාංකේය ජනතාවට සංවිධිත මැදිහත්වීමක් සඳහා ආයාචනා කරමු.

මධ්‍යම කාරක සභාව
පෙරටුගාමී සමාජවාදී පක්ෂය

සම්බන්ධිත පුවත් | Related News

කිසියම් පක්‍ෂයක් ඒ ඒ පළාත් පාලන ආයතනයේ බහුතර බලයක් ලබා ගැනීමට අසමත් වුණේ නම් ඊළඟට සභාපතිවරයා හෝ නගරාධිපතිවරයා තෝරා පත් කර ගත යුත්තේ ඡන්දයකින් බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් පවසයි.
(නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මෙන්ම ගුවාන්චා මාධ්‍ය දායකයේ මහාචාර්යවර්යෙකු වන ලියු ජුන් සහ මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, නැගෙනහිර චීන සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ තරුණ පර්යේෂක යැං ෂුපින් විසින් රචිත ලිපියකි.)
හිටපු රුසියානු ජනාධිපතිවරයා මෙන්ම රුසියානු ආරක්ෂක කවුන්සිලයේ වත්මන් නියෝජ්‍ය සභාපතිවරයා වන දිමිත්‍රි මෙදෙව්දෙව් දීර්ඝ තීසීයක් ඉදිරිපත් කරමින් නව ජාත්‍යන්තර අපරාධ අධිකරණයක අවශ්‍යතාවය පෙන්වා දෙයි.
නව නාසිවාදී බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදයෙන් රට බේරාගත් වීරෝධාර රණවිරුවන්ට උපහාර පුදන 'යුගන්ධර' විජයග්‍රහණයේ රණවිරු ප්‍රණාමය මැයි 18 වැනි දා සවස 3 ට කොළඹ 07 පදනම් ආයතනයේ දී පැවැත් වේ.
ලංකා විදුලිබල මණ්ඩලය පාඩු බව ඔප්පු කිරීම සඳහා චේතාන්විතවම ආණ්ඩුව ක්‍රියාකරමින් සිටින බවත්, ජනවාරි මාසය තෙක්ම ලංකා විදුලි බල මණ්ඩලය ලාභ ලබා ඇති බව දත්ත අනුව පැහැදිලි වන බවත්, ජනවාරියේ සිට අප්‍රේල් මාසය දක්වා එහි පාඩුව රුපියල් කෝටි 2000ක් වී ඇති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
පේරාදෙණිය විශව විද්‍යාල සිසුන් වසරක් පාසා ගලහා හන්දියේ නිර්මාණය කළ පහන් කූඩුව විශ්ව විද්‍යාල පාලන අධිකාරය තහනම් කර ඇති බවට පුවතක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ඉන්දියාව භූ දේශපාලන වෛශ්‍යාවක් ලෙස දේශපාලන විචාරකයන් පවා හඳුන්වන බවත්, ඔවුන් ආර්ථික වාසිය තකා චීනයත් සමග ගනුදෙනු කළ ද, රෑට නිදාගන්නේ අමෙරිකාව සමග බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
කැළණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වේ.
ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා නිවැරදිව විග්‍රහ කරගනිමින් න්‍යායාත්මකව පැහැදිලි කර ඇති බවත්, ඉන්දියානු න්‍යායපත්‍රය ඉදිරියට රැගෙන යාමට නම් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ගැටුම් නිර්මාණය කර ශ්‍රී ලංකාව දුර්වල කළ යුතු බව ඉන්දියාව දැන සිටි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ප්‍රධාන පුවත්

චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?

(නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මෙන්ම ගුවාන්චා මාධ්‍ය දායකයේ මහාචාර්යවර්යෙකු වන ලියු ජුන් සහ මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, නැගෙනහිර චීන සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ තරුණ පර්යේෂක යැං ෂුපින් විසින් රචිත ලිපියකි.)

ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියාව භූ දේශපාලන වෛශ්‍යාවක් ලෙස දේශපාලන විචාරකයන් පවා හඳුන්වන බවත්, ඔවුන් ආර්ථික වාසිය තකා චීනයත් සමග ගනුදෙනු කළ ද, රෑට නිදාගන්නේ අමෙරිකාව සමග බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා නිවැරදිව විග්‍රහ කරගනිමින් න්‍යායාත්මකව පැහැදිලි කර ඇති බවත්, ඉන්දියානු න්‍යායපත්‍රය ඉදිරියට රැගෙන යාමට නම් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ගැටුම් නිර්මාණය කර ශ්‍රී ලංකාව දුර්වල කළ යුතු බව ඉන්දියාව දැන සිටි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..

බෞද්ධයන් අත්‍යාගමීකරණයට ලක්කරන බවට චෝදනා එල්ලවී ඇති චාල්ස් තෝමස් නමැති පුද්ගලයා විසින් මල්වතු විහාර පාර්ශ්වයට අයත් පාදෙණිය රජ මහා විහාරයේ දී පැවැත්වීමට නියමිත වඩසටහනක් සම්බන්ධයෙන් බෞද්ධ ජනතාවගේ විරෝධය මේ වන විට එල්ලවී ඇති බව සඳහන් කරමින් මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ විසින් පාදෙණිය රජ මහා විහාරධිපති හිමියන්ට යොමුකළ ලිපියක් අප වෙත ලැබී තිබේ.

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.

අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.