
එක්සත් ජනපදය නිවැරදි දිශාවට පියවර ගන්නා නමුත්, අවහිර කිරීම තවමත් බලාත්මකයි!- කියුබාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය
පසුගියදා වොෂින්ටන් පරිපාලනය ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන ලයිස්තුවෙන් කියුබාව ඉවත් කිරීමට පියවර ගෙන තිබුණි. ඒ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන කියුබානු විදෙස් අමාත්‍යාංශය පවසන්නේ, වොෂින්ටනයේ ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන රාජ්‍යයන්ගේ (SSOT) ලැයිස්තුවෙන් කියුබාව ඉවත් කිරීම සීමිත තීරණයක් බවයි. කෙසේ වුවද එම තීරණය ලෝක ජනයාගේ ඉල්ලීමට අනුව නිවැරදි දිශානතිය ඔස්සේ කටයුතු කිරීම අගය කරන බවද අවධාරණය කර තිබේ.
කියුබානු විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශයට අනුව, වොෂින්ටනය ගත් තීරණය නොතකා, කියුබාවට එරෙහිව අසාධාරණ සහ සාපරාධී ආර්ථික අවහිරය ධවල මන්දිරය තවමත් පවත්වාගෙන යන අතර එය කියුබානු ජනතාවට දුක් වේදනා ඇති කරනු ලබයි.
කියුබානු විදේශ අමාත්‍යාංශය නිකුත් කළ සම්පූරණ මාධ්‍ය නිවේදනය...
2025 ජනවාරි 14 වන දින, එක්සත් ජනපද රජය පහත තීරණ ප්‍රකාශයට පත් කළේය:
1. ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන බවට චෝදනා ලබන රටවල් ලැයිස්තුවෙන් කියුබාව ඉවත් කරනු ලබන්නේය;
2. හෙල්ම්ස්-බර්ටන් පනතේ III වන මාතෘකාව යටතේ ගොනු කළ හැකි නඩු සම්බන්ධයෙන් එක්සත් ජනපද අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම වැළැක්වීම සඳහා ජනාධිපතිගේ අධිකාරිත්වය භාවිතා කරනු ලබන්නේය; සහ
3. එක්සත් ජනපද පුරවැසියන්ට සහ ආයතනවලට මූල්‍ය ගනුදෙනු කිරීමට අවසර නොමැති ආයතන සමූහය තුළ නම් කරන ලද සීමිත කියුබානු ආයතන ලැයිස්තුව ඉවත් කරනු ලබන්නේය. මක් නිසාද අයත් එම තීරණය තුන්වන පාර්ශවයේ රටවලට බලපෑමක් ඇති කර ඇති බව හඳුනාගෙන ඇත.
ප්‍රකාශයට පත්කරන ලද තීරණය සීමිත විෂය පථයක්වට ගොනුවී තිබුණද මෙම තීරණය නිවැරදි දිශාවට යොමු කරන තීරණයක් වන අතර එය කියුබාවේ රජය සහ ජනතාව විසින් කරන ලද තිරසාර හා ස්ථිර ඉල්ලීමට මෙන්ම බොහෝ රජයන්, විශේෂයෙන් ලතින් ඇමරිකාවේ සහ කැරිබියන් කලාපයේ රාජ්‍යන්; විදේශයන්හි පදිංචි කියුබානුවන්; දේශපාලන, ආගමික සහ සමාජ සංවිධාන සහ එක්සත් ජනපදයේ සහ අනෙකුත් රටවල වෙසෙන බොහෝ දේශපාලන චරිත විසින් කරන ලද පුළුල් අවධාරණය සහ නැවත නැවත නැවත කළ අවධාරණය කරමින් කරන ලද ඉල්ලීමට අනුකූල වේ. ඔවුන්ගේ දායකත්වය සහ සංවේදීතාව සඳහා කියුබානු රජය ඔවුන් සැමට සිය කෘතඥතාව පළ කරනු ලබන්නේය.
මෙම තීරණය මගින් කියුබානු ආර්ථිකයට බරපතල ලෙස හානි කරන සහ කියුබානු ජන ජීවිතයේ පැවැත්මට දැඩි බලපෑමක් ඇති කරන නිශ්චිත බලහත්කාර පියවරයන් අවසන් කරනු ලබයි. මෙය කියුබාව සහ එක්සත් ජනපද රජය අතර සිදුවන සියලුම නිල හුවමාරුවලදී සැමවිටම පවතින ගැටලුවක් වන්නේය.
2017 සිට කියුබාවට පනවා ඇති සම්බාධක තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා බලාත්මක කරන ලද ආර්ථික අවහිර කිරීම සහ දස දහස් ගණනක බලහත්කාර පියවරයන්ගෙන් විශාල කොටසක් තවමත් ක්‍රියාත්මක වන බව අවධාරණය කළ යුතුය.එම බාධක මගින් කියුබානු භූමියෙන් සම්පුර්ණයෙන්ම පිටතදී ඇති කරන බලපෑම සහ ජාත්‍යන්තර නීතිය සහ සියලුම කියුබානුවන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කරමින් පවතින බව පෙන්වා දීම වැදගත් කොට සලකමු.
පහත දැක්වෙන්නේ ඉන් උදාහරණ කිහිපයක් පමණි: කියුබාවට ආනයනය කිරීමට නීත්‍යානුකූලව හිමිකම් ඇති ඉන්ධන සැපයුම් නීති විරෝධී හා ආක්‍රමණශීලී ලෙස පීඩා කිරීම දිගටම පවතී. කියුබාව අනෙකුත් රටවල් සමඟ අත්සන් කර ඇති නීත්‍යානුකූල ජාත්‍යන්තර වෛද්‍ය සහයෝගීතා ගිවිසුම් කුරිරු හා විකාර සහගත ලෙස පීඩා කිරීම පවත්වාගෙන යනු ලබන අතර, එමඟින් මිලියන සංඛ්‍යාත පුද්ගලයින්ට සෞඛ්‍ය සේවා අහිමි කිරීමට සහ කියුබාවේ මහජන සෞඛ්‍ය පද්ධතියේ හැකියාව සීමා කිරීමට තර්ජනය කරයි. කියුබාවේ හෝ කියුබාවට සම්බන්ධ විය හැකි ඕනෑම රටකට අයත් ජාතිකයෙකුගේ ජාත්‍යන්තර මූල්‍ය ගනුදෙනු තහනම් කිරීම් වලට මෙන්ම පළිගැනීම් වලට යටත් වේ. කියුබානු වරායන් ස්පර්ශ කරන වෙළඳ නාවුක යාත්‍රා තවදුරටත් තර්ජනවලට ලක්වේ.
ඊට අමතරව, එක්සත් ජනපද පුරවැසියන්ට, සමාගම්වලට හෝ එක්සත් ජනපද සංස්ථා වල අනුබද්ධිත සමාගම්වලට කියුබාව හෝ කියුබානු ආයතන සමඟ වෙළඳාම් කිරීමට අවසර ඇත්තේ ඉතා සීමිත සහ නියාමනය කරන ලද ව්‍යතිරේක සහිතවය. කියුබාව සමඟ වෙළඳාම් කිරීමට හෝ කියුබාවේ ආයෝජනය කිරීමට අදහස් කරන ඕනෑම රටක ජාතිකයෙකුට එරෙහිව හිරිහැර කිරීම, බිය ගැන්වීම සහ තර්ජනය කිරීම එක්සත් ජනපදයේ නිල ප්‍රතිපත්තියේ කොටසක් ලෙස දිගටම පවතී. කියුබාව එක්සත් ජනපද රජය විසින් ඔවුන්ගේ පුරවැසියන් සඳහා තහනම් කරන ලද ගමනාන්තයක් ලෙස දිගටම පවතී.
කියුබාවට එරෙහි ආර්ථික යුද්ධය තවමත් ක්‍රියාත්මක වන අතර එය කියුබානු ආර්ථිකයේ සංවර්ධනයට සහ ප්‍රකෘතිමත් වීමට ප්‍රධාන බාධාවක් වන අතර සංවර්ධනය වෙනුවෙන් කියුබානු ජනගහනය ඉහළ මිනිස් පිරිවැයක් දරනු ලබයි. එලෙසම කියුබානුවන්ට සංක්‍රමණය සඳහා වන දිරිගැන්වීම දිගටම පවතී.
එක්සත් ජනපදය විසින් අද ප්‍රකාශයට පත් කරන ලද තීරණය, කුරිරු සහ අසාධාරණ ප්‍රතිපත්තියක සමහර අංග ඉතා සීමිත ආකාරයකින් නිවැරදි කරනු ලබයි. මෙය වත්මනෙහි හඳුන්වා දෙන නිවැරදි කිරීමකි. නමුත් නිසි ලෙස ක්‍රියා කිරීමට සැබෑ අභිප්‍රායක් තිබුනේ නම් මෙම නිවැරදි කිරීම කියුබානු ජනසමාජය අක්‍රිය වීම සාධාරණීකරණය කිරීමට ගොතන ලද කඩතුරාවකට මුවා වී ඉදිරිපත් කරන හේතු වලින් තොරව වසර ගණනාවකට පෙර ක්‍රියාත්මක විය යුතුව තිබිණි. සත්‍යය හඳුනා ගැනීම, ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන බවට නම් කිරීම සඳහා හේතු නොමැති වීම සහ ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමේදී අපේ රටේ ආදර්ශමත් ක්‍රියාකාරිත්වය එක්සත් ජනපද රජයේ ආයතන කිහිපයක් පවා පිළිගෙන ඇති නිසාම අත්තනෝමතික ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන රාජ්‍යයන්ගේ ලැයිස්තුවට කියුබාව ඇතුලත් කිරීම ඉවත් කිරීමට තරම් ප්‍රමාණවත් විය යුතුව තිබුණි.
අතීතයේ දී සිදු වූවාක් මෙන්, අද දින අනුගමනය කර ඇති පියවර අනාගතයේදී එම රටේ රජයට ආපසු හැරවිය හැකි බවත්, එය කියුබාව කෙරෙහි එක්සත් ජනපදයේ හැසිරීමේ නීත්‍යානුකූලභාවය, ආචාර ධර්ම, අනුකූලතාව සහ තර්කානුකූලභාවය නොමැතිකමේ ප්‍රකාශනයක් බව ප්‍රසිද්ධ කරුණකි.
අද දින අනුගමනය කර ඇති පියවර අනාගතයේදී ආපසු හැරවීම සඳහා, එක්සත් ජනපද දේශපාලනඥයන් සාමාන්‍යයෙන් අවංක සාධාරණ කාරණයක් සොයා ගැනීමට කාලය ගන්නේ නැත. මක් නිසාද යත් එක්සත් ජනපදයේ එවකට නියෝජ්‍ය සහකාර ලේකම් ලෙස්ටර් මැලොරි විසින් 1960 දී කියුබාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද ආර්ථික වටලෑම, දුක්ඛිතභාවය, කුසගින්න සහ මංමුලා සහගත බව මගින් කියුබානුවන් දණගැස්වීමේ ඔහුගේ ප්‍රකාශිත සිද්ධාන්තය ක්‍රියාත්මක වන තාක් කල් අමෙරිකාවට කියුබාව වටලෑමට සාධාරණ කාලයක් සොයා ගැනීමට කාලය අවශ්‍ය නැත. කියුබාවේ ස්වයං නිර්ණ අයිතිය හඳුනා ගැනීමට හෝ පිළිගැනීමට එම රජයට නොහැකි වන තාක් කල් මෙන්ම කියුබාවට එරෙහි එහි ජන සංහාරක සහ නීති විරෝධී ආර්ථික හුස්ම හිරකිරීමේ ප්‍රතිපත්තිය නිසා ඇති වූ ජාත්‍යන්තර හුදකලාව නිසා ඇති වූ දේශපාලන පිරිවැය ගෙවීමට සූදානම්ව සිටින තාක් කල්, ඔවුන් සාධාරණ කාරණා සොයා ගැනීමට කාලය ගන්නේ නැත.
කියුබාව අමෙරිකානු ආර්ථික යුධ ප්‍රතිපත්තියට, විදේශ මැදිහත්වීම් වැඩසටහන්වලට සහ සෑම වසරකම එක්සත් ජනපද ෆෙඩරල් අයවැයෙන් ඩොලර් මිලියන ගණනක මුදල් යෙදවීමෙන් අරමුදල් සපයා ජනගත කරන වැරදි තොරතුරු සහ අපකීර්තිමත් මෙහෙයුම්වලට මුහුණ දී ඒවා ආපසු හැරවීමට කටයුතු කරනු ඇත.
කෙතරම් වෙනස්කම් තිබියදීත්, දෙරටේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම සහ සංවාදය මත පදනම්ව, එම රට සමඟ ගෞරවනීය සම්බන්ධතාවයන් වර්ධනය කර ගැනීමට ද කියුබාව දිගටම කටයුතු කරනු ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි
