
වී ගොවියාට සහතික මිලක් දෙන්න ජාතික ගොවිජන එකමුතුවෙන් ඇමතිට යෝජනාවලියක්
2024 /25 මාස් කන්නයේ වී සඳහා සාධරණ සහතික මිලක් පිළිබඳ ගොවිජන යෝජනාවලිය මෙම මස 10 වෙනිදා කෘෂිකර්ම ඇමතිවරයාට බාරදෙන බව ජාතික ගොවිජන එකමුතුු පවසයි. එහි සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පැවසුවේ වී වගා කරන සියලු මහා වාරිමාර්ග හා මහවැලි කලාප ගොවිජන නියෝජිතයන්ගෙන් සැදුම්ලත් වී ඇතුළු කෘෂි නිෂ්පාදන මිල නියාමන කමිටුව මගින් මෙකී යෝජනාවලිය සකස් කරනු ලබන බවයි
වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද පැවසීය.
" පළමුවරට සියලු ගොවිජන සංවිධාන නියෝජනයෙන් සකස් කරනු ලැබූ ඒකාබද්ධ සාධාරණ සහතික මිලක්, ගොවියාට වී වෙනුවෙන් සාධරණ මිලක් ඉල්ලා හඩනැගුවද කිසිම රජයක් සාධාරණ සහතික මිලක් නියම නොකළ අතර කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඇතැම් ටයිකෝට් දාගත් සීත කාමර වල ලැගුම් ගත් කුඹුරකට බැහැලවත් නැති නිලධාරීන් වී කිලෝවක් සඳහා පිරිවැය ගණනය කිරිම විහිළුවක් බවත්, මෙවරද මෙකී කෘෂි ඝාතක නිලධාරින් කටයුතු කරන බව අපිට පෙනෙන්න තියෙනවා හැබැයි අපි ඒ නිලධාරීන් ට නිසි පාඩම් මෙවර උගන්වනවා.
මෙවර වී මිලදී ගැනීම බලවත් අර්බූදයකට ගොවියා ඇද දමන තත්ත්වය ක් අපිට පේනවා. කොහොම උනත් මෙවර ගොවියා විසින් හදපු ගොවියාගේ යැයි කියාගත් ආණ්ඩුව ගොවියාට සාධාරණයක් ඉෂ්ට නොකළොත් ආණ්ඩුව දණගස්වනවා.. මෙවර සහල් අර්බූදයේදි ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව මහා පරිමාණ මෝල් හිමියන් ඇතුළු සහල් ආනයනකරුවන් ඉදිරියේ දණගස්වනු ලැබුවේ සුපුරුදු පරිදි ටයිකෝට් මාරු කරගත් ඇතැම් ආර්ථික ඝාතක නිලධාරින්ගේ ගුණ් නිසයි.
එසේම 2024 අවුරුද්දේ වී සංචිත අතිරික්තයක් තිබියදීත් සහල් ආනයනය කිරිමත් සහල් හිගයත් සැලසුම් සහගතව සිදු කරනු ලැබු ත්‍රස්තවාදී ක්‍රියාවක්. ආණ්ඩුවක් විදිහට අපොහොසත් උනා සහල් වෙළදපොල කළමනාකරණ බලය ආණ්ඩුවට ගන්න.
අපි ජාතික ගොවිජන එකමුතුව විදිහට මෙවර මාස් කන්නයේ සිට යම් මට්ටමකින් වී මිලදි ගනිමින් ගෘහස්ථ සහල් නිෂ්පාදන ක්‍රියාවලියට දායක වෙනවා.ඒ අනුව ආණ්ඩුවේ මිලපාලන ක්‍රමවේදයට වඩා අඩු මිලට සහල් ලබාදීමේ ක්‍රමවේදයක් හඳුන්වා දෙනවා. කොහොමත් මෙවරත් කලට වෙලාවට පොහොර සහනාධාර මුදල් හා ඇතිවූ ගංවතුර හානි සඳහා වූ වන්දි මුදල් ගොවියන්ට ලැබී නැහැ. අපි ආණ්ඩුවට පර්වාස කාලයක් දෙනවා සානුකම්පිතව හිතලා. හැබැයි අපි කියන්නේ
ගොවියාට විණ කරලා ආණ්ඩුව හෙණ ඉල්ලා ගන්න එපා කියලා. ඒ වගේම ගොවියා කියන්නේ නිදාසිටින යෝධයෙක් .ඒ යෝධය අවදි උනොත් ආණ්ඩුවට හෙණම තමා. ඒ විතරක් නෙවේ ඊළගට හදන ආණ්ඩුව ඇත්ත ගොවියන්ගේ ආණ්ඩුවක් වෙනනත් බැරි නෑ.. යැයි ඔහු පවසයි
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)
ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..
ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)
ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර
අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..
කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට
ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ
විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
