වී ගොවියාට සහතික මිලක් දෙන්න ජාතික ගොවිජන එකමුතුවෙන් ඇමතිට යෝජනාවලියක්
2024 /25 මාස් කන්නයේ වී සඳහා සාධරණ සහතික මිලක් පිළිබඳ ගොවිජන යෝජනාවලිය මෙම මස 10 වෙනිදා කෘෂිකර්ම ඇමතිවරයාට බාරදෙන බව ජාතික ගොවිජන එකමුතුු පවසයි. එහි සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පැවසුවේ වී වගා කරන සියලු මහා වාරිමාර්ග හා මහවැලි කලාප ගොවිජන නියෝජිතයන්ගෙන් සැදුම්ලත් වී ඇතුළු කෘෂි නිෂ්පාදන මිල නියාමන කමිටුව මගින් මෙකී යෝජනාවලිය සකස් කරනු ලබන බවයි
වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද පැවසීය.
" පළමුවරට සියලු ගොවිජන සංවිධාන නියෝජනයෙන් සකස් කරනු ලැබූ ඒකාබද්ධ සාධාරණ සහතික මිලක්, ගොවියාට වී වෙනුවෙන් සාධරණ මිලක් ඉල්ලා හඩනැගුවද කිසිම රජයක් සාධාරණ සහතික මිලක් නියම නොකළ අතර කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඇතැම් ටයිකෝට් දාගත් සීත කාමර වල ලැගුම් ගත් කුඹුරකට බැහැලවත් නැති නිලධාරීන් වී කිලෝවක් සඳහා පිරිවැය ගණනය කිරිම විහිළුවක් බවත්, මෙවරද මෙකී කෘෂි ඝාතක නිලධාරින් කටයුතු කරන බව අපිට පෙනෙන්න තියෙනවා හැබැයි අපි ඒ නිලධාරීන් ට නිසි පාඩම් මෙවර උගන්වනවා.
මෙවර වී මිලදී ගැනීම බලවත් අර්බූදයකට ගොවියා ඇද දමන තත්ත්වය ක් අපිට පේනවා. කොහොම උනත් මෙවර ගොවියා විසින් හදපු ගොවියාගේ යැයි කියාගත් ආණ්ඩුව ගොවියාට සාධාරණයක් ඉෂ්ට නොකළොත් ආණ්ඩුව දණගස්වනවා.. මෙවර සහල් අර්බූදයේදි ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව මහා පරිමාණ මෝල් හිමියන් ඇතුළු සහල් ආනයනකරුවන් ඉදිරියේ දණගස්වනු ලැබුවේ සුපුරුදු පරිදි ටයිකෝට් මාරු කරගත් ඇතැම් ආර්ථික ඝාතක නිලධාරින්ගේ ගුණ් නිසයි.
එසේම 2024 අවුරුද්දේ වී සංචිත අතිරික්තයක් තිබියදීත් සහල් ආනයනය කිරිමත් සහල් හිගයත් සැලසුම් සහගතව සිදු කරනු ලැබු ත්‍රස්තවාදී ක්‍රියාවක්. ආණ්ඩුවක් විදිහට අපොහොසත් උනා සහල් වෙළදපොල කළමනාකරණ බලය ආණ්ඩුවට ගන්න.
අපි ජාතික ගොවිජන එකමුතුව විදිහට මෙවර මාස් කන්නයේ සිට යම් මට්ටමකින් වී මිලදි ගනිමින් ගෘහස්ථ සහල් නිෂ්පාදන ක්‍රියාවලියට දායක වෙනවා.ඒ අනුව ආණ්ඩුවේ මිලපාලන ක්‍රමවේදයට වඩා අඩු මිලට සහල් ලබාදීමේ ක්‍රමවේදයක් හඳුන්වා දෙනවා. කොහොමත් මෙවරත් කලට වෙලාවට පොහොර සහනාධාර මුදල් හා ඇතිවූ ගංවතුර හානි සඳහා වූ වන්දි මුදල් ගොවියන්ට ලැබී නැහැ. අපි ආණ්ඩුවට පර්වාස කාලයක් දෙනවා සානුකම්පිතව හිතලා. හැබැයි අපි කියන්නේ
ගොවියාට විණ කරලා ආණ්ඩුව හෙණ ඉල්ලා ගන්න එපා කියලා. ඒ වගේම ගොවියා කියන්නේ නිදාසිටින යෝධයෙක් .ඒ යෝධය අවදි උනොත් ආණ්ඩුවට හෙණම තමා. ඒ විතරක් නෙවේ ඊළගට හදන ආණ්ඩුව ඇත්ත ගොවියන්ගේ ආණ්ඩුවක් වෙනනත් බැරි නෑ.. යැයි ඔහු පවසයි
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..