පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තවත් කුමන්ත්‍රණයක..! ජාතික පාසල් පද්ධතිය හකුලවමින් අන්තර් ජාතික පාසල් පද්ධතිය පුළුල් කරන කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙල මෙන්න...
ලක්ෂ හතළිස් තුනක පාසල් සිසුන් අතරින් දක්ෂතාවය මත තෝරා ගන්නා සිසුන් දෙදහසකට වැඩි පිරිසකට වසර පහකට කලින්, පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවල සිසුන් එම තැනට ගෙන ඒමේ තවත් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව මහජන යුතුකම් කේන්ද්‍රයේ කැඳවුම්කරු වසන්ත අල්විස් මහතා කරුණු හෙළිකරයි.
මේ සම්බන්ධයෙන් සවිස්තර කරුණු ඉදිරිපත් කෙරෙන ලිපිය පහළින්...
කැලේ ගහක් නහන්නට කැලේ ගසක් වුවමනා කර ඇත
පුද්ගලික පාසල්වල අන්තර්ජාතික විෂය නිර්දේශය හදාරන සිසුන් සිටිනා දෙමාපියන් උනන්දු වෙමින් සිටිනුයේ ඔවුන්ගේ දරුවන් රජයේ ජාතික පාසල් පද්ධතියේ සිසුන්ට කලින් වෛද්‍ය උපාධිය ලබා ගැනීමේ උත්සාහයකි.
කාරණාව ඇත්තය, ලයිසියම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අනුමත වුවහොත් ලයිසීයම් මුදලාලිට ගජ වාසිය. එසේ වුවහොත් එවැනි අයවලුන් බිහි වනු ඇත.
පසුගිය කාලයේ ගම්පහ ලයිසියම් එකේ සිදුවූ ළමා අපචාර අකටයුතුකම් හේතුවෙන් මේ රටේ නීතිය ක්‍රියාත්මක නොවෙද්දි විදේශ ආයතන නීතිය ක්‍රියාත්මක කිරීම නිසා විභාග අවුලක් ඇතිවූ බව අමුතුවෙන් කිව යුතු නැත.
එබැවින් පෞද්ගලික ආයතනවල ප්‍රමිතිය ගැන අමුතුවෙන් කිව යුතු නැත.
මීට පෙරද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් සම්මුඛ පරීක්ෂණවලට භාජනය කරන ලදැයි පැවසූ සයිටම් ආයතනයේ සිසුන්ද කොතලාවලට දමා ගැනීමට යාමේදී උසස් පෙළ අසමත් සිසුන් සිටි බව රටට රහසක් නොවේ.
එසේම අපේ රටේ දැන් ජාතික පාසල් පද්ධතිය කුඩා වෙමින් හැකිලෙමින් අන්තර් ජාතික පාසල් පද්ධතිය පුළුල් වෙමින් ඇත.
එය විශාල වීමත් සමග මෙරට විදේශ විනිමය එම පාසල්වල විභාග කටයුතු වෙනුවෙන් විශාල ලෙස පිටරටට යන බව කිසිවෙක් කතා කරන්නේ ද නැත.
එයට හේතුව වන්නේ ද අපේ රටේ ජාතික පාසල් පද්ධතියේ කාලය කළමනාකරණය සහ පාසල් එපාවී පෞද්ගලික ටියුෂන් මාෆියාව හේතුවෙන් දෙමාපියන් සහ සිසුන් ඒ කෙරෙහි ඇති අවිශ්වාසයද බලවත් වී ඇති පසුබිමක් නිසාවෙනි.
පසුගිය කාලයේ ගුරු සංගම්වලට නායකත්වය දුන් කම්කරු නියෝජ්‍ය ඇමති නම් පාසල් ගුරුවරුන්ගේ ටියුෂන් තහනමට විරුද්ධ වූ බව නම් මතකය. ඒ නිදහස් අධ්‍යාපනය සුරකින හැටිය..
එසේම තවත් කරුණක් වන්නේ අන්තර්ජාතික පාසල් වල අවුරුදු 16 දී උසස් පෙළ විභාගයට මුහුණ දීමත් එහි බාධක නොවීමත්ය. තවද එහි ජාතික පාසල් පද්ධතියේ මෙන් එකවර විභාග සමත් විය යුතු නැත කොටස් වශයෙන් විභාග සමත් විය හැක.
එබැවින් වත්මන් තත්ත්වය අනුමත වුවහොත් මුදල් නිසාම වයස 21 වන විට වෛද්‍ය උපාධිය ලබාගත හැකියාවක් ලැබෙන අතර, ජාතික පාසල් පද්ධතියේ සිසුන්ට කුසලතාවයන් මත හෝ වෛද්‍ය උපාධිය ලබාගතීමට හැකිවන්නේ ඊට අවුරුදු පහකට හෝ හයකට පසුවය.
අන්තර්ජාතික පාසලේ ළමුන් වයස 16 දී උසස් පෙළ ලියා විශ්වවිද්‍යාල සුදුසුකම් ලබන විට ජාතික පාසල් පද්ධතියේ ළමයි වයස අවුරුදු 19දී උසස් පෙළ ලියා වයස අවුරුදු 21 පමණ වන විට විශ්වවිද්‍යාල වරම් ලබන අතර එම කාලයේදී වත්මන් තත්ත්වය මත පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලින් වෛද්‍යවරුන් පිටවීම වැළැක්විය නොහැක.
එකම රටේ එකම කාලසීමාවක ඉපදෙන දරුවන් කොටසක් මුදල් නිසා අඩු වසර කාලසීමාවකදීත් තවත් කොටසක් වැඩි වසර කාලසීමාවකදීත් මේ රටේ වෛද්‍ය උපාධිය ලබා ගැනීමට හැකි වීමෙන් බරපතල විෂමාචාරයක් හට ගන්නා බව අමුතුවෙන් කිව යුතු නැත.
එසේම එම අන්තර්ජාතික පාසල්වල ඉගෙන ගන්නා සිසුන් වෙනත් රටක ගොස් අන්තර්ජාතික භාෂාවක් හැදෑරීමට වසරක කාලයක් ලබා දිය යුතු අතර මෙරටදී නැවතත් Act 16 විභාගයට ලිවිය යුතු නැත.
එසේම ඔවුන්ට ජාතික පාසල් පද්ධතියේ මෙන් සාමාන්‍ය පෙළ උසස් පෙළ ප්‍රතිඵල ප්‍රමාද වන්නේද නැත.
විශ්ව විද්‍යාලයට බඳවා ගැනීමට ගන්නා ප්‍රමාදයද නැත මුදල් එයට ප්‍රමුඛත්වය වී ඇත.
එකට බඳවා ගත්තත් එකට විභාග නොතියන රජයේ වෛද්‍ය විද්‍යාල මෙන් නොවනු ඇත.
රජයේ වෛද්‍ය විද්‍යාල අවසන් විභාගය කර අවුරුද්දක් පමණ ගෙදර සිටීම සිදුවූවත් එම සිසුන්ට එසේ කාලයක් බලා සිටීමට සිදුවන්නේ නැත.
මීට වසර කිහිපයකට පෙර මැයි මාසයේ රජයේ වෛද්‍ය පීඨ සිසුන් සීමාවාසික පුහුණුව සඳහා බඳවා ගත්තත් ඔවුන් ආවිට එසේ නොවනු ඇත.
එසේම එවැනි කැපකිරීම් සියල්ලම කර අවසානයේ සීමාවාසික පුහුණුව ලබා ගත්තත් රජයේ ස්ථිර පත්වීම ලබා ගැනීමට අවුරුද්දක් පමණ තවදුරටත් කාලය කා දැමීමට සිදු නොවනු ඇත.
ඒතරම් මුදල් ගෙවා ඉගෙන ගන්නා සිසුන් සිටිනා දෙමාපියන් බලවත්ය.
රට බේරාගත් වීරයා යැයි පැවසූ මහින්ද රාජපක්ෂ පවා ගෙදර යැවීමට ඔවුන්ගේ වපසරිය 2015 දී පුළුල් විය. එහෙත් එයින් පාඩමක් ඉගෙන බවත් බවක් අපට නොපෙනේ.
එසේම එම දෙමාපියන් විදේශ වෛද්‍ය විද්‍යාල වලට එහි යන ගාන ලොකු කරමින් කියමින් සිටියත් ඔවුන්ගේ දරුවන් උසස්පෙළ සහ සාමාන්‍ය පෙළ සඳහා විදේශ රටවලට ගෙවන මුදල ගැන කිසිසේත් සඳහන් කරන්නේ නැත.
ඒවා විදේශ විනිමය නෙවෙයි ඒවා කුහකකම් නොවේ.
අයවැයෙන් ජාතික පාසල් පද්ධතියට වෙන් කරන මුදලට වඩා වැඩියි විදේශ විනිමය ප්‍රමාණයක් ඉන් පසුව විදේශ අධ්‍යාපනය ලබන පෞද්ගලික පාසල් වෙත ලබාදීමට සිදුවනු ඇත.
එසේම ජාතික ආරක්ෂාව මෙන් සෞඛ්‍ය ආරක්ෂාවද ප්‍රබල බව වැටහී නොගත් ආත්මාර්ථකාමී පිරිසක් නිසා මේ රටේ සෞඛ්‍ය දර්ශක කඩා වැටෙනු ඇත.
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නැති සිංගප්පූරුව අංක එකේ සිටිම තහවුරු කර කරගමින් කරමින් සිටින කාලයක අපද ඒ මග යනු වෙනුවට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හැට හුටාමාරක් ඇති අපට බොහෝ පහළින් සෞඛ්‍ය දර්ශක ඇති ඉන්දියාවට සමාන වීමට අපට සිදුවනු ඇත.
බාල බෙහෙත් මදිවාට බාල දොස්තරලා පැමිණීම වැළැක්වීමට නොහැකි බැවින් සෞඛ්‍ය දර්ශක කඩා වැටෙනු ඇත.
තමන්ගේ දරුවන් ගැන සිතමින් රට ගැන නොසිතන පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට සිසුන් දමා ගැනීමට උනන්දු වන නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත් අනෙකුත් ප්‍රජාවට වඩා වෛද්‍ය ප්‍රජාව බලපෑම් කරන බැවින් එම දෙමාපියන් කැලේ ගස් නසන පොරවක් වීම වළකා හැක්කේ වත්මන් දේශපාලන අධිකාරියේ උනන්දුව මත බව අවධාරණය කරනු කැමැත්තෙමි.
වසන්ත අල්විස්
කැඳවුම්කරු
මහජන යුතුකම් කේන්ද්‍රය
ලෝක සෞඛ්‍ය ශ්‍රේණිගත කිරීම් සිංගප්පූරු අංක 01, ශ්‍රී ලංකාව 47, ඉන්දියාව 112. අපි සිංගප්පූරුව පැත්තට යනවද ඉන්දියාව පැත්තට යනවද? ජාතික ආරක්ෂාව මෙන් සෞඛ්‍ය ආරක්ෂාවද වැදගත් බව මෙමගින් වටහා ගත යුතුව ඇත.
අදාළ දත්ත පහතින්...
https://www.statista.com/statistics/1376359/health-and-health-system-ranking-of-countries-worldwide/
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!
මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..
ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..
සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..
භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා
ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්
ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්
හුදෙකලා සිද්ධීන් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
අනුර මේ ගෙනියන්නේ අහිංසකයන්ගේ ලේ උරා බොමින් ගජමිතුරන්ට “රෝල්ස් රොයිස්” පුදන නරුම පාලනයක්.. - විමල් වීරවංශ