News Category
From Date
To Date
Maximum Number of Result

නව වටයකින් රඟදැක්වෙන බෙදුම්වාදී නාටකය තුළ වෙස්මුහුණකින් එන හිමාලයා ප්‍රකාශනය

Jan 6, 2025 at 04:05 PM
|

නව ආණ්ඩුව බලයට පත්වීමට සමාන්තරව බෙදුම්වාදී බලවේග තමා විසින් රඟදක්වන නාට්‍යයේ පිටපත වෙනස් කරමින් ඉදිරිපත් කරන බව දැන් පැහැදිලිව දැකගත හැක. සමහර නාඩගම්වල සමස්ථ පණිවිඩය ප්‍රේක්ෂකයා වෙත ඉදිරිපත් කිරීම සඳහා යොදාගනු ලබන්නේ විකටයකු හෙවත් විහිළුකාරයෙකි. දැන් සුමන්තිරන් මසහතාට කෙටි විරාමයක් ලබාදී අර්චුනා මන්ත්‍රීවරයා වේදිකාවට කැඳවන්නේ එම අත්හදා බැලීම සඳහා බව තේරුම්ගැනීම අමාරු නැත. ප්‍රභාකරන් දෙවියකු යැයි වෛද්‍යවරුන් පවා ඔහුට වැඳුම් පිදුම් කරන බව ප්‍රකාශ කිරීම මගින් ආණ්ඩුවට මෙන්ම දකුණේ බහුතර සිංහල ජනතාවට පමණක් නොව බෙදුම්වාදයට විරුද්ධ උතුරේ බහුතර ජනතාවට ද ප්‍රභල මානසික බලපෑමක් ඇතිවේ. සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ මුවින් එම වචන පිටකිරීම නුසුදුසු වන්නේ පළාත් සභා මැතිවරණයෙන් පසුව මහ ඇමැතිවරයා ලෙස ජාත්‍යන්තරයට පෙනෙන ලෙස බරපතළ චරිතයක් රඟදැක්වීමට ඔහුව යොදාගත යුතු නිසා බවට තර්කයක් ගොඩනැගිය හැක.


නමුත් අර්චුනා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව තුළ කුමන කොටි නැටුමක් නැටුවද ආණ්ඩුවට සිදුවී ඇත්තේ අසරණව බලාසිටීමට ය. ඔහු ඊනියා ඊළාම් රාජ්‍යයේ ජනතාව පාර්ලිමෙන්තුව තුළ සිට ආමන්ත්‍රණය කිරීම මගින් බෙදුම්වාදයට එරෙහිව ඔහු ලබාදෙන දිවුරුම මන්ත්‍රීවරයකු ලෙස කඩකළ ද ඊට එරෙහිව නීතිමය පියවර ගැනීම පහසු නැත. මීට පෙර චන්ද්‍රසෝම එදිරිව සේනාධිරාජා නඩුවේ තීන්දුව අනුව ඒ බව පැහැදිලි වේ. ඊට අමතරව තමා බලයට පත්වූයේ බෙදුම්වාදී බලවේගවල සහාය නිසා බවට ආණ්ඩුව විසින් පනවාගෙන තිබෙන වැරදි මානසික බාධක නිසාද කථානායකවරයා තම බලය භාවිත කිරීමට මැලිවීම ස්වාභාවික තත්ත්වයකි. කුමන හේතුවක් මත හෝ ඔහුව අත්අඩංගුවට ගතහොත් මිස ඔහුගේ මානසික තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා මනෝවෛද්‍යවරයකුට යොමු කිරීමට අදාළව අධිකරණ නියෝගයක් ලබාගැනීමේ හැකියාවක් නැත. විශේෂයෙන්ම වෛද්‍යවරයකු වන එම මන්ත්‍රීවරයා හොඳ සිහිබුද්ධියෙන් තමාට පවරා ඇති භූමිකාව ඉතා හොඳින් රඟ දක්වන තත්ත්වයක් යටතේ එවැනි උවමනාවක් පිළිබඳව සඳහන් කිරීමට කිසිවෙකුට ධෛර්යයක් ඇති වන්නේ නැත.


කෙසේවෙතත් බෙදම්වාදීන් විසින් තම නාටකයේ පිටපත වෙනස්කර ඇති බව ඔප්පු කිරීම සඳහා තවත් උදාහරණයක් ඉදිරිපත් කළ හැක. ඒ නව වටයකින් ඊනියා හිමාලයා ප්‍රකාශනය ජනගත කරන ආකාරයයි. මීට පෙර ප්‍රසිද්ධියේ බෙදුම්වාදීන් සමග පෙනීසිටීමට ධෛර්යයක් නොතිබූ එහෙත් රහසිගතව යම් ක්‍රියාවල නියුක්ත වූ බවට චෝදනා එල්ල වූ මහාචාර්යවරයකු ලෙස පෙනීසිටින භික්ෂුවක් සහ තවත් රට නොදන්නා භික්ෂුන් හය නමක් ඇතුළු භික්ෂුන් හත් නමක්, දෙමළ ඩයස්පෝරාවේ ප්‍රභලයකු විසින්  නොපාලයේ හිමාල කඳු පාමුල හෝටලයකට වඩම්මවා සුවිශේෂී දානමාන සංග්‍රහයක් පවත්වා උන්වහන්සේලාගේ අත්සන් ඔවුන් විසින් සකස් කළ ලේඛනයට ලබාගත් බව මීට පෙර ප්‍රසිද්ධියට පත්විය.


නමුත් එම ප්‍රකාශය මගින් නව අදහසක් ඉදිරිපත් කෙරෙන්නේ නැත. එමගින් මෙතෙක් බෙදුම්වාදීන් විසින් ඉදිරිපත් කළ ඔවුන්ගේ මාර්ග සිතියමට අදාළ මූලික කොන්දේසි පමණක් මහා සංඝරත්නය ප්‍රමුඛ බහුතර සිංහල ජනතාවට ගිල්ලවීමට උත්සාහ කරන බව පැහැදිලිව තේරුම්ගත හැක. එම ලේඛනය ඉදිරිපත් කරන තෙක් බෙදුම්වාදී බලවේගවලට තම ඉල්ලීම් භික්ෂුන් වහන්සේලා යොදාගනිමින් අනුමැතිය ලබාගැනීමට හැකිවූයේ නැත. ඉහත සඳහන් කළ භික්ෂූන්ට ඒ සඳහා උවමනාවක් තිබුන ද දීර්ඝ කාලයක් පවතින ප්‍රභල මහජන විරෝධය නිසා ඊට දායක වීමට ඉඩක් නොතිබූ බව ඉතා පැහැදිළි ය. එසේ නම් දැන් එම විරෝධය සමනය වී ඇත්දැයි පෙරලා ප්‍රශ්නයක් ඇසිය හැක. ඊට ලබාදිය හැකි උත්තරය වන්නේ මහජන විරෝධය සමනය කිරීම හෝ දියකර හැරීම සඳහා දැන් කාලය සහ අවකාශය නිර්මාණය වී ඇති බව බෙදුම්වාදීන් ප්‍රමුඛ එම භික්ෂූන් පිළිගෙන ඇති බවයි.


ප්‍රකාශ හයක් අඩංගු එම ලේඛනය මගින් ප්‍රධාන වශයෙන් දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව තුළ සමාන අයිතිවාසිකම් නොලැබෙන අතර, ඔවුන්ගේ අභිමානය සහ අනන්‍යතාව තර්ජනයට ලක්වී ඇති බවට පූර්ව නිගමනයකට එළඹේ. එසේම ඒ මගින් බෙදුම්වාදීන්ගේ පොදු ඉල්ලීම වන ඊනියා එක්සත් රටක බලය බෙදන නව ව්‍යවස්ථාවක් සම්මත කරනතෙක් 13 වැනි සංශෝධනය බලාත්මක කිරීම සහ ඉන්දු - ලංකා ගිවිසුමට ගරුකළ යුතු බවට යෝජනා කෙරෙන අතර, මහා සංඝරත්නය ඇතුළු බහුතර ජනයා ඒ බව පිළිගත යුතු බව අවධාරණය කෙරේ. ඊට අමතරව බෙදුම්වාදී මාර්ග සිතියමේ ප්‍රධාන කඩඉමක් වන ආරක්ෂක හමුදා දුර්වල කිරීම සහ දුර්මුඛ කිරීම සඳහා යොදාගන්නා ප්‍රධාන අවියක් වන යුද අපරාධ චෝදනාවලට වගවීමේ නාමයෙන් තෝරාගත් සුවිශේෂී ආරක්ෂක හමුදා නායකයන් පිරිසකට දඬුවම් කිරීමේ වැදගත්කම ද අවධාරණය කෙරේ.


භික්ෂුන් හත් නමකගේ අත්සන් ගැනීමෙන් පසුව එනම් බෙදුම්වාදී මල් වට්ටිය පළමුවරට භික්ෂූන් විසින් අත ගැසීමේ තත්ත්වය නිර්මාණය කිරීනේ පසුව සංඛේතාත්මකව එම ලේඛනය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ මහානායක හිමිවරුන් වෙත පිළිගැන්වීමට ඩයස්පෝරා නායකයන් විසින් කටයුතු කරනු ලැබීය. නමුත් ඊට අදාළව මහා සංඝරත්නය හෝ බහුතර සිංහල නායකයන්ගෙන් ධනාත්මක ප්‍රතිචාර ලබා ගැනීමට ඔවුන් අසමත් විය. ඊට පිළිතුරක් ලෙස දැන් ඩයස්පෝරා නායකයන් එක් පැත්තකින් යම් නිකායවල මහානායක හිමිවරුන්ට අක්තපත්‍ර භාරදීමේ උත්සවලට අනුග්‍රහය දැක්වීමට පමණක් නොව ස්තුති කථා ඉදිරිපත් කිරීමට පවා අවස්ථාව නිර්මාණය කරගෙන ඇත. අනෙක් පැත්තෙන් ඔවුන් හිමාලයා ප්‍රකාශය මහා සංඝරත්නයට පමණක් නොව ජනාධිපති අනුර දිසානායක මහතාට පිළිගැන්වීම සඳහා රණවිරු මාතාවක් වන ප්‍රභල බෙදුම්වාදී රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිනියක් යොදාගෙන ඇත. 


ඒ අනුව 2024 දෙසැම්බර් 19 දින කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක දී වැඩමුළුවක් පවත්වා එම වැඩමුළුවට රටේ භික්ෂූ නායකත්වයේ ප්‍රභල හරස්කඩක් මෙන්ම ඊනියා ගිහි උගතුන් පිරිසක් සම්බන්ධ කරගැනීමට ඩයස්පෝරාව විසින් සැලසුම්කර තිබිණි. එහිදී ඔවුන්ගේ ප්‍රභල ජයග්‍රහණයක් වන්නේ ඔවුන් සඳහන් කරන ආකාරයට එම වැඩමුළුවෙන් පසු 20 වැනි දින හිමාලයා ප්‍රකාශය නිල වශයෙන් ජනාධිපති අනුර දිසානායක මහතාට පිළිගැන්වීමට අවස්ථාව නිර්මාණය කරගැනීමය. ඉහත සඳහන් කළ ආකාරයට නව පිටපත යටතේ අර්චුනා මන්ත්‍රීවරයා යොදාගන්නා ආකාරයටම ප්‍රභල ඩයස්පෝරා සාමාජිකයන් තිරය පිටුපස සිට රාජ්‍ය නොවන සංවිධාන 'ගෝඩ් මදර්" කෙනෙකු වේදිකාවට කැඳවීමට කටයුතු කර ඇත. ඇයට බුද්ධ කාලයේ මහා උපාසිකාවගේ නම යොදා තිබීම මෙන්ම ඇය යුද්ධයෙන් පීඩාවට පත්වූ කාන්තාවන් නියෝජනය කරන ප්‍රභල රාජ්‍ය නොවන සංවිධානයක ප්‍රධානියා ලෙස ජාත්‍යන්තර තලයේ ප්‍රසිද්ධියක් ඉසිලීම ද බෙදුම්වාදීන්ගේ වාසිය සඳහා යොදාගනු ඇත. ඊට අමතරව ඇයගේ පුත්‍රයකු අතරුදන් වූ ආරක්ෂක හමුදා නිලධාරින්ගේ නම් ලැයිස්තුවට ඇතුළත් වීමද ප්‍රභල සුදුසුකමක් බවට පත්වන බවට සැකයක් නැත. කෙසේ වෙතත් 19 සහ 20 දින එම භික්ෂූන්ට එරෙහිව පැවැත්වුනු මහජන විරෝධතා නිසා ජනාධිපතිවරයා එම ලේඛනය භාරගැනීමට ඉදිරිපත් නොවීය. 


ඔවුන්ගේ පැත්තෙන් ගත්විට 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පවතින ප්‍රභල මහජන විරෝධය සමනය කිරීම හිමාලයා ප්‍රකාශනයේ මූලික අරමුණ වන බැවින් එම මල් වට්ටියට හැකි කරම් මහා සංඝරත්නයේ සහ සිංහල සමාජයේ හරස්කඩ ලවා අතගස්සවා ගැනීම ඉතා වැදගත් බවට විවාදයක් නැත. මීට පෙර 2002- 2003 කාලයේ දී 'එක් ලේඛනයක මූලාරභය' නමින් එවැනිම පොදු ලියවිල්කට මහා සංඝරත්නය ඇතුළු ජාතක බලවේගයේ නායකත්ව භූමිකාවක් ඉටුකරන පිරිසකගේ අත්සන් ලබාගැනීමට උත්සාහ කරනු ලැබීය. එම ක්‍රියාවලියට අනුග්‍රහය දැක්වූයේ ප්‍රභල බෙදුම්වාදී රාජ්‍ය නොවන  සංවිධානයක් වූ බර්ගොෆ් පදනමය. නමුත්  එදා ලියුම්කරු ඇතුළු යම් පිරිසක් එම උත්සාහය කඩාකප්පල් කිරීමට සමත් විය.


නමුත් අදවන විට පාර්ලිමේන්තු මැතිවරණයට පසුව උතුරේ ඡන්ද වෙනස්වීම යොදාගනිමින් ආණ්ඩුවට සහ මහජනයාට මානසික බාධක පැනවීමට ඩයස්පෝරාව ප්‍රමුඛ බෙදුම්වාදී බලවේග සමත්ව ඇත. බෙදුම්වාදයට විරුද්ධවීම ජාතිවාදය හිස එසවීමක් ලෙස වැරදි ලෙස විග්‍රහකරමින් එම මානසික යුද උපක්‍රමය සාර්ථකව යොදාගන්නා ආකාරය අද ඉතා හොදින් දැකගත හැකිය. නමුත් සත්‍ය වන්නේ උතුරේ සැලකිය යුතු පිරිසක් උතුරේ වෙල්ලාල ප්‍රභූන් විසින් ප්‍රචලිත කරන දෙමළ ජාතිවාදය හා එහි කූඨප්‍රාප්තිය වන බෙදුම්වාදය ප්‍රතික්ෂේප කර ඇති බවය. කෙසේ වෙතත් එම තත්ත්වය තුළ බෙදුම්වාදී ප්‍රවනතාවන්ට එරෙහිව බහුතර සිංහල ජනතාව ප්‍රතික්‍රියා දැක්වීම වැළැක්වීම සඳහා මානසික බාධක පනවා ඇති බව සත්‍යයකි.


ඒ ආකාරයට බෙදුම්වාදයට විරුද්ධවීම වැළැක්වීම සඳහා මහාසංඝරත්නයට සහ බහුතර සිංහල ජනතාවට මානසික බාධක පනවන අතර හිමාලයා මල් වට්ටියට අතගැසීමට පෙළඹවීම මගින් බෙදුම්වාදීන් සමග සාමදානයට එළඹීම සදහා පෙර පැවති මානසික බාධක ඉවත් කිරීම ද සිදුවේ. ඩයස්පෝරාව විසින් එම ක්‍රියාවලිය හඳුන්වනු ලබන්නේ ' නිරතවීම' හෙවත් Engage වීම ලෙසය. බෙදුම්වාදීන් 2002 සිට ඒ සදහා උත්සාහ කළ ද එය සාර්ථක වන්නේ වසර 20කට පසු 2023 දීය. ඩයස්පෝරාව ප්‍රමුඛ බෙදුම්වාදී බලවේගවල එම අසාර්ථක වීම පිළිබඳව බෙදුම්වාදී යුද්ධය පරාජය වීමෙන් පසුව 2010 දී නෝර්වේජියානු ආධාර සංවිධාන විසින් කැඳවූ වෝහාරික අධ්‍යයන වාර්ථාවක් මගින් කරුණු දක්වා ඇත. 


සාමයේ ඉත්තෝ යනුවෙන් නම්කර තිබූ පිටු 182කින් සමන්විත එම අධ්‍යයන වාර්ථාව සකස්කරනු ලබන්නේ ලන්ඩන් විශ්වවිද්‍යාලයේ පෙරදිග අධ්‍යයන අංශයේ මහාචාර්යවරු 5 දෙනෙකු විසිනි. එම වාර්තාව කැඳවනු ලබන්නේ නොර්වේජියානු මැදිහත්වීම මත සුඩානය බෙදා වෙන් කිරීමට හැකිවුවද ශ්‍රී ලංකාවට අදාළව ඔවුන් අසාර්ථක වන්නේ කුමක් නිසාදැයි සොයාගැනීම සඳහාය. ඒ ආකාරයට සිදුවූ වරද කුමක්දැයි සොයාගැනීමට අවශ්‍ය වන්නේ වරද නිවරදි කිරීම සඳහා බව කුඩා ළමයෙකුට වුවද වටහා ගත හැක. එම වාර්තාව මගින් ප්‍රධාන හේතු 4ක් හඳුනාගෙන ඇත. එම හේතු අතරින් ප්‍රමුඛතම එක් හේතුවක් වන්නේ බෙදුම්වාදී රාජ්‍ය නොවන සංවිධාන නොර්වේජියානු රජයෙන් අරමුදල් ලබාගත්ත ද ඔවුන් විසින් තමන්ට පැවරුණු භූමිකාව ඉටුකිරීමට අසමත් වීමය. එනම් ඔවුන් මහාසංඝරත්නය ප්‍රමුඛ ජාතික බලවේග සහ බහුතර සිංහල ජනතාවගේ සැකයට, වෛරයට සහ පිළිකුලට භාජනය වූවා මිස එම බලවේග දිනාගැනීමට අසමත් වීමය. වෙනත් වචන වලින් කියන්නේ නම් බෙදුම්වාදී  මල් වට්ටියට අතගැසීමට එම බලවේග අතර මානසික බලපෑමක් ඇති කිරීමට ඔවුන් අසමත් වීමය. දැන් හිමාලයා ප්‍රකාශය මගින් එම මූලධර්මික වරද නිවැරදි කිරීමට ඩයස්පෝරාව ප්‍රමුඛ බෙදුම්වාදී බලවේග යම් පමණකට සමත්වී ඇති බව ඉතා පැහැදිලිය.


එම වාර්තාවේ අඩංගු සෙසු ප්‍රධාන හේතු අතුරින් එකක් හැර ඉතිරි ඒවා නිවැරදි කිරීමට නොවේජියානවන් ඇතුළු විදේශීය සහ බෙදුම්වාදී බලවේග මේ වන විට සමත්වී ඇති බව පෙනේ. ඒ අතරින් ඔවුන්ගේ අසමත් වීමට ප්‍රධාන හේතුවක් ලෙස හඳුනාගත හැක්කේ ජනතා විමුක්ති පෙරමුණේ අතීත භූමිකාවය, එනම් ජාතිකවාදී භූමිකාවය. එම භූමිකාව ජාතික ජනබලවේගය තුළ යටපත් කිරීමට හැකිවී ඇති බව රහසක් නොවේ. අද ජාතිවාදයට විරුද්ධවීමේ නාමයෙන් ජාතිකවාදී භූමිකාව අත්හැරීම සහ බෙදුම්වාදයට එරෙහිවීම වැළැක්වීම සඳහා ආණ්ඩුවට මෙන්ම සමාජයට ද මානසික බාධක පනවා ඇති බවද පැහැදිලිවම දැකගත හැකිය.


එම වාර්තාව මගින් නෝර්වේජියානුවන්ගේ අසමත්වීමට අදාළ තුන්වන හේතුව ලෙස හඳුනාගෙන ඇත්තේ හෙළ උරුමය පක්ෂය විසින් භික්ෂූන් වහන්සේලා දේශපාලන වේදිකාව මත ඉන්පෙර ඉටුනොකළ භූමිකාවක් ඉටුකිරීම සඳහා පෙළඹවීමට සමත් වීමය. හෙළ උරුමය පක්ෂයේ භූමිකාව මගින් එදා ජනතා විමුක්ති පෙරමුණ විසින් සටන් විරාම ගිවිසුමට, තාවකාලික ආණ්ඩු යෝජනාවට සහ සුනාමි සහන මණ්ඩලයට එරෙහිව දියත් කළ ප්‍රභල විරෝධතාවන්ට සහායක් ලැබුනු  බව රහසක් නොවේ. අද වන විට එම වරදද නිවැරදි කිරීම හෝ නිවැරදි වීමට ඉඩ සැලසීම සිදුවී ඇති බවද රහසක් නොවේ. කෙසේවෙතත් හතරවන හේතුව හෙවත් එදා පැවති රනිල් - චන්ද්‍රිකා පුද්ගල ගැටුම සමනය කිරීමට නෝර්වේජියානුවන් අසමත් වීම පමණක් අදට ද වලංගු වේ.


එදා රනිල් - චන්ද්‍රිකා ගැටුම සමනය කිරීමට බෙදුම්වාදී බවේග අසමත් වූ ආකාරයට මෙදා රනිල් - සජිත් ගැටුම සමනය කිරීමට ඔවුන් අසමත් වූ බව ඉතා පැහැදිලිය. එදා ඔවුන් චන්ද්‍රිකා - රනිල් ගැටුම සමනය කිරීමට සමත්වූවා නම් සුඩානයේ මෙන් තාවකාලික ආණ්ඩු ගිවිසුම අත්සන් කරන බවට කිසිඳු සැකයක් නැත. එසේ වූවානම් 2009 දී යුද්ධය අවසන් කිරීමට පෙර සුඩානයට අත්වූ ඉරණම ශ්‍රී ලංකාවට ද අත්වන බවද පැහැදිලිය. ඒ අනුව රනිල් - සජිත් ගැටුම සමනය කළ හැකි වූවා නම් බෙදුම්වාදයට අවශ්‍ය දේ බන්දේසියක තබා ලබාදීමට හැකි වන බවටද සැකයක් නැත. නමුත් එය කළ නොහැකි තත්ත්වයක් යටතේ බෙදුම්වාදීන්ගේ තෝරාගැනීම වූයේ සජිත් ප්‍රේමදාස මහතා බව ජනාධිපතිවරණයේ දී උතුරු සහ නැගෙනහිර පළාත්වල දිස්ත්‍රික්ක 5ක මෙන්ම නුවරඑළිය සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල ඡන්ද ප්‍රතිඵලවලින් පැහැදිලි වේ.


නමුත් සජිත් ප්‍රේමදාස මහතාගේ පරාජය හෙවත් අනුර දිසානායක මහතාගේ ජයග්‍රහණය සනිටුහන් කරන්නේ බහුතර සිංහල ජනතාව විසින් බව ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රතිඵලවලින් ඉතා හොඳින් පැහැදිලි වේ. ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඔවුන්ගේ තෝරාගැනීම හෙවත් 'ප්ලෑන් බී' බවට පත්වන්නේ අනුර දිසානායක මහතා බව පාර්ලිමේන්තු මැතිවරණයේ දී උතුරේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රමාණයන් විශ්ලේෂණය කිරීමේ දී පැහැදිලිව දැකගත හැක. එම ජයග්‍රහණය තුළින් පළමු වටයේ දී බෙදුම්වාදීන්ට සතුටුවිය හැකි ප්‍රතිඵල ලැබී ඇති බවට සාධාරණ තර්කයක් ගොඩනැගිය හැක. ඊට හේතුව ආණ්ඩුවේ පාර්ශ්ව ඡන්ද ප්‍රතිඵලවලින් පසුව ජාතිවාදය අවසන් බවට ප්‍රකාශ කරමින් සිංහල ජාතිවාදයක් පිළිබඳව ඇඟවීම කරන අතර, දෙමළ ජාතිවාදය සහ එහි කූඨප්‍රාප්තිය වන බෙදුම්වාදය පිළිබඳව කතා නොකිරීමය. ඉන්පසුව මළවුන් සැමරීමේ නාමයෙන් ප්‍රභාකරන් සහ මහවිරු සති සැමරුම් උත්සව පිළිබඳව ආණ්ඩුව විසින් ගනුලැබූ පියවර අනුව එම උපකල්පනය තවදුරටත් තහවුරු විය. කෙසේවෙතත් මහජන විරෝධය යම් පමණකට පැනනැගීම නිසා හිමාලයා ප්‍රකාශනය නිල වශයෙන් භාරගැනීමට ජනාධිපතිවරයා මැලිවීම සුභවාදී ලකුණකි. එසේ වුවත් එතුමාගේ ඉන්දියානු සංචාරයේ දී ඉන්දීය අගමැතිවරයා විසින් සිදුකළ බලපෑම්වලට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුහුණ දෙන ආකාරය අනුව රටේ අනාගත ඉරණම තීන්දුවන බව ඉතා පැහැදිලිය.


වෛද්‍ය වසන්ත බණ්ඩාර

ලේකම්

දේශහිතෛෂි ජාතික ව්‍යාපාරය

සම්බන්ධිත පුවත් | Related News

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) රනිල් වික‍්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක යන දෙදෙනාගේම රජයන්හි ප‍්‍රධානතම ආර්ථික උපදේශකයෙකුගේ භූමිකාව ඉටු කළ බව හා ඉටුකරමින් සිටින බවත්,
2023 ඔක්තෝබර් 07 වැනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලය විසින් හමාස් සංවිධානයට සහ පලස්තීනයට එරෙහිව යුද ප්‍රකාශ කරන ලද අතර මෙම ගැටුම අතරතුර පලස්තීනය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනීසිටියේ ඉරානයයි. පසුගිය දා ඊශ්‍රායලය විසින් ඉරානයට ද ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝකය පුරා දැඩි ව්‍යාකූලත්වයක් නිර්මාණය වී තිබේ.
ලංකාවේ හමුවුණු විශේෂ ඒ වගේම හරිම ආකර්ෂණීය පුරාකෘතියක් ගැන කියන්නයි මේ සටහන වෙන් වෙන්නේ. ඒ වල්ලිපුරම් හෙවත් වැලිපුර රන් සන්නස ගැන. මේ ගොඩාක් අය මේ ගැන අහලත් ඇති. අපේ උරුමය ගැන බොහොම ලස්සනට ලියන Samarasinghe NH මැතිතුමාත් මේ ගැන වරක් මතක් කරල තිබුනා.
මේ අවුරුද්දේ ජනවාරි 18 සහ 19 දවස් දෙක ඇතුලේ රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් 323ක් නීති විරෝධී විදිහට මුදාහරින්න ආණ්ඩුව කටයුතු කළා.ඊට උපදෙස් දුන්නේ ජනාධිපති අනුර කුමාර සහ වරාය ඇමති බිමල් රත්නායක බව කියමින් රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිවේදනය පවා නිකුත් කළා.ඒ වගේම රේගු වෘත්තීය සමිති එකමුතුවෙන් කිව්වේ මේ බහාලුම් ඇතුලේ මත්ද්‍රව්‍ය,අවි ආයුධ,ප්‍රමිතියෙන් තොර බෙහෙත් සුවඳ විලවුන් වර්ග ඇතුළු නීති විරෝධී බඩු ඕනි දෙයක් තියෙන්න පුලුවන් කියලයි.
අද වන විට ඊශ්‍රායලය සහ අමෙරිකා එක්සත් ජනපදය ලෙස රටවල් දෙකක් නොමැති බව පැහැදිලිව දැකගත හැකි බවත්, වර්තමානයේ අමෙරිකාවේ පාලනය හොබවන පිරිස යුදෙව් ක්‍රිස්තියානි මූලධර්මවාදීන් බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
අප තරුණ කළ අපට විෂය වූ මාතෘකා දෙකක් වූයේ වියට්නාමය හා පලස්තීනය. වියට්නාමයට අත නොතබනු පලස්තීනයට ජය වගේ සටන්පාඨ අප අතර ජනප්‍රිය වුණා. මා එකල කී විධියට නම් විශ්වවිද්‍යාල ප්‍රවේශ පන්තියේ සිටි කාලයේ අපට අවුරූදු කිහිපයක් ජ්‍යෙෂ්ඨයකු වූ පාසලේ ආදි ශිෂ්‍යයකු වූ ද අල්ලපු වත්තේ ඉංජිනේරු පීඨයේ ඉගෙන ගත් සමසමාජ පාක්‍ෂිකයකු වූ ද බර්නාඩ් සීසර් පෙරේරා මිහිඳුකුලසූරිය විජෙදෝරු සහෝදරයාගේ මග පෙන්වීම යටතේ අපි සටන් පුවරු ඔසවාගෙන මහා මග ගියා. අප කී දේ නොඅසා ඇමරිකාව වියට්නාමයට අත තැබුවා පමණක් නොව අවසානයේ හෝ චී මින් නගරයක නමක් පමණක් බවට පත් කළා. විජේදෝරු සහෝදරයාත් දැන් නැහැ.
ජනාධිපතිතුමාගේ බදු සතිය ආරම්භයේදීම හර්ෂ ද සිල්වා මහතා මුදල් කාරක සභාවේදී ආණ්ඩුවේ එක් නිලධාරී පිරිසක් සිදු කරන කටයුත්තක් මහත් අගේ කරනු දුටිමි .
කුප්‍රකට සීනි බදු වංචාව පිළිබඳව සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවලදී කිසිදු අපරාධමය වරදක් අනාවරණය වී නොමැති බවට නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන් බව ජනමාධ්‍යයේ සඳහන් විය.
මේ වන විට ගෝලීය වශයෙන් ඇතිවී තිබෙන යුදමය වාතාවරණය මෙන්ම විශේෂයෙන් ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත පැමිණ ඇති නව ලෝක යුධ වාතාවරණය මගින් ශ්‍රී ලංකාවට එල්ලවන අභියෝග පිළිබඳව ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ් මහත්මිය විසින් කරුණු දක්වා තිබේ.

ප්‍රධාන පුවත්

අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)

"ඝන වන මීදුම තුළ සැරිසැරීම: අවට ඇති සියල්ල වෙනස් වන විට තෝරාගත් උපාය මාර්ගම අනුගමනය කළ හැකිද?" යන මාතෘකාව යටතේ SPIEF හි වැල්ඩායි සමාජ වටමේසයේ පළමු සැසියට සහභාගි වෙමින් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා G7 "කුණු කූඩයට" යන ගමනක යෙදී සිටින බව පැවසුවේය.

ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි

බෞද්ධ භික්ෂුණීන්ට සිල් මාතා වෙනුවට භික්ෂුණි යන පිළිගැනීම ලබා දී ජාතික හැඳුනුම්පත් ලබා දෙන ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) රනිල් වික‍්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක යන දෙදෙනාගේම රජයන්හි ප‍්‍රධානතම ආර්ථික උපදේශකයෙකුගේ භූමිකාව ඉටු කළ බව හා ඉටුකරමින් සිටින බවත්,

ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..

2023 ඔක්තෝබර් 07 වැනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලය විසින් හමාස් සංවිධානයට සහ පලස්තීනයට එරෙහිව යුද ප්‍රකාශ කරන ලද අතර මෙම ගැටුම අතරතුර පලස්තීනය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනීසිටියේ ඉරානයයි. පසුගිය දා ඊශ්‍රායලය විසින් ඉරානයට ද ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝකය පුරා දැඩි ව්‍යාකූලත්වයක් නිර්මාණය වී තිබේ.

ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)

ඊශ්‍රායලය නමැති රාජ්‍යයක් මැදපෙරදිග නොතිබුනා නම් ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් නිර්මාණය කිරීමට අමෙරිකාවට සිදුවන බව 1986 දී ජෝ බයිඩන් විසින් ප්‍රකාශකර තිබූ බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසයි.

ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර

දැනට ටෙහෙරානයේ පැවැත්වෙන BRICS ආශ්‍රිත සමුළුවකට අනෙකුත් රුසියානු විද්වතුන් සමඟ සහභාගී වී සිටින රුසියානු විදේශ ප්‍රතිපත්ති විශේෂඥයෙකු වන ඇඩ්ලාන් මාගෝව්, හමුදා සහ න්‍යෂ්ටික ඉලක්ක වෙත ඊශ්‍රායලය එල්ල කළ විස්මය ජනක ගුවන් ප්‍රහාරවලින් පසු ඉරාන අගනුවර ඇති මනෝභාවය පිළිබඳව පැහැදිළි චිත්‍රයක් ලෝකයට ඉදිරිපත් කරයි.

අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..

වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජාතික සංවිධාන නියෝජිතයින් විසින් ගොනු කරනු ලැබු මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයෙන් උපදෙස් ලබාගෙන කරුණු දක්වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජූනි 16) නීතිපතිවරයාට කල් ලබා දුන්නේ ය.

කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිවුණි.

ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ

ඊශ්‍රායලය දියත් කළ "ඔපරේෂන් රයිසින් ලයන්" මෙහෙයුමට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලයේ හයිෆා වෙත පහර දීම සඳහා හජ් කසෙම් ලෙස හඳුන්වන දියුණු නියාමනය කරන ලද බැලස්ටික් මිසයිලයක් භාවිතා කර ඇති බව ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ ස්පුට්නික් පුවත් සේවය වෙත පැවසීය.

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල විශ්‍රාම වැටුප් සහ විශේෂ වරප්‍රසාද අහෝසි කිරීම අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ක්‍රියාකාරී සැලැස්මෙන් ඉවත්කර ඇති බව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත හරහා ලබාගත් ලේඛනයකින් පෙනීගොස් තිබේ.

‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්

මේ වසරේ පනවා ඇති බදුවල කිසිදු අඩු කිරීමක් සිදු නොකරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

තමන් දේශපාලන සහ සිවිල් අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ යටතේ අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් අත්අඩංගුවේ රඳවා ගැනීමේ සූදානමක් ඇති බව පිවිතුරු හෙළ උරුමෙන් නායක හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..

මේ වන විට ගෝලීය වශයෙන් ඇතිවී තිබෙන යුදමය වාතාවරණය මෙන්ම විශේෂයෙන් ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත පැමිණ ඇති නව ලෝක යුධ වාතාවරණය මගින් ශ්‍රී ලංකාවට එල්ලවන අභියෝග පිළිබඳව ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ් මහත්මිය විසින් කරුණු දක්වා තිබේ.

ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ

ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ඊයේ(13) ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කළ අතර, එයට ටෙහෙරානය ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයකින් ප්‍රතිචාර දැක්වීය. මේ අතර බටහිර ජෙරුසලම පැවසුවේ මෙම ප්‍රහාර ටෙහෙරානය න්‍යෂ්ටික අවියක් අත්පත් කර ගැනීම වැළැක්වීම අරමුණු කරගත් බවයි.

ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ලකළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවට පළිගැනීමක් ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.

‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි

2020 ඔක්තෝබර් 13 වනදා සිට සීනි බද්ධ රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමේ සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවලදී කිසිදු අපරාධමය වරදක් අනාවරණය වී නොමැති බවට නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දුන්නේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.