News Category
From Date
To Date
Maximum Number of Result

ලංකාව ඉන්දියාවේ කොටසක්ද?

Jan 3, 2025 at 08:30 AM
|

👉ජනාධිපතිවරයාගේ ඉන්දියානු සංචාරය සමඟ නැවත ඉන්දු ලංකා සම්බන්ධතා ගැන කතාව අලුත් වී තිබේ. 

👉 පසුගිය කාලයේදී ඇතැම් ඇමතිවරු ලංකාව ඉන්දියාවේ කොටසක් යැයි ප්‍රකාශ කරන තරමට මේ ඉන්දියානු ගැතිභාවය බලවත් වී තිබිණි. 

👉 මේ නිසාම ඉන්දියාව ලංකාවට එල්ල කළ අතීත ආක්‍රමණ හා ලංකාව ඒවාට මුහුණ දෙමින් තම ස්වාධීනත්වය ආරක්ෂා කරගත් ආකාරය ගැන දැනසිටීම වර්තමාන මොහොතටද වැදගත් වන්නකි. 

👉 ලිඛිත ඉතිහාසය අනුව ලංකාවට එල්ල වූ පළමු ඉන්දීය ආක්‍රමණය වන්නේ සේන හා ගුත්තික යන චෝළයන් දෙදෙනාගේ ආක්‍රමණයයි. මේ දෙදෙනා ක්‍රිස්තු පූර්ව 237 සිට 215 දක්වා වසර 22ක් ලංකාව පාලනය කළහ. මුටසීව රජුගේ නව වැනි පුතු අසේල රජු  ඔවුන් නෙරපා හැර දස වසක් රාජ්‍ය කළේය.  

👉 මීළඟ සුප්‍රකට ආක්‍රමණිකයා එළාර වූ අතර, ඔහු ක්‍රි.පූ. 205 සිට 161 දක්වා වසර 44ක් ලංකාවේ රාජ්‍යය කළේය.

👉 දුටුගැමුණු රජුගේ සොහොයුරා වූ සද්ධාතිස්සගේ පුත් වළගම්බා රජු පළමු වර රජකමට පත් වී මාස පහකට පසු තුන් වැනි ඉන්දියානු ආක්‍රමණය එල්ල විය. ඒ අනුව පුළහත්ථ, බාහිය, පනයමාර, පිළියමාර, දාඨිය යන දෙමළුන් විසින් ක්‍රිස්තු පූර්ව 103 සිට 89 දක්වා වසර 14ක් පුරා ලංකාව පාලනය කරනු ලැබීය. 

👉 ක්‍රි.ව. 113 වංකනාසිකතිස්ස රජ සමයේදී තවත් සොළී රජෙකු ලංකාවට ගොඩ බැස්සේය. හේ බොහෝ වස්තුව කොල්ල කා සිංහල වැසියන් 12000ක් පැහැරගෙන සිය රටට ගිය බවත්, පසුව වංකනාසිකතිස්සගේ පුත් පළමු ගජබා රජ සොළී රටට පහර දී සිංහල සෙනඟ නිදහස් කරගත් බව පැවසේ.

👉 මීළඟට ක්‍රි.ව. 434 සිට 461 දක්වා වසර 27ක කාලයක් පණ්ඩු, පාරින්ද, කුඩා පාරින්ද, තිරිතර, දාඨිය හා පීඨීය යන දෙමළ රජවරු ලංකාවේ රාජ්‍ය කළෝය. ඔවුන් පරාජය කොට රාජ්‍යය නැවත අල්ලා ගන්නා ලද්දේ සීගිරි කාශ්‍යපගේ පියා වූ ධාතුසේන රජතුමා විසිනි.

👉 මීළඟට ක්‍රි.ව. 846 - 866 පළමු සේන හෙවත් සිලාමේඝ රජුගේ කාලයේදී වරගුණවර්මන් නමැති පාණ්ඩ්‍ය රජෙකු විසින් ලංකාව ආක්‍රමණය කොට යුද්ධයක් ඇති කළද සේන රජු සමඟ සමාදාන වී නැවත සිය රට බලා ගිය බව මහා වංශය පෙන්වා දෙයි. 

👉 ක්‍රි.ව. 965 තුන් වන උදය රජුගේ සමයේදී තවත් සොළී සේනාවක් ලංකාව ආක්‍රමණය කළේය. පළමු සටනින් උදය රජ පරාජය වූ මුත් රුහුණු රට ආණ්ඩු කළ කුමාරයෙකුගේ උපකාරයද ඇති සොළීන් ලංකාවෙන් නෙරපීමට රජු සමත් විය. 

👉 ක්‍රි.ව. 975 - 991 අතර එනම් හතර වන මිහිඳු රජුගේ කාලයේ තවත් සොළී ආක්‍රමණයක් එල්ල වූ අතර, එය පරාජය කිරීමට රජු සමත් විය.  

👉 මීළඟට ක්‍රි.ව. 1036 පස් වන මිහිඳු රජුගේ සමයේදී  තවත් රාජාධිරාජසිංහගේ නායකත්වයෙන් තවත් ප්‍රබල සොළී ආක්‍රමණයක් එල්ල විය. මිහිඳු රජ සොළී රටට ගෙන ගිය අතර, සොළීහු පොළොන්නරුවේ වාසය කරමින් රාජ්‍ය කළෝය. මේ දිගු අරාජික කාලය අතරතුර කීර්ති, මාගලානකීර්ති, විකුම්පඬි, ජගත්පාල, පැරකුම් යන ස්වදේශික පාලකයෝ රුහුණ ඇතුළු විවිධ ප්‍රදේශවල රාජ්‍ය කළෝය. සොළීන් පරදවා නැවත ලංකාව එක්සේසත් කරන ලද්දේ ක්‍රි.ව. 1065දී පොළොන්නරුවේ රජ වූ මහා විජයබාහු රජ විසිනි. 

👉 ඉන් පසු ලීලාවතී රැජින දෙවැනි වර රාජ්‍යත්වයට පත් සමයේ ලෝකේශ්වර නම් දෙමළ රජෙක් ක්‍රි.ව 1222දී පොළොන්නරුව අල්ලාගෙන නව මසක් රාජ්‍යය කළේය. 

👉 ලෝකේෂ්වරගෙන් පසු ලීලාවතී රැජින තුන් වැනි වරටත් රාජ්‍යත්වයට පත්ව සත් මසක් රාජ්‍ය කළාය. එ කල පරාක්‍රම පණ්ඩු නම් තවත් පාණ්ඩ්‍ය රජෙක් ලීලාවතී රැජිණ නෙරපා 1225 දක්වා තුන් අවුරුද්දක් පොළොන්නරුවේ රාජ්‍ය කළේය. 

👉 කාලිංග වංශයේ උපන් මාඝ නම් කෲර රජෙකු විසින් ක්‍රි.ව. 1225 සිට 1246 දක්වා අවුරුදු 21ක් පොළොන්නරුවේ රාජ්‍ය කළේය.  

👉 නැවත ක්‍රි.ව. 1287 පළමු බුවනෙකබාහු රජ සමයේදී ආර්යචක්‍රවර්තී නම් ද්‍රවිඩයෙක් විශාල සේනාවක් සමඟ ලක්දිවට ගොඩබැස දළදා වහන්සේ පැහැරගෙන පඬි රටට ගියේය. පසුව රජ පැමිණි තුන් වන පරාක්‍රම බාහු රජ විසින් දළදා වහන්සේ නැවත ලබාගෙන පොළොන්නරුව දළදා මන්දිරයේ තැන්පත් කළේය. 

👉 මේ ආකාරයට ගතවූ ඉතිහාසය තුළ ලංකාවට ඉන්දියානු ආක්‍රමණ 12ක් පමණ එල්ල වී ඇති අතර, ඉන්දීය පාලකයන් 18 දෙනෙකු පමණ ලංකාව පාලනය කර තිබේ. ඒ අතර සේන හා ගුත්තික, එළාර, කාලිංග මාඝ වැනි ප්‍රකට පාලකයෝ මෙන්ම ලෝකේෂ්වර, පරාක්‍රම පණ්ඩු ආදි අප්‍රකට පාලකයෝද වෙති. 

👉 විජයගේ පැමිණීම ආක්‍රමණයක්ද යන කාරණය නොසලකා ඉතිහාසය දෙස බැලුවද විජය රජුගෙන් ඇරඹී ශ්‍රී වික්‍රම රාජසිංහගෙන් නිමාවට පත් වන සිංහල රාජාවලියේ වසර 2358ක කාලයෙන් වසර 160කට වැඩි කාලයක් ලංකාව පාලනය කොට ඇත්තේ ඉන්දියානු ආක්‍රමණික පාලකයන් විසිනි.  

👉 ඔවුන් කොතෙක් බලවත් වුවද, විටෙක රජෙකු නොමැතිව දීර්ඝ අරාජික කාලයන් පසු කළද ඒ සියලු ආක්‍රමණිකයන් පරදවා නැවත සිංහල රාජ්‍යත්වය ස්ථාපිත කිරීමට අපේ රජවරු සමත් වූවා විනා කිසිදා ලංකාව ඉන්දියාවට පූර්ණ වශයෙන් නතු වූයේ නැත. 

👉 මේ අනුව කොතෙක් ආක්‍රමණ හා බලපෑම් එල්ල වුවද ලංකාව ඉතිහාසය පුරා ස්වාධීන  රාජ්‍යයක් ලෙස තමන්ගේ භාෂා, ආගමික, සංස්කෘතික අනන්‍යතා ගොඩනඟා ගනිමින් වර්ධනය වූවා මිස ඇතැම් මුග්ධ ඇමතිවරුන් කියන පරිදි කිසිදා ඊනියා ඉන්දියාවක කොටසක් වූයේ නැත.

👉 වර්තමානයේද අප ඉන්දියාව සමඟ ගනුදෙනු කළ යුත්තේ ඒ අනන්‍යතාව හා ස්වාධීනත්වය සුරක්ෂිතවන ආකාරයට මිස වැනසෙන ආකාරයට නොවේ. 


උපුටා ගැනීම - ඉසුරු ප්‍රසංග  - Next Page - නෙක්ස්ට් පේජ් 

සම්බන්ධිත පුවත් | Related News

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රිනියට චීනයට යන ගුවන් යානයට ගොඩවීමට නොහැකි වූ පුවතක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංවාදයක් නිර්මාණය වී ඇත.
ආන්තවාදයට විරුද්ධව කටයුතු කිරීම ආරම්භ කළේ 2002 වසරේදී එක්තරා ක්‍රිස්තියානි දෙමළ පූජකවරයකු විසින් බුදුපිළිමයක් පාගාගෙන සිදුකළ යාඥා කිරීමක් දැකීමෙන් පසුව බවත්, එදා එය දැක දැඩි කෝපයක් ඇති වූ බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමි විසින් ප්‍රකාශ කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
Born Again ඇදහීම ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ වෙන්නේ දශකයකට එකහමාරකට කලින්.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) වගන්තියට අනුව ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් (Impeachment) ගෙන ඒමට පැහැදිලි ප්‍රතිපාදන ඇත.
භාස්කර II (භාස්කරාචාර්ය) යනු බ්‍රහ්මගුප්තගෙන් වසර 500කට පමණ පසු, එනම් ක්‍රි.ව. 12 වන සියවසේදී (ක්‍රි.ව. 1150 දී පමණ) විසූ තවත් ශ්‍රේෂ්ඨ ඉන්දීය ගණිතඥයෙකු සහ තාරකා විද්‍යාඥයෙකි. ඔහු බ්‍රහ්මගුප්ත ඉදිරිපත් කළ මූලික ගුරුත්වාකර්ෂණ අදහස් තවදුරටත් පුළුල් කරමින්, සිය සුප්‍රසිද්ධ “සිද්ධාන්ත ශිරෝමණී” නම් ග්‍රන්ථයේ "ගෝලාධ්‍යාය" නම් පරිච්ඡේදය තුළ මේ පිළිබඳව ඉතා පැහැදිලි විද්‍යාත්මක විග්‍රහයක් සිදු කළේය. සර් අයිසැක් නිව්ටන්ට වසර 500කට පෙර, භාස්කර II විසින් ගුරුත්වාකර්ෂණය සහ ආකාශ වස්තූන්ගේ පැවැත්ම ගැන ප්‍රකාශ කළ ප්‍රධාන කරුණු මෙසේය.
2050 වන විට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහණය සිංහල ජනගහණය අභිබවා යන බවත්, සිංහල ජාතිය මහ ජාතිය ලෙස මෙරට තුළ ජීවත්වන අවසාන සියවස මෙය බවත් මුස්ලිම් පූජකවරයකු විසින් පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
දණපතියන්ගේ කැසිනෝ බදු ඉවත් කර සබන් කැටේ බදු වැඩිකර හාල් මාෆියාව ඇතිකළේ වත්මන් ආණ්ඩුවේම පිරිස බව දේශපාලන වේදිකා තුළ ඇතිවූ කතාබහ ආශ්‍රයෙන් සමාජ මාධ්‍යයේ පළ වූ වීඩියෝවක් පහතින් දැක්වේ.
රනිල් වික්‍රමසිංහ මහතාව බොහෝ දෙනෙකු විශාල ලෙස අපවාදයට ලක්කළ බවත් පහර ගැසූ බවත්, එතරම් අපහාස විඳගත් ජනාධිපතිවරයකු තවත් නොමැති බවත් රංගන ශිල්පී කලන ගුණසේකර පවසයි.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.