News Category
From Date
To Date
Maximum Number of Result

ලංකාව ඉන්දියාවේ කොටසක්ද?

Jan 3, 2025 at 08:30 AM
|

👉ජනාධිපතිවරයාගේ ඉන්දියානු සංචාරය සමඟ නැවත ඉන්දු ලංකා සම්බන්ධතා ගැන කතාව අලුත් වී තිබේ. 

👉 පසුගිය කාලයේදී ඇතැම් ඇමතිවරු ලංකාව ඉන්දියාවේ කොටසක් යැයි ප්‍රකාශ කරන තරමට මේ ඉන්දියානු ගැතිභාවය බලවත් වී තිබිණි. 

👉 මේ නිසාම ඉන්දියාව ලංකාවට එල්ල කළ අතීත ආක්‍රමණ හා ලංකාව ඒවාට මුහුණ දෙමින් තම ස්වාධීනත්වය ආරක්ෂා කරගත් ආකාරය ගැන දැනසිටීම වර්තමාන මොහොතටද වැදගත් වන්නකි. 

👉 ලිඛිත ඉතිහාසය අනුව ලංකාවට එල්ල වූ පළමු ඉන්දීය ආක්‍රමණය වන්නේ සේන හා ගුත්තික යන චෝළයන් දෙදෙනාගේ ආක්‍රමණයයි. මේ දෙදෙනා ක්‍රිස්තු පූර්ව 237 සිට 215 දක්වා වසර 22ක් ලංකාව පාලනය කළහ. මුටසීව රජුගේ නව වැනි පුතු අසේල රජු  ඔවුන් නෙරපා හැර දස වසක් රාජ්‍ය කළේය.  

👉 මීළඟ සුප්‍රකට ආක්‍රමණිකයා එළාර වූ අතර, ඔහු ක්‍රි.පූ. 205 සිට 161 දක්වා වසර 44ක් ලංකාවේ රාජ්‍යය කළේය.

👉 දුටුගැමුණු රජුගේ සොහොයුරා වූ සද්ධාතිස්සගේ පුත් වළගම්බා රජු පළමු වර රජකමට පත් වී මාස පහකට පසු තුන් වැනි ඉන්දියානු ආක්‍රමණය එල්ල විය. ඒ අනුව පුළහත්ථ, බාහිය, පනයමාර, පිළියමාර, දාඨිය යන දෙමළුන් විසින් ක්‍රිස්තු පූර්ව 103 සිට 89 දක්වා වසර 14ක් පුරා ලංකාව පාලනය කරනු ලැබීය. 

👉 ක්‍රි.ව. 113 වංකනාසිකතිස්ස රජ සමයේදී තවත් සොළී රජෙකු ලංකාවට ගොඩ බැස්සේය. හේ බොහෝ වස්තුව කොල්ල කා සිංහල වැසියන් 12000ක් පැහැරගෙන සිය රටට ගිය බවත්, පසුව වංකනාසිකතිස්සගේ පුත් පළමු ගජබා රජ සොළී රටට පහර දී සිංහල සෙනඟ නිදහස් කරගත් බව පැවසේ.

👉 මීළඟට ක්‍රි.ව. 434 සිට 461 දක්වා වසර 27ක කාලයක් පණ්ඩු, පාරින්ද, කුඩා පාරින්ද, තිරිතර, දාඨිය හා පීඨීය යන දෙමළ රජවරු ලංකාවේ රාජ්‍ය කළෝය. ඔවුන් පරාජය කොට රාජ්‍යය නැවත අල්ලා ගන්නා ලද්දේ සීගිරි කාශ්‍යපගේ පියා වූ ධාතුසේන රජතුමා විසිනි.

👉 මීළඟට ක්‍රි.ව. 846 - 866 පළමු සේන හෙවත් සිලාමේඝ රජුගේ කාලයේදී වරගුණවර්මන් නමැති පාණ්ඩ්‍ය රජෙකු විසින් ලංකාව ආක්‍රමණය කොට යුද්ධයක් ඇති කළද සේන රජු සමඟ සමාදාන වී නැවත සිය රට බලා ගිය බව මහා වංශය පෙන්වා දෙයි. 

👉 ක්‍රි.ව. 965 තුන් වන උදය රජුගේ සමයේදී තවත් සොළී සේනාවක් ලංකාව ආක්‍රමණය කළේය. පළමු සටනින් උදය රජ පරාජය වූ මුත් රුහුණු රට ආණ්ඩු කළ කුමාරයෙකුගේ උපකාරයද ඇති සොළීන් ලංකාවෙන් නෙරපීමට රජු සමත් විය. 

👉 ක්‍රි.ව. 975 - 991 අතර එනම් හතර වන මිහිඳු රජුගේ කාලයේ තවත් සොළී ආක්‍රමණයක් එල්ල වූ අතර, එය පරාජය කිරීමට රජු සමත් විය.  

👉 මීළඟට ක්‍රි.ව. 1036 පස් වන මිහිඳු රජුගේ සමයේදී  තවත් රාජාධිරාජසිංහගේ නායකත්වයෙන් තවත් ප්‍රබල සොළී ආක්‍රමණයක් එල්ල විය. මිහිඳු රජ සොළී රටට ගෙන ගිය අතර, සොළීහු පොළොන්නරුවේ වාසය කරමින් රාජ්‍ය කළෝය. මේ දිගු අරාජික කාලය අතරතුර කීර්ති, මාගලානකීර්ති, විකුම්පඬි, ජගත්පාල, පැරකුම් යන ස්වදේශික පාලකයෝ රුහුණ ඇතුළු විවිධ ප්‍රදේශවල රාජ්‍ය කළෝය. සොළීන් පරදවා නැවත ලංකාව එක්සේසත් කරන ලද්දේ ක්‍රි.ව. 1065දී පොළොන්නරුවේ රජ වූ මහා විජයබාහු රජ විසිනි. 

👉 ඉන් පසු ලීලාවතී රැජින දෙවැනි වර රාජ්‍යත්වයට පත් සමයේ ලෝකේශ්වර නම් දෙමළ රජෙක් ක්‍රි.ව 1222දී පොළොන්නරුව අල්ලාගෙන නව මසක් රාජ්‍යය කළේය. 

👉 ලෝකේෂ්වරගෙන් පසු ලීලාවතී රැජින තුන් වැනි වරටත් රාජ්‍යත්වයට පත්ව සත් මසක් රාජ්‍ය කළාය. එ කල පරාක්‍රම පණ්ඩු නම් තවත් පාණ්ඩ්‍ය රජෙක් ලීලාවතී රැජිණ නෙරපා 1225 දක්වා තුන් අවුරුද්දක් පොළොන්නරුවේ රාජ්‍ය කළේය. 

👉 කාලිංග වංශයේ උපන් මාඝ නම් කෲර රජෙකු විසින් ක්‍රි.ව. 1225 සිට 1246 දක්වා අවුරුදු 21ක් පොළොන්නරුවේ රාජ්‍ය කළේය.  

👉 නැවත ක්‍රි.ව. 1287 පළමු බුවනෙකබාහු රජ සමයේදී ආර්යචක්‍රවර්තී නම් ද්‍රවිඩයෙක් විශාල සේනාවක් සමඟ ලක්දිවට ගොඩබැස දළදා වහන්සේ පැහැරගෙන පඬි රටට ගියේය. පසුව රජ පැමිණි තුන් වන පරාක්‍රම බාහු රජ විසින් දළදා වහන්සේ නැවත ලබාගෙන පොළොන්නරුව දළදා මන්දිරයේ තැන්පත් කළේය. 

👉 මේ ආකාරයට ගතවූ ඉතිහාසය තුළ ලංකාවට ඉන්දියානු ආක්‍රමණ 12ක් පමණ එල්ල වී ඇති අතර, ඉන්දීය පාලකයන් 18 දෙනෙකු පමණ ලංකාව පාලනය කර තිබේ. ඒ අතර සේන හා ගුත්තික, එළාර, කාලිංග මාඝ වැනි ප්‍රකට පාලකයෝ මෙන්ම ලෝකේෂ්වර, පරාක්‍රම පණ්ඩු ආදි අප්‍රකට පාලකයෝද වෙති. 

👉 විජයගේ පැමිණීම ආක්‍රමණයක්ද යන කාරණය නොසලකා ඉතිහාසය දෙස බැලුවද විජය රජුගෙන් ඇරඹී ශ්‍රී වික්‍රම රාජසිංහගෙන් නිමාවට පත් වන සිංහල රාජාවලියේ වසර 2358ක කාලයෙන් වසර 160කට වැඩි කාලයක් ලංකාව පාලනය කොට ඇත්තේ ඉන්දියානු ආක්‍රමණික පාලකයන් විසිනි.  

👉 ඔවුන් කොතෙක් බලවත් වුවද, විටෙක රජෙකු නොමැතිව දීර්ඝ අරාජික කාලයන් පසු කළද ඒ සියලු ආක්‍රමණිකයන් පරදවා නැවත සිංහල රාජ්‍යත්වය ස්ථාපිත කිරීමට අපේ රජවරු සමත් වූවා විනා කිසිදා ලංකාව ඉන්දියාවට පූර්ණ වශයෙන් නතු වූයේ නැත. 

👉 මේ අනුව කොතෙක් ආක්‍රමණ හා බලපෑම් එල්ල වුවද ලංකාව ඉතිහාසය පුරා ස්වාධීන  රාජ්‍යයක් ලෙස තමන්ගේ භාෂා, ආගමික, සංස්කෘතික අනන්‍යතා ගොඩනඟා ගනිමින් වර්ධනය වූවා මිස ඇතැම් මුග්ධ ඇමතිවරුන් කියන පරිදි කිසිදා ඊනියා ඉන්දියාවක කොටසක් වූයේ නැත.

👉 වර්තමානයේද අප ඉන්දියාව සමඟ ගනුදෙනු කළ යුත්තේ ඒ අනන්‍යතාව හා ස්වාධීනත්වය සුරක්ෂිතවන ආකාරයට මිස වැනසෙන ආකාරයට නොවේ. 


උපුටා ගැනීම - ඉසුරු ප්‍රසංග  - Next Page - නෙක්ස්ට් පේජ් 

සම්බන්ධිත පුවත් | Related News

හෙළයේ මහැදුරු මහාචාර්ය නලින් ද සිල්වා මැතිඳුන්ගේ වර්ෂ පූර්ණ ගුණානුස්මරණය ඉකුත් දා කොළඹ පදනම් ආයතනයේදී පැවැත්විණි.
තමන්ව රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුලපති ධුරයෙන් ඉවත් කරන ලද්දේ වර්තමාන ආණ්ඩුවට සම්බන්ධ ආචාර්ය සංගම්වල නියෝජිතයන් සහ ආණ්ඩුවට සම්බන්ධ ශිෂ්‍ය සංගම් විසින් බව රුහුණු විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන මහතා පවසයි.
බොරුවෙන් බලයට පත්වූ ආණ්ඩුව තමන්ට කප්පම් ගෙවන ව්‍යාපාරිකයන්ට හැරුනු විට වෙනත් කිසිඳු පුද්ගලයකුට ව්‍යාපාරයක් කිරීමට සහන නොදෙන බවත්, අනුර කුමාර ජනාධිපති වී කුඩු, රත්‍රං, ආයුද කන්ටේනර් 320ක් එළියට දැමූ බවත් එක්තරා පුද්ගලයකු විසින් පවසන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ඉන්දු - පාකිස්තානු ගැටුම සමස්ත කලාපයටම ඉතා දරණු ලෙස දැනෙන බවත්, 1960 සිට පවත්වාගෙන ගිය ඉන්දු ගංගාවේ ජලය පාකිස්ථානය සමග බෙදා ගැනීමේ ගිවිසුම අත්හිටුවීම හරහා ඉන්දියාව පාකිස්තානයට එරෙහිව ඉතා දරුණු තීරණයක් ගෙන ඇති බවත්, ඉන්දියාව සමග බලශක්ති හෝ වෙනත් ඕනෑම ගිවිසුමකට එළඹී ඇති කලාපයේ අනෙකුත් රටවල්වලටද මෙය හොඳ පාඩමක් බවත් ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසයි.
වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.
සියවස් 17ක් තිස්සේ මෙරට ජනයා විසින් දිවිහිමියෙන් ආරක්ෂා කරගන්නා ලද දළදා වහන්සේ සම්බන්ධව සහ මෙම සියවස් 17 තිස්සේ දළදා වහන්සේ සම්බන්ධ දිගහැරුනු එම ඓතිහාසික කතන්දරයේ සවිස්තරාත්මක අනාවරණක් සමාජ මාධ්‍ය ක්‍රියාකාරික ඉසුරු ප්‍රසංග සිදුකර තිබේ.
උතුම් දළඳා ප්‍රදර්ශනය සම්පූර්ණයෙන්ම අසාර්ථක, කලබගෑනියක් වීමේ වගකීම පැහැදිලිවම රජය භාරගත යුතුය.
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාඊය රාජපක්ෂ ජනාධිපති කරවීම සඳහා සුරේෂ් සලේ සහ සහරාන්ගේ කණ්ඩායම එකට එකතුවී පාස්කු ප්‍රහාරය සංවිධානය කළ බවටත්, එහි මැද සිටින්නේ පිල්ලෙයාන් බවටත් පවතින කතාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රවීන මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩො මහතා පවසන්නේ ගෝඨාභය බලයට ගේන්න මුස්ලිම් අන්තවාදියෝ මැරුණේ ඇයි දැයි යන්න මෙහිදී ගැටළුවක් මතුවන බවය.
ඒ මිනිස්සු තමන්ගේ පාඩුවේ කුළියක් මලියක් කරගෙන, එදා වේල හම්බ කරගෙන හිටපු මිනිස්සු. හදිසියේම ජනාධිපති තුමා නුවර ඇවිල්ලා දළදා වන්ඳනාවට දින නියම කළා... ඒක හැම මාධ්‍යයකම ප්‍රචාරය කළා... හැමෝම එන්න එන්න, දන්සල් 100 ගණනක් දෙන්න සූදානම්, හැම තැනම වැසිකිළි පහසුකම්, කසළ බැහැර කිරීමේ පුළුල් වැඩසටහනක් ආරම්භ කරලා තියනවා, පුළුල් ආරක්ෂක වැඩ පිළිවෙලක් තියනවා, සනීපාරක්ෂාව උපරිමයි, මේ අවස්ථාවට සහභාගී නොවීම අකුසලයක් ආදී ලෙස කියලා පුරසාරම් කෝටියයි...

ප්‍රධාන පුවත්

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)

ලෝකයේ බලසම්පන්න රාජ්‍යයන් හා කුඩා රාජ්‍යයන් අතර ඇතිවන ගිවිසුම්වලදී බලසම්පන්න රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම්වලට වඩා වෙනස් අයුරකින් ක්‍රියාත්මක වන බවත්, එහිදී කුඩා රාජ්‍යයන්ගේ නායකයන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)

පසුගිය දා ශ්‍රී ලංකාවට පැමැණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර මහතාව වැළඳ ගනිමින් සිදුකළ ජවනිකාව නිවැරදිව වටහාගත යුතු බවත්, ඉන්දියානු සටකපට ව්‍යාපෘතිය හඳුනා ගැනීමට නොහැකි තරම් බුද්ධි හීනයන් නොවිය යුතු බවත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසති.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති නරේන්දු මෝදි විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද(30) පැපිලියාන සුනේත්‍රාදේවි මහා දේවී පිරිවෙණේ දී සිදුවිය.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින්,

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.