News Category
From Date
To Date
Maximum Number of Result

ආණ්ඩුව හා ජනතාව අතර සම්මුතිය අර්ථවත් කිරීම

Dec 31, 2024 at 11:07 AM
|

(පහත පල වන්නේ නීතිඥ කණිෂ්ක විතාරණ මහතා විසින් 2024 12 30 ලංකාදීප පුවත් පතට සම්පාදනය කළ ලිපියකි. එහි ඇති කාලීන වැදගත්කම සලකා ලංකා ලීඩර් පාලකයාගේ පරිශීලනය පිණිස මෙය පල කරනු ලබන බව අවධාරණය කරමු. ලංකා ලීඩර් කතෘ මණ්ඩලය)

ජාතික ජන බලවේගය මැතිවරණ ප්‍රචාරක රැස්වීම්වලදී තමන් බලයට පත් වූ වහාම විප්ලවීය පියවර රාශියක් ගන්නා බවට පොරොන්දු විය. ජන ජීවිතයේ සැබෑ වෙනසක් ඇති කරවන ස්වෛරී හා ගෞරවාන්විත රටක් කරා යන ගමනක් ජනතාවගේ අපේක්ෂාව විය. ඒ සඳහා මුළු රටම එකතු වී අලුත් දිශානතියකට රටේ දේශපාලන ඉතිහාසය හැරවීය. එහෙත් ජනතාවට මුහුණ දීමට සිදුවූයේ වෙනත් දෙයකට ය. අත්‍යවශ්‍ය ආහාරවල මිල, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සම්බන්ධයෙන් ගෙන ඇති ප්‍රතිපත්තිය, ජාත්‍යන්තර සබඳතා හා ආයෝජන, රටේ ස්වෛරීත්වය පමණක් නොව රාජ්‍ය තන්ත්‍රයේ උසස් ධුර සඳහා කරනු ලැබූ පත්කිරීම් හා පත්වූවන්ගේ ප්‍රායෝගික නිපුණතාව, පාලකයින්ගේ ඇතැම් හැසිරීම් රටා ජනතාව විසින් අපේක්ෂා කළ දෙයට වඩා වෙනස්ය. එම විවේචනයන් හමුවේ ජනතාව හා රජය අතර ආරම්භයේදී තිබූ බැඳියාවේ යම් පළුදුවීම් සිදුවෙනු පෙනෙන්නට ඇත. 

ආණ්ඩුව හා සමාජය අතර ගිවිසුම

ආණ්ඩුවක් බලයට පත්කිරීමේදී ජනතාව විසින් තමන් සතු පරමාධිපත්‍ය බලය ආණ්ඩුව වෙත භාර කරයි. එවිට  ආණ්ඩුව පරමාධිපත්‍ය බලය ජනතාව වෙනුවෙන්, ජනතාවගේ ආරක්ෂාව හා සුබසිද්ධිය සලසා දීමේ පොරොන්දුව හා කොන්දේසියට යටත්ව ජනතාව වෙනුවෙන් භාරයක් ලෙස දරයි. එහිදී ජනතාව විසින් පාලකයින් බලයට පත් වීමට පෙර ලබා දුන් පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉෂ්ට කරතැයි අපේක්ෂා කර සිටියි. ව්‍යවස්ථාමය වශයෙන් මෙහිදී සිදු වන්නේ ජනතාවත් ආණ්ඩුවත් අතර ගිවිසුමක් හටගැනීම වේ. එය ජනතා-සම්මුතිය හෝ සමාජ ගිවිසුම (Social Contract) යනාදි නම්වලින් හඳුන්වනු ලැබේ. ආණ්ඩුව විසින් එම අපේක්ෂා ඉටු නොකරන අවස්ථාවන්හිදී එම ගිවිසුම උල්ලංඝනය වේ.

සමාජ ගිවිසුම කඩ කළ විට

ආණ්ඩුවක් විසින් සමාජ සම්මුතිය/ගිවිසුම කඩකරන විට ජනතාවට ඇති ප්‍රතිකර්මය කුමක් ද යන්න වත්මන් ව්‍යවස්ථා ආකෘති නිර්මාණයේ පුරෝගාමීන් වන ජෝන් ලෝක් (1632-1704), ජැක්ස් රොසියිරෝ (1712-1778) යන අයට ද ගැටලුවක් විය. බලයට පත්වූවන් විසින් සමාජ සම්මුතිය කඩ කළ විට අධිකරණයට යාමට නොහැකි ය. ඊට නීතිමය බාධා ඇත. ජොන් ලෝක් තර්ක කරන්නේ ජනතාවගේ ස්වභාවික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ආණ්ඩුව අපොහොසත් වන්නේ නම් එම ආණ්ඩුව පලවා හැර නව ආණ්ඩුවක් ස්ථාපිත කිරීමේ අයිතිය ජනතාවට ඇති බව ය. සමාජ සම්මුතිය කඩකළ ආණ්ඩුවකට එරෙහිව අරගල කිරීමට ජනතාවට ඇති අයිතිය ඔවුන් විසින් පිළිගෙන ඇත. 

ව්‍යවස්ථාවට අනුව රජයේ වගකීම

ජනතා සම්මුතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ක්‍රියාත්මක කළ යුතු වේ. ව්‍යවස්ථාවේ 6 වන පරිච්ඡේදයේ රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීමේ මූලධර්ම සඳහන් ය. ඒවා පාර්ලිමේන්තුව, ජනාධිපතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය විසින් ගුරුකොට ගත යුතු බව 27 වන වගන්තියේ සඳහන් ය. එහි ඇති වෙනත් මූලධර්ම අතර, 

i.සියලු තැනැත්තන්ගේම මූලික අයිතිවාසිකම් හා නන්වැදෑරුම් නිදහස සපුරාලීම,

ii.පොදු ජන යහපතට ඉවහල් වන පරිදි ප්‍රජාවගේ භෞතික සම්පත් සහ සමාජ ඵලය සියලු පුරවැසියන් අතර සාධාරණ ලෙස බෙදාහැරීම, 

iii.නිෂ්පාදනයේ, බෙදාහැරීමේ සහ හුවමාරු කිරීමේ මාර්ග රජයෙහි, රාජ්‍ය ආයතනයන්හි හෝ වරප්‍රසාද ලත් අතලොස්සක් අතෙහි හෝ ඒකරාශී නොවී සහ මද්‍යගත නොවී ශ්‍රී ලංකාවේ සකල ජනතාව අතර විසිරී යන ධර්මිශ්ඨ සමාජ ක්‍රමයක් පිහිටුවීම, 

iv.නූගත්කම සහමුලින්ම තුරන් කිරීම සහ සියලු තැනැත්තන්ට අද්‍යාපනයේ සමාන ඉඩප්‍රස්ථා ලබා ගැනීමේ අයිතිය සහතික කිරීම  ඇතුළුව කාරණා 8ක් ඉටු කිරීමට රජය ඇපකැප වී සිටියි (27(2)).

එසේම ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය, එක්සත්භාවය සහ දේශපූර්ණත්වය ආරක්ෂා කිරීමට (27(3)) කිසිදු බේදයකින් තොරව සියලු පුරවැසියන්ට දියුණු වීමට සම ප්‍රස්ථාවන් සැලසීමට (27(6)වගන්තිය) ආර්ථික හා සාමාජික වරප්‍රසාද හා විෂමතා ද, මිනිස් ශ්‍රමය අයථා පරිදි උපයෝගී කරගැන්ම තුරන් කිරීමට (27(7)) ආර්ථික ක්‍රමය ක්‍රියාත්මක වීමේදී ධනය සහ නිෂ්පාදන මාර්ග පොදු ජනතාවට හානි කරවන සේ ඒකරාශී නොවීමට (27(8))සමාජ සුරක්ෂිතභාවය හා සුබසාධනය ඇති කිරීමට (27(9)) පවුල, සමාජයේ මූලික ඒකකය වශයෙන් පිළිගෙන ආරක්ෂා කිරීමට (27(12)) ජනතාවගේ යහපත තකා පරිසරය ආරක්ෂාකොට සුරක්ෂිත කොට වැඩිදියුණු කිරීමට (27(14)) රජය බැඳී ඇති බවට පනවා තිබේ. ඒ අනුව ජනතාව විසින් ආණ්ඩුව පත් කරන්නේ ඉහත කී ප්‍රකාර වූ ව්‍යවස්ථාමය යුතුකම් හා වගකීම් ජනතාව වෙත හා ජනතාව වෙනුවෙන් ඉටු කිරීමට ය.

ව්‍යවස්ථාවට පරිබාහිර ජනතා අරගල

ජනතා අපේක්ෂා ඉටු නොකළ හා සමාජ සම්මුතිය කඩකළ ආණ්ඩුවක් පලවා හැරීම හා නව ආණ්ඩුවක් පත් කිරීම සඳහා ව්‍යවස්ථාවෙන් සෘජුව ලබා දී ඇති ක්‍රමවේදය මැතිවරණ හා ජනාධිපතිවරණයයි. එහෙත් එම මාර්ගවලින් පරිබාහිරව ගොස් ජනතා අරගලයන් තුළින් දේශපාලන නායකත්වය වෙනස් කිරීම ශ්‍රී ලංකාව තුළ සිදුව තිබේ. එපරිදිම මෙම වසරේදීම දකුණු කොරියාව, ප්‍රංශය, බංගලාදේශය හා සිරියාව වැනි රටවල පැවැති පාලන වෙනස්කම් සිදුව ඇත්තේ ද විවිධ ස්වරූපයන්ගෙන් ක්‍රියාත්මක වූ ජනතා නැගී සිටීම්වල ප්‍රතිඵල වශයෙන් මිස මැතිවරණවලින් නොවේ. 

ජාතික ජනබලවේයේ විසංවාදය

ජාතික ජන බලවේගය බලයට පත් වීම ද එක්තරා ආකාරයක ජනතා අරගලයක ප්‍රතිථලයකි. එහෙත් එය නිශ්චිත දේශපාලන දර්ශනයක් මත ගොඩනැගුණු බලවේගයක් නොව හුදෙක් පොදු වැඩපිළිවෙලක් වටා ගොනු වූ දේශපාලන පක්ෂ, තරුණ සංවිධාන, කාන්තා කණ්ඩායම්, වෘත්තීය සමිති සහ සිවිල් සමාජ සංවිධාන ඇතුළු විවිධ දේශපාලන පක්ෂ හා කණ්ඩායම් 21 කින් සමන්විත දේශපාලන ව්‍යාපාරයකි. එම සංවිධාන හා පක්ෂවලට ඒවාටම ආවේණික දර්ශනයන් හා දැක්ම තිබෙන්නට ඇත. ඒවා කවරේද යන්න පැහැදිලි නැත. එම ව්‍යාපාරය බලයට පත්වෙන්නේ සමාජ සාධාරණත්වය, ආර්ථික ප්‍රජාතන්ත්රවාදය, එක්සත්බව සහ සහයෝගීතාව, තිරසාරබව හා දූෂණයෙන් තොර පාලනයක් යන ඉලක්ක ඇතිවය. එහෙත් ජනතාව විසින් විප්ලවීය හා රැඩිකල් වෙනසක් සිදුවෙතැයි බලාපොරොත්තු විය. මූලිකව  තමන්ව රැවටු මංකොල්ලකාර දේශපාලඥයින්ට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කිරීම සහ සමාජ ආර්ථික පරිණාමයකට අවශ්‍ය වන පරිදි සමාජ, ආර්ථික හා නීති ක්‍රම පද්ධතියේ වෙනසක් ජනතාවගේ අපේක්ෂාව විය. එහෙත් ජාතික ජනතා ජන බලවේගයේ සංයුතිය හා ආකෘතිය තුළ එවැනි කඩිනම් විප්ලවයකට අවශ්‍ය පදනම වැටී නොමැත. ඊට ප්‍රධානතම හේතුවකි, විවිධ මතවාදවලින් සැදුම්ලත් කණ්ඩායම් එකම අරමුණකට ගොනු කිරීමට හා ඉලක්කයකට යොමු කිරීමට සමත් පොදු දේශපාලන දර්ශනයක් ඊට නොතිබීම. එවන් පසුබිමක එකී ව්‍යාපාරය සංයුක්ත වී තිබෙන කණ්ඩායම් හා පුද්ගලයින් තම තමන් විසින් වෙන් වෙන්ව විශ්වාසය තබන මත හා දැක්ම මත පිහිටා  අසංවිධිත ක්‍රියාමාර්ගවල නිරතව සිටියි. එම විසංවාදයන් අභ්‍යන්තර ගැටුම් දක්වා වර්ධනය වී තිබෙනු දක්නට ඇත.

යථාර්තය පිළිගැනීම

විසදුමක් සදහා නිහතමානී ලෙස පවතින යථාර්තය පිළිගත යුතුය. පෙර කී විසංවාදය හා අවිධිමත්භාවය තුළ ආණ්ඩුව මේ වන විටත් විවිධ ස්වරූපයන්ගෙන් යම් අසාර්ථකත්වයක් ජනතාව හමුවේ පෙන්නුම් කරමින් සිටියි. (අ) පරිපාලන නිලධාරීන්ට හා ඇතැම් නිෂ්පාදනවල බලාධිකාරිය දරන ව්‍යාපාරිකයින්ට යට වීම හා ඔවුන්ව මෙහෙයවීමට හා පාලනය කිරීමට ඇති නොහැකියාව (ආ) අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්යවරු හා උසස් තනතුරුවලට පත්වීම් ලැබූවන් අතර අන්‍යනෝන්‍ය එකඟතාවක් හා කතිකාවක් නොමැති වීම (ඇ) එම අයගේ අත්දැකීම්වල හා ප්‍රායෝගික දැනුමේ ඇති දුර්වලතා හා නොහැකියාවන් (ඈ) එම අයගේ අවංකභාවය හා නිහතමානිත්වය පිළිබදව ඇති ගැටලු (ඉ) ජාත්‍යන්තර අභියෝගවලට මුහුණ දීමට හා ජාත්‍යන්තරය හමුවේ රටේ ස්වෛරීත්වය හා නිදහස ආරක්ෂා කිරීමට ඇති නොහැකියාව (උ) නව චින්තනයන් ඔස්සේ යමින් නවීන සමාජ-ආර්ථික හා තාක්ෂණික තත්ත්වයන්ට ගැලපෙන රාජ්‍ය යාන්ත්‍රණයක් නිර්මාණය කිරීමට මෙතෙක් නොහැකි වීම යනාදිය ආණ්ඩුවේ අසරණභාවයට තුඩු දී තිබෙන සාධක කිහිපයකි. 

තවත් අරගලයක් ඇතිවීම වළක්වාලීම

ජනතාව විසින් අපේක්ෂා කළ දේත් අත්දකින දේත් අතර මතුවෙමින් තිබෙන පරතරය ජනතාවත් ආණ්ඩුවත් අතර ගැටීමකට මුලපුරා තිබේ. තැනිත් තැන සිදුකරන ආණ්ඩු විරෝධී ක්‍රියාකාරකම් අවසානයේ දී දැවැන්ත දීපව්‍යාප්ත අරගලයකට වුවද නිමිති විය හැකි ය. එහෙත් අද රට එවැන්නකට සූදානම් නැත. එවැන්නක් සිදුවීමට ඉඩහැරීමද භයානක ය. එවැන්නකින් රට අස්ථාවර වීම, රාජ්‍ය යාන්ත්‍රණය හා ජන විඥානය විකෘති වීම, ජනතාව මර්දනය කිරීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමු වීම, ජාත්‍යන්තර මැදිහත්වීම්වලට අවකාශය සැලසීම, ආර්ථික-සමාජීය වශයෙන් රට බිඳවැටීම යනාදිය සිදුවේ. උතුරේ හා දකුණේ ජනතාව එක්ව සාදන ලද ශක්තිමත් ආණ්ඩුවක් නව දිශානතියක් ඔස්සේ ආරම්භකරන ලද ගමන ආපසු හැරවීම හෝ අඩාළ කිරීම ජන විඥානයට හා පෞර්ෂයට මෙන්ම රටේ අනාගතයට හා ආරක්ෂාවට ද හානිකරය.

එවැන්නක් වළක්වා ගත හැකි වන්නේ ජනතා බලය හා රාජ්‍ය බලය එක් මධ්‍ය ලක්ෂයකට කේන්ද්‍රගත කිරීමෙන් ය. එවැනි යාන්ත්‍රණයක් තුළ රජය හා ජනතාව එකිනෙකාගේ ඉලක්ක, හැකියාවන් හා සීමා මෙන්ම යුතුකම් හා අයිතිවාසිකම් පිළිබඳ අන්‍යනෝන්‍ය අවබෝධයෙන් යුතුව ක්‍රියා කරනු ඇත. එහිදී  ආණ්ඩුව හා ජනතාව අතර ඇති සමාජ ගිවිසුම නව්‍යකරණයකට පත් වනු ඇත. සාම්ප්‍රදායික ව්‍යවස්ථා නීතියට ආගන්තුක වුව ද එහිදී ජනතාවත්, රජයත් පරමාධිපත්‍ය බලය එකම තලයක් මත සමගාමීව ක්‍රියාත්මක කරනු ඇත.

ප්‍රායෝගික පියවර

පවතින තත්ත්වයෙන් ගොඩ ඒමට ආණ්ඩුව විසින් වහා ගත යුතු පියවර 4 ක් හදුනාගත හැකිය. 

1.ජනතාව හා රජය යන දෙපාර්ශ්වයම පිළිගන්නා පොදු දැක්මක් සහිත (දේශපාලන) දර්ශනයකට එකගවීම,

2.අමාත්‍යවරු ඇතුළු විධායකයේ ධුර දරන සියලු (රාජ්‍යා නිලධාරීන් විසින් පිළිපැදිය යුතු පොදු ආචාරධර්ම හා දැඩි රීති පද්ධතියක් සැකසීම

3.ජනතාව හා රජය සහසම්බන්ධ කරවන හා ජනතාවට රාජ්‍ය පාලනය හා සම්බන්ධ තීරණ ගැනීමෙහිලා සෘජුව සම්බන්ධ විය හැකි යාන්ත්‍රඣ්ණයක් නිර්මාණය කිරීම හා එහිදී ජනමාධ්‍යට විශේෂ වගකීමක් හා කාර්යභාරයක් පැවරීම

4.රාජ්‍ය හා පුද්ගලික ආයතන යටත් වන නවීන ක්‍රමපද්ධතියක් හා රෙගුලාසි රාමුවක් සකස් කර ක්‍රියායාත්මක කිරීම

නව දර්ශනයක් සදහා ඉන්දියාවේ ආදර්ශය

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී විසින් ඉන්දියාව ලෝකයේ 5 වන විශාලතම ආර්ථිකය බවට පත්කිරීම සඳහා ජනතාව මෙහෙවන ලද්දේ ද සමස්ත ජනතාවගේම හදවත් තුළ රෝපණය කළ ප්‍රබල දැක්මක් සහිත දර්ශනයක් හා ඒ මත පදනම් කරගත් සංකල්පයන් ඔස්සේ ය; එම දර්ශනයේ පදනම ජාතිකත්වය හා දේශප්‍රේමිත්වය ය. මව්බිම (භාරතය) මූලික කරගත් මෙම සංකල්ප ජන විඥානයේ විශාල පරිවර්තනයක් සිදු කර තිබේ. එමගින් ජාතික පරිවර්තනයක් උදෙසා තම ජාතික මෙහෙවර ඉටු කිරීමට ඉන්දීය ජනතාව (ජාති-වයස බේදයකින් තොරව) පොළඹවා තිබේ. ඒක්-භාරත්, ක්ෂේත්‍ර භාරත්, ස්වාචි භාරත් අභියන්, මේක් ඉන්දියා, ආයුෂ්මන් භාරත්, ඩිජිටල් ඉන්දීයා එම සංකල්පයන්ය. එපරිද්දෙන් ම වික්සිත්-භාරත් 2047 දරන දැක්ම ඔස්සේ වත්මන් ඉන්දියාව ආර්ථික, තාක්ෂණික, සමාජිය සමානාත්මතාව, පරිසර ස්ථායිතාව හා යටිතල පහසුකම් යනාදි ක්ෂේත්ර 5 ක දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ.

ජාතිකත්වය මත පදනම් වූ දර්ශනයක් හා සංකල්ප මගින් විවිධ ජනවර්ග එක්සේසත් කරමින් දේශප්‍රේමී ජනවිඥානයක් ඇති, කැපවෙන ජනතාවක් හා රාජ්‍ය යාන්ත්‍රණයක් බිහි කළ හැකි බවට හොඳම උදාහරණය ඉන්දියාව ය. 

රාජ්‍ය ප්‍රතිපත්ති සැකසීමේදී හා තීරණ ගැනීමේදී ජනතාව සෘජුව සහභාගි කරවා ගැනීම ආණ්ඩුවේ වගකීම ය. ඒ සඳහා රජයට සෘජුව දායකත්වය ලබා දීම ජනතාවගේ වගකීම ය. එවැනි සබඳතාවක් බිහිකළ හැකි වන්නේ ජාතිකත්වය මත ගොඩනැගුණු දැක්මක් මත ය. 

අණ්ඩුව විසින් ගෙවුණු මාස 3 ඇතුළත වහාම කළ යුතු වූයේ මෙවන් යාන්ත්‍රණයක් සකස් කර රට දැවැන්ත  සංවර්ධන ගමනකට සූදානම් කිරීමය. 

2024-12-27





සම්බන්ධිත පුවත් | Related News

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) රනිල් වික‍්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක යන දෙදෙනාගේම රජයන්හි ප‍්‍රධානතම ආර්ථික උපදේශකයෙකුගේ භූමිකාව ඉටු කළ බව හා ඉටුකරමින් සිටින බවත්,
2023 ඔක්තෝබර් 07 වැනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලය විසින් හමාස් සංවිධානයට සහ පලස්තීනයට එරෙහිව යුද ප්‍රකාශ කරන ලද අතර මෙම ගැටුම අතරතුර පලස්තීනය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනීසිටියේ ඉරානයයි. පසුගිය දා ඊශ්‍රායලය විසින් ඉරානයට ද ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝකය පුරා දැඩි ව්‍යාකූලත්වයක් නිර්මාණය වී තිබේ.
ලංකාවේ හමුවුණු විශේෂ ඒ වගේම හරිම ආකර්ෂණීය පුරාකෘතියක් ගැන කියන්නයි මේ සටහන වෙන් වෙන්නේ. ඒ වල්ලිපුරම් හෙවත් වැලිපුර රන් සන්නස ගැන. මේ ගොඩාක් අය මේ ගැන අහලත් ඇති. අපේ උරුමය ගැන බොහොම ලස්සනට ලියන Samarasinghe NH මැතිතුමාත් මේ ගැන වරක් මතක් කරල තිබුනා.
මේ අවුරුද්දේ ජනවාරි 18 සහ 19 දවස් දෙක ඇතුලේ රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් 323ක් නීති විරෝධී විදිහට මුදාහරින්න ආණ්ඩුව කටයුතු කළා.ඊට උපදෙස් දුන්නේ ජනාධිපති අනුර කුමාර සහ වරාය ඇමති බිමල් රත්නායක බව කියමින් රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිවේදනය පවා නිකුත් කළා.ඒ වගේම රේගු වෘත්තීය සමිති එකමුතුවෙන් කිව්වේ මේ බහාලුම් ඇතුලේ මත්ද්‍රව්‍ය,අවි ආයුධ,ප්‍රමිතියෙන් තොර බෙහෙත් සුවඳ විලවුන් වර්ග ඇතුළු නීති විරෝධී බඩු ඕනි දෙයක් තියෙන්න පුලුවන් කියලයි.
අද වන විට ඊශ්‍රායලය සහ අමෙරිකා එක්සත් ජනපදය ලෙස රටවල් දෙකක් නොමැති බව පැහැදිලිව දැකගත හැකි බවත්, වර්තමානයේ අමෙරිකාවේ පාලනය හොබවන පිරිස යුදෙව් ක්‍රිස්තියානි මූලධර්මවාදීන් බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
අප තරුණ කළ අපට විෂය වූ මාතෘකා දෙකක් වූයේ වියට්නාමය හා පලස්තීනය. වියට්නාමයට අත නොතබනු පලස්තීනයට ජය වගේ සටන්පාඨ අප අතර ජනප්‍රිය වුණා. මා එකල කී විධියට නම් විශ්වවිද්‍යාල ප්‍රවේශ පන්තියේ සිටි කාලයේ අපට අවුරූදු කිහිපයක් ජ්‍යෙෂ්ඨයකු වූ පාසලේ ආදි ශිෂ්‍යයකු වූ ද අල්ලපු වත්තේ ඉංජිනේරු පීඨයේ ඉගෙන ගත් සමසමාජ පාක්‍ෂිකයකු වූ ද බර්නාඩ් සීසර් පෙරේරා මිහිඳුකුලසූරිය විජෙදෝරු සහෝදරයාගේ මග පෙන්වීම යටතේ අපි සටන් පුවරු ඔසවාගෙන මහා මග ගියා. අප කී දේ නොඅසා ඇමරිකාව වියට්නාමයට අත තැබුවා පමණක් නොව අවසානයේ හෝ චී මින් නගරයක නමක් පමණක් බවට පත් කළා. විජේදෝරු සහෝදරයාත් දැන් නැහැ.
ජනාධිපතිතුමාගේ බදු සතිය ආරම්භයේදීම හර්ෂ ද සිල්වා මහතා මුදල් කාරක සභාවේදී ආණ්ඩුවේ එක් නිලධාරී පිරිසක් සිදු කරන කටයුත්තක් මහත් අගේ කරනු දුටිමි .
කුප්‍රකට සීනි බදු වංචාව පිළිබඳව සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවලදී කිසිදු අපරාධමය වරදක් අනාවරණය වී නොමැති බවට නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන් බව ජනමාධ්‍යයේ සඳහන් විය.
මේ වන විට ගෝලීය වශයෙන් ඇතිවී තිබෙන යුදමය වාතාවරණය මෙන්ම විශේෂයෙන් ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත පැමිණ ඇති නව ලෝක යුධ වාතාවරණය මගින් ශ්‍රී ලංකාවට එල්ලවන අභියෝග පිළිබඳව ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ් මහත්මිය විසින් කරුණු දක්වා තිබේ.

ප්‍රධාන පුවත්

අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)

"ඝන වන මීදුම තුළ සැරිසැරීම: අවට ඇති සියල්ල වෙනස් වන විට තෝරාගත් උපාය මාර්ගම අනුගමනය කළ හැකිද?" යන මාතෘකාව යටතේ SPIEF හි වැල්ඩායි සමාජ වටමේසයේ පළමු සැසියට සහභාගි වෙමින් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා G7 "කුණු කූඩයට" යන ගමනක යෙදී සිටින බව පැවසුවේය.

ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි

බෞද්ධ භික්ෂුණීන්ට සිල් මාතා වෙනුවට භික්ෂුණි යන පිළිගැනීම ලබා දී ජාතික හැඳුනුම්පත් ලබා දෙන ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) රනිල් වික‍්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක යන දෙදෙනාගේම රජයන්හි ප‍්‍රධානතම ආර්ථික උපදේශකයෙකුගේ භූමිකාව ඉටු කළ බව හා ඉටුකරමින් සිටින බවත්,

ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..

2023 ඔක්තෝබර් 07 වැනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලය විසින් හමාස් සංවිධානයට සහ පලස්තීනයට එරෙහිව යුද ප්‍රකාශ කරන ලද අතර මෙම ගැටුම අතරතුර පලස්තීනය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනීසිටියේ ඉරානයයි. පසුගිය දා ඊශ්‍රායලය විසින් ඉරානයට ද ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝකය පුරා දැඩි ව්‍යාකූලත්වයක් නිර්මාණය වී තිබේ.

ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)

ඊශ්‍රායලය නමැති රාජ්‍යයක් මැදපෙරදිග නොතිබුනා නම් ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් නිර්මාණය කිරීමට අමෙරිකාවට සිදුවන බව 1986 දී ජෝ බයිඩන් විසින් ප්‍රකාශකර තිබූ බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසයි.

ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර

දැනට ටෙහෙරානයේ පැවැත්වෙන BRICS ආශ්‍රිත සමුළුවකට අනෙකුත් රුසියානු විද්වතුන් සමඟ සහභාගී වී සිටින රුසියානු විදේශ ප්‍රතිපත්ති විශේෂඥයෙකු වන ඇඩ්ලාන් මාගෝව්, හමුදා සහ න්‍යෂ්ටික ඉලක්ක වෙත ඊශ්‍රායලය එල්ල කළ විස්මය ජනක ගුවන් ප්‍රහාරවලින් පසු ඉරාන අගනුවර ඇති මනෝභාවය පිළිබඳව පැහැදිළි චිත්‍රයක් ලෝකයට ඉදිරිපත් කරයි.

අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..

වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජාතික සංවිධාන නියෝජිතයින් විසින් ගොනු කරනු ලැබු මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයෙන් උපදෙස් ලබාගෙන කරුණු දක්වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජූනි 16) නීතිපතිවරයාට කල් ලබා දුන්නේ ය.

කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිවුණි.

ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ

ඊශ්‍රායලය දියත් කළ "ඔපරේෂන් රයිසින් ලයන්" මෙහෙයුමට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලයේ හයිෆා වෙත පහර දීම සඳහා හජ් කසෙම් ලෙස හඳුන්වන දියුණු නියාමනය කරන ලද බැලස්ටික් මිසයිලයක් භාවිතා කර ඇති බව ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ ස්පුට්නික් පුවත් සේවය වෙත පැවසීය.

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල විශ්‍රාම වැටුප් සහ විශේෂ වරප්‍රසාද අහෝසි කිරීම අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ක්‍රියාකාරී සැලැස්මෙන් ඉවත්කර ඇති බව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත හරහා ලබාගත් ලේඛනයකින් පෙනීගොස් තිබේ.

‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්

මේ වසරේ පනවා ඇති බදුවල කිසිදු අඩු කිරීමක් සිදු නොකරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

තමන් දේශපාලන සහ සිවිල් අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ යටතේ අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් අත්අඩංගුවේ රඳවා ගැනීමේ සූදානමක් ඇති බව පිවිතුරු හෙළ උරුමෙන් නායක හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..

මේ වන විට ගෝලීය වශයෙන් ඇතිවී තිබෙන යුදමය වාතාවරණය මෙන්ම විශේෂයෙන් ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත පැමිණ ඇති නව ලෝක යුධ වාතාවරණය මගින් ශ්‍රී ලංකාවට එල්ලවන අභියෝග පිළිබඳව ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ් මහත්මිය විසින් කරුණු දක්වා තිබේ.

ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ

ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ඊයේ(13) ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කළ අතර, එයට ටෙහෙරානය ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයකින් ප්‍රතිචාර දැක්වීය. මේ අතර බටහිර ජෙරුසලම පැවසුවේ මෙම ප්‍රහාර ටෙහෙරානය න්‍යෂ්ටික අවියක් අත්පත් කර ගැනීම වැළැක්වීම අරමුණු කරගත් බවයි.

ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ලකළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවට පළිගැනීමක් ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.

‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි

2020 ඔක්තෝබර් 13 වනදා සිට සීනි බද්ධ රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමේ සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවලදී කිසිදු අපරාධමය වරදක් අනාවරණය වී නොමැති බවට නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දුන්නේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.