News Category
From Date
To Date
Maximum Number of Result

ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා සටන් පාඨ වලට පමණක් සීමා නොවී ප්‍රායෝගිකව කටයුතු කරනු ඇතැයි අපිබලාපොරොත්තු වෙනවා - ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් එස් දගාරියන්

Dec 10, 2024 at 11:22 PM
|

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ රුසියානු තානාපති ලෙවාන් එස් දගාරියන් මහතා ශ්‍රී ලංකාවේ නව රජය පිළිගන්නා බවත්  රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් ජනාධිපති දිසානායක වෙත රුසියාවේ නිල සංචාරයක් සඳහා කළ ආරාධනාය ජනාධිපති දිසානායක මහතා වෙත භාර දුන් බවත් පවසයි. ශ්‍රී ලංකාව සහ රුසියාව අතර සබඳතා මේ වන විට මූලික වශයෙන් මානුෂීය වන නමුත් තවත් බොහෝ සහයෝගීතාවන් සඳහා ඉඩකඩ පවතින බවද ඔහු ප්‍රකාශ කළේය. “රුසියාව සහයෝගීතාවයට සූදානම්. පන්දුව තිබෙන්නේ ශ්‍රී ලංකා පිටියේ” තානාපතිවරයා අවධාරණය කළේය.

රුසියානු තානාපතිවරයා සමඟ කළ සම්මුඛ සාකච්ඡාවෙන් උපුටා ගත් කොටස් පහත පලවේ...

 තුනෙන් දෙකක බලයක් ලබා ගත් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ අභිනවයෙන් තේරී පත් වූ රජය රුසියාව දකින්නේ කෙසේද? එලෙසම රුසියාව සහ ශ්‍රී ලංකාව අතර අනාගත සබඳතා සඳහා වන අපේක්ෂාවන් මොනවාද?

රුසියානු තානාපති: රුසියානු ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයාගේ මැතිවරණ ජයග්‍රහණය සම්බන්ධයෙන් සුබ පැතුම් එක්කළා. එලෙසම, 2024 ඔක්තෝම්බර් 1 වන දින රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ ලිඛිත සුබපැතුම් පණිවිඩය පුද්ගලිකව ශ්‍රී ලංකාවේ නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලබා දීමේ ගෞරවය මම හිමි කරගත්තා. මීට අමතරව, ජනාධිපති පුටින් ජනාධිපති දිසානායකට රුසියාවට පැමිණෙන ලෙස කළ ආරාධනයත්  මම එතුමට භාර දුන්න. විශේෂයෙන් කසාන් නගරයේ පැවැති, BRICS සමුළුවට සහභාගී වීමට එතුමාට ආරධනා කළ නමුත් එතුමාට එම සමුළුවට සහභාගී වීමට නොහැකි වූවා. අපි ජනාධිපති දිසානයක මහතා සමඟ ඵලදායී සංවාදයක් පැවැත්වූවා. ඒ වගේම, ඔහුගේ රජය සමබර හා ධනාත්මක ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. කෙසේ වෙතත්, අවංකව කිවහොත්, අපගේ විනිශ්චය පදනම් වන්නේ ප්‍රායෝගික ක්‍රියාවන් මත මිස සටන් පාඨ හෝ ප්‍රසන්න වචන මත නොවෙයි.

රුසියානු රජය කුඩා න්‍යෂ්ටික බලාගාර දෙකක් ඉදිකිරීමට  කළ යෝජනාවට පසුගිය රජය  එතරම් උනන්දුවක් දැක්වූයේ නැහැ. ඒ අනුව මෙම යෝජිත ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවාද නැතිනම් අත්හිටුවනවාද? මෙම මුලපිරීම සම්බන්ධයෙන් දෙරටෙහි රජයන් අතර ගිවිසුමක් අත්සන් කර තිබේද?

රුසියානු තානාපති:අපි අපේ රජය සතු සමාගමක් වන Rosatom හරහා අපගේ සියලුම යෝජනා සහ අදහස් ශ්‍රී ලංකා පරමාණුක  බලශක්ති අධිකාරියට දන්වා තිබෙනවා. දැන්, පන්දුව තිබෙන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුවේ පිටියේ. එය තීරණය කිරීම ශ්‍රී ලංකාවට භාරයි. ඒ නිසායි මම තවදුරටත් ප්‍රශ්නය මතු නොකරන්නේ. උනන්දුවක් තිබේ නම්,ඒ බව ලංකා ආණ්ඩුවට මට පැවසීමට අවස්ථාව තිබෙනවා. 

ඔබ සිතන ආකාරයට ඔවුන් එය භාර නොගැනීමට හේතුව කුමක්ද?

රුසියානු තානාපති: මම දන්නේ නැහැ, මට අනුමාන කිරීමට අවශ්‍යත් නැහැ. කෙසේ වෙතත්, තිරය පිටුපස යමෙකු හෝ සමහර විට සමහර රටවල් සිටිනවා විය හැකි බව මට හැඟෙනවා.

බොහෝ කලාපීය සහ ගෝලීය නිරීක්ෂකයින් වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුව සහ එහි ජනාධිපතිවරයා අන්ත වාමාංශික, ලෙනින්වාදී, කොමියුනිස්ට් හෝ මාක්ස්වාදී මතවාදයන්ගේ බලපෑමට ලක්ව ඇති බව වටහාගෙන තිබෙනවා. ජාතික ජන බලවේග ආණ්ඩුව එලෙස දිශානතිවී තිබෙන බව ඔබ දකිනවාද, ඔබ එලෙස විශ්වාස කරනවාද?

රුසියානු තානාපති: නැහැ, මට එහෙම දිශානති වී තිබෙනවා දැනෙන්නේවත් හෝ මට එලෙස දිශානති වී ඇති බව පෙනෙන්නේවත් නැහැ. මම එවැනි ප්‍රකාශ අසා තිබෙන නමුත්  මට ඒ පිළිබඳ කිසිදු සාක්ෂියක් නිරීක්ෂණය වී නැහැ. ප්‍රාදේශීය තත්ත්වයන් අනුව ඔහු ඉතා ප්‍රායෝගිකව හැසිරෙන බව පෙනෙන අතරම අර්බුදය පියමං කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් සිටිනවා.

රුසියාව මෑතක සිට ශ්‍රී ලංකාව තුළ සිය මැදිහත් වීම වැඩි කරමින් සිටින අතරම එය අතීතයේ රුසියාවේ හැසිරිමට වඩා වෙනස් වී තිබෙනවා. වත්මන් තානාපතිවරයා ලෙස, විශේෂයෙන් ද්විපාර්ශ්වික සබඳතා, අපනයන සහ ආනයන සම්බන්ධයෙන් රුසියාව සහ ශ්‍රී ලංකාව අතර සම්බන්ධතාවය ශක්තිමත් කිරීමට ඔබ සැලකිය යුතු උත්සාහයක් ගෙන තිබෙන්වා. චීනය ශ්‍රී ලංකාවේ ස්ථාපිතව තිබෙන ආකාරය සැලකිල්ලට ගෙන, සමහර විට චීනයේ සාර්ථකත්වයේ ආනුභාවයෙන් රුසියාව ද ඔවුන්ගේ බලපෑම ශ්‍රී ලංකාව තුළ පුළුල් කිරීමට උත්සාහ කරන බව සමහරු යෝජනා කරනවා. චීනයේ ප්‍රයත්නයන්ට රුසියාව සහාය දැක්වීම පිටුපස ඇති ප්‍රධාන හේතු මොනවාද එලෙසම ශ්‍රී ලංකාවට උපකාර කිරීමේදී රුසියාවේ කාර්යභාරය ඔබ සිතන ආකාරයට කෙබඳුද?

රුසියානු තානාපති: අපි කිසිවෙකුගේ පිටුබලයක් වී නැහැ. චීනයට සහ ඉන්දියාවට ඔවුන්ගේ අවශ්‍යතා ඇති සේම අපට අපේම අවශ්‍යතා තිබෙනවා. අපි චීනය සහ ඉන්දියාව සමඟ මිත්‍රශීලීව සිටින අතර ශ්‍රී ලංකාව සමඟ අපගේ ද්විපාර්ශ්වික සබඳතා ස්වාධීන වනවා. එලෙසම  මම ඔවුන් සම්බන්ධයෙන් සෑහීමකට පත්වෙනවා.

වර්තමානයේ ශ්‍රී ලංකාව සමඟ අපගේ සම්බන්ධය මූලික වශයෙන් මානුෂීය යි. නිදසුනක් වශයෙන්, රුසියානු භාෂාව මෙහි බෙහෙවින් ජනප්‍රිය වන අතර රුසියාවේ විවිධ ප්‍රදේශවලින් බොහෝ ගුරුවරුන් වරින් වර ශ්‍රී ලංකාවට පැමිණෙනවා. රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානය ඉතා ක්‍රියාකාරී වන අතර ශ්‍රී ලාංකිකයන් වෙත එම මධ්‍යස්ථානය සමඟ සම්බන්ධ වන ලෙස සම්ප්‍රදායිකව ආයාචනය කරනවා. අපට මුද්‍රා නාට්‍ය පාසලක් ද තිබෙන අතර, ශ්‍රී ලාංකීය තරුණයන් සඳහා පාඨමාලා පැවැත්වීමට විවිධ රුසියානු කලාකරුවන් ශ්‍රී ලංකාවට පැමිණෙනවා.

තවත් ශ්‍රී ලංකාව කෙරෙහි උනන්දුවක් දක්වන අංශයක් වන්නේ සංචාරක ව්‍යාපාරයයි. රුසියානු සංචාරකයින් ශ්‍රී ලංකාවට නිතර පැමිණෙන නමුත් ඔවුන්ගේ සංඛ්‍යාව එක් එක් කාල වකවානු අනුව සංචාරකයන්ගේ පැමිණීම වෙනස් වෙනවා. ඔවුන්ගේ පැමිණීම ඔබේ ආර්ථිකයට සහ රැකියාවලට සැලකිය යුතු දායකත්වයක් සපයනවා. කෙසේ වෙතත්, මෙම සංචාරකයින්ගේ ආරක්ෂාව ඉතා වැදගත් වන බැවින් ඔවුන්ගේ ආරක්ෂාව සහතික කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙස පළාත් පාලන ආයතනවලින්, විශේෂයෙන් පොලිසියෙන් ඉල්ලා සිටීමට මම මෙම අවස්ථාව භාවිතා කරනවා.

රුසියානුවන්ට ආරක්ෂාව අවශ්‍ය වන්නේ ඇයි?

රුසියානු තානාපති:යම් යම් ගැටලු තිබෙනවා. සමහර හෝටල්වල රුසියානුවන්ගේ මුදල් සහ භාන්ඩ සොරකම් කිරීම පිළිබඳ පැමිණිලි ලැබී තිබෙනවා.ඒ නිසා අපි ප්‍රාදේශීය පොලිසි ස්ථානවලින් ඉල්ලා සිටින්නේ සෙමින් ක්‍රියා නොකර වහාම මැදිහත් වන ලෙසයි.

පොලිසිය මෙතෙක් මෙවැනි දේ වලට සම්බන්ධ කිසිවකු අත්අඩංගුවට ගෙන නැද්ද?

අපි පොලිසියෙන් මීට වඩා ක්‍රියාකාරී  මැදිහත් වීමක් බලාපොරොත්තු වෙනවා.

රුසියානුවන් කී දෙනෙක් සොරකම් වලට ලක් වී තිබෙනවාද?

රුසියානු තානාපති:සැප්තැම්බර් මාසයේ සිට මේ වන තෙක් රුසියානුවන් 10 කට වැඩි පිරිසක් සොරකම් වලට ගොදුරු වීම සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති අතර අපි ඒ පිළිබඳව විදේශ අමාත්‍යාංශයට දැනුම් දී තිබෙනවා. විදේශ අමාත්‍යාංශය කිසිදු ප්‍රමාදයකින් තොරව පියවර ගනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.

ඔබගේ අදහසට අනුව ශ්‍රී ලංකා නව රජයේ විදේශ ප්‍රතිපත්තිය කුමක් විය යුතුද?

රුසියානු තානාපති:ඔබ මෙය කළ යුතු හෝ නොකළ යුතු යැයි අපි කියන්නේ නැහැ. ශ්‍රී ලංකාව අනුගමනය කළ සාම්ප්‍රදායික සමතුලිත මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තිය ඉදිරියට අනුගමනය කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. විශේෂයෙන් යුක්රේනය සම්බන්ධයෙන් එලෙස කටයුතු කරන ලෙස ඉල්ල සිටිනවා. රුසියානු යෝජනා වලට සහය වන ලෙසත් රුසියාවට එරෙහි කිසිදු සම්මන්ත්‍රණයකට සහභාගී නොවන ලෙසත් ඉල්ලා සිටිනවා. යුක්රේනයේ ඊනියා භෞමික අඛණ්ඩතාව සැලකිල්ලට ගෙන ක්‍රිමියාව රුසියාවේ කොටසක් ලෙස ශ්‍රී ලංකාව විසින් පිළිගනු ලැබුවේ නැහැ . නමුත් ක්‍රිමියාව ඓතිහාසිකව රුසියාවට අයත් වෙනවා. 1954 දී, රුසියානු සෝවියට් සමාජවාදී ජනරජයේ කොටසක් වූ ක්‍රිමියාව, එවකට සෝවියට් සංගමයේ නායක ලෙස කටයුතු කළ යුක්රේනියානු ජාතිකත්වයට අයත් නිකිතා කෘෂෙව් විසින් යුක්රේන සෝවියට් සමාජවාදී ජනරජයට මාරු කරනු ලැබුවා. මෙම මාරු කිරීම බොහෝ දුරට සංකේතාත්මක වූ අතර ක්‍රිමියාවේ ජනතාවගෙන් විමසීමෙන් තොරව සිදු කරන  ලැබූවක්. එය රුසියාව සමඟ යුක්රේනය එක්සත් වීමේ 300 වැනි සංවත්සරය සැමරීම සහ සෝවියට් සමූහාන්ඩු දෙක අතර සබඳතා ශක්තිමත් කිරීම අරමුණු කරගෙන කරනු ලැබූවක්.

රුසියානු-ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සහයෝගීතාවයෙන් දෙරට කොපමණ ආදායමක් උපයා තිබේද, අනාගත අපේක්ෂිත ආදායම කොපමණද?

රුසියානු තානාපති පසුගිය වසරේ අපි ශ්‍රී ලංකා තේ ටොන් 22,600ක් ආනයනය කර තිබෙන අතර එහි වටිනාකම ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 8ක්. මේ වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා අපි දැනටමත් ටොන් 20,600 ක් මිලදී ගෙන තිබෙනවා. උදාහරණයක් ලෙස බැසිලූර් වැනි හොඳම තේ සන්නාමයන් නියෝජනය කරන ශ්‍රී ලංකා තේ රුසියාවට සැලකිය යුතු අපනයනයක් ලෙස දිගටම පවතිනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. එහි අදහස රුසියානු වෙළඳපොලේ වෙනත් ජනප්‍රිය තේ වෙළඳ නාම ද තිබෙනවා යන්නයි.ඒ වගේම ඉදිරියේදී රුසියාවට කරන ශ්‍රී ලංකා තේ අපනයනයේ වැඩිවීමක් අපි බලාපොරොත්තු වෙනවා. තේවලින් ඔබ්බට, ශ්‍රී ලංකාවෙන් අප රටට කරන ආනයනය කිරීම්වලට කුඩා ප්‍රමාණවලින් වුවද සමහර ඇඟලුම් සහ රබර්ද ඇතුළත් වෙනවා.

ශ්‍රී ලංකාව උපාය මාර්ගික වශයෙන් නැගෙනහිර-බටහිර සමුද්‍ර මාර්ගයේ ස්ථානගත වී ඇතත් එය අපේක්ෂා කළ තරම් මුදල් වටිනාකමක් ලබාගෙන නැහැ. ඔබ සිතන්නේ මෙසේ වීමට බලපාන ගැටළුව කුමක්ද එලෙසම ශ්‍රී ලංකාව මෙම ප්‍රධාන නැව් මාර්ගයේදී එහි කේන්ද්‍රීය ස්ථානය වඩා හොඳින් භාවිතා කළ යුත්තේ කෙසේද?

රුසියානු තානාපති: ඔව්, ශ්‍රී ලංකාව උපාය මාර්ගිකව සහ භූගෝලීය වශයෙන් වැදගත් ස්ථානයක පිහිටා තිබෙනවා. මගේ මතය අනුව, විදේශ ආයෝජන සහ ව්‍යාපාර වඩා හොඳින් දිරිමත් කිරීම සඳහා වඩාත් ආකර්ශනීය තත්ත්වයන් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය තිබිය හැකිය.

එය සිදු වන බව ඔබට නොපෙනේද?

රුසියානු තානාපති: මේ සම්බන්ධයෙන් සමහර රටවල තානාපතිවරු පසුගිය කාලයේ කනස්සල්ල පළ කළා. ශක්තිමත් සහ සාධාරණ තර්ක කිහිපයක් ඉදිරිපත් කළ චීන තානාපතිවරයා සමඟ කළ ඉතා දැඩි සම්මුඛ සාකච්ඡාවක් මම කියෙව්වා. හිටපු ජපාන තානාපතිවරයා ද පසුගිය රජය විවේචනය කළේ දූෂණය, මුදල් ආපසු ගැනීම් සහ අල්ලස් වැනි කරුණු උපුටා දක්වමිනි.

රුසියාවේ සිටින ශ්‍රී ලාංකික කුලී හේවායන් පිළිබඳ ඔබට යාවත්කාලීන වූ තොරතුරු තිබේද? ඔවුන්ට සාමාන්‍ය රුසියානු සොල්දාදුවන් මෙන් නිවාඩු සහ ප්‍රතිලාභ ලැබේද? මෑතක සිට ශ්‍රී ලාංකිකයන් කී දෙනෙක් රුසියානු පුරවැසිභාවය ලබාගෙන ඇතිද, කී දෙනෙක් කුලී හේවායන් ලෙස සම්බන්ධ වී සිටිනවාද? මීට අමතරව, තුවාල ලැබූ, මියගිය හෝ නැවත ශ්‍රී ලංකාවට පැමිණි අයගේ සංඛ්‍යාව කොපමණද?

රුසියානු තානාපති: මෙය විදේශ කටයුතු අමාත්‍යාංශයට නොව ආරක්‍ෂක අමාත්‍යාංශය ට අදාළ ප්‍රශ්නයක් නිසා මා ළඟ විස්තර නැහැ.ශ්‍රී ලංකාව රුසියානු සමූහ ආණ්ඩුව තුළ සිටින ශ්‍රී ලංකාවේ පුරවැසියන් සම්බන්ධ ගැටළු කෙරෙහි  අවධානය යොමු කරන ආකාරයටම මම  රුසියානු සමූහාණ්ඩුවේ නියෝජිතයෙකු ලෙස ශ්‍රී ලංකාව තුල රුසියානු සමූහාණ්ඩුවේ සිටින පුරවැසියන් වෙත අවධානය යොමු කරන බව ජනතාව තේරුම් ගත යුතුයි. යුක්‍රේන ගැටුමේදී ඇතැම් ශ්‍රී ලාංකිකයන් මිය ගොස් තිබෙන අතර, ඔවුන්ගේ ඥාතීන් වන්දි ඉල්ලා තානාපති කාර්යාලයට පැමිණ විවිධ කාරණා සඳහා ආධාර ඉල්ලා සිටිනවා. අපි සියලුම කොන්සියුලර් මෙහෙයුම් නොමිලේ සිදු කරනවා. මියගිය සොල්දාදුවන්ගේ සිරුරු ඔවුන්ගේ ඥාතීන්ගේ කැමැත්ත ඇතිව රුසියාවේ තැන්පත් කර තිබෙනවා. මරණ සංඛ්‍යාව පිළිබඳ නිශ්චිත සංඛ්‍යාවක් මා සතුව නැහැ. නමුත් එම තොරතුරු සඳහා ආරක්ෂක අමාත්‍යාංශයෙන් විමසීම වඩා ඵලදායක වෙනවා.

රුසියානු-යුක්රේන යුද්ධය බොහෝ වාණිජ සැපයුම් දාම කඩාකප්පල් කරමින් භාණ්ඩවල පිරිවැය ඉහළ නංවා තිබෙනවා. ඔබේ අනුමානයට අනුව රුසියාව මෙම යුද්ධය කවදා නවත්වනු ඇතිද?

රුසියානු තානාපති: එය රුසියාව-යුක්රේනය අතර යුද්ධය ලෙස පැවසීම වැරදියි. එය රුසියාව සහ බටහිර සාමූහික අතර යුද්ධයක් ලෙස හඳුනා ගත යුතුයි. යුක්රේනය ලීවරයක් ලෙස භාවිතා වෙනවා. ජනාධිපති පුටින් ජුනි 14 වන දින විදේශ අමාත්‍යාංශයේදී රුසියාවේ ඉල්ලීම් ඉතා පැහැදිලිව මේසය මත තැබුවා.  ක්‍රිමියාව ඇතුළු කලාප හතරක් රුසියානු සමූහාණ්ඩුවේ කොටස් බව ඔවුන්  හඳුනාගත යුතුයි.

ඔවුන් අපගේ කොන්දේසි පිළි නොගන්නේ නම්, අපි අපගේ විශේෂ හමුදා මෙහෙයුම දිගටම කරගෙන යනවා. ඔවුන්ට රුසියාව යුධ පිටියේදී පරාජය කිරීමට අවශ්‍ය නම්, අපි ඉදිරියට යාමට සූදානම් නමුත් අපි න්‍යෂ්ටික බලවතෙකු බැවින් ඔවුන්ට අපව පරාජය කිරීමට නොහැකි වනු ඇත.

ට්‍රම්ප් නැවත එක්සත් ජනපද ජනාධිපති ලෙස බලයට පැමිණ සිටින අතර ඔහුට රුසියාව සමඟ සමීප සබඳතාවක් තිබෙන බව පැවසෙනවා. එය එසේ නොවේ ද?

රුසියානු තානාපති: ඇත්තටම නැහැ!

එක්සත් ජනපදය විසින් රුසියාවට පනවා ඇති සම්බාධක නොතකා, ජනාධිපති ට්‍රම්ප්ගේ සහාය ඇතිව සාම සාකච්ඡා සඳහා ඉඩක් තිබෙනවාද ? එක්සත් ජනපදයේ සහාය ඇතිව රුසියාව සහ යුක්රේනය අතර සාමය අපේක්ෂා කළ හැකිද?

රුසියානු තානාපති:  අපි ඒ දෙස බලා හිඳිමු. මක් නිසාද යත් ට්‍රම්ප් ජනාධිපතිවරයා ගියවර බලයේ සිටියදී රුසියාවට බොහෝ සම්බාධක පැනෙව්වා. ඔහු සැන් ෆ්රැන්සිස්කෝ සහ සියැටල්හි අපගේ කොන්සල් කාර්යාල ද වසා දැමූවා. මගේ පුතා සහ ඔහුගේ පවුලේ අය සියැටල්වලින් නෙරපා හරින ලැබුවා.

පුටින් සහ ට්‍රම්ප් ඉතා හොඳ මිතුරන් බව පැවසෙන අතර ට්‍රම්ප් පුද්ගලික භාවිතය සඳහා ව්ලැඩිමීර් පුටින් වෙත රහසිගතව COVID-19 පරීක්ෂණ යන්ත්‍ර යැවූ බව සත්‍ය නොවේද?

රුසියානු තානාපති: යුරෝපීයයන් කම්පනයට පත්වන නිසා මෙන්ම ට්‍රම්ප් ඉතා ප්‍රායෝගික පුද්ගලයෙක් නිසා ප්‍රධාන වචන  එසේ නිර්මානය වී ඇති බව පෙනෙනනවා. නමුත් අපි ඔහුගේ ක්‍රියාවන් දෙස බලා සිටිනවා. ඔහු කැනඩාවට සහ මෙක්සිකෝවටද තර්ජනය කරනවා. නැවත වරක් පවසන්නේ, ඔහුගේ ප්‍රායෝගික ක්‍රියාවන් අනුව අපි විනිශ්චය කරනවා. නමුත් ජනාධිපති ට්‍රම්ප් ඉතා ධෛර්ය සම්පන්න මිනිසෙක්.

ඔබ ඔහුට කැමතිද?

රුසියානු තානාපති: ඔහු "පළමුව ඇමරිකාව" නම් සටන් පාඨය පෙරට ගෙන එන නිසා මම ඔහුට ගරු කරනවා. එය යුක්රේනයට සහය දක්වන අයට මෙන්ම යුරෝපීය රටවලට සහ අනෙකුත් අයට අප ලබාදෙන පණිවිඩය වෙනවා. එනම් කරුණාකර ඔබගේ රටේ ගැටළු කෙරෙහි අවධානය යොමු කරන්න. ඔබට බොහෝ දේ ගොඩනැගීමට තිබෙනවා.

BRICS සංවිධානය සහ ඩොලරය ඉවත් කිරීම සම්බන්ධයෙන් කනස්සල්ලක් පවතිනවා. මෙය මිථ්‍යාවක් පමණක්ද? විශේෂයෙන්ම බොහෝ රටවල් තවමත් එක්සත් ජනපද ඩොලරය මත දැඩි ලෙස රඳා පවතින නිසා,BRICS සංවිධානය තමන්ගේම මුදල් වර්ගයක් සංවර්ධනය කිරීමට පෙළෙඹෙනු ඇතිද? ඩොලරයට වෙනත් මුදල් ආදේශ කිරීමට එරෙහිව ට්‍රම්ප් BRICS ජාතීන්ට අනතුරු අඟවා තිබෙනවා. ඩොලරයේ ආධිපත්‍යය ජයගැනීමේ උපායමාර්ගය ඩොලරයෙන් ඉවතට යාමේ හැකියාවක් යැයි ඔබ යෝජනා කරන්නේ නම් එය කෙතරම් ප්‍රායෝගිකද?

රුසියානු තානාපති: අපි BRICS සංවිධානයට අයත් රටවල ඩොලරය භාවිත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නේ නැහැ. ඒ වෙනුවට, අපි ජාතික මුදල් භාවිතා කිරීමේ අවශ්‍යතාව සහ හැකියාව කෙරෙහි අවධානය යොමු කරනවා. අපට පනවා ඇති බොහෝ සම්බාධක සැලකිල්ලට ගෙන, ඩොලරය භාවිතා කිරීම ඉතා අපහසු වී තිබෙනවා. අපි ඩොලරය භාවිතා කිරීමට කැමති වුවත්, අපට එම අවස්ථාව අහිමි වී තිබෙනවා. ඒ නිසා අපි අපේ ජාතික මුදල් භාවිතයට ප්‍රමුඛත්වය දෙමින් දිගටම කටයුතු කරනවා.

මෙයින් අදහස් කරන්නේ තමන්ගේම රටේ මුදල් භාවිතා කිරීමද?

රුසියානු තානාපති: ඔව්! චීනය සහ ඉන්දියානු මුදල්. නමුත් මම හිතන්නේ සම්බාධක මගින් එවැනි බලවත් රටවලට තර්ජනය කිරීම ඉතා නිෂ්ඵල සහ පිළිගත නොහැකි බවයි.

BRICS මුදල් ඒකකයක් බවට වනු ඇතිය යන සංකල්පයටහ් එලෙසම සිදු වෙයිද?

රුසියානු තානාපති: එවැන්නක් මේ වන විට BRICS සංවිධානයේ න්‍යාය පත්‍රයේ නැහැ.

ශ්‍රී ලංකාව BRICS සංවිධානය වෙත ඇතුළත් වීමට ලැයිස්තුවේ සිටි අතර එය සඳහා ඉල්ලුම් කළ බැවින් එහි සාමාජිකත්වය ලබා නොගත්තේ ඇයි? ප්‍රමාදයක් සිදුවන්නේ කුමන නිශ්චිත හේතුවක් නිසාද?

රුසියානු තානාපති:මේ සම්බන්ධයෙන්, හිටපු විදේශ අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන BRICS සංවිධානයේ කසාන් හි පැවැති සමුළුව සඳහා සහභාගී වීමට ශ්‍රී ලංකා නියෝජිත පිරිසට නායකත්වය දුන් අවස්ථාවේදී මම ඇය සමඟ සම්බන්ධ වී සිටියා. ශ්‍රී ලංකාවේ අයැදුම්පත්‍රය ඉදිරියේදී සලකා බලන බව ඇය සඳහන් කළා. මෙම සාකච්ඡා ඉදිරියේදීත් සිදුවේවි.

BRICS හි සාමාජිකයෙකු වීම දිගු ක්‍රියාවලියක්ද?

රුසියානු තානාපති: ඔව්, යම් දුරකට. මෙම ක්‍රියාවලිය අතරතුර, මෙම රටවල ප්‍රතිවිපාක සහ පෙළගැස්ම සැලකිල්ලට ගනු ලබනව. කෙසේ වෙතත්, ලබන වසරේ සභාපතිත්වය දරන බ්‍රසීල ජනාධිපතිවරයා සමඟ මේ පිළිබඳව සාකච්ඡා කිරීම වඩා හොඳයි.

BRICS සංකල්පය අත්‍යවශ්‍යයෙන්ම එක්සත් ජනපද ඩොලරයේ ආධිපත්‍යයට එරෙහි වීම අරමුණු කර ගෙන කරනු ලබන්නක්. ශ්‍රී ලංකාව වැනි රටවල් එහි කොටස්කරුවෙකු වීමට කැමති යැයි ඔබ සිතනවාද?

රුසියානු තානාපති: මට ශ්‍රී ලංකාව වෙනුවෙන් කතා කරන්න බැහැ, නමුත් අපි ලබන අවුරුද්ද වෙනකම් ඉමු. බොහෝ රටවලට දැනටමත් හවුල්කාර සංවාද තත්ත්වය ලබා දී ඇති බැවින්, බ්‍රසීල ජනාධිපතිවරයාගේ සභාපතිත්වය යටතේ රැස්වීම් කිහිපයක් පැවැත්වීමට නියමිතයි. මට නිශ්චිත රට මතක නැහැ. සමහර විට තායිලන්තය හෝ වෙනත් රටක් විය හැකියි. නමුත් එය ඇත්ත වශයෙන්ම බොහෝ සාධක මත රඳා පවතිනවා.

ප්‍රධාන බලවතුන් සමඟ ඇති සබඳතා හේතුවෙන් ශ්‍රී ලංකාව භූ-දේශපාලනික බාධක රාශියකට මුහුණ දෙනවා. උදාහරණයක් ලෙස චීනය සහ ඉන්දියාව එක් පැත්තකින්, චීනය සහ එක්සත් ජනපදය තවත් පැත්තකින්, රුසියාව සහ ජපානය සමඟද ශ්‍රී ලංකාව සමීප සබඳතා පවත්වාගෙන යනවා . මෙම සංකීර්ණ තත්ත්වය තුළ සමබර භූමිකාවක් ඉටු කිරීමට ශ්‍රී ලංකාව සමත් වී තිබේද? ශ්‍රී ලංකාවේ ප්‍රවේශය තුළ ඔබට පෙනෙන "අළු පැහැති' ප්‍රදේශ තිබෙනවාද?

රුසියානු තානාපති: මේ ප්‍රශ්නයට අදහස් දැක්වීම දුෂ්කර යි. නමුත් මම නැවත අවධාරණය කරනවා. ඉන්දියාව, චීනය, ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල් පුළුල් භූ-දේශපාලනික භූ දර්ශනයේ කොටසක්. මා කලින් සඳහන් කළ පරිදි ශ්‍රී ලංකා රජය විසින් අපේ අවශ්‍යතාවලට ගරු කිරීම අපට අවශ්‍යයි. ශ්‍රී ලංකාව මධ්‍යස්ථ ස්ථාවරයක් පවත්වා ගෙන අපගේ ව්‍යාපාර සඳහා අවස්ථා නිර්මාණය කරනවාට අපි කැමතියි. අපි සමහර යෝජනා ඉදිරිපත් කළ නමුත් ඒවා සාර්ථක වූයේ නැහැ.

ඉදිරිපත් කළ ව්‍යාපාරික යෝජනා මොනවාද?

රුසියානු තානාපති: උදාහරණයක් ලෙස, මේ වසරේ සහ පසුගිය වසරේ රුසියානු සමාගමක් වන Gosznak විසින් රියදුරු බලපත්‍ර සහ ශ්‍රී ලංකා මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමට යෝජනා ඉදිරිපත් කළා. ඒකට ලැබුණු ප්‍රතිචාරය මොකක්ද දන්නවද? කිසිවක් නැහැ! මම ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකු හමු වී අපගේ යෝජනා සියල්ල ඉදිරිපත් කළ නමුත් පිළිතුරක් නැහැ. මෙය කුඩා න්‍යෂ්ටික බලාගාර සඳහා අප කළ යෝජනාවට ලැබුණු ප්‍රතිචාරයට සමානයි. ශ්‍රී ලංකාව පැත්තෙන් කිසිදු ප්‍රතිචාරයක් උනන්දුවක් නොමැතිකම පෙන්නුම් කරනවා.

පසුගිය රජය සමයේ එය සිදු වූ නමුත් නව රජය සමඟ ඔබ එම යෝජනා ඉදිරියට ගෙන යනවාද?

රුසියානු තානාපති:අපි මේ රජයෙන් අපේ යෝජනාවලට පිළිතුරක් බලාපොරොත්තුවෙන් ඉන්නවා.

ඒ අනුව, 2025 වර්ෂයේ දී ශ්‍රී ලංකා රජයෙන් ඔබ අපේක්ෂා කරන්නේ කුමක්ද?

රුසියානු තානාපති: ශ්‍රී ලංකාව උනන්දුවක් දක්වන්නේ නම්, ඔවුන්ට සරලව මට පැවසිය හැකියි, "ශ්‍රී ලංකාවේ යෝජනා සලකා බැලීමට අපි උනන්දු වෙනවා." උදාහරණයක් ලෙස, න්‍යෂ්ටික බලාගාරය සම්බන්ධයෙන්, ඔවුන් උනන්දුවක් දක්වන්නේ නම්, ඔවුන් කළ යුතු දේ දන්නවා. අනෙක් අතට අපි ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර සැපයීම දිගටම කරගෙන යනවා. දෙසැම්බර් 12 වනදා රුසියාවෙන් ශ්‍රී ලංකාවට පොහොර ටොන් 55,000 ක් පැමිණීමට නියමිතයි. මෙම නැව්ගත කිරීම සෘජුවම ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවය අරමුණු කරගනිමින් මෙහෙයවන ලද්දක් නමුත් වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ ක්‍රියාත්මක වූ සම්බාධක හේතුවෙන් යුරෝපා සංගමයේ රටක් වන ලැට්වියාවේදී එය හිරවී තිබුණා. සම්බාධක පනවා තිබුණේ ශ්‍රී ලංකාවට එරෙහිව නොවෙයි රුසියාවට එරෙහිවයි.අපි සෘජුවම එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන  සමඟ සම්බන්ධ වී සිටියා එලෙසම, ශ්‍රී ලංකාව පැත්තෙන් කෘෂිකර්ම අමාත්‍යවරයා සහ ලංකා පොහොර සමාගම සම්බන්ධ වී සිටියා.

පොහොර බාරගන්න ශ්‍රී ලංකා ආණ්ඩුව අනුමැතිය දුන්නද?

රුසියානු තානාපති: ඔව්, ඔවුන් විශාල දායකත්වයක් දුන්නා. එනම් මෙහෙයුම් ගැටළු සම්බන්ධයෙන් ඔවුන් මැදිහත් වුනා. රුසියාවට ශ්‍රී ලංකාව සමඟ දීර්ඝ කාලීන මිත්‍ර සම්ප්‍රදායක් පවතිනවා.ඒ අනුව ශ්‍රී ලංකා රජයේ පාර්ශ්වයෙන් තීරණ ගනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. කෙසේ වෙතත්, සම්බාධක හේතුවෙන් රුසියාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම අභියෝගාත්මක බව අපට වැටහෙනවා. අපගේ එක් ඉල්ලීමක්  වන්නේ රුසියාව වෙත පනවා ඇති දහස් ගණනක් වන සම්බාධක සියල්ල ඉවත් කරන ලෙස කරනු ලබන ඉල්ලිමයි. උදාහරණයක් ලෙස, අපි දැනටමත් අපගේ MIR ගෙවීම් පද්ධතිය හඳුන්වා දී තිබෙනවා. නමුත් එය භාවිතා කරන රටවල් එක්සත් ජනපදයේ ද්විතියික සම්බාධකවලට මුහුණ දෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ වෙනත් රටවලින් ආධාර ඉල්ලමින් ශ්‍රී ලංකාව ඉතා දුෂ්කර ආර්ථික තත්ත්වයක පසුවන බව අපට වැටහෙනවා. රුසියාව සමඟ සහයෝගීතාවය අවහිර කරන ලෙස බොහෝ ජාතීන් ශ්‍රී ලංකාවට බලපෑම් කරන බව ද අපි දන්නවා. එසේ තිබියදීත්, ඔබගේ රජය පසුගිය කාලයේ මෙන්ම වර්තමානයේද සමබර සහ මධ්‍යස්ථ ස්ථාවරයක් පවත්වාගෙන යාම අපි අගය කරනවා. නොබැඳි ජාතීන්ගේ ව්‍යාපාරයේ ආරම්භක සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකාවට අපගේ ගෞරවය හිමි වන අතර ශ්‍රී ලංකාව එම මාර්ගයේ ඉදිරියට යනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.


We hope new SL President is pragmatic, not just about slogans – Russian Envoy

පසුගිය දෙසැම්බර් 07 වනදා Ceylon Today පුවත් පත සමඟ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් එස් දගාරියන් මහතා කළ සම්මුඛ සාකච්ඡාව.

පරිවර්තනය ජීවන්ත ජයතිස්ස

සම්බන්ධිත පුවත් | Related News

එදා අපි නුඹලාට ත්‍රස්තවාදීන් එක්ක යුද්ධ කරලා රට නිදහස් කරලා දුන්නා
චීන කොමියුනිස්ට් පක්ෂය විසින් 1953 වසරේ සිට ආරම්භ කරන ලද ‘පස් අවුරුදු සැලසුම්’ යනු චීනයේ සමාජයීය සහ ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගත් මුල් පිරීම් මාලාවකි. මෙම සැලසුම් මගින් ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන්නේ පාරිසරික ආරක්ෂාව, අධ්‍යාපනය සහ කාර්මික ක්ෂේත්‍රවල චීන රජයේ ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සංවිධානය සහ ස්ථාපිත කිරීමේ කේන්ද්‍රීය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීමය. නව පස් අවුරුදු සැලසුමක් සකස් කිරීම, සාමාන්‍යයෙන් පවතින සැලැස්මේ මැද භාගයේදී ආරම්භ වේ. මෙය වසර කිහිපයක් පුරා සිදුකරන ඇගයීම්, මූලික පර්යේෂණ කෙටුම්පත් කිරීම සහ සංශෝධන මෙන්ම, මහජන අදහස් ලබා ගැනීම වැනි වට මාලාවකින් සමන්විත වේ. මෙලෙස සකස් කෙරෙන පස් අවුරුදු සැලසුම්, ඒවායේ කාර්යක්ෂමතාව සහ හැකියාවන් මෙන්ම, වේගවත් ආර්ථික වර්ධනය, සංවර්ධනය සහ ආයතනික මූල්‍ය සහ කාර්මික ප්‍රතිපත්ති සඳහා දායක වී ඇති ආකාරය ප්‍රශංසනීයය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි සිරගත වූහ. උන්වහන්සේගේ සිවුර ගලවා ජම්පරයක් අන්දවා ඇතැයි යන ප්‍රවෘත්තිවලින් සමාජ මාධ්‍ය පිරී ඇත. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට උන්වහන්සේට ජම්පරයක් ඇන්දවීම ප්‍රවෘත්තියක් බවට පත්කර මාධ්‍යයට ප්‍රකාශ කරන්නැයි උපදෙස් දුන්නේ කවුදැයි වෙනමම සොයා බැලිය යුතුය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් දුදස්සනව එළවලා දාපු එක ලොකු ප්‍රශ්නයක් කරගත්ත පිරිසක් ඉන්නවා. කිසියම් සංවිධානයක සාමාජිකත්වයක් දරන කෙනෙක්ට ඒ සංවිධානයේ මූලික පිළිගැනීම්වලට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? කිසියම් ආයතනයක සේවය කරන කෙනෙක්ට ඒ ආයතනයේ විනය එකඟතා නො සළකා කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? තමන්ට ඕන ඕන මගුල් කියවන්න, සංවිධානයක පොදු එකඟතාවලට විරුද්ධව, විනය එකඟතා නො තකා වැඩ කරන්න ඒ සංවිධානවල සාමාජිකයන්ට බෑ.
ඊයේ දිනයේ, මගේ හදවතට ඉතා සමීප, ඒ වගේම Fair Comment හි සමීපතම මිතුරෙකුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සාපරාධී අපරාධකරුවෙක් නෙවෙයි. ඔහු නීතියෙන් පැන ගිය කෙනෙකුත් නෙවෙයි. ඔහුගේ එකම වරද වුණේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය—වෙනත් පහළ උසාවියක් හෝ අවධානය සොයන මහේස්ත්‍රාත්වරයෙක් නොව, රටේ ඉහළම අධිකරණය—මීට වසර හතකට පෙර ජනාධිපතිවරයෙක් ගත් තීරණයක් ශුන්‍ය කර දැමීමට තීන්දු කිරීම පමණයි. ඒ තීන්දුව අවලංගු කිරීමෙන් ඔවුන් කළේ ඒ මිනිසාවත් අමු අමුවේ දිය කර හැරීමයි.
බ්‍රසීලයේ 2026 මැතිවරණය ජනාධිපති ලූලා ද සිල්වා (Lula da Silva) සහ ෆ්ලේවියෝ බෝල්සොනාරෝ (Flávio Bolsonaro) අතර දැඩි තරගකාරී, අධික ලෙස ද්‍රැවීකරණය වූ සටනක් බවට පත්ව ඇත. මත විමසුම්වලට අනුව, දෙවන වටයේ තරගයකදී දෙදෙනාම කරට කර තත්ත්වයක පසුවන අතර, මැද මාවතේ විකල්පයන්ට ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකිවී නොමැත. අපේක්ෂකයින් දෙදෙනාටම 50% ක පමණ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිශතයක් ඇති අතර, එම නිසා මෙම මැතිවරණය බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට වඩා ප්‍රතිවාදියා බලයට පැමිණීම වැළැක්වීම අරමුණු කරගත් එකක් බවට පත්ව තිබේ.
ලෝකයේ දියුණු හෙවත් ධනපති රටවල (developed countries) වෘත්තිකයන්ගෙන් අයකරන පුද්ගල ආදායම් බදු (Personal Income Tax) සහ අනෙකුත් සමාජ ආරක්ෂණ දායකත්ව (Social Security Contributions) ක්‍රමවේද ප්‍රධාන වශයෙන් ප්‍රගතිශීලී බදු ක්‍රමයක් (Progressive Tax System) මත පදනම් වේ. එනම්, ලැබෙන ආදායම වැඩි වීමට අනුරූපව බදු අනුපාතයද ඉහළ යයි.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
2003 අවුරුද්දේ මාර්තු 30 වැනි දා, ඉරාකය ආක්‍රමණය කරපු ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී හවුල් හමුදාවල අවසාන බල ඇණි 2026 සැප්තැම්බර් 30 වැනි දා ඉරාකයෙන් ඉවත්වෙලා ගියා. ජනාධිපති ජෝර්ජ් බුෂ් විසින් “ඉරාක නිදහස් මෙහෙයුම” (Operation Iraqi Freedom) කියන නමින් පටන්ගත්ත මේ අධිරාජ්‍යවාදී ආක්‍රමණය අවුරුදු 23 ක වැඩි කාලයක් ඉරාකය තුළ ක්‍රියාත්මක වුණා. ජනතා ඝාතක ආයුධ හොයනවා කියලා බොරුවක් ගොතලා පටන්ගත්ත ඒ ආක්‍රමණයෙන් වෙච්ච විනාශය ලෝකය ම දන්නවා.

ප්‍රධාන පුවත්

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.