
අපේක්ෂිත බදු ආදායම් නොලැබී යයි... රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම, ජනතාවට බදු සහන ලබාදීම අර්බුදයක
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මේ වසර අවසානයේදී අපේක්ෂිත බදු ආදායම ඉපැයීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි මුදල් අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මේ වසරේදී (2024) ඉපැයීමට අපේක්ෂා කරන ලද ආදායම රුපියල් බිලියන 2024 ක් වුවත්, එම ආදායම උපයා ගැනීම සම්බන්ධව අර්බුදකාරී තත්ත්වයක් උද්ගතව ඇතැයි අනාවරණය වේ.
පසුගිය නොවැම්බර් මස 30 වැනිදා වන විටදී දෙපාර්තමේන්තුව විසින් රුපියල් බිලියන 1,893.4 ක බදු ආදායමක් ඉපැයීමට අපේක්ෂා කළද, බදු ගෙවන්නන්ගෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලැබී ඇත්තේ රුපියල් බිලියන 1,799.5 ක බදු ආදායමකි. මේ නිසා දෙපාර්තමේන්තුවට ඉකුත් නොවැම්බර් මස 30 වැනිදා වනවිට අපේක්ෂා කළ බදු ආදායම රුපියල් බිලියන 93.9 කින් අඩුවී ඇත.
එමෙන්ම, මේ වසරේ නොවැම්බර් මාසයේදී දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 290 ක බදු අදායමක් අපේක්ෂා කළද මාසය අවසන් දිනය වූ ඉකුත් 30 වැනිදා වන විටදී ලැබී ඇත්තේ රුපියල් බිලියන 220 ක බදු ආදායමකි.
2023/24 බදු වර්ෂයට අදාළ බදුගෙවීමේ කාල සීමාව ඉකුත් සැප්තැම්බර් මස 30 වැනිදායින් අවසන් විය.
මෙම තත්ත්වය මත මේ වසර (2024) අවසානය වන විටදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රුපියල් බිලියන 2,000 ක බදු ආදායමකටවත් ළඟාවීම ගැටලුකාරීවී ඇතැයිද මුදල් අමාත්‍යාංශයේ ආරංචි මාර්ග කියයි.
මෙවැනි තත්ත්වයක් මත රේගුවේ සහ සුරා බදු දෙපාර්තමේන්තුවේදී වාර්ෂික බදු ඉලක්ක සපුරාලීමට නොහැකි වුවහොත් ලබන වසරේදී (2025) රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම සහ ජනතාවට බදු සහන ලබාදීමේදී ගැටලු සහගත තත්ත්වයක් උද්ගත වනු ඇතැයිද ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
– සාලිය කුමාර ගුණසේකර
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
