News Category
From Date
To Date
Maximum Number of Result

මම ජාතිවාදියෙක් නොවෙමි....

Nov 30, 2024 at 07:38 PM
|

උතුරු නැගෙනහිර මෙන්ම විදේශයන්හිද මෙම වසරේ කොටි සැමරුම ඉතාමත් උත්කර්ෂවත් ලෙස සිදුවිය.

අප රටේ රණවිරුවන්ට අභූත චෝදනා නගමින්, රණවිරුවන්ගේ කීර්ති නාමයට, මානුෂීය ගුණයන්ට, කැපවීමට අපහාස කරමින්  අප මාතෘ භූමියේ ව්‍යවස්ථාවට පටහැනිව යමින් රටේ ස්වෛරීභාවයට සහ භෞමික අඛණ්ඩතාවයට එරෙහිව සටන් වැදුණු ත්‍රස්ත සංවිධානයකට බෙදුම් වාදී දෘෂ්ටිවාදය නිදහසේ ප්‍රවර්ධනය කිරීමට  ඉඩ හැරීම උපන් බිමට සාමය උදාකර දීමට තම ජීවිත කැප කරමින් අනාගත පරපුරට රටක් ඉතිරි කිරීමට ත්‍රස්තවාදියා හමුවේ ජීවිත දන් දුන් රණවිරුවන්ට කරන අපහාසයකි.

රටේ නිල හමුදාවන්  සමඟ යුද වැදුණු තහනම් ත්‍රස්ත සංවිධානයක කොඩිය හෝ එය සංකේතවත් කරන වර්ණ පුෂ්පය  ප්‍රදර්ශනය කිරීම රට කඩන ඊලාම් සිතියම සමග මිනීමරු ත්‍රස්තවාදී නායකයාගේ ඡායාරූපය ප්‍රදර්ශනය කරමින් සැමරීමට ශිවාජිලිංගම් වැනි බෙදුම්වාදී ජාතිවාදින්ට ඉඩ නොදීමට තරම් ශක්තියක් රජයකට තිබිය යුතුය.

උතුරේ සහ දකුණේ ජනතාව විසින් 2/3 අධික ජන වරමක් ලබා දෙමින්  වාර්ගික දේශපාලනයෙන් සහ කලාපීය බෙදීම් වලින් තොරවූ  ආර්ථික හා සමාජීය එකමුතුවක් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන සමස්ත ජනතාව මෙන්ම විවිධ රටවල කොටි ප්‍රවර්ධනයට එරෙහිව කැපවීමෙන් ක්‍රියා කරන සියලු ශ්‍රි ලාංකික ජනතාවට එරෙහි බලවත්  අසාධාරණයකි.

යුධබිමේ මියගිය බහුතරයක් කොටි සාමාජිකයින් නිවෙස් වලින් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් කොටි සංවිධානයට බඳවාගත් පසැල් වියේ පසුවූ දරුවන් බව ලොවම දන්නා කරුණකි.එවැනි දරුවන්ගේ වියෝව සැමරීමට දෙමව්පියන්ට ඇති අයිතියක් උදුරා ගැනීමට තරම් උතුරේ හෝ දකුණේ කිසිවෙක්  කෘර නොවනු ඇත, පාසල් නිල ඇඳුමෙන් පැහැර ගත් එම කුඩා දරුවන්ට අවි පුහුණුව ලබාදී සයනයිඩ් කරලක් ගෙලවට එල්ලු ම්ලේච්ඡ  ත්‍රස්තවාදී නායකයින් සැමරීම හෝ සිහිකිරීම මානසික විකෘතියක්  නොමැති කිසිවෙකු අනුමත  නොකරනු ඇත.

එනමුත් ත්‍රස්තවාදය අවසන් කළ ස්ථානයට ගොස් කොටි කොඩිය හෝ සමාන කොඩි එසවීම ඊලාම් සිතියම ප්‍රදර්ශනය කිරීම කොටි නිල ඇඳුමෙන් සැරසුණු අයගේ ඡායාරූප ප්‍රදර්ශනය කිරීම සංහිඳියාව ලෙස දැකීමට තරම් කිසිවෙක් නිවට නොවිය යුතු බව මගේ පෞද්ගලික හැඟීමයි .මන්ද යත්  ඒ මගින් අප රටෙන් පිටතදී බෙදුම් වාදය පෝෂණය කරමින් මහා ධනයක් හ ජාත්‍යන්තර සබඳතා ගොඩනගා ගැනීමට මෙය  ධනාත්මක සාධකයක් වනු ඇත.

තවද උතුරු සහ නැගෙනහිර පළාත් දෙමළ කතා කරන ප්‍රදේශ ලෙස නිල වශයෙන් පිළිගන්නා ලෙස ඉල්ලීම වෙනුවෙන් දෙමළ ජාතිකවාදී පක්‍ෂ සන්ධානයක් පිහිටුවීමට සැලසුම් කර ඇති බවඋතුරු පළාත් හිටපු මහ ඇමති විග්නේෂ්වරන් පසුගියදා ප්‍රකාශ කර ඇති අතර මෙරටින් පිට ස්ථාපනය කර එළි දක්වන තමිල් ඊලම උතුරේ ස්ථාපනය කිරීමට අවශ්‍ය මානසිකත්වය සංහිඳියාව අගයන ජනතාව තුල බලහත්කාරයෙන් පැල කිරීමට ඉඩ නොදිය යුතුය.

ජර්මනියේ කිසිදු දිනක නාසි සොල්දාදුවන් සැමරීමට ඉඩ නොදෙන්නේ නැවතත් යුද විෂබීජ වැපිරීමට අවශ්‍ය මානසිකත්වය ගොඩනැගිම වැලැක්වීමට බව සංහිඳියාව ගැන මනුසත්බව ගැන ලිපි ලියන බහුතරයක් නොදන්නවා වියහැක. ගාලු මුවදොර අරගලය අතරතුර යට ඇදුම් පවා ප්‍රදර්ශනය කරමින්  හමුදා සෙබළුන්ට අභියෝග කල තරුණ ප්‍රජාවට මේ රටේ ඉතිහාසය ගැන යම් අවබෝධයක් ලබාගැනිමට මේ සුදුසුම කාලයක් විය හැක.

බෙදුම්වාදී ආකල්පයන් ප්‍රදර්ශනය කිරීම හෝ ප්‍රචාරණය කිරීමට ඉඩදී බලා සිටින්නේ රටේ ඒකිය භාවය හා ස්වෛරීභාවය උකසට තබමින් ඡන්ද ලබා ගැනීමට පමණක් බලා සිටින අවස්ථාවාදී දේශපාලකයන් පමණි.

- ශර්මිලා ගෝනවෙල -

සම්බන්ධිත පුවත් | Related News

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) රනිල් වික‍්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක යන දෙදෙනාගේම රජයන්හි ප‍්‍රධානතම ආර්ථික උපදේශකයෙකුගේ භූමිකාව ඉටු කළ බව හා ඉටුකරමින් සිටින බවත්,
2023 ඔක්තෝබර් 07 වැනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලය විසින් හමාස් සංවිධානයට සහ පලස්තීනයට එරෙහිව යුද ප්‍රකාශ කරන ලද අතර මෙම ගැටුම අතරතුර පලස්තීනය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනීසිටියේ ඉරානයයි. පසුගිය දා ඊශ්‍රායලය විසින් ඉරානයට ද ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝකය පුරා දැඩි ව්‍යාකූලත්වයක් නිර්මාණය වී තිබේ.
ලංකාවේ හමුවුණු විශේෂ ඒ වගේම හරිම ආකර්ෂණීය පුරාකෘතියක් ගැන කියන්නයි මේ සටහන වෙන් වෙන්නේ. ඒ වල්ලිපුරම් හෙවත් වැලිපුර රන් සන්නස ගැන. මේ ගොඩාක් අය මේ ගැන අහලත් ඇති. අපේ උරුමය ගැන බොහොම ලස්සනට ලියන Samarasinghe NH මැතිතුමාත් මේ ගැන වරක් මතක් කරල තිබුනා.
මේ අවුරුද්දේ ජනවාරි 18 සහ 19 දවස් දෙක ඇතුලේ රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් 323ක් නීති විරෝධී විදිහට මුදාහරින්න ආණ්ඩුව කටයුතු කළා.ඊට උපදෙස් දුන්නේ ජනාධිපති අනුර කුමාර සහ වරාය ඇමති බිමල් රත්නායක බව කියමින් රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිවේදනය පවා නිකුත් කළා.ඒ වගේම රේගු වෘත්තීය සමිති එකමුතුවෙන් කිව්වේ මේ බහාලුම් ඇතුලේ මත්ද්‍රව්‍ය,අවි ආයුධ,ප්‍රමිතියෙන් තොර බෙහෙත් සුවඳ විලවුන් වර්ග ඇතුළු නීති විරෝධී බඩු ඕනි දෙයක් තියෙන්න පුලුවන් කියලයි.
අද වන විට ඊශ්‍රායලය සහ අමෙරිකා එක්සත් ජනපදය ලෙස රටවල් දෙකක් නොමැති බව පැහැදිලිව දැකගත හැකි බවත්, වර්තමානයේ අමෙරිකාවේ පාලනය හොබවන පිරිස යුදෙව් ක්‍රිස්තියානි මූලධර්මවාදීන් බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
අප තරුණ කළ අපට විෂය වූ මාතෘකා දෙකක් වූයේ වියට්නාමය හා පලස්තීනය. වියට්නාමයට අත නොතබනු පලස්තීනයට ජය වගේ සටන්පාඨ අප අතර ජනප්‍රිය වුණා. මා එකල කී විධියට නම් විශ්වවිද්‍යාල ප්‍රවේශ පන්තියේ සිටි කාලයේ අපට අවුරූදු කිහිපයක් ජ්‍යෙෂ්ඨයකු වූ පාසලේ ආදි ශිෂ්‍යයකු වූ ද අල්ලපු වත්තේ ඉංජිනේරු පීඨයේ ඉගෙන ගත් සමසමාජ පාක්‍ෂිකයකු වූ ද බර්නාඩ් සීසර් පෙරේරා මිහිඳුකුලසූරිය විජෙදෝරු සහෝදරයාගේ මග පෙන්වීම යටතේ අපි සටන් පුවරු ඔසවාගෙන මහා මග ගියා. අප කී දේ නොඅසා ඇමරිකාව වියට්නාමයට අත තැබුවා පමණක් නොව අවසානයේ හෝ චී මින් නගරයක නමක් පමණක් බවට පත් කළා. විජේදෝරු සහෝදරයාත් දැන් නැහැ.
ජනාධිපතිතුමාගේ බදු සතිය ආරම්භයේදීම හර්ෂ ද සිල්වා මහතා මුදල් කාරක සභාවේදී ආණ්ඩුවේ එක් නිලධාරී පිරිසක් සිදු කරන කටයුත්තක් මහත් අගේ කරනු දුටිමි .
කුප්‍රකට සීනි බදු වංචාව පිළිබඳව සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවලදී කිසිදු අපරාධමය වරදක් අනාවරණය වී නොමැති බවට නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන් බව ජනමාධ්‍යයේ සඳහන් විය.
මේ වන විට ගෝලීය වශයෙන් ඇතිවී තිබෙන යුදමය වාතාවරණය මෙන්ම විශේෂයෙන් ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත පැමිණ ඇති නව ලෝක යුධ වාතාවරණය මගින් ශ්‍රී ලංකාවට එල්ලවන අභියෝග පිළිබඳව ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ් මහත්මිය විසින් කරුණු දක්වා තිබේ.

ප්‍රධාන පුවත්

අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)

"ඝන වන මීදුම තුළ සැරිසැරීම: අවට ඇති සියල්ල වෙනස් වන විට තෝරාගත් උපාය මාර්ගම අනුගමනය කළ හැකිද?" යන මාතෘකාව යටතේ SPIEF හි වැල්ඩායි සමාජ වටමේසයේ පළමු සැසියට සහභාගි වෙමින් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා G7 "කුණු කූඩයට" යන ගමනක යෙදී සිටින බව පැවසුවේය.

ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි

බෞද්ධ භික්ෂුණීන්ට සිල් මාතා වෙනුවට භික්ෂුණි යන පිළිගැනීම ලබා දී ජාතික හැඳුනුම්පත් ලබා දෙන ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) රනිල් වික‍්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක යන දෙදෙනාගේම රජයන්හි ප‍්‍රධානතම ආර්ථික උපදේශකයෙකුගේ භූමිකාව ඉටු කළ බව හා ඉටුකරමින් සිටින බවත්,

ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..

2023 ඔක්තෝබර් 07 වැනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලය විසින් හමාස් සංවිධානයට සහ පලස්තීනයට එරෙහිව යුද ප්‍රකාශ කරන ලද අතර මෙම ගැටුම අතරතුර පලස්තීනය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනීසිටියේ ඉරානයයි. පසුගිය දා ඊශ්‍රායලය විසින් ඉරානයට ද ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝකය පුරා දැඩි ව්‍යාකූලත්වයක් නිර්මාණය වී තිබේ.

ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)

ඊශ්‍රායලය නමැති රාජ්‍යයක් මැදපෙරදිග නොතිබුනා නම් ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් නිර්මාණය කිරීමට අමෙරිකාවට සිදුවන බව 1986 දී ජෝ බයිඩන් විසින් ප්‍රකාශකර තිබූ බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසයි.

ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර

දැනට ටෙහෙරානයේ පැවැත්වෙන BRICS ආශ්‍රිත සමුළුවකට අනෙකුත් රුසියානු විද්වතුන් සමඟ සහභාගී වී සිටින රුසියානු විදේශ ප්‍රතිපත්ති විශේෂඥයෙකු වන ඇඩ්ලාන් මාගෝව්, හමුදා සහ න්‍යෂ්ටික ඉලක්ක වෙත ඊශ්‍රායලය එල්ල කළ විස්මය ජනක ගුවන් ප්‍රහාරවලින් පසු ඉරාන අගනුවර ඇති මනෝභාවය පිළිබඳව පැහැදිළි චිත්‍රයක් ලෝකයට ඉදිරිපත් කරයි.

අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..

වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජාතික සංවිධාන නියෝජිතයින් විසින් ගොනු කරනු ලැබු මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයෙන් උපදෙස් ලබාගෙන කරුණු දක්වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජූනි 16) නීතිපතිවරයාට කල් ලබා දුන්නේ ය.

කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිවුණි.

ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ

ඊශ්‍රායලය දියත් කළ "ඔපරේෂන් රයිසින් ලයන්" මෙහෙයුමට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලයේ හයිෆා වෙත පහර දීම සඳහා හජ් කසෙම් ලෙස හඳුන්වන දියුණු නියාමනය කරන ලද බැලස්ටික් මිසයිලයක් භාවිතා කර ඇති බව ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ ස්පුට්නික් පුවත් සේවය වෙත පැවසීය.

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල විශ්‍රාම වැටුප් සහ විශේෂ වරප්‍රසාද අහෝසි කිරීම අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ක්‍රියාකාරී සැලැස්මෙන් ඉවත්කර ඇති බව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත හරහා ලබාගත් ලේඛනයකින් පෙනීගොස් තිබේ.

‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්

මේ වසරේ පනවා ඇති බදුවල කිසිදු අඩු කිරීමක් සිදු නොකරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

තමන් දේශපාලන සහ සිවිල් අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ යටතේ අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් අත්අඩංගුවේ රඳවා ගැනීමේ සූදානමක් ඇති බව පිවිතුරු හෙළ උරුමෙන් නායක හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..

මේ වන විට ගෝලීය වශයෙන් ඇතිවී තිබෙන යුදමය වාතාවරණය මෙන්ම විශේෂයෙන් ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත පැමිණ ඇති නව ලෝක යුධ වාතාවරණය මගින් ශ්‍රී ලංකාවට එල්ලවන අභියෝග පිළිබඳව ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ් මහත්මිය විසින් කරුණු දක්වා තිබේ.

ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ

ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ඊයේ(13) ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කළ අතර, එයට ටෙහෙරානය ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයකින් ප්‍රතිචාර දැක්වීය. මේ අතර බටහිර ජෙරුසලම පැවසුවේ මෙම ප්‍රහාර ටෙහෙරානය න්‍යෂ්ටික අවියක් අත්පත් කර ගැනීම වැළැක්වීම අරමුණු කරගත් බවයි.

ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ලකළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවට පළිගැනීමක් ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.

‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි

2020 ඔක්තෝබර් 13 වනදා සිට සීනි බද්ධ රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමේ සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවලදී කිසිදු අපරාධමය වරදක් අනාවරණය වී නොමැති බවට නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දුන්නේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.