මම ජාතිවාදියෙක් නොවෙමි....
උතුරු නැගෙනහිර මෙන්ම විදේශයන්හිද මෙම වසරේ කොටි සැමරුම ඉතාමත් උත්කර්ෂවත් ලෙස සිදුවිය.
අප රටේ රණවිරුවන්ට අභූත චෝදනා නගමින්, රණවිරුවන්ගේ කීර්ති නාමයට, මානුෂීය ගුණයන්ට, කැපවීමට අපහාස කරමින් අප මාතෘ භූමියේ ව්‍යවස්ථාවට පටහැනිව යමින් රටේ ස්වෛරීභාවයට සහ භෞමික අඛණ්ඩතාවයට එරෙහිව සටන් වැදුණු ත්‍රස්ත සංවිධානයකට බෙදුම් වාදී දෘෂ්ටිවාදය නිදහසේ ප්‍රවර්ධනය කිරීමට ඉඩ හැරීම උපන් බිමට සාමය උදාකර දීමට තම ජීවිත කැප කරමින් අනාගත පරපුරට රටක් ඉතිරි කිරීමට ත්‍රස්තවාදියා හමුවේ ජීවිත දන් දුන් රණවිරුවන්ට කරන අපහාසයකි.
රටේ නිල හමුදාවන් සමඟ යුද වැදුණු තහනම් ත්‍රස්ත සංවිධානයක කොඩිය හෝ එය සංකේතවත් කරන වර්ණ පුෂ්පය ප්‍රදර්ශනය කිරීම රට කඩන ඊලාම් සිතියම සමග මිනීමරු ත්‍රස්තවාදී නායකයාගේ ඡායාරූපය ප්‍රදර්ශනය කරමින් සැමරීමට ශිවාජිලිංගම් වැනි බෙදුම්වාදී ජාතිවාදින්ට ඉඩ නොදීමට තරම් ශක්තියක් රජයකට තිබිය යුතුය.
උතුරේ සහ දකුණේ ජනතාව විසින් 2/3 අධික ජන වරමක් ලබා දෙමින් වාර්ගික දේශපාලනයෙන් සහ කලාපීය බෙදීම් වලින් තොරවූ ආර්ථික හා සමාජීය එකමුතුවක් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන සමස්ත ජනතාව මෙන්ම විවිධ රටවල කොටි ප්‍රවර්ධනයට එරෙහිව කැපවීමෙන් ක්‍රියා කරන සියලු ශ්‍රි ලාංකික ජනතාවට එරෙහි බලවත් අසාධාරණයකි.
යුධබිමේ මියගිය බහුතරයක් කොටි සාමාජිකයින් නිවෙස් වලින් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් කොටි සංවිධානයට බඳවාගත් පසැල් වියේ පසුවූ දරුවන් බව ලොවම දන්නා කරුණකි.එවැනි දරුවන්ගේ වියෝව සැමරීමට දෙමව්පියන්ට ඇති අයිතියක් උදුරා ගැනීමට තරම් උතුරේ හෝ දකුණේ කිසිවෙක් කෘර නොවනු ඇත, පාසල් නිල ඇඳුමෙන් පැහැර ගත් එම කුඩා දරුවන්ට අවි පුහුණුව ලබාදී සයනයිඩ් කරලක් ගෙලවට එල්ලු ම්ලේච්ඡ ත්‍රස්තවාදී නායකයින් සැමරීම හෝ සිහිකිරීම මානසික විකෘතියක් නොමැති කිසිවෙකු අනුමත නොකරනු ඇත.
එනමුත් ත්‍රස්තවාදය අවසන් කළ ස්ථානයට ගොස් කොටි කොඩිය හෝ සමාන කොඩි එසවීම ඊලාම් සිතියම ප්‍රදර්ශනය කිරීම කොටි නිල ඇඳුමෙන් සැරසුණු අයගේ ඡායාරූප ප්‍රදර්ශනය කිරීම සංහිඳියාව ලෙස දැකීමට තරම් කිසිවෙක් නිවට නොවිය යුතු බව මගේ පෞද්ගලික හැඟීමයි .මන්ද යත් ඒ මගින් අප රටෙන් පිටතදී බෙදුම් වාදය පෝෂණය කරමින් මහා ධනයක් හ ජාත්‍යන්තර සබඳතා ගොඩනගා ගැනීමට මෙය ධනාත්මක සාධකයක් වනු ඇත.
තවද උතුරු සහ නැගෙනහිර පළාත් දෙමළ කතා කරන ප්‍රදේශ ලෙස නිල වශයෙන් පිළිගන්නා ලෙස ඉල්ලීම වෙනුවෙන් දෙමළ ජාතිකවාදී පක්‍ෂ සන්ධානයක් පිහිටුවීමට සැලසුම් කර ඇති බවඋතුරු පළාත් හිටපු මහ ඇමති විග්නේෂ්වරන් පසුගියදා ප්‍රකාශ කර ඇති අතර මෙරටින් පිට ස්ථාපනය කර එළි දක්වන තමිල් ඊලම උතුරේ ස්ථාපනය කිරීමට අවශ්‍ය මානසිකත්වය සංහිඳියාව අගයන ජනතාව තුල බලහත්කාරයෙන් පැල කිරීමට ඉඩ නොදිය යුතුය.
ජර්මනියේ කිසිදු දිනක නාසි සොල්දාදුවන් සැමරීමට ඉඩ නොදෙන්නේ නැවතත් යුද විෂබීජ වැපිරීමට අවශ්‍ය මානසිකත්වය ගොඩනැගිම වැලැක්වීමට බව සංහිඳියාව ගැන මනුසත්බව ගැන ලිපි ලියන බහුතරයක් නොදන්නවා වියහැක. ගාලු මුවදොර අරගලය අතරතුර යට ඇදුම් පවා ප්‍රදර්ශනය කරමින් හමුදා සෙබළුන්ට අභියෝග කල තරුණ ප්‍රජාවට මේ රටේ ඉතිහාසය ගැන යම් අවබෝධයක් ලබාගැනිමට මේ සුදුසුම කාලයක් විය හැක.
බෙදුම්වාදී ආකල්පයන් ප්‍රදර්ශනය කිරීම හෝ ප්‍රචාරණය කිරීමට ඉඩදී බලා සිටින්නේ රටේ ඒකිය භාවය හා ස්වෛරීභාවය උකසට තබමින් ඡන්ද ලබා ගැනීමට පමණක් බලා සිටින අවස්ථාවාදී දේශපාලකයන් පමණි.
- ශර්මිලා ගෝනවෙල -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..
පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..
ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..
ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්