News Category
From Date
To Date
Maximum Number of Result

හමුදා කඳවුරු ඉවත් කිරීම සහ රටේ අනාගතය

Nov 24, 2024 at 06:17 PM
|

කොටි නැගිටියි කියලා කියයි කියලාද හිතුවේ.. නෑ.. ඒක නෙවෙයි. කොටි නැගිට්ටොත් තවත් අවුරුදු තිහකින් හරි ප්‍රශ්ණේ විසඳාගන්න පුළුවන්. හැබැයි මේ යන්නෙ ඊට වඩා දරුණු තැනකට කියලා ඉතාම අවධාරණයෙන් කියන්න පුලුවන්.

ජනාධිපති අනුර දිසානායක පත්වීමත් සමඟම කැනේඩියානු ද්‍රවිඩ කොංග්‍රසය ලිපියක් ලියා එව්වා. එහි මූලික කරුණු හයක් සටහන් කලා.

1. සියළුම දේශපාලන සිරකරුවන් මුදා හැරීම.

මේ ඝණයේ සිටින්නේ ඉතාම අතලොස්සයි. ඔවුන් යුධ සමයේ කොටි හිතවාදී මතයේ දැඩිව එල්බගෙන හිටපු උදවිය. අඩු ගාණේ යහපාලන ආණ්ඩුව සමයේවත් ඔවුන් නිදහස් කරන්න කටයුතු කලේ නැහැ. පසුගිය මාසයේත් රාජ්‍ය ආරක්ෂාවට තර්ජන එල්ල වෙනකොට, ඔවුන් නිදහස් කිරීම කෙතරම් යෝග්‍ය දැයි තීරණය කිරීම ඔබට භාරයි.

2. ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත (PTA) වහා අහෝසි කිරීම.

කලින් කියූ කාරණයමයි. පසුගියදා ආරුගම් බේ වෙත ප්‍රහාරයක් හෙළිවෙනකොට, එම සැකකරුවන් අත් අඩංගුවට ගැනීම පවා සිදුවුනේ මෙම ත්‍රස්තවාදය වැලැක්වීමේ පණතින්. එල්ටීටීඊ ඩයස්පෝරාව සමඟ ඉන්න කැනේඩියානු දෙමළ කොංග්‍රසය මෙවන් ඉල්ලීමක් කරන්නේ ඇයි කියන කාරණය සහ ගොනා හැරෙන්නේ පොල් පැලය කන්නට බව තේරුම් ගත හැකියි. 

3. ආරක්ෂක හමුදා විසින් අත්පත් කරගෙන තිබෙන උතුරු නැගෙනහිර සියළුම ඉඩම් නැවත බාරදිය යුතුයි.

ඒක ගැන ලියන්න දෙයක් නෑනේ.. ඒක තමයි මේ දැන් දෙන්නේ. නිකන් නෙවෙයි.. හදපු ගොඩනැඟිලිත් එක්කම. වසර 35කට ආසන්න කාලයක් භුක්ති වින්දේ ආරක්ෂක හමුදා. ඒවා ග්‍රාම සේවකලා ලඟ, ප්‍රාදේශීය ලේකම්ලා ලඟ, දිසාපතිලා ලඟ ලියාපදිංචි වෙලා තියෙන්නෙ. ඉතා සරල නඩුවකින් මෙම ඉඩම් රජයේ භුක්තියට හිමි වෙනවා. ජාතික ආරක්ෂාව පවා මතු කල හැකි මෙවැනි අවස්ථාවක, එක පාරටම හමුදා කඳවුරු ඉවත් කිරීම පුදුමයි නේද?

4. උතුරු නැගෙනහිර දෙමල ජනතාවගේ ආගමික නිදහස තහවුරු කිරීම, උතුරු නැගෙනහිර බෞද්ධ සිද්ධස්ථාන ඇති කිරීම වළක්වා ලීම.

දෙමල ජනතාවගේ ආගමික නිදහස අමුතුවෙන් ඇති කරන්න තියෙනවාද? අද පේදුරු තුඩුවේ වැසියන් කතරගම පාද යාත්‍රාවේත් යනවා කිසිම ප්‍රශ්ණයක් නැතිව. මහ මැතිවරණය අවසන් වීමත් සමඟ කන්කසන්තුරේ විහාරය ඉවත් කිරීමටත්, හමුදාවට නැවත මි නී ම රු ලේබලය ඇලවීමටත් ඔවුන් ක්‍රියා කල හේතුව මෙය බව පැහැදිලියි. රජය එය පිලිගත්තත් නැතත්, එම සිද්ධියේ වීඩියෝ දර්ශන සහ ඡායාරූප එම ඊනියා සංවිධාන ජාත්‍යාන්තරය හමුවේ තම මතය තහවුරු කරන්න යොදා ගනීවි.

5. 13 වන සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම, සහ නව ව්‍යවස්ථාවක් හරහා සියළු ජාතීන්ගේ අයිතීන් සුරක්ෂිත වන පරිදි බලය බෙදා හැරීම.

මෙම යෝජනාවලියේ බරපතලම ක්‍රියාවලිය එයයි. ඒ පිළිබඳව පහතින් වැඩිදුර විස්තර සටහන් කරමි. කිසිදු ජනපතිවරයෙක් 13 වන සංශෝධනය ක්‍රියාත්මක කලේ නැහැ. එල්ටීටීඊ සංවිධානයට යහමින් උදව් කල රණසිංහ ප්‍රේමදාස ජනපතිවරයා පවා, උතුරු පළාත් සභාවේදී 13 පූර්ණ වශයෙන් බල ගන්වන යෝජනාවක් ගෙන ආ අවස්ථාවේ එය සම්මත කර ගැනීමට පළමුව උතුරු පළාත් සභාව විසුරුවා හරින්නට කටයුතු කලා.

6. උතුරු නැගෙනහිර දෙපලාත තුල ආරක්ෂක හමුදා කරගෙන යන වාණිජමය කටයුතු නතර කිරීම

යුධ හමුදා ගොවිපලවල්, යුධ හමුදා අවන්හල් වගේම තල්සෙවන, මාබල් බීච් වගේ හෝටල් පරිශ්‍රයන්ද වසා දමන්නයි ඔවුන් යෝජනා කරන්නේ. 

මෙම ඡෝදනා හය උතුරේවත් දකුණේවත් ජනතාවගේ ගැටළු නොවන බව තේරුම් ගන්නට අමුතුවෙන් රොකට් සයන්ස් අවශ්‍ය නොවේ. මෙම කාරණය උණ්ඩයෙන් කරගත නොහැකි වුණු වෙනම රාජ්‍යය කෙරෙහි වූ අරමුණ ඡන්දයෙන් කර ගැනීම මෙහි අග්‍ර ප්‍රථිපලය බවට පත් වේ. 

මම මෙහෙම කියන්නේ ඇයි?

පූර්ණ කාලීන දේශපාලන ක්‍රියාකාරිකයෙකු වූ මම 2017 වසරේ සිට 2019 දක්වා යාපනය අර්ධද්වීපය මූලික කරගෙන උතුරේ දේශපාලන කටයුතු වල නියැලුණෙමි. එනිසා මෙවර ජාතික ජන බලවේගයට උතුරේ ඡන්ද ලැබුන හේතුව කවුරු කොහොම අර්තකතනය කලත්, එහි සැබෑ හේතුව මම අත් දැකීමෙන් දනිමි. 

කුමක්ද ඒ හේතුව?

උතුරු පළාතේ සෑම පවුලකම ප්‍රධානම ඥාතියෙක් හෝ දෙදෙනෙක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් වෙසෙන්නේ යුරෝපා මහද්වීපය සහ උතුරු ඇමෙරිකා මහද්වීපයේය. කොටින්ම වීර සංගිලියන් රජ පරපුරේ අවසන් පුරුක ලෙස සැලකෙන රාජා රෙමීජියස් කුමරාද වෙසෙන්නේ නෙදර්ලන්තයේ දේශපාලන රැකවරණ සහිතවය. දකුණෙන් පිටරට ගිහින් සිටින අයගේ රට පිළිබඳව වූ උනන්දුව සේම උතුරින් පිටරට ගොස් සිටින අයගේ ඒකායන උනන්දුව තිබෙන්නේ දෙමල ජනතාව උදෙසා වෙනම රටක් යන සංකල්පය වෙනුවෙන්මය. උතුරේ ජනතාව ඡන්දය ලබා දිය යුත්තේ කාටද යන්න තීරණය කරන්නේ ඔවුන් විසිනි.ඔවුන්ගේ පවුල් ඔවුන් කියන වචනෙට පිටින් යන්නේ නැත. මෙතෙක් ඔවුන් විශ්වාසය තබා තිබුනේ දේශපාලන අතකොලුවක් වූ පක්ෂයක් වෙතය. රනිල් වික්‍රමසිංහ හරහා දෙමල සන්ධානයෙන් එය ඉටු කරගන්නට ඔවුන් දශක ගණනාවක් උත්සාහ කලත් එය ඉටු වුනේ නැත. මෙවර ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහගේ පරාජයත් සමඟ ඔවුන්ගේ අවසන් බලාපොරොත්තුවත් බිඳ වැටුනෝය. ක්ෂණිකව ගමන වෙනස් කල ඔවුන් රටේ පාලක පක්ෂයට දැඩිව උදව් කරමින්, ඔවුන්ට උතුරින් හා නැගෙනහිරින් දැවැන්ත ජයග්‍රහණයක් ලබා දීමට කටයුතු කල බව පැහැදිලිය. ජනපතිවරණයට පෙරම අනුර කුමාර දිසානායක කැනඩාවට, ඇමෙරිකාවට, එංගලන්තයට ගොස් දමිල ඩයස්පෝරාව මුණ ගැසුණ අයුරු පුවත් වාර්තා කල අයුරු අපට මතකය. සින්නාලෙයි නමින් රඟ දැක්වූ මනෝ රංජන්ගේ නාට්ටිය අපට මතකය. ඉතින් මේ වෙන්න යන භයානක සංසිද්ධිය පිළිබඳව දේශපාලන ඉව තිබෙන ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැක.

ඔබේ අවධානය මම නැවත ගෙන යන්නේ කැනේඩියානු ද්‍රවිඩ කොන්ග්‍රසය විසින් ජනපති අනුර කුමාර වෙත එවූ ලිපියේ 5 වන කරුණ වෙතටයි. 13 වන සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීම සහ නව ව්‍යවස්ථාවක් හරහා සියළු ජාතීන්ගේ අයිතීන් තහවුරු කිරීමයි. මොකක්ද ඉතින් මේකේ තියෙන අවුල?

13 වන සංශෝධනයට මෙපමණ විරෝධයක් ඇයි?

13 සංශෝධනයට ජනතාවගෙන් මෙතරම් විරෝධයක් එල්ල වන්නේ ප්‍රධාන වශයෙන්ම කරුණු තුනක් නිසාය. ඒවා නම්

1. ඒකීය රාජ්‍යයක් සහතික කරන දෙවන වගන්තිය උල්ලංඝණය වීම

2. ජනතාවගේ ස්වාධිපත්‍යය තහවුරු වන තෙවන වගන්තිය උල්ලංඝණය වීම

3. බුද්ධාගමට ප්‍රමුඛස්ථානයක් දෙන නවවන වගන්තිය උල්ලංඝණය වීම

මෙම කාරණා තුන නව ව්‍යවස්ථාවකින් වෙනස් වෙනවානම්, ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් සහ ජනමත විචාරණයක් හරහා බහුතර ජනතා කැමැත්තද අවශ්‍ය වේ.

ආ එහෙනම් ප්‍රශ්ණයක් නෑනේ.. ජනමත විචාරණයක් තියෙනවානේ ලෙස ඔබට හිතුනා නේද?

මෙන්න මෙතනදි තමයි ඩයස්පෝරා උගුලේ අපි බෙල්ල මුලටම හිරවෙලා, "ගෙදර ගියොත් අඹු නසී, මඟ සිටියොත් තෝ නසී" ලෙවල් එකට එන්නේ. ඇයි? කොහොමද?

ඒකීය රාජ්‍යයට එරෙහි සංකල්පවලට, පුරවැසියාගේ ස්වෛරීත්වයට එරෙහි සංකල්පවලට, බුද්ධාගමට ඇති ප්‍රමුඛතාවය අහෝසි කිරීම පිළිබඳ වූ සංකල්ප වලට එරෙහිව පෝලිම් ගැසී ගොස් ආණ්ඩුවට විරුද්ධව ඡන්දය දේවි. නමුත් උතුරු නැගෙනහිර ජනතාව දෙමල ඩයස්පෝරාවගේ කීමට 95%කට වඩා ආණ්ඩුවට පක්ෂව ඡන්දය දේවි.

ඉතින් අවුලක් නෑනේ.. ජනමත විචාරණය පරදිනවනේ.. ඔබට එහෙම හිතුනා නේද?

ජාත්‍යාන්තරය ප්‍රශ්ණයක් තියෙනවා කියලා දකින උතුරු නැගෙනහිර දෙපළාතේ, ඒ ප්‍රශ්ණය තියෙනවා කියන එක ඩයස්පෝරා බළල් අත් හරහා, උතුරේ වැටෙන ඡන්දයෙන් ජාත්‍යාන්තරයට පිළිගන්න සිදුවේවි. ඒ ප්‍රථිපලය එක්ක ජාත්‍යාන්තරය, ඩයස්පෝරාව වගේම ඒ බොරු මතවාදය වෙනුවෙන් පෙනී ඉන්න NGO නඩ ඒ ප්‍රතිපල උස්සාගෙන තමන්ගේ අරමුණ වෙනුවෙන් ඉතිහාසයේ කිසිම දිනෙක නොවූ විරූ දැවැන්ත පිම්මක් පනීවි. ඒක එහෙම වෙන්නෙ නෑ කියලා හිතුනු කිසිවෙකු හෝ වෙත්නම් සුඩානය බෙදුනු ආකාරය ගැන නැවත අධ්‍යයනය කරන්න. එතකොට මම මේ කියන කාරණය පැහැදිලි වේවි. සුඩානයේ සමස්ත දුප්පතුන් සංඛ්‍යාව මේ වනවිට 60%ක්. ඊට වඩා දේවල් කියන්න අනවශ්‍යයි.

ආර්ථිකය වැටුනොත් ආර්ථිකය ගොඩගන්න පුලුවන්. නමුත් රටක් දෙකට බෙදුනොත් ආපහු එකක් කරන්න බෑ. මේ වෙලාවේ රටට අබමල් රේණුවක හෝ ආදරයක් තියෙන මොනයම්ම හෝ පුද්ගලයෙක්, ජාතික ජන බලවේගය ගෙන එන්න හදන පූර්ණ වශයෙන් 13 සංශෝධනය සිදු කිරීම හෝ එහි සඳහන් කාරණා ඇතුලත්ව එන නව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පවා නවතන්න පුරවැසියෙක් ලෙස දැරිය යුතු උපරිම ශක්තිය යෙදවීම සිදු කල යුතු වෙනවා. 

මේ වෙලාවේ රට හමුවේ තැබෙන ලොකුම ගැටළුව මෙයයි. සහල් රටින් ගේනවාද නැද්ද, තෙල් මිල අඩු වෙනවාද නැද්ද, ලොකු ළූණු ගණන්ද කියන ප්‍රශ්ණ මෙම ගැටළුව හමුවේ ඉතාම සුළු ප්‍රශ්ණ පමණයි. 

යුද්ධයෙන් ඉටු කර ගත නොහැකි වූ අරමුණ, මෙවර ඡන්දය හරහා ඉටු කරගතහොත්, අප විසින් දෙකඩ කර තිබෙන්නේ මේ රටේ කල්පයක් කල් ඉපදෙනා දරුවන්ගේ  උරුමයයි.

මේ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාරය කුමක් වූවද මට කමක් නැත. මා ලියා තැබුවා පමණි. ඉතිරිය ඔබට බාර කරමි.

- අභීත එදිරිසිංහ

සම්බන්ධිත පුවත් | Related News

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) රනිල් වික‍්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක යන දෙදෙනාගේම රජයන්හි ප‍්‍රධානතම ආර්ථික උපදේශකයෙකුගේ භූමිකාව ඉටු කළ බව හා ඉටුකරමින් සිටින බවත්,
2023 ඔක්තෝබර් 07 වැනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලය විසින් හමාස් සංවිධානයට සහ පලස්තීනයට එරෙහිව යුද ප්‍රකාශ කරන ලද අතර මෙම ගැටුම අතරතුර පලස්තීනය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනීසිටියේ ඉරානයයි. පසුගිය දා ඊශ්‍රායලය විසින් ඉරානයට ද ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝකය පුරා දැඩි ව්‍යාකූලත්වයක් නිර්මාණය වී තිබේ.
ලංකාවේ හමුවුණු විශේෂ ඒ වගේම හරිම ආකර්ෂණීය පුරාකෘතියක් ගැන කියන්නයි මේ සටහන වෙන් වෙන්නේ. ඒ වල්ලිපුරම් හෙවත් වැලිපුර රන් සන්නස ගැන. මේ ගොඩාක් අය මේ ගැන අහලත් ඇති. අපේ උරුමය ගැන බොහොම ලස්සනට ලියන Samarasinghe NH මැතිතුමාත් මේ ගැන වරක් මතක් කරල තිබුනා.
මේ අවුරුද්දේ ජනවාරි 18 සහ 19 දවස් දෙක ඇතුලේ රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් 323ක් නීති විරෝධී විදිහට මුදාහරින්න ආණ්ඩුව කටයුතු කළා.ඊට උපදෙස් දුන්නේ ජනාධිපති අනුර කුමාර සහ වරාය ඇමති බිමල් රත්නායක බව කියමින් රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිවේදනය පවා නිකුත් කළා.ඒ වගේම රේගු වෘත්තීය සමිති එකමුතුවෙන් කිව්වේ මේ බහාලුම් ඇතුලේ මත්ද්‍රව්‍ය,අවි ආයුධ,ප්‍රමිතියෙන් තොර බෙහෙත් සුවඳ විලවුන් වර්ග ඇතුළු නීති විරෝධී බඩු ඕනි දෙයක් තියෙන්න පුලුවන් කියලයි.
අද වන විට ඊශ්‍රායලය සහ අමෙරිකා එක්සත් ජනපදය ලෙස රටවල් දෙකක් නොමැති බව පැහැදිලිව දැකගත හැකි බවත්, වර්තමානයේ අමෙරිකාවේ පාලනය හොබවන පිරිස යුදෙව් ක්‍රිස්තියානි මූලධර්මවාදීන් බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
අප තරුණ කළ අපට විෂය වූ මාතෘකා දෙකක් වූයේ වියට්නාමය හා පලස්තීනය. වියට්නාමයට අත නොතබනු පලස්තීනයට ජය වගේ සටන්පාඨ අප අතර ජනප්‍රිය වුණා. මා එකල කී විධියට නම් විශ්වවිද්‍යාල ප්‍රවේශ පන්තියේ සිටි කාලයේ අපට අවුරූදු කිහිපයක් ජ්‍යෙෂ්ඨයකු වූ පාසලේ ආදි ශිෂ්‍යයකු වූ ද අල්ලපු වත්තේ ඉංජිනේරු පීඨයේ ඉගෙන ගත් සමසමාජ පාක්‍ෂිකයකු වූ ද බර්නාඩ් සීසර් පෙරේරා මිහිඳුකුලසූරිය විජෙදෝරු සහෝදරයාගේ මග පෙන්වීම යටතේ අපි සටන් පුවරු ඔසවාගෙන මහා මග ගියා. අප කී දේ නොඅසා ඇමරිකාව වියට්නාමයට අත තැබුවා පමණක් නොව අවසානයේ හෝ චී මින් නගරයක නමක් පමණක් බවට පත් කළා. විජේදෝරු සහෝදරයාත් දැන් නැහැ.
ජනාධිපතිතුමාගේ බදු සතිය ආරම්භයේදීම හර්ෂ ද සිල්වා මහතා මුදල් කාරක සභාවේදී ආණ්ඩුවේ එක් නිලධාරී පිරිසක් සිදු කරන කටයුත්තක් මහත් අගේ කරනු දුටිමි .
කුප්‍රකට සීනි බදු වංචාව පිළිබඳව සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවලදී කිසිදු අපරාධමය වරදක් අනාවරණය වී නොමැති බවට නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන් බව ජනමාධ්‍යයේ සඳහන් විය.
මේ වන විට ගෝලීය වශයෙන් ඇතිවී තිබෙන යුදමය වාතාවරණය මෙන්ම විශේෂයෙන් ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත පැමිණ ඇති නව ලෝක යුධ වාතාවරණය මගින් ශ්‍රී ලංකාවට එල්ලවන අභියෝග පිළිබඳව ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ් මහත්මිය විසින් කරුණු දක්වා තිබේ.

ප්‍රධාන පුවත්

අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)

"ඝන වන මීදුම තුළ සැරිසැරීම: අවට ඇති සියල්ල වෙනස් වන විට තෝරාගත් උපාය මාර්ගම අනුගමනය කළ හැකිද?" යන මාතෘකාව යටතේ SPIEF හි වැල්ඩායි සමාජ වටමේසයේ පළමු සැසියට සහභාගි වෙමින් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා G7 "කුණු කූඩයට" යන ගමනක යෙදී සිටින බව පැවසුවේය.

ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි

බෞද්ධ භික්ෂුණීන්ට සිල් මාතා වෙනුවට භික්ෂුණි යන පිළිගැනීම ලබා දී ජාතික හැඳුනුම්පත් ලබා දෙන ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) රනිල් වික‍්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක යන දෙදෙනාගේම රජයන්හි ප‍්‍රධානතම ආර්ථික උපදේශකයෙකුගේ භූමිකාව ඉටු කළ බව හා ඉටුකරමින් සිටින බවත්,

ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..

2023 ඔක්තෝබර් 07 වැනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලය විසින් හමාස් සංවිධානයට සහ පලස්තීනයට එරෙහිව යුද ප්‍රකාශ කරන ලද අතර මෙම ගැටුම අතරතුර පලස්තීනය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනීසිටියේ ඉරානයයි. පසුගිය දා ඊශ්‍රායලය විසින් ඉරානයට ද ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝකය පුරා දැඩි ව්‍යාකූලත්වයක් නිර්මාණය වී තිබේ.

ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)

ඊශ්‍රායලය නමැති රාජ්‍යයක් මැදපෙරදිග නොතිබුනා නම් ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් නිර්මාණය කිරීමට අමෙරිකාවට සිදුවන බව 1986 දී ජෝ බයිඩන් විසින් ප්‍රකාශකර තිබූ බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසයි.

ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර

දැනට ටෙහෙරානයේ පැවැත්වෙන BRICS ආශ්‍රිත සමුළුවකට අනෙකුත් රුසියානු විද්වතුන් සමඟ සහභාගී වී සිටින රුසියානු විදේශ ප්‍රතිපත්ති විශේෂඥයෙකු වන ඇඩ්ලාන් මාගෝව්, හමුදා සහ න්‍යෂ්ටික ඉලක්ක වෙත ඊශ්‍රායලය එල්ල කළ විස්මය ජනක ගුවන් ප්‍රහාරවලින් පසු ඉරාන අගනුවර ඇති මනෝභාවය පිළිබඳව පැහැදිළි චිත්‍රයක් ලෝකයට ඉදිරිපත් කරයි.

අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..

වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජාතික සංවිධාන නියෝජිතයින් විසින් ගොනු කරනු ලැබු මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයෙන් උපදෙස් ලබාගෙන කරුණු දක්වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජූනි 16) නීතිපතිවරයාට කල් ලබා දුන්නේ ය.

කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිවුණි.

ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ

ඊශ්‍රායලය දියත් කළ "ඔපරේෂන් රයිසින් ලයන්" මෙහෙයුමට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලයේ හයිෆා වෙත පහර දීම සඳහා හජ් කසෙම් ලෙස හඳුන්වන දියුණු නියාමනය කරන ලද බැලස්ටික් මිසයිලයක් භාවිතා කර ඇති බව ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ ස්පුට්නික් පුවත් සේවය වෙත පැවසීය.

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල විශ්‍රාම වැටුප් සහ විශේෂ වරප්‍රසාද අහෝසි කිරීම අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ක්‍රියාකාරී සැලැස්මෙන් ඉවත්කර ඇති බව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත හරහා ලබාගත් ලේඛනයකින් පෙනීගොස් තිබේ.

‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්

මේ වසරේ පනවා ඇති බදුවල කිසිදු අඩු කිරීමක් සිදු නොකරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

තමන් දේශපාලන සහ සිවිල් අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ යටතේ අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් අත්අඩංගුවේ රඳවා ගැනීමේ සූදානමක් ඇති බව පිවිතුරු හෙළ උරුමෙන් නායක හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..

මේ වන විට ගෝලීය වශයෙන් ඇතිවී තිබෙන යුදමය වාතාවරණය මෙන්ම විශේෂයෙන් ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත පැමිණ ඇති නව ලෝක යුධ වාතාවරණය මගින් ශ්‍රී ලංකාවට එල්ලවන අභියෝග පිළිබඳව ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ් මහත්මිය විසින් කරුණු දක්වා තිබේ.

ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ

ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ඊයේ(13) ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කළ අතර, එයට ටෙහෙරානය ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයකින් ප්‍රතිචාර දැක්වීය. මේ අතර බටහිර ජෙරුසලම පැවසුවේ මෙම ප්‍රහාර ටෙහෙරානය න්‍යෂ්ටික අවියක් අත්පත් කර ගැනීම වැළැක්වීම අරමුණු කරගත් බවයි.

ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ලකළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවට පළිගැනීමක් ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.

‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි

2020 ඔක්තෝබර් 13 වනදා සිට සීනි බද්ධ රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමේ සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවලදී කිසිදු අපරාධමය වරදක් අනාවරණය වී නොමැති බවට නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දුන්නේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.