News Category
From Date
To Date
Maximum Number of Result

හමුදා කඳවුරු ඉවත් කිරීම සහ රටේ අනාගතය

Nov 24, 2024 at 06:17 PM
|

කොටි නැගිටියි කියලා කියයි කියලාද හිතුවේ.. නෑ.. ඒක නෙවෙයි. කොටි නැගිට්ටොත් තවත් අවුරුදු තිහකින් හරි ප්‍රශ්ණේ විසඳාගන්න පුළුවන්. හැබැයි මේ යන්නෙ ඊට වඩා දරුණු තැනකට කියලා ඉතාම අවධාරණයෙන් කියන්න පුලුවන්.

ජනාධිපති අනුර දිසානායක පත්වීමත් සමඟම කැනේඩියානු ද්‍රවිඩ කොංග්‍රසය ලිපියක් ලියා එව්වා. එහි මූලික කරුණු හයක් සටහන් කලා.

1. සියළුම දේශපාලන සිරකරුවන් මුදා හැරීම.

මේ ඝණයේ සිටින්නේ ඉතාම අතලොස්සයි. ඔවුන් යුධ සමයේ කොටි හිතවාදී මතයේ දැඩිව එල්බගෙන හිටපු උදවිය. අඩු ගාණේ යහපාලන ආණ්ඩුව සමයේවත් ඔවුන් නිදහස් කරන්න කටයුතු කලේ නැහැ. පසුගිය මාසයේත් රාජ්‍ය ආරක්ෂාවට තර්ජන එල්ල වෙනකොට, ඔවුන් නිදහස් කිරීම කෙතරම් යෝග්‍ය දැයි තීරණය කිරීම ඔබට භාරයි.

2. ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත (PTA) වහා අහෝසි කිරීම.

කලින් කියූ කාරණයමයි. පසුගියදා ආරුගම් බේ වෙත ප්‍රහාරයක් හෙළිවෙනකොට, එම සැකකරුවන් අත් අඩංගුවට ගැනීම පවා සිදුවුනේ මෙම ත්‍රස්තවාදය වැලැක්වීමේ පණතින්. එල්ටීටීඊ ඩයස්පෝරාව සමඟ ඉන්න කැනේඩියානු දෙමළ කොංග්‍රසය මෙවන් ඉල්ලීමක් කරන්නේ ඇයි කියන කාරණය සහ ගොනා හැරෙන්නේ පොල් පැලය කන්නට බව තේරුම් ගත හැකියි. 

3. ආරක්ෂක හමුදා විසින් අත්පත් කරගෙන තිබෙන උතුරු නැගෙනහිර සියළුම ඉඩම් නැවත බාරදිය යුතුයි.

ඒක ගැන ලියන්න දෙයක් නෑනේ.. ඒක තමයි මේ දැන් දෙන්නේ. නිකන් නෙවෙයි.. හදපු ගොඩනැඟිලිත් එක්කම. වසර 35කට ආසන්න කාලයක් භුක්ති වින්දේ ආරක්ෂක හමුදා. ඒවා ග්‍රාම සේවකලා ලඟ, ප්‍රාදේශීය ලේකම්ලා ලඟ, දිසාපතිලා ලඟ ලියාපදිංචි වෙලා තියෙන්නෙ. ඉතා සරල නඩුවකින් මෙම ඉඩම් රජයේ භුක්තියට හිමි වෙනවා. ජාතික ආරක්ෂාව පවා මතු කල හැකි මෙවැනි අවස්ථාවක, එක පාරටම හමුදා කඳවුරු ඉවත් කිරීම පුදුමයි නේද?

4. උතුරු නැගෙනහිර දෙමල ජනතාවගේ ආගමික නිදහස තහවුරු කිරීම, උතුරු නැගෙනහිර බෞද්ධ සිද්ධස්ථාන ඇති කිරීම වළක්වා ලීම.

දෙමල ජනතාවගේ ආගමික නිදහස අමුතුවෙන් ඇති කරන්න තියෙනවාද? අද පේදුරු තුඩුවේ වැසියන් කතරගම පාද යාත්‍රාවේත් යනවා කිසිම ප්‍රශ්ණයක් නැතිව. මහ මැතිවරණය අවසන් වීමත් සමඟ කන්කසන්තුරේ විහාරය ඉවත් කිරීමටත්, හමුදාවට නැවත මි නී ම රු ලේබලය ඇලවීමටත් ඔවුන් ක්‍රියා කල හේතුව මෙය බව පැහැදිලියි. රජය එය පිලිගත්තත් නැතත්, එම සිද්ධියේ වීඩියෝ දර්ශන සහ ඡායාරූප එම ඊනියා සංවිධාන ජාත්‍යාන්තරය හමුවේ තම මතය තහවුරු කරන්න යොදා ගනීවි.

5. 13 වන සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම, සහ නව ව්‍යවස්ථාවක් හරහා සියළු ජාතීන්ගේ අයිතීන් සුරක්ෂිත වන පරිදි බලය බෙදා හැරීම.

මෙම යෝජනාවලියේ බරපතලම ක්‍රියාවලිය එයයි. ඒ පිළිබඳව පහතින් වැඩිදුර විස්තර සටහන් කරමි. කිසිදු ජනපතිවරයෙක් 13 වන සංශෝධනය ක්‍රියාත්මක කලේ නැහැ. එල්ටීටීඊ සංවිධානයට යහමින් උදව් කල රණසිංහ ප්‍රේමදාස ජනපතිවරයා පවා, උතුරු පළාත් සභාවේදී 13 පූර්ණ වශයෙන් බල ගන්වන යෝජනාවක් ගෙන ආ අවස්ථාවේ එය සම්මත කර ගැනීමට පළමුව උතුරු පළාත් සභාව විසුරුවා හරින්නට කටයුතු කලා.

6. උතුරු නැගෙනහිර දෙපලාත තුල ආරක්ෂක හමුදා කරගෙන යන වාණිජමය කටයුතු නතර කිරීම

යුධ හමුදා ගොවිපලවල්, යුධ හමුදා අවන්හල් වගේම තල්සෙවන, මාබල් බීච් වගේ හෝටල් පරිශ්‍රයන්ද වසා දමන්නයි ඔවුන් යෝජනා කරන්නේ. 

මෙම ඡෝදනා හය උතුරේවත් දකුණේවත් ජනතාවගේ ගැටළු නොවන බව තේරුම් ගන්නට අමුතුවෙන් රොකට් සයන්ස් අවශ්‍ය නොවේ. මෙම කාරණය උණ්ඩයෙන් කරගත නොහැකි වුණු වෙනම රාජ්‍යය කෙරෙහි වූ අරමුණ ඡන්දයෙන් කර ගැනීම මෙහි අග්‍ර ප්‍රථිපලය බවට පත් වේ. 

මම මෙහෙම කියන්නේ ඇයි?

පූර්ණ කාලීන දේශපාලන ක්‍රියාකාරිකයෙකු වූ මම 2017 වසරේ සිට 2019 දක්වා යාපනය අර්ධද්වීපය මූලික කරගෙන උතුරේ දේශපාලන කටයුතු වල නියැලුණෙමි. එනිසා මෙවර ජාතික ජන බලවේගයට උතුරේ ඡන්ද ලැබුන හේතුව කවුරු කොහොම අර්තකතනය කලත්, එහි සැබෑ හේතුව මම අත් දැකීමෙන් දනිමි. 

කුමක්ද ඒ හේතුව?

උතුරු පළාතේ සෑම පවුලකම ප්‍රධානම ඥාතියෙක් හෝ දෙදෙනෙක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් වෙසෙන්නේ යුරෝපා මහද්වීපය සහ උතුරු ඇමෙරිකා මහද්වීපයේය. කොටින්ම වීර සංගිලියන් රජ පරපුරේ අවසන් පුරුක ලෙස සැලකෙන රාජා රෙමීජියස් කුමරාද වෙසෙන්නේ නෙදර්ලන්තයේ දේශපාලන රැකවරණ සහිතවය. දකුණෙන් පිටරට ගිහින් සිටින අයගේ රට පිළිබඳව වූ උනන්දුව සේම උතුරින් පිටරට ගොස් සිටින අයගේ ඒකායන උනන්දුව තිබෙන්නේ දෙමල ජනතාව උදෙසා වෙනම රටක් යන සංකල්පය වෙනුවෙන්මය. උතුරේ ජනතාව ඡන්දය ලබා දිය යුත්තේ කාටද යන්න තීරණය කරන්නේ ඔවුන් විසිනි.ඔවුන්ගේ පවුල් ඔවුන් කියන වචනෙට පිටින් යන්නේ නැත. මෙතෙක් ඔවුන් විශ්වාසය තබා තිබුනේ දේශපාලන අතකොලුවක් වූ පක්ෂයක් වෙතය. රනිල් වික්‍රමසිංහ හරහා දෙමල සන්ධානයෙන් එය ඉටු කරගන්නට ඔවුන් දශක ගණනාවක් උත්සාහ කලත් එය ඉටු වුනේ නැත. මෙවර ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහගේ පරාජයත් සමඟ ඔවුන්ගේ අවසන් බලාපොරොත්තුවත් බිඳ වැටුනෝය. ක්ෂණිකව ගමන වෙනස් කල ඔවුන් රටේ පාලක පක්ෂයට දැඩිව උදව් කරමින්, ඔවුන්ට උතුරින් හා නැගෙනහිරින් දැවැන්ත ජයග්‍රහණයක් ලබා දීමට කටයුතු කල බව පැහැදිලිය. ජනපතිවරණයට පෙරම අනුර කුමාර දිසානායක කැනඩාවට, ඇමෙරිකාවට, එංගලන්තයට ගොස් දමිල ඩයස්පෝරාව මුණ ගැසුණ අයුරු පුවත් වාර්තා කල අයුරු අපට මතකය. සින්නාලෙයි නමින් රඟ දැක්වූ මනෝ රංජන්ගේ නාට්ටිය අපට මතකය. ඉතින් මේ වෙන්න යන භයානක සංසිද්ධිය පිළිබඳව දේශපාලන ඉව තිබෙන ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැක.

ඔබේ අවධානය මම නැවත ගෙන යන්නේ කැනේඩියානු ද්‍රවිඩ කොන්ග්‍රසය විසින් ජනපති අනුර කුමාර වෙත එවූ ලිපියේ 5 වන කරුණ වෙතටයි. 13 වන සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීම සහ නව ව්‍යවස්ථාවක් හරහා සියළු ජාතීන්ගේ අයිතීන් තහවුරු කිරීමයි. මොකක්ද ඉතින් මේකේ තියෙන අවුල?

13 වන සංශෝධනයට මෙපමණ විරෝධයක් ඇයි?

13 සංශෝධනයට ජනතාවගෙන් මෙතරම් විරෝධයක් එල්ල වන්නේ ප්‍රධාන වශයෙන්ම කරුණු තුනක් නිසාය. ඒවා නම්

1. ඒකීය රාජ්‍යයක් සහතික කරන දෙවන වගන්තිය උල්ලංඝණය වීම

2. ජනතාවගේ ස්වාධිපත්‍යය තහවුරු වන තෙවන වගන්තිය උල්ලංඝණය වීම

3. බුද්ධාගමට ප්‍රමුඛස්ථානයක් දෙන නවවන වගන්තිය උල්ලංඝණය වීම

මෙම කාරණා තුන නව ව්‍යවස්ථාවකින් වෙනස් වෙනවානම්, ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් සහ ජනමත විචාරණයක් හරහා බහුතර ජනතා කැමැත්තද අවශ්‍ය වේ.

ආ එහෙනම් ප්‍රශ්ණයක් නෑනේ.. ජනමත විචාරණයක් තියෙනවානේ ලෙස ඔබට හිතුනා නේද?

මෙන්න මෙතනදි තමයි ඩයස්පෝරා උගුලේ අපි බෙල්ල මුලටම හිරවෙලා, "ගෙදර ගියොත් අඹු නසී, මඟ සිටියොත් තෝ නසී" ලෙවල් එකට එන්නේ. ඇයි? කොහොමද?

ඒකීය රාජ්‍යයට එරෙහි සංකල්පවලට, පුරවැසියාගේ ස්වෛරීත්වයට එරෙහි සංකල්පවලට, බුද්ධාගමට ඇති ප්‍රමුඛතාවය අහෝසි කිරීම පිළිබඳ වූ සංකල්ප වලට එරෙහිව පෝලිම් ගැසී ගොස් ආණ්ඩුවට විරුද්ධව ඡන්දය දේවි. නමුත් උතුරු නැගෙනහිර ජනතාව දෙමල ඩයස්පෝරාවගේ කීමට 95%කට වඩා ආණ්ඩුවට පක්ෂව ඡන්දය දේවි.

ඉතින් අවුලක් නෑනේ.. ජනමත විචාරණය පරදිනවනේ.. ඔබට එහෙම හිතුනා නේද?

ජාත්‍යාන්තරය ප්‍රශ්ණයක් තියෙනවා කියලා දකින උතුරු නැගෙනහිර දෙපළාතේ, ඒ ප්‍රශ්ණය තියෙනවා කියන එක ඩයස්පෝරා බළල් අත් හරහා, උතුරේ වැටෙන ඡන්දයෙන් ජාත්‍යාන්තරයට පිළිගන්න සිදුවේවි. ඒ ප්‍රථිපලය එක්ක ජාත්‍යාන්තරය, ඩයස්පෝරාව වගේම ඒ බොරු මතවාදය වෙනුවෙන් පෙනී ඉන්න NGO නඩ ඒ ප්‍රතිපල උස්සාගෙන තමන්ගේ අරමුණ වෙනුවෙන් ඉතිහාසයේ කිසිම දිනෙක නොවූ විරූ දැවැන්ත පිම්මක් පනීවි. ඒක එහෙම වෙන්නෙ නෑ කියලා හිතුනු කිසිවෙකු හෝ වෙත්නම් සුඩානය බෙදුනු ආකාරය ගැන නැවත අධ්‍යයනය කරන්න. එතකොට මම මේ කියන කාරණය පැහැදිලි වේවි. සුඩානයේ සමස්ත දුප්පතුන් සංඛ්‍යාව මේ වනවිට 60%ක්. ඊට වඩා දේවල් කියන්න අනවශ්‍යයි.

ආර්ථිකය වැටුනොත් ආර්ථිකය ගොඩගන්න පුලුවන්. නමුත් රටක් දෙකට බෙදුනොත් ආපහු එකක් කරන්න බෑ. මේ වෙලාවේ රටට අබමල් රේණුවක හෝ ආදරයක් තියෙන මොනයම්ම හෝ පුද්ගලයෙක්, ජාතික ජන බලවේගය ගෙන එන්න හදන පූර්ණ වශයෙන් 13 සංශෝධනය සිදු කිරීම හෝ එහි සඳහන් කාරණා ඇතුලත්ව එන නව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පවා නවතන්න පුරවැසියෙක් ලෙස දැරිය යුතු උපරිම ශක්තිය යෙදවීම සිදු කල යුතු වෙනවා. 

මේ වෙලාවේ රට හමුවේ තැබෙන ලොකුම ගැටළුව මෙයයි. සහල් රටින් ගේනවාද නැද්ද, තෙල් මිල අඩු වෙනවාද නැද්ද, ලොකු ළූණු ගණන්ද කියන ප්‍රශ්ණ මෙම ගැටළුව හමුවේ ඉතාම සුළු ප්‍රශ්ණ පමණයි. 

යුද්ධයෙන් ඉටු කර ගත නොහැකි වූ අරමුණ, මෙවර ඡන්දය හරහා ඉටු කරගතහොත්, අප විසින් දෙකඩ කර තිබෙන්නේ මේ රටේ කල්පයක් කල් ඉපදෙනා දරුවන්ගේ  උරුමයයි.

මේ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාරය කුමක් වූවද මට කමක් නැත. මා ලියා තැබුවා පමණි. ඉතිරිය ඔබට බාර කරමි.

- අභීත එදිරිසිංහ

සම්බන්ධිත පුවත් | Related News

එදා අපි නුඹලාට ත්‍රස්තවාදීන් එක්ක යුද්ධ කරලා රට නිදහස් කරලා දුන්නා
චීන කොමියුනිස්ට් පක්ෂය විසින් 1953 වසරේ සිට ආරම්භ කරන ලද ‘පස් අවුරුදු සැලසුම්’ යනු චීනයේ සමාජයීය සහ ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගත් මුල් පිරීම් මාලාවකි. මෙම සැලසුම් මගින් ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන්නේ පාරිසරික ආරක්ෂාව, අධ්‍යාපනය සහ කාර්මික ක්ෂේත්‍රවල චීන රජයේ ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සංවිධානය සහ ස්ථාපිත කිරීමේ කේන්ද්‍රීය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීමය. නව පස් අවුරුදු සැලසුමක් සකස් කිරීම, සාමාන්‍යයෙන් පවතින සැලැස්මේ මැද භාගයේදී ආරම්භ වේ. මෙය වසර කිහිපයක් පුරා සිදුකරන ඇගයීම්, මූලික පර්යේෂණ කෙටුම්පත් කිරීම සහ සංශෝධන මෙන්ම, මහජන අදහස් ලබා ගැනීම වැනි වට මාලාවකින් සමන්විත වේ. මෙලෙස සකස් කෙරෙන පස් අවුරුදු සැලසුම්, ඒවායේ කාර්යක්ෂමතාව සහ හැකියාවන් මෙන්ම, වේගවත් ආර්ථික වර්ධනය, සංවර්ධනය සහ ආයතනික මූල්‍ය සහ කාර්මික ප්‍රතිපත්ති සඳහා දායක වී ඇති ආකාරය ප්‍රශංසනීයය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි සිරගත වූහ. උන්වහන්සේගේ සිවුර ගලවා ජම්පරයක් අන්දවා ඇතැයි යන ප්‍රවෘත්තිවලින් සමාජ මාධ්‍ය පිරී ඇත. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට උන්වහන්සේට ජම්පරයක් ඇන්දවීම ප්‍රවෘත්තියක් බවට පත්කර මාධ්‍යයට ප්‍රකාශ කරන්නැයි උපදෙස් දුන්නේ කවුදැයි වෙනමම සොයා බැලිය යුතුය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් දුදස්සනව එළවලා දාපු එක ලොකු ප්‍රශ්නයක් කරගත්ත පිරිසක් ඉන්නවා. කිසියම් සංවිධානයක සාමාජිකත්වයක් දරන කෙනෙක්ට ඒ සංවිධානයේ මූලික පිළිගැනීම්වලට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? කිසියම් ආයතනයක සේවය කරන කෙනෙක්ට ඒ ආයතනයේ විනය එකඟතා නො සළකා කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? තමන්ට ඕන ඕන මගුල් කියවන්න, සංවිධානයක පොදු එකඟතාවලට විරුද්ධව, විනය එකඟතා නො තකා වැඩ කරන්න ඒ සංවිධානවල සාමාජිකයන්ට බෑ.
ඊයේ දිනයේ, මගේ හදවතට ඉතා සමීප, ඒ වගේම Fair Comment හි සමීපතම මිතුරෙකුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සාපරාධී අපරාධකරුවෙක් නෙවෙයි. ඔහු නීතියෙන් පැන ගිය කෙනෙකුත් නෙවෙයි. ඔහුගේ එකම වරද වුණේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය—වෙනත් පහළ උසාවියක් හෝ අවධානය සොයන මහේස්ත්‍රාත්වරයෙක් නොව, රටේ ඉහළම අධිකරණය—මීට වසර හතකට පෙර ජනාධිපතිවරයෙක් ගත් තීරණයක් ශුන්‍ය කර දැමීමට තීන්දු කිරීම පමණයි. ඒ තීන්දුව අවලංගු කිරීමෙන් ඔවුන් කළේ ඒ මිනිසාවත් අමු අමුවේ දිය කර හැරීමයි.
බ්‍රසීලයේ 2026 මැතිවරණය ජනාධිපති ලූලා ද සිල්වා (Lula da Silva) සහ ෆ්ලේවියෝ බෝල්සොනාරෝ (Flávio Bolsonaro) අතර දැඩි තරගකාරී, අධික ලෙස ද්‍රැවීකරණය වූ සටනක් බවට පත්ව ඇත. මත විමසුම්වලට අනුව, දෙවන වටයේ තරගයකදී දෙදෙනාම කරට කර තත්ත්වයක පසුවන අතර, මැද මාවතේ විකල්පයන්ට ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකිවී නොමැත. අපේක්ෂකයින් දෙදෙනාටම 50% ක පමණ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිශතයක් ඇති අතර, එම නිසා මෙම මැතිවරණය බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට වඩා ප්‍රතිවාදියා බලයට පැමිණීම වැළැක්වීම අරමුණු කරගත් එකක් බවට පත්ව තිබේ.
ලෝකයේ දියුණු හෙවත් ධනපති රටවල (developed countries) වෘත්තිකයන්ගෙන් අයකරන පුද්ගල ආදායම් බදු (Personal Income Tax) සහ අනෙකුත් සමාජ ආරක්ෂණ දායකත්ව (Social Security Contributions) ක්‍රමවේද ප්‍රධාන වශයෙන් ප්‍රගතිශීලී බදු ක්‍රමයක් (Progressive Tax System) මත පදනම් වේ. එනම්, ලැබෙන ආදායම වැඩි වීමට අනුරූපව බදු අනුපාතයද ඉහළ යයි.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
2003 අවුරුද්දේ මාර්තු 30 වැනි දා, ඉරාකය ආක්‍රමණය කරපු ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී හවුල් හමුදාවල අවසාන බල ඇණි 2026 සැප්තැම්බර් 30 වැනි දා ඉරාකයෙන් ඉවත්වෙලා ගියා. ජනාධිපති ජෝර්ජ් බුෂ් විසින් “ඉරාක නිදහස් මෙහෙයුම” (Operation Iraqi Freedom) කියන නමින් පටන්ගත්ත මේ අධිරාජ්‍යවාදී ආක්‍රමණය අවුරුදු 23 ක වැඩි කාලයක් ඉරාකය තුළ ක්‍රියාත්මක වුණා. ජනතා ඝාතක ආයුධ හොයනවා කියලා බොරුවක් ගොතලා පටන්ගත්ත ඒ ආක්‍රමණයෙන් වෙච්ච විනාශය ලෝකය ම දන්නවා.

ප්‍රධාන පුවත්

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.