පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන්ට එරෙහිව පැමිණිල්ලක්... හඬපටයකුත් ලීක් වෙයි
නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන් අර්චුනා රාමනාදන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ඔහු විසින් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ සිදුකර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා සිවිල් ක්‍රියාකාරිකයින් විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
මන්ත්‍රීවරුන්ගේ ජ්‍යෙෂ්ඨත්වයට අනුව අසුන් වෙන් කර නොතිබූ බැවින් ඊයේ (21) දිනයේ මන්ත්‍රීවරුන්ට ඕනෑම අසුනක අසුන්ගැනීමට අවස්ථාව සලසා දී තිබූ අතර එහිදී යාපනය දිස්ත්‍රික් ස්වාධීන මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මැතිසබයේ විපක්ෂ නායකට පිරිනැමෙන අසුනේ වාඩිවී සිටියේය.
පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල නිලධාරියෙකු පැමිණ එය සම්ප්‍රදායානුකූලව විපක්ෂනායකවරයා හට වෙන්කර ඇති ආසනය බව මන්ත්‍රීවරයාට දැනුම් දුන්නද ඔහු එම අසුනින් ඉවත්වීම ප්‍රතික්ෂේප කළ අතර එහිදී ස්වාධීන මන්ත්‍රීවරයා කටයුතු කළ ආකාරය සමාජ මාධ්‍යන්හි පවා දැඩි කතාබහට ලක්විය.
ඔහු වෛද්‍යවරයකු ලෙස චාවකච්චේරි රෝහලේ සේවය කරමින් දේශපාලන කටයුතු මෙහෙයවූ ආකාරය සම්බන්ධයෙන් ඔහුගේ දේශපාලනික සගයකු යැයි පවසන පුද්ගලයකු විසින් සිදුකරන දුරකථන හඬ පටයක් ද මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ජාතික ජනබලවේගය සමග එක්ව කටයුතු කිරීමට ඔහු දැරූ උත්සාහයක් මෙම හඩපටයෙන් අනාවරණය වන අතර දෙමළ ඩයස්පෝරාව සමග ඔහුගේ ඇති සම්බන්ධයක් ද මේ තුළින් අනාවරණය වේ.
අදාළ හඬපටය පහළින්....
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්