
නාඩු සහල් මෙට්‍රික් ටොන් 65,000ක් ඉන්දියාවෙන් ගෙන්වයි
රටේ සහල් අර්බුදය උත්සන්න වන බැවින් ඊට විසඳුමක් ලෙස කඩිනමින් නාඩු සහල් මෙට්‍රික් ටොන් 65,000ක් ආනයනය කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.
සහල් ආනයනකරුවන් සහ සතොස ඉහළ නිලධාරීන් අතර හමුවක් සතොස ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (19 වැනිදා) පැවැති අතර, එහිදී රටේ සහල් අර්බුදය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.
මෙහිදී තීරණය කර ඇත්තේ ඉදිරි මහ කන්නයේ වී අස්වැන්න ලබන වසරේ (2025) ජනවාරි මාසයේ ලැබෙන තෙක් රටේ අවශ්‍යතාවය සපුරාලීම සඳහා නාඩු සහල් ඉන්දියාවෙන් ආනයනය කිරීමටය.
ඒ අනුව, දෙසැම්බර් මාසය අවසන්වීමට පෙර මෙම සහල් තොගය ආනයනය කිරීමට කටයුතු සැලසුම් කර තිබේ.
සතොස ආයතනය හරහා සහල් ආනයනයට අදාළ ටෙන්ඩර් කැඳවීම සිදුකිරීමට නියමිත අතර, ආනයනික සහල් තොග ලංකා සතොස හරහා පාලන මිලට පාරිභෝගික ජනතාවට අලෙවි කිරීමට කටයුතු යොදා තිබේ.
සතොස ප්‍රධාන කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදී තීරණය වී ඇත්තේ නාඩු සහල් මෙට්‍රික් ටොන් 75,000ක් ආනයනය කිරීමටය. කෙසේ නමුත්, මුදල් තත්ත්වය අනුව සහල් මෙට්‍රික් ටොන් 65,000ක් ආනයනය කිරීමට සැලසුම් කර තිබේ. මුල් වටයේදී ආනයනය කිරීමට නියමිත සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 25,000කි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
