
නව ආණ්ඩුවේ හොඳ වැඩවලට සහාය ලබාදෙනවා... අපි කකුලෙන් අදින පක්ෂයක් නෙමෙයි - උවිඳු කියයි
2024 පාර්ලිමේන්තු මැතිවරණය සහ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ පැහැදිලි කරමින් දෙවන පරපුරේ නායක, උවිඳු විජේවීර මහතාගේ සහභාගීත්වයෙන් අද(18) දින දෙවන පරපුර මාධ්‍ය මෙහෙයුම් මධ්‍යස්ථානයේ දී මාධ්‍ය හමුවක් පැවැත්විණි.
එහිදී අදහස් දත්වමින් උවිඳු විජේවීර මහතා පැවසුවේ මේ මොහොතේ අලුත් ජන වරමක් සමග 3/2 බලයක් ආණ්ඩුවට ලැබී ඇති බවත්, රටේ අභිවෘද්ධිය වෙනුවෙන් එම බලය ආණ්ඩුව විසින් කැපකරනු ඇතැයි බලාපොරොත්තු වන බවත්ය.
දෙවන පරපුර පක්ෂයක් ලෙස ආණ්ඩුවට සහාය පළ කරන බවත්, අහිතකර තීන්දු තීරණ ගන්නේ නම් ඒවා පෙන්වාදීමට කටයුතු කරන බවත්, ආණ්ඩුවේ කකුලෙන් ඇදීමට උත්සාහ නොකරන බවත් ඒ මහතා මෙහිදී පැවසීය.
පහුගිය දා දෙමළ ඩයස්පෝරාව විසින් රජයට එවා ඇති ලිපිය පිළිබඳව ද අදහස් දැක්වූ ඒ මහතා සඳහන් කළේ උතුරත් දකුණත් එකතු කිරීමට මිස ජනතාව බෙදීමට දෙමළ ඩයස්පෝරාවට ඉඩ නොදිය යුතු බවය.
ජනතාව බෙදීමට ලක්කරන දෙමළ ඩයස්පෝරාවේ මෙවැනි යෝජනා ප්‍රතික්ෂේප කළ යුතු බවත් උවිඳු විජේවීර මහතා පවසයි.
රනිල් - පොහොට්ටු ආණ්ඩුව ගෙනා රටට අහිතකර පනත් අහෝසි කිරීමට රජය කටයුතු කළ යුතු බවත් සඳහන් කරන ඒ මහතා, රටට අහිතකර පනත් වෙනස් කළ හැකි බලයක් රටේ ජනතාව රජයට ලබාදී ඇති බවද පෙන්වා දෙයි.
එමෙන්ම වංචා දූෂණ වලට සම්බන්ධ සියලු දෙනාට තරාතිරම නොබලා දඩුවම් ලබාදිය යුතු බවද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
