News Category
From Date
To Date
Maximum Number of Result

අනුර, ඊළඟ ඉල්මහ විරු සමරුවට රෙදි නැතිව එන්න

Nov 5, 2023 at 07:21 AM
|

ජවිපෙ සහ මාලිමාවේ නායක අනුර කුමාර දිසානායක මේ දවස්වල ඇමරිකාවේ සංචාරය නිරත වෙනවා.අනුර ජවිපෙ නායකයා විදිහට හදුන්වනවාට වඩා හොඳ මාලිමාවේ නායකයා විදිහට හදුන්වන එකයි.මොකද දැන් අනුර ජවිපෙට කරන්න ඕනි සියලු හතුරුකම් කරලා ඉවරයි.අනුර දැන් කරන්නේ ජවිපෙ පාවාදීමයි.ඒ වෙනුවෙන් ජවිපෙ ඉතිහාසය වළලා දැමීමයි.

දැන් ඉතා පැහැදිලිවම ජවිපෙ රෝහණ විජේවීර කියාදුන් උපායමාර්ගයෙන් පිට පැනලා.දැන් ජවිපෙ ඉන්නේ හරිනි අමරසූරියගේ ලිබරල් උපායමාර්ගයේ.මීට කළින් හරිනි 13 වෙන සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කරන්න ඕනි කියලා කියනකොට ජවිපෙ සාමාජිකයෝ එකපාරට තිගැස්සුනා. ජවිපෙ නායකයින්ට පවා සාමාජිකයෝ ඉස්සරහා අඩියක් පස්සට ගන්න සිද්ධ වුනා.ජවිපෙ සාමාජිකයා හිතුවේ හරිනි ජවිපෙට අලුත් නිසා හරිනිට වැරදිලා කියලයි.මොකද හරිනිගේ ඒ ප්‍රකාශයෙන් පස්සෙත් ටිල්වින් සහ හදුන්නෙත්ති 13 වෙනි සංශෝධනය ජවිපෙ ප්‍රතික්ෂේප කරන බව කියලා එයාලගේ ආණ්ඩුවක් යටතේ 13 අහෝසි කරන බවත් කිව්වා.

හැබැයි දැන් ලොස් ඇන්ජලීස්වල ඉන්න අනුර සහෝදරයා මේ කතාවේ සඟවපු ඇත්ත කතා කරනවා.අනුර කිව්වේ ඉන්දු - ලංකා ගිවිසුමෙන් ස්ථාපිත කරපු 13 වෙනි සංශෝධනය ගෙනාවේ අපේ රටේ ජාතික ප්‍රශ්නයට විසදුමක් විදිහට කියලයි.හැබැයි ඒකෙන් ජාතික ප්‍රශ්නය විසඳුනේ නෑ කියලත් අනුර කිව්වා.එතෙන්ට එනකං අනුරගේ කතාව ඇත්ත.අනුර කියන්නේ දෙමල ජනතාව පලාත් සභා තමන් දිනාගත්ත අයිතියක් විදිහට පිලිගන්න නිසා පලාත් සභා අහෝසි කලොත් තමන්ට තිබුණ අයිතියත් නැති කළා කියන සැකය දෙමළ ජනතාව තුලින් මතු වෙන්න පුළුවන් කියලයි.

ඒක නිසා අනවශ්‍ය ප්‍රශ්නයක් දාගන්න ඕනි නෑ කියන ස්ථාවරයේ මාලිමාව ඉන්නවා.ඒ කියන්නේ මාලිමාවේ ආණ්ඩුවක් යටතේ පලාත් සභා අහෝසි කරන්නේ නෑ. ජාතික ප්‍රශ්නය විසදන්න වෙනම දිගුකාලීන සංවාදයක් දැන් එයාලා පටන් අරන් තියනවලු.හැබැයි ඒ සංවාදයේ පදනම මොකද්ද කියලාවත් නොකියා ඉන්න අනුර ප්‍රවේසම් වුනා.අනුරගේ ඒ පැහැදිලි කිරීමෙන් එක්කෝ අනුරට පලාත් සභා අපි මත පටවපු විදිහ ගැන අවබෝධයක් නෑ.නැත්තං අනුරලා දැන් පලාත් සභා සම්බන්ධ විතරක් නෙවෙයි ජාතික ප්‍රශ්නය සම්බන්ධ ඉන්න ස්ථාවරයන් මාරු කරලා.

අනුරගේ කතාවෙන් තව එකක් තහවුරු වෙනවා.88/89 අරගලයෙන් අනුර පැනලා ගියා කියලා අනුරට තිබුණ චෝදනාව ඇත්ත බව අනුරම තහවුරු කරනවා.තමන් කරන අරගලය සහ අරගලයේ අරමුණ ගැන අවබෝධයක් නැති කෙනා ඒකෙන් පැනලා යෑම සාමාන්‍ය දෙයක්.එදත් අනුර අරගලයට සම්බන්ධ වෙලා තියෙන්නේ ඉන්දීය ආක්‍රමණය ගැන නොදැන.අනුර හිතාගෙන හිටලා තියෙන්නේ ඉන්දියාව අපේ ජාතික ප්‍රශ්නය විසදන්න අප උදව් කලා වගේ කියලයි අනුරගේ කතාවෙන් තේරෙන්නේ.ජේආර්වත් නොසිතපු විදිහට තමයි දැන් අනුර හිතන්නේ.

රටේ රාළගේ ඒ උපකල්පනය වැරදීයි නං අනුර ඒ ඉතිහාසය අමතක කරලා වෙනත් ස්ථාවරයකට මාරු වෙලා කියන කතාව ඇත්ත වෙන්න ඕනි. සමහරවිට අනුර මේ වැරදි දෙකම කළා වෙන්නත් පුළුවන්.ඒකේ පළවෙනි වරදට වඩා දෙවෙනි වරද බරපතලයි.ඒ කියන්නේ අනුරලා දැන් ලයින් එක මාරු කරලා.අනුර ලොස් ඇන්ජලීස් වේදිකාවේ දුන්න සියලු උත්තර ඉන්දියන් ලයින් එකට ගැලපෙන ඒවා.ඉන්දියාවට විතරක් නෙවෙයි ඇමරිකන් ලයින් එකත් එක්කත් ඒ උත්තර සමපාත වෙනවා.

අනුරගේ ලොස් ඇන්ජලීස් ප්‍රකාශයෙන් රටේ රාළ දිගටම කියන කතාව හරි කියලා සිහි කල්පනාව තියන ජවිපෙ සාමාජිකයන්ට නං තේරෙන්න ඕනි.ඒ කියන්නේ දැන් අනුරලා ඉන්නේ ඇමරිකන් - ඉන්දියන් ලයින් එකේ.ඇත්තටම පලාත් සභා අපි මත බලෙන් පටවන්නේ ඉන්දියන් ආක්‍රමණයකින්.හැබැයි ඒකට ආක්‍රමණය කියලා කියන්න අනුරගේ දිව නැමෙන්නේ නෑ.ඉන්දියාව එදා ජේආර් අනුගමනය කරපු ඇමරිකන් ගැති ප්‍රතිපත්තියට සහ ඉන්දියානු ව්‍යාප්තවාදී උවමනාව වෙනුවෙන් අපි මත ඉන්දු - ලංකා ගිවිසුම බලෙන් පැටෙව්වා.ඒකට අපේ රටේ ජාතික ප්‍රශ්නය පාව්ච්චි කළා.අනුර නොකියන අමුම අමු ඇත්ත ඒක.

නැතිව ඉන්දු - ලංකා ගිවිසුම මේ රටේ ජනතාව ඉල්ලපු දෙයක් නෙවෙයි.අඩුම ගානේ උතුරේ දෙමළ ඡනතාවවත්,නැගෙනහිර දෙමළ සහ මුස්ලිම් ජනතාවවත් ඉල්ලපු දෙයක් නෙවෙයි.එදා දෙමල ජනතාවගේ නියෝජිතයා විදිහට පෙනී හිටපු කොටි සංවිධානයවත් ඉන්දු - ලංකා ගිවිසුමට එකඟවුණේ නෑ.දැන් ඒකට පුරුදු වෙච්චි ජනතාවක් ඉන්නවා කියන එක අර්ධ සත්‍යයක්.පුරුදු වෙච්චි නෙවෙයි පුරුදු කරපු කියලා අනුර කියන ඒ වාක්‍යය වෙනස් වෙන්න ඕනි.ඒ පුරුදු කිරීමේ වගකීමේ කොටසක් ජවිපෙටත් පැවරෙනවා. 

88/89 ජවිපෙ ප්‍රතික්ෂේප කරපු පලාත් සභාවලට 94 න් පස්සේ ජවිපෙ ඇතුල්වුනා.ජවිපෙ කිව්වේ පලාත් සභාවලට තියන විරෝධය ප්‍රකාශ කරන්න පලාත් සභා ඇතුලට යනවා කියලයි.ඇත්තටම එහෙම එකක් උනේ නෑ.ජවිපෙට පලාත් සහාව කියන්නේ තමන්ගේ අරමුදල තර කරගන්න හොද ආදායම් මාර්ගයක් වුනා.එහෙම නැතිව ජවිපෙ පලාත් සභා ක්‍රමය යම් හෝ විරෝධයක් දැක්වුවේ සෝමවංශගේ කාලේ විතරයි.එහෙම ගිහින් පලාත් සභා තහවුරු කරන්න ජවිපෙත් උදව් කළා.අනික තමයි ඇයි ජවිපෙ ජාතික ප්‍රශ්නයට විසදුම පලාත් සභා නෙවෙයි කියලා උතුරේ දෙමළ ජනතාවට තහවුරු කළේ නැත්තේ. ඇයි නැගෙනහිර දෙමළ සහ මුස්ලීම් ජනතාවට ඒක තහවුරු කළේ නැත්තේ.

ඇයි ජවිපෙ උතුරේ සහ නැගෙනහිර පලාත්වල දේශපාලනය කරන්නේ නැත්තේ.ජවිපෙ අද ඉන්නේ උතුර සහ නැගෙනහිර පලාත් සම්බන්ධව අනිත් දේශපාලන පක්ෂ දරන ස්ථාවරයේ.ජවිපෙත් කරන්නේ උතුරේ සහ නැගෙනහිර ජනතාව ජාතිවාදි පක්‍ෂවලට බිලි දෙන එකයි. එහෙම බිලි දෙන දෙමළ සහ මුස්ලිම් ජනතාව ඒ පක්ෂ ඇතුලේ හිර කරලා ඒ පක්ෂවල නායකයන් දිනාගන්නට හදන එකයි.එහෙම නැතිව ජවිපෙ දෙමළ සහ මුස්ලිම් ජනතාව සංවිධානය කළේ නෑ.

රනිල්,සජිත්,බැසිල් කරන්නෙත් ඒකම තමයි.හැබැයි රටක් හැටියට කොහොමද මේ සියලු ජාතිකත්වයන් එක තැනකට ගේන්නේ කියන එක සම්බන්ධ ජවිපෙට අදත් අදහසක් නෑ.අඩුම ගානේ ඒ වෙනුවෙන් ජවිපෙ දෙමළ සහ මුස්ලිම් ජනතාව අතර කරන්න ඕනි දේශපාලනයවත් කළේ නෑ. වර්තමාන ජවිපෙ නායකයන් දැන් දුවන්නේ ඩොලර් පස්සේ විතරයි. අනුර දිසානායක කියන ජාතික ප්‍රශ්නයට විසදුම සම්බන්ධව සංවාදය මොකද්ද කියලා රටට කියන්න.ඒක අනුරයි,ටිල්විනුයි ඉන්න හතර දෙනාගේ කල්ලියේ රහස් සාකච්චාවක් වෙන්න බෑ.

රටේ රාළ ඉතාමත් වගකීමෙන් කියනවා දැන් මාලිමාවේ සියලු සාකච්ඡා යන්නේ ඉන්දියන් - ඇමරිකා agenda එකට අනුවයි. ඒකට තමයි ඇමරිකානු තානාපතිනිය ජවිපෙ කාර්යාලයට නිතර නිතර රිංගන්නේ.අපිට නං ගොනා හැරෙනකොට කියන්න පුළුවන් පැලේ කන්න තමයි කියලා. ජවිපෙ ඉතිහාසය විකෘති කිරීම සහ ඉතිහාසය වළලා දැමීම  අනුර ඇතුළු තක්කඩි ජවිපෙ නායකයන් පෙන්වන පරිනාමිකව පහත් දේශපාලන ලක්‍ෂණයක්.

ඉතිහාසය වළලන එක සහ විකෘති කිරීම ඇතුලේ අනුරලාට ඉලක්ක කීපයක් තියනවා.අනුරලා කරන්නේ විජේවීර,ගමනායක ඇතුළු දස දහස් ගානණකගේ දිවිපිදීම් සහ කැප කිරීම් නොසලකා මේ දක්වා ආපු ඉතිහාසය නැති විග්‍රහයකට ලෑස්තිවීමයි.ඒ ඉතිහාසය වළ දැම්ම තමයි අනුරලගේ දේශපාලනය ඇමරිකන් - ඉන්දියන් ලයින් එකට ගේන්න තියන ලේසිම මාර්ගය. අපට ඉන්දියාව එක්ක මරාගෙන මැරෙන සටනක් නෑ.රටක් විදිහට බොහෝම විවෘතව අපි ඉන්දියාවත් එක්ක රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනුවක් කරන්න ඕනි.

හැබැයි ඓයිතිහාසිකව එදා අපේ රට ආක්‍රමණය කරමින් ඉන්දියාව කරපු වැරැද්ද ගෑන කතා නොකර අර ජීවන 60000 ට සාධාරණය ඉෂ්ඨ කරන්න බෑ.ඒකට අනුරට කොන්දක් නෑ.අනුර කරන්නේ ඇමරිකන් - ඉන්දියන් ලයින් එක වෙනුවෙන් ඒ ඉතිහාසය වළ දැමීමේ ද්‍රෝහීකමයි. දැන් අනුරලා කරන්නේ ඉතිහාසයක් නැතිව,පවතින සිද්ධිවලට විග්‍රහයක් හදමින් කරන බංකොලොත් දේපාලනයයි.ඒ වෙනුවෙන් ගහන මල් වෙඩි තමයි ඔය ඇහෙන්නේ.අනුර දවසක ඔයාලට මෙහෙමත් කියය.

" ජවිපෙ ඉතිහාසයේ විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම වෙනුවෙන් සටන් කළා තමයි.ඒත් දැන් මේ රටේ ජනතාව විධායක ජනාධිපති ක්‍රමයට හුරු වෙලා. ජනතාව හුරු වුන ඒ ක්‍රමය අපිට අහෝසි කරන්න බෑ.එහෙම කරලා නැති ප්‍රශ්න දාගන්න ඕනි නෑ " අනුර එහෙම කිව්වොත් ඔයාල පුදුම වෙන්න එපා.

ඇත්තටම අනුර හරි ලස්සන කතා ටිකක් ලොස් ඇන්ජලීස් පවාදීමේ වේදිකාව උඩ ඉදන් කිව්වා. මාලිමාව බලයට පත්වුනහම කරන වැඩ ගැන පම්පෝරි ගැහුවා.එතන හිටපු අය ගැනත් ලැජ්ජයි,මෙලෝ විචාරයක් නැතිව ඒවට අත්පොඩි ගැහුවා.අනුර කිවිවේ මාලිමාවේ ආණ්ඩුවක් යටතේ මන්ත්‍රීලට නිල නිවාස දෙන්නේ නෑ කියලා.හැබැයි දැන් දීලා තියන මන්ත්‍රී නිල නිවාස සියල්ල ජවිපෙ අරන් ඉන්නේ.ලාල් කාන්ත ඉන්නෙත් එහෙම එකක. මාලිමාවේ ආණ්ඩුවකින් ඇමතිලාට වාහන දෙන්නේ නෑලු.වැඩ කරන්න රජයෙන් වාහනයක් දීලා එයා ගෙදර යන දවසට වාහනේ ආපහු ගන්නවාලු.අනුර දැන් පාර්ලිමේන්තුවට ඇවිත් දැන් අවුරුදු 23 ක් වෙනවා.

මේ අවුරුදු 23 නට අනුර වාහන පර්මිට් හතරක්වත් අරන් තියෙන්න ඕනි.ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රීලා සියලු වරප්‍රසාද අරන් තියනවා. එයාලා ආවහම අද එයාලා ගන්න සියලු දේවල් නතර කරලා දානවලු. ඇත්තටම අනුර දන්නවා එයාලා කවදාවත් බලයට එන්නේ නැති බව.ඒක නිසා එයාලාට තියෙන හොඳම කතාව තමයි ආවහම කරනවා කියන එක.එතකං එයාලා සියලු වරප්‍රසාද බුක්ති විදිනවා. බලය එන්නේ නැත්තං හොදම දේ අපි අවම සියල්ල පිරිසිදු කරනවා කියලා මේ ක්‍රමය යටතේ දෙන සියලු අපිරිසිදු වරප්‍රසාද බුක්ති විදින එක තමයි. දැනට මාලිමාව කරන්නේ ඒක.

හැබැයි එයාලට අඩුම ගානේ එයාලා ගන්න ඔය අසීමිත වරප්‍රසාද වලින් 88/89 මිය ගිය පවුලක දරුවෙකුටවත්.එහෙමත් නැත්තං දරුවන් මැරිලා තවමත් හූල්ලන අම්මා කෙනෙකුට හරි තාත්තා කෙනෙකුට හරි පොතක් පතක්, බෙහෙත් පෙත්තක් අරන් දෙන්න අමතක වෙලා.දැන් අනුර ඒ දිවි පිදීම් පවා හෑල්ලු කරමින් යනවා.එයාලා කලේ වැ‍රැද්දක් කියලා තහවුරු කරමින් ඉන්නවා.

අනුරලගේ විග්‍රහයට අනුව දැන් 88/89 ජවිපෙ සාමාජිකයෝ විතරක් නෙවෙයි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට එරෙහිව සටන් කරපු කැප්පෙටිපොලලා,වීර පුරන් අප්පුලත් වැරදියි.ඉතිහාසය මරලා අනුර කුමාර කරන මේ විග්‍රහ පිලිකුල් සහගතයි.තව දවස් 13 කින් නොවැම්බර් 13 වෙනිදා ඉල්මහ විරු සමරුව එනවා.රටේ රාළ කියන්නේ අනුර ඇතුළු පිරිසට රෙදි ඇඳගෙන නං ඉල්මහ විරු සමරුවට එන්න එපා කියලයි.

හරි එහෙනම් ගිහින් එන්නම්.

ජයවේවා.
මීට 
රටේ රාළ.fb

සම්බන්ධිත පුවත් | Related News

ජතික ජනබලවෙගයේ යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී එලන්කුමාරන් කරුණානාදන් විසින් නිකුත් කළ මැතිවරණ ප්‍රචාරක ගීතයකින්, ත්‍රස්තවාදී එල්.ටී.ටී.ඊ නායක ප්‍රභාකරන්ගේ නායකත්වය උත්කර්ෂයට නංවා ඇති බව සිවිල් ක්‍රියාකාරිනී ජිහාන් හමීඩ් මහත්මිය විසින් මුහුණු පොතේ සටහනක් තබා තිබේ.
ඉන්දු - පාකිස්තානු ගැටුම සමස්ත කලාපයටම ඉතා දරණු ලෙස දැනෙන බවත්, 1960 සිට පවත්වාගෙන ගිය ඉන්දු ගංගාවේ ජලය පාකිස්ථානය සමග බෙදා ගැනීමේ ගිවිසුම අත්හිටුවීම හරහා ඉන්දියාව පාකිස්තානයට එරෙහිව ඉතා දරුණු තීරණයක් ගෙන ඇති බවත්, ඉන්දියාව සමග බලශක්ති හෝ වෙනත් ඕනෑම ගිවිසුමකට එළඹී ඇති කලාපයේ අනෙකුත් රටවල්වලටද මෙය හොඳ පාඩමක් බවත් ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසයි.
වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.
සියවස් 17ක් තිස්සේ මෙරට ජනයා විසින් දිවිහිමියෙන් ආරක්ෂා කරගන්නා ලද දළදා වහන්සේ සම්බන්ධව සහ මෙම සියවස් 17 තිස්සේ දළදා වහන්සේ සම්බන්ධ දිගහැරුනු එම ඓතිහාසික කතන්දරයේ සවිස්තරාත්මක අනාවරණක් සමාජ මාධ්‍ය ක්‍රියාකාරික ඉසුරු ප්‍රසංග සිදුකර තිබේ.
ඉන්දියාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව මෙරට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදිට දුරකථන ඇමතුමක් ලබාදී 'අප සිටින්නේ ඉන්දියානු ජනතාව සමග' යැයි පැවසීම හරහා ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇතිවී තිබෙන යුද උණුසුම තුළ පාකිස්ථානය අමතක කර ඉන්දියාවේ පාර්ශ්වය පමණක් ගැනීම යහපත් දෙයක් නොවන බවත්, ඉන්දියාවට වඩා අප රටට වැඩි වශයෙන් උදව්කර ඇත්තේ පාකිස්ථානය බවත් ප්‍රවීණ දේශපාලන විචාරක, මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා පවසයි.
රජය විසින් ඉන්දියාව සමග අත්සන් කරන ලද ගිවිසුමේ සම්පූර්ණ අන්තර්ගතය වහාම මහජනතාවට හෙළි කරන ලෙස ජාතිකවාදී සංවිධාන ඉල්ලා සිටින බැවින්, ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාව විසින් අත්සන් කරන ලද ආරක්ෂක අවබෝධතා ගිවිසුම (MoU) වටා ඇති මතභේදය වේගයෙන් උත්සන්න වෙමින් පවතී.
පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ගෝඨාඊය රාජපක්ෂ ජනාධිපති කරවීම සඳහා සුරේෂ් සලේ සහ සහරාන්ගේ කණ්ඩායම එකට එකතුවී පාස්කු ප්‍රහාරය සංවිධානය කළ බවටත්, එහි මැද සිටින්නේ පිල්ලෙයාන් බවටත් පවතින කතාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රවීන මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩො මහතා පවසන්නේ ගෝඨාභය බලයට ගේන්න මුස්ලිම් අන්තවාදියෝ මැරුණේ ඇයි දැයි යන්න මෙහිදී ගැටළුවක් මතුවන බවය.
බරපතළ ආර්ථික බිඳවැටීමකට මුහුණු දී, බංකොලොත් වී ඇති ලංකාවේ - මේ උගත්, විද්‍යාර්ථීන් ගේ උකටලී හා නෝංජල් ආකල්ප පද්ධතිය ද - මෙරට සුවිශේෂී නිදහස් අධ්‍යාපනයේ තවත් එක් අවාසනාවන්ත ප්‍රතිඵලයකි.
සිංහල ජාතියේ අභිමානවත් සංස්කෘතික මංගල්‍ය සහ ජාතික දිනය වශයෙන් සැලකෙන අලුත් අවුරුද්ද එළඹීමට තව වැඩි කාලයක් ගත වන්නේ නැත. අප්‍රියෙල් මස 14 දිනය යෙදෙන අලුත් අවුරුදු උදාවත් සමග සියලු ලක්වාසීන් එය සැමරීමට එකාවන්ව සැදී පැහැදෙයි.

ප්‍රධාන පුවත්

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)

ලෝකයේ බලසම්පන්න රාජ්‍යයන් හා කුඩා රාජ්‍යයන් අතර ඇතිවන ගිවිසුම්වලදී බලසම්පන්න රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම්වලට වඩා වෙනස් අයුරකින් ක්‍රියාත්මක වන බවත්, එහිදී කුඩා රාජ්‍යයන්ගේ නායකයන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.