News Category
From Date
To Date
Maximum Number of Result

අනුර, ඊළඟ ඉල්මහ විරු සමරුවට රෙදි නැතිව එන්න

Nov 5, 2023 at 07:21 AM
|

ජවිපෙ සහ මාලිමාවේ නායක අනුර කුමාර දිසානායක මේ දවස්වල ඇමරිකාවේ සංචාරය නිරත වෙනවා.අනුර ජවිපෙ නායකයා විදිහට හදුන්වනවාට වඩා හොඳ මාලිමාවේ නායකයා විදිහට හදුන්වන එකයි.මොකද දැන් අනුර ජවිපෙට කරන්න ඕනි සියලු හතුරුකම් කරලා ඉවරයි.අනුර දැන් කරන්නේ ජවිපෙ පාවාදීමයි.ඒ වෙනුවෙන් ජවිපෙ ඉතිහාසය වළලා දැමීමයි.

දැන් ඉතා පැහැදිලිවම ජවිපෙ රෝහණ විජේවීර කියාදුන් උපායමාර්ගයෙන් පිට පැනලා.දැන් ජවිපෙ ඉන්නේ හරිනි අමරසූරියගේ ලිබරල් උපායමාර්ගයේ.මීට කළින් හරිනි 13 වෙන සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කරන්න ඕනි කියලා කියනකොට ජවිපෙ සාමාජිකයෝ එකපාරට තිගැස්සුනා. ජවිපෙ නායකයින්ට පවා සාමාජිකයෝ ඉස්සරහා අඩියක් පස්සට ගන්න සිද්ධ වුනා.ජවිපෙ සාමාජිකයා හිතුවේ හරිනි ජවිපෙට අලුත් නිසා හරිනිට වැරදිලා කියලයි.මොකද හරිනිගේ ඒ ප්‍රකාශයෙන් පස්සෙත් ටිල්වින් සහ හදුන්නෙත්ති 13 වෙනි සංශෝධනය ජවිපෙ ප්‍රතික්ෂේප කරන බව කියලා එයාලගේ ආණ්ඩුවක් යටතේ 13 අහෝසි කරන බවත් කිව්වා.

හැබැයි දැන් ලොස් ඇන්ජලීස්වල ඉන්න අනුර සහෝදරයා මේ කතාවේ සඟවපු ඇත්ත කතා කරනවා.අනුර කිව්වේ ඉන්දු - ලංකා ගිවිසුමෙන් ස්ථාපිත කරපු 13 වෙනි සංශෝධනය ගෙනාවේ අපේ රටේ ජාතික ප්‍රශ්නයට විසදුමක් විදිහට කියලයි.හැබැයි ඒකෙන් ජාතික ප්‍රශ්නය විසඳුනේ නෑ කියලත් අනුර කිව්වා.එතෙන්ට එනකං අනුරගේ කතාව ඇත්ත.අනුර කියන්නේ දෙමල ජනතාව පලාත් සභා තමන් දිනාගත්ත අයිතියක් විදිහට පිලිගන්න නිසා පලාත් සභා අහෝසි කලොත් තමන්ට තිබුණ අයිතියත් නැති කළා කියන සැකය දෙමළ ජනතාව තුලින් මතු වෙන්න පුළුවන් කියලයි.

ඒක නිසා අනවශ්‍ය ප්‍රශ්නයක් දාගන්න ඕනි නෑ කියන ස්ථාවරයේ මාලිමාව ඉන්නවා.ඒ කියන්නේ මාලිමාවේ ආණ්ඩුවක් යටතේ පලාත් සභා අහෝසි කරන්නේ නෑ. ජාතික ප්‍රශ්නය විසදන්න වෙනම දිගුකාලීන සංවාදයක් දැන් එයාලා පටන් අරන් තියනවලු.හැබැයි ඒ සංවාදයේ පදනම මොකද්ද කියලාවත් නොකියා ඉන්න අනුර ප්‍රවේසම් වුනා.අනුරගේ ඒ පැහැදිලි කිරීමෙන් එක්කෝ අනුරට පලාත් සභා අපි මත පටවපු විදිහ ගැන අවබෝධයක් නෑ.නැත්තං අනුරලා දැන් පලාත් සභා සම්බන්ධ විතරක් නෙවෙයි ජාතික ප්‍රශ්නය සම්බන්ධ ඉන්න ස්ථාවරයන් මාරු කරලා.

අනුරගේ කතාවෙන් තව එකක් තහවුරු වෙනවා.88/89 අරගලයෙන් අනුර පැනලා ගියා කියලා අනුරට තිබුණ චෝදනාව ඇත්ත බව අනුරම තහවුරු කරනවා.තමන් කරන අරගලය සහ අරගලයේ අරමුණ ගැන අවබෝධයක් නැති කෙනා ඒකෙන් පැනලා යෑම සාමාන්‍ය දෙයක්.එදත් අනුර අරගලයට සම්බන්ධ වෙලා තියෙන්නේ ඉන්දීය ආක්‍රමණය ගැන නොදැන.අනුර හිතාගෙන හිටලා තියෙන්නේ ඉන්දියාව අපේ ජාතික ප්‍රශ්නය විසදන්න අප උදව් කලා වගේ කියලයි අනුරගේ කතාවෙන් තේරෙන්නේ.ජේආර්වත් නොසිතපු විදිහට තමයි දැන් අනුර හිතන්නේ.

රටේ රාළගේ ඒ උපකල්පනය වැරදීයි නං අනුර ඒ ඉතිහාසය අමතක කරලා වෙනත් ස්ථාවරයකට මාරු වෙලා කියන කතාව ඇත්ත වෙන්න ඕනි. සමහරවිට අනුර මේ වැරදි දෙකම කළා වෙන්නත් පුළුවන්.ඒකේ පළවෙනි වරදට වඩා දෙවෙනි වරද බරපතලයි.ඒ කියන්නේ අනුරලා දැන් ලයින් එක මාරු කරලා.අනුර ලොස් ඇන්ජලීස් වේදිකාවේ දුන්න සියලු උත්තර ඉන්දියන් ලයින් එකට ගැලපෙන ඒවා.ඉන්දියාවට විතරක් නෙවෙයි ඇමරිකන් ලයින් එකත් එක්කත් ඒ උත්තර සමපාත වෙනවා.

අනුරගේ ලොස් ඇන්ජලීස් ප්‍රකාශයෙන් රටේ රාළ දිගටම කියන කතාව හරි කියලා සිහි කල්පනාව තියන ජවිපෙ සාමාජිකයන්ට නං තේරෙන්න ඕනි.ඒ කියන්නේ දැන් අනුරලා ඉන්නේ ඇමරිකන් - ඉන්දියන් ලයින් එකේ.ඇත්තටම පලාත් සභා අපි මත බලෙන් පටවන්නේ ඉන්දියන් ආක්‍රමණයකින්.හැබැයි ඒකට ආක්‍රමණය කියලා කියන්න අනුරගේ දිව නැමෙන්නේ නෑ.ඉන්දියාව එදා ජේආර් අනුගමනය කරපු ඇමරිකන් ගැති ප්‍රතිපත්තියට සහ ඉන්දියානු ව්‍යාප්තවාදී උවමනාව වෙනුවෙන් අපි මත ඉන්දු - ලංකා ගිවිසුම බලෙන් පැටෙව්වා.ඒකට අපේ රටේ ජාතික ප්‍රශ්නය පාව්ච්චි කළා.අනුර නොකියන අමුම අමු ඇත්ත ඒක.

නැතිව ඉන්දු - ලංකා ගිවිසුම මේ රටේ ජනතාව ඉල්ලපු දෙයක් නෙවෙයි.අඩුම ගානේ උතුරේ දෙමළ ඡනතාවවත්,නැගෙනහිර දෙමළ සහ මුස්ලිම් ජනතාවවත් ඉල්ලපු දෙයක් නෙවෙයි.එදා දෙමල ජනතාවගේ නියෝජිතයා විදිහට පෙනී හිටපු කොටි සංවිධානයවත් ඉන්දු - ලංකා ගිවිසුමට එකඟවුණේ නෑ.දැන් ඒකට පුරුදු වෙච්චි ජනතාවක් ඉන්නවා කියන එක අර්ධ සත්‍යයක්.පුරුදු වෙච්චි නෙවෙයි පුරුදු කරපු කියලා අනුර කියන ඒ වාක්‍යය වෙනස් වෙන්න ඕනි.ඒ පුරුදු කිරීමේ වගකීමේ කොටසක් ජවිපෙටත් පැවරෙනවා. 

88/89 ජවිපෙ ප්‍රතික්ෂේප කරපු පලාත් සභාවලට 94 න් පස්සේ ජවිපෙ ඇතුල්වුනා.ජවිපෙ කිව්වේ පලාත් සභාවලට තියන විරෝධය ප්‍රකාශ කරන්න පලාත් සභා ඇතුලට යනවා කියලයි.ඇත්තටම එහෙම එකක් උනේ නෑ.ජවිපෙට පලාත් සහාව කියන්නේ තමන්ගේ අරමුදල තර කරගන්න හොද ආදායම් මාර්ගයක් වුනා.එහෙම නැතිව ජවිපෙ පලාත් සභා ක්‍රමය යම් හෝ විරෝධයක් දැක්වුවේ සෝමවංශගේ කාලේ විතරයි.එහෙම ගිහින් පලාත් සභා තහවුරු කරන්න ජවිපෙත් උදව් කළා.අනික තමයි ඇයි ජවිපෙ ජාතික ප්‍රශ්නයට විසදුම පලාත් සභා නෙවෙයි කියලා උතුරේ දෙමළ ජනතාවට තහවුරු කළේ නැත්තේ. ඇයි නැගෙනහිර දෙමළ සහ මුස්ලීම් ජනතාවට ඒක තහවුරු කළේ නැත්තේ.

ඇයි ජවිපෙ උතුරේ සහ නැගෙනහිර පලාත්වල දේශපාලනය කරන්නේ නැත්තේ.ජවිපෙ අද ඉන්නේ උතුර සහ නැගෙනහිර පලාත් සම්බන්ධව අනිත් දේශපාලන පක්ෂ දරන ස්ථාවරයේ.ජවිපෙත් කරන්නේ උතුරේ සහ නැගෙනහිර ජනතාව ජාතිවාදි පක්‍ෂවලට බිලි දෙන එකයි. එහෙම බිලි දෙන දෙමළ සහ මුස්ලිම් ජනතාව ඒ පක්ෂ ඇතුලේ හිර කරලා ඒ පක්ෂවල නායකයන් දිනාගන්නට හදන එකයි.එහෙම නැතිව ජවිපෙ දෙමළ සහ මුස්ලිම් ජනතාව සංවිධානය කළේ නෑ.

රනිල්,සජිත්,බැසිල් කරන්නෙත් ඒකම තමයි.හැබැයි රටක් හැටියට කොහොමද මේ සියලු ජාතිකත්වයන් එක තැනකට ගේන්නේ කියන එක සම්බන්ධ ජවිපෙට අදත් අදහසක් නෑ.අඩුම ගානේ ඒ වෙනුවෙන් ජවිපෙ දෙමළ සහ මුස්ලිම් ජනතාව අතර කරන්න ඕනි දේශපාලනයවත් කළේ නෑ. වර්තමාන ජවිපෙ නායකයන් දැන් දුවන්නේ ඩොලර් පස්සේ විතරයි. අනුර දිසානායක කියන ජාතික ප්‍රශ්නයට විසදුම සම්බන්ධව සංවාදය මොකද්ද කියලා රටට කියන්න.ඒක අනුරයි,ටිල්විනුයි ඉන්න හතර දෙනාගේ කල්ලියේ රහස් සාකච්චාවක් වෙන්න බෑ.

රටේ රාළ ඉතාමත් වගකීමෙන් කියනවා දැන් මාලිමාවේ සියලු සාකච්ඡා යන්නේ ඉන්දියන් - ඇමරිකා agenda එකට අනුවයි. ඒකට තමයි ඇමරිකානු තානාපතිනිය ජවිපෙ කාර්යාලයට නිතර නිතර රිංගන්නේ.අපිට නං ගොනා හැරෙනකොට කියන්න පුළුවන් පැලේ කන්න තමයි කියලා. ජවිපෙ ඉතිහාසය විකෘති කිරීම සහ ඉතිහාසය වළලා දැමීම  අනුර ඇතුළු තක්කඩි ජවිපෙ නායකයන් පෙන්වන පරිනාමිකව පහත් දේශපාලන ලක්‍ෂණයක්.

ඉතිහාසය වළලන එක සහ විකෘති කිරීම ඇතුලේ අනුරලාට ඉලක්ක කීපයක් තියනවා.අනුරලා කරන්නේ විජේවීර,ගමනායක ඇතුළු දස දහස් ගානණකගේ දිවිපිදීම් සහ කැප කිරීම් නොසලකා මේ දක්වා ආපු ඉතිහාසය නැති විග්‍රහයකට ලෑස්තිවීමයි.ඒ ඉතිහාසය වළ දැම්ම තමයි අනුරලගේ දේශපාලනය ඇමරිකන් - ඉන්දියන් ලයින් එකට ගේන්න තියන ලේසිම මාර්ගය. අපට ඉන්දියාව එක්ක මරාගෙන මැරෙන සටනක් නෑ.රටක් විදිහට බොහෝම විවෘතව අපි ඉන්දියාවත් එක්ක රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනුවක් කරන්න ඕනි.

හැබැයි ඓයිතිහාසිකව එදා අපේ රට ආක්‍රමණය කරමින් ඉන්දියාව කරපු වැරැද්ද ගෑන කතා නොකර අර ජීවන 60000 ට සාධාරණය ඉෂ්ඨ කරන්න බෑ.ඒකට අනුරට කොන්දක් නෑ.අනුර කරන්නේ ඇමරිකන් - ඉන්දියන් ලයින් එක වෙනුවෙන් ඒ ඉතිහාසය වළ දැමීමේ ද්‍රෝහීකමයි. දැන් අනුරලා කරන්නේ ඉතිහාසයක් නැතිව,පවතින සිද්ධිවලට විග්‍රහයක් හදමින් කරන බංකොලොත් දේපාලනයයි.ඒ වෙනුවෙන් ගහන මල් වෙඩි තමයි ඔය ඇහෙන්නේ.අනුර දවසක ඔයාලට මෙහෙමත් කියය.

" ජවිපෙ ඉතිහාසයේ විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම වෙනුවෙන් සටන් කළා තමයි.ඒත් දැන් මේ රටේ ජනතාව විධායක ජනාධිපති ක්‍රමයට හුරු වෙලා. ජනතාව හුරු වුන ඒ ක්‍රමය අපිට අහෝසි කරන්න බෑ.එහෙම කරලා නැති ප්‍රශ්න දාගන්න ඕනි නෑ " අනුර එහෙම කිව්වොත් ඔයාල පුදුම වෙන්න එපා.

ඇත්තටම අනුර හරි ලස්සන කතා ටිකක් ලොස් ඇන්ජලීස් පවාදීමේ වේදිකාව උඩ ඉදන් කිව්වා. මාලිමාව බලයට පත්වුනහම කරන වැඩ ගැන පම්පෝරි ගැහුවා.එතන හිටපු අය ගැනත් ලැජ්ජයි,මෙලෝ විචාරයක් නැතිව ඒවට අත්පොඩි ගැහුවා.අනුර කිවිවේ මාලිමාවේ ආණ්ඩුවක් යටතේ මන්ත්‍රීලට නිල නිවාස දෙන්නේ නෑ කියලා.හැබැයි දැන් දීලා තියන මන්ත්‍රී නිල නිවාස සියල්ල ජවිපෙ අරන් ඉන්නේ.ලාල් කාන්ත ඉන්නෙත් එහෙම එකක. මාලිමාවේ ආණ්ඩුවකින් ඇමතිලාට වාහන දෙන්නේ නෑලු.වැඩ කරන්න රජයෙන් වාහනයක් දීලා එයා ගෙදර යන දවසට වාහනේ ආපහු ගන්නවාලු.අනුර දැන් පාර්ලිමේන්තුවට ඇවිත් දැන් අවුරුදු 23 ක් වෙනවා.

මේ අවුරුදු 23 නට අනුර වාහන පර්මිට් හතරක්වත් අරන් තියෙන්න ඕනි.ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රීලා සියලු වරප්‍රසාද අරන් තියනවා. එයාලා ආවහම අද එයාලා ගන්න සියලු දේවල් නතර කරලා දානවලු. ඇත්තටම අනුර දන්නවා එයාලා කවදාවත් බලයට එන්නේ නැති බව.ඒක නිසා එයාලාට තියෙන හොඳම කතාව තමයි ආවහම කරනවා කියන එක.එතකං එයාලා සියලු වරප්‍රසාද බුක්ති විදිනවා. බලය එන්නේ නැත්තං හොදම දේ අපි අවම සියල්ල පිරිසිදු කරනවා කියලා මේ ක්‍රමය යටතේ දෙන සියලු අපිරිසිදු වරප්‍රසාද බුක්ති විදින එක තමයි. දැනට මාලිමාව කරන්නේ ඒක.

හැබැයි එයාලට අඩුම ගානේ එයාලා ගන්න ඔය අසීමිත වරප්‍රසාද වලින් 88/89 මිය ගිය පවුලක දරුවෙකුටවත්.එහෙමත් නැත්තං දරුවන් මැරිලා තවමත් හූල්ලන අම්මා කෙනෙකුට හරි තාත්තා කෙනෙකුට හරි පොතක් පතක්, බෙහෙත් පෙත්තක් අරන් දෙන්න අමතක වෙලා.දැන් අනුර ඒ දිවි පිදීම් පවා හෑල්ලු කරමින් යනවා.එයාලා කලේ වැ‍රැද්දක් කියලා තහවුරු කරමින් ඉන්නවා.

අනුරලගේ විග්‍රහයට අනුව දැන් 88/89 ජවිපෙ සාමාජිකයෝ විතරක් නෙවෙයි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට එරෙහිව සටන් කරපු කැප්පෙටිපොලලා,වීර පුරන් අප්පුලත් වැරදියි.ඉතිහාසය මරලා අනුර කුමාර කරන මේ විග්‍රහ පිලිකුල් සහගතයි.තව දවස් 13 කින් නොවැම්බර් 13 වෙනිදා ඉල්මහ විරු සමරුව එනවා.රටේ රාළ කියන්නේ අනුර ඇතුළු පිරිසට රෙදි ඇඳගෙන නං ඉල්මහ විරු සමරුවට එන්න එපා කියලයි.

හරි එහෙනම් ගිහින් එන්නම්.

ජයවේවා.
මීට 
රටේ රාළ.fb

සම්බන්ධිත පුවත් | Related News

චීන කොමියුනිස්ට් පක්ෂය විසින් 1953 වසරේ සිට ආරම්භ කරන ලද ‘පස් අවුරුදු සැලසුම්’ යනු චීනයේ සමාජයීය සහ ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගත් මුල් පිරීම් මාලාවකි. මෙම සැලසුම් මගින් ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන්නේ පාරිසරික ආරක්ෂාව, අධ්‍යාපනය සහ කාර්මික ක්ෂේත්‍රවල චීන රජයේ ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සංවිධානය සහ ස්ථාපිත කිරීමේ කේන්ද්‍රීය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීමය. නව පස් අවුරුදු සැලසුමක් සකස් කිරීම, සාමාන්‍යයෙන් පවතින සැලැස්මේ මැද භාගයේදී ආරම්භ වේ. මෙය වසර කිහිපයක් පුරා සිදුකරන ඇගයීම්, මූලික පර්යේෂණ කෙටුම්පත් කිරීම සහ සංශෝධන මෙන්ම, මහජන අදහස් ලබා ගැනීම වැනි වට මාලාවකින් සමන්විත වේ. මෙලෙස සකස් කෙරෙන පස් අවුරුදු සැලසුම්, ඒවායේ කාර්යක්ෂමතාව සහ හැකියාවන් මෙන්ම, වේගවත් ආර්ථික වර්ධනය, සංවර්ධනය සහ ආයතනික මූල්‍ය සහ කාර්මික ප්‍රතිපත්ති සඳහා දායක වී ඇති ආකාරය ප්‍රශංසනීයය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි සිරගත වූහ. උන්වහන්සේගේ සිවුර ගලවා ජම්පරයක් අන්දවා ඇතැයි යන ප්‍රවෘත්තිවලින් සමාජ මාධ්‍ය පිරී ඇත. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට උන්වහන්සේට ජම්පරයක් ඇන්දවීම ප්‍රවෘත්තියක් බවට පත්කර මාධ්‍යයට ප්‍රකාශ කරන්නැයි උපදෙස් දුන්නේ කවුදැයි වෙනමම සොයා බැලිය යුතුය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් දුදස්සනව එළවලා දාපු එක ලොකු ප්‍රශ්නයක් කරගත්ත පිරිසක් ඉන්නවා. කිසියම් සංවිධානයක සාමාජිකත්වයක් දරන කෙනෙක්ට ඒ සංවිධානයේ මූලික පිළිගැනීම්වලට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? කිසියම් ආයතනයක සේවය කරන කෙනෙක්ට ඒ ආයතනයේ විනය එකඟතා නො සළකා කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? තමන්ට ඕන ඕන මගුල් කියවන්න, සංවිධානයක පොදු එකඟතාවලට විරුද්ධව, විනය එකඟතා නො තකා වැඩ කරන්න ඒ සංවිධානවල සාමාජිකයන්ට බෑ.
ඊයේ දිනයේ, මගේ හදවතට ඉතා සමීප, ඒ වගේම Fair Comment හි සමීපතම මිතුරෙකුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සාපරාධී අපරාධකරුවෙක් නෙවෙයි. ඔහු නීතියෙන් පැන ගිය කෙනෙකුත් නෙවෙයි. ඔහුගේ එකම වරද වුණේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය—වෙනත් පහළ උසාවියක් හෝ අවධානය සොයන මහේස්ත්‍රාත්වරයෙක් නොව, රටේ ඉහළම අධිකරණය—මීට වසර හතකට පෙර ජනාධිපතිවරයෙක් ගත් තීරණයක් ශුන්‍ය කර දැමීමට තීන්දු කිරීම පමණයි. ඒ තීන්දුව අවලංගු කිරීමෙන් ඔවුන් කළේ ඒ මිනිසාවත් අමු අමුවේ දිය කර හැරීමයි.
බ්‍රසීලයේ 2026 මැතිවරණය ජනාධිපති ලූලා ද සිල්වා (Lula da Silva) සහ ෆ්ලේවියෝ බෝල්සොනාරෝ (Flávio Bolsonaro) අතර දැඩි තරගකාරී, අධික ලෙස ද්‍රැවීකරණය වූ සටනක් බවට පත්ව ඇත. මත විමසුම්වලට අනුව, දෙවන වටයේ තරගයකදී දෙදෙනාම කරට කර තත්ත්වයක පසුවන අතර, මැද මාවතේ විකල්පයන්ට ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකිවී නොමැත. අපේක්ෂකයින් දෙදෙනාටම 50% ක පමණ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිශතයක් ඇති අතර, එම නිසා මෙම මැතිවරණය බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට වඩා ප්‍රතිවාදියා බලයට පැමිණීම වැළැක්වීම අරමුණු කරගත් එකක් බවට පත්ව තිබේ.
ලෝකයේ දියුණු හෙවත් ධනපති රටවල (developed countries) වෘත්තිකයන්ගෙන් අයකරන පුද්ගල ආදායම් බදු (Personal Income Tax) සහ අනෙකුත් සමාජ ආරක්ෂණ දායකත්ව (Social Security Contributions) ක්‍රමවේද ප්‍රධාන වශයෙන් ප්‍රගතිශීලී බදු ක්‍රමයක් (Progressive Tax System) මත පදනම් වේ. එනම්, ලැබෙන ආදායම වැඩි වීමට අනුරූපව බදු අනුපාතයද ඉහළ යයි.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
2003 අවුරුද්දේ මාර්තු 30 වැනි දා, ඉරාකය ආක්‍රමණය කරපු ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී හවුල් හමුදාවල අවසාන බල ඇණි 2026 සැප්තැම්බර් 30 වැනි දා ඉරාකයෙන් ඉවත්වෙලා ගියා. ජනාධිපති ජෝර්ජ් බුෂ් විසින් “ඉරාක නිදහස් මෙහෙයුම” (Operation Iraqi Freedom) කියන නමින් පටන්ගත්ත මේ අධිරාජ්‍යවාදී ආක්‍රමණය අවුරුදු 23 ක වැඩි කාලයක් ඉරාකය තුළ ක්‍රියාත්මක වුණා. ජනතා ඝාතක ආයුධ හොයනවා කියලා බොරුවක් ගොතලා පටන්ගත්ත ඒ ආක්‍රමණයෙන් වෙච්ච විනාශය ලෝකය ම දන්නවා.
සරණාගතයින් ලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන රෝහින්ග්‍යා අන්තවාදී මුලධර්මවාදීන් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් මහනුවර නගරය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කර තිබේ.

ප්‍රධාන පුවත්

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්

උතුර සහ නැගෙනහිර පළාත් තුළ ජාතිවාදී හා බෙදුම්වාදී ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බවත්, ඒවා වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවත් පවසමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?

ජාතික සංවිධාන විසින් මතුකරන ආගමික අන්තවාදය අවසන් කිරීම සඳහා වූ යෝජනා මොනවාදැයි ලංකා ලීඩර් පාඨකයෝ විමසති. ඒ නිසා ඒ පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් නැවත විමසීමට සිදුවිය. මේ ඔහුගේ කතාව,

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.