News Category
From Date
To Date
Maximum Number of Result

ජනපති අනුරට කැනේඩියානු ද්‍රවිඩ කොංග්‍රසයෙන් ලිපියක්... ප්‍රබල ඉල්ලීම් 6කුත්

Nov 17, 2024 at 07:18 AM
|

ජනාධිපති අනුර කුමාර දිසානායකට සහ ජාතික ජන බලවේගය වෙත නිල ලිපියක් යොමුකරමින් පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලද විශිෂ්ට හා ඓතිහාසික ජයග්‍රහණයට කැනේඩියානු දෙමළ කොංග්‍රසය සුබ පැතුම් පිරිනමා තිබේ.

එම ලිපියෙන් කැනේඩියානු දෙමළ කොංග්‍රසය පවසන්නේ පරිවර්තනීය පාලනයක් සඳහා වූ ජාතික ජන බලවේගයේ දැක්ම කෙරෙහි ශ්‍රී ලාංකීය ජනතාවගේ විශ්වාසය පිළිබිඹු කිරීමක් ලෙස මෙම සුවිශේෂී ජනවරම පිළිගන්නා බවයි.

සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේ දක්වා ඇති පරිදි විනිවිද පෙනෙන, වගකියන සහ සියල්ලන් ඇතුළත් ආණ්ඩුවක් පිහිටුවීමට ජාතික ජන බලවේගයේ ප්‍රතිඥාව පැසසුමට ලක් කළ අතර, මෙම පරිපාලනය ජනතාවට දුන් පොරොන්දුවලට ගරු කරනු ඇතැයි විශ්වාස කරන බවද ඔවුන් ප්‍රකාශ කර තිබේ.

විධායක ජනාධිපති ක්‍රමය විසුරුවා හැර ප්‍රජාතන්ත්‍රවාදයට ප්‍රමුඛත්වය දෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වාදීමට සහ දෙමළ ජනතාව ඇතුළු සියලුම ප්‍රජාවන්ගේ අයිතීන් සුරැකීමට ජාතික ජන බලවේගය ඉදිරියේ ඇති ඓතිහාසික අවස්ථාව කැනේඩියානු දෙමළ කොංග්‍රසය සිය ලිපිය මගින් ඉස්මතු කර ඇත.

දිගුකාලීන දුක්ගැනවිලි විසඳීමට කඩිනම් පියවර ගන්නා අතරම, සැමට යුක්තිය, ඇතුළත් කිරීම සහ සමානාත්මතාව සහතික කරන ලෙස කැනේඩියානු දෙමළ කොංග්‍රසය රජයෙන් ඉල්ලා සිටියේය.

එහි ලිපිය මගින් කැනේඩියානු දෙමළ කොංග්‍රසය පහත සඳහන් තීරණාත්මක ක්‍රියාමාර්ග යෝජනා කර තිබේ.

දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම: ඉතිරිව සිටින සියලුම දේශපාලන සිරකරුවන් සංහිඳියාව සහ ජාතික සමගිය සඳහා වැදගත් පියවරක් ලෙස නිදහස් කිරීම.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA): ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා සම්බන්ධ දිගුකාලීන අසාධාරණයන් අවධාරණය කරමින් කැනේඩියානු දෙමළ කොංග්‍රසය ජාතික ජන බලවේගය සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පොරොන්දු වූ පරිදි මෙම පනත අවලංගු කිරීම.

ඉඩම් හිමිකම් ප්‍රතිෂ්ඨාපනය: දැනට හමුදාව විසින් අල්ලාගෙන සිටින උතුරු හා නැගෙනහිර පළාත්වල පෞද්ගලික ඉඩම් ආපසු ලබා දෙන ලෙසත්, නීතිවිරෝධී ඉඩම් අත්පත් කර ගැනීම් නැවැත්වීමටත්, විශ්වාසය නැවත ගොඩනඟා නීත්‍යනුකූල අයිතිය ප්‍රතිෂ්ඨාපනය කිරීම.

ආගමික අයිතීන් ආරක්ෂා කිරීම: දෙමළ ප්‍රජාවගේ සංස්කෘතික හා ආගමික උරුමයන් ආරක්ෂා කිරීම සඳහා, දෙමළ ආගමික ස්ථාන ආක්‍රමණය කිරීම වැළැක්වීමට සහ ප්‍රධාන වශයෙන් දෙමළ ජනතාව ජීවත් වන ප්‍රදේශවල නව බෞද්ධ විහාරස්ථාන ඉදිකිරීම නතර කිරීම.

13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කිරීම සහ පළාත් සභා මැතිවරණ: නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අනුමත කරන තුරු, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කර පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ වැදගත්කම, ප්‍රාදේශීය නියෝජනය සහතික කිරීම සහ ප්‍රාදේශීය පාලනය බලගැන්වීම.

ආරක්ෂක අංශය ප්‍රතිසංස්කරණය කිරීම: උතුරු හා නැගෙනහිර පළාත්වල හමුදා පැවැත්ම රටේ සෙසු ප්‍රදේශ සමඟ සමපාත කිරීමේ අවශ්‍යතාව සහ දේශීය ව්‍යාපාරවලට සහ ගොවීන්ට බාධා කරන ගොවිතැන් හා සත්කාර වැනි වාණිජ ව්‍යාපාරවල හමුදා මැදිහත්වීම නැවැත්වීම.

මෙම ක්‍රියාමාර්ග ජාතික ජන බලවේගය පොරොන්දු ඉටු කිරීමේදී අවංකභාවය පෙන්නුම් කරනවා පමණක් නොව වඩාත් සාධාරණ සහ සියල්ලන් ඇතුළත් ශ්‍රී ලංකාවක් සඳහා අඩිතාලම දමනු ඇතැයි කැනේඩියානු දෙමළ කොංග්‍රසය සිය විශ්වාසය ප්‍රකාශ කළේය.

ජාතික ජන බලවේගය වෙත පැවරී ඇති අතිමහත් ජනවරම සමඟින්, සියලු ප්‍රජාවන් අතර විශ්වාසය ගොඩනැගීම සඳහා මෙම ගැටලු සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියා කරන ලෙස කැනේඩියානු දෙමළ කොංග්‍රසය රජයෙන් ඉල්ලා සිටී.

ශ්‍රී ලංකාව තුළ යුක්තිය, ප්‍රතිසන්ධානය සහ තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කරන මුලපිරීම් සඳහා සහාය දැක්වීමට සූදානමින් සිටින බව ද ඔවුන් සඳහන් කර තිබේ.

- ceylonwire

සම්බන්ධිත පුවත් | Related News

පාතාල නායකයෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා, හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ වැඩ තහනම් කරන ලද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ඉල්ලා සිටි බව කියන රුපියල් මිලියන 300 ක අල්ලසක් ගෙවීම ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලයක් ලෙස තමන් තංගල්ලේ රඳවාගෙන සිටින බවට චෝදනා කර තිබේ.
ශ්‍රී ලංකා රජය, පදනම් විරහිත ජන සංහාර චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන අතර කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකය ඉදිකිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කර බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.
තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීම නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයදුම්පතක් ගොනු කර ඇත.
යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා වන මහාචාර්ය ශ්‍රී සත්ගුණරාජ් මහතා වෙසක් පොහෝ දින විශ්ව විද්‍යාල සිසුන් සමඟ අට සිල් සමාදන් වී තිබේ.
මේ වන විට දිවයින පුරා පැපොල රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණද, රෝගය වැළැක්වීමට උපකාරී වන වරිසෙල්ලා එන්නත දැනට රජයේ රෝහල් ගබඩාවල නොමැති බව වාර්තා වේ.
කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා පත් කිරීම සඳහා ඡන්ද විමසීමක් පැවැත්වීමට පළාත් පාලන කොමසාරිස්වරයා තීරණය කර තිබේ.
මයික්‍රොසොෆ්ට් සමාගම විසින් සේවකයින් 6,000ක් පමණ සේවයෙන් ඉවත්කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම තහවුරු කිරීම සඳහා ජුනි මස 26 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.
නි. අමාත්‍ය චතුරංග අබේසිංහ පසුගිය මැතිවරණ සමයේ සිය පාක්ෂිකයන්ට මත්ද්‍රව්‍ය ලබාදුන් සියලු විපක්ෂ සාමාජිකයන්ගේ නම් හෙළිකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසයි.

ප්‍රධාන පුවත්

රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?

මේ වන විට දිවයින පුරා පැපොල රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණද, රෝගය වැළැක්වීමට උපකාරී වන වරිසෙල්ලා එන්නත දැනට රජයේ රෝහල් ගබඩාවල නොමැති බව වාර්තා වේ.

චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?

(නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මෙන්ම ගුවාන්චා මාධ්‍ය දායකයේ මහාචාර්යවර්යෙකු වන ලියු ජුන් සහ මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, නැගෙනහිර චීන සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ තරුණ පර්යේෂක යැං ෂුපින් විසින් රචිත ලිපියකි.)

ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියාව භූ දේශපාලන වෛශ්‍යාවක් ලෙස දේශපාලන විචාරකයන් පවා හඳුන්වන බවත්, ඔවුන් ආර්ථික වාසිය තකා චීනයත් සමග ගනුදෙනු කළ ද, රෑට නිදාගන්නේ අමෙරිකාව සමග බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා නිවැරදිව විග්‍රහ කරගනිමින් න්‍යායාත්මකව පැහැදිලි කර ඇති බවත්, ඉන්දියානු න්‍යායපත්‍රය ඉදිරියට රැගෙන යාමට නම් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ගැටුම් නිර්මාණය කර ශ්‍රී ලංකාව දුර්වල කළ යුතු බව ඉන්දියාව දැන සිටි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..

බෞද්ධයන් අත්‍යාගමීකරණයට ලක්කරන බවට චෝදනා එල්ලවී ඇති චාල්ස් තෝමස් නමැති පුද්ගලයා විසින් මල්වතු විහාර පාර්ශ්වයට අයත් පාදෙණිය රජ මහා විහාරයේ දී පැවැත්වීමට නියමිත වඩසටහනක් සම්බන්ධයෙන් බෞද්ධ ජනතාවගේ විරෝධය මේ වන විට එල්ලවී ඇති බව සඳහන් කරමින් මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ විසින් පාදෙණිය රජ මහා විහාරධිපති හිමියන්ට යොමුකළ ලිපියක් අප වෙත ලැබී තිබේ.

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.

අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.