George Soros සහ හරිණි සම්බන්ධය
ජාත්‍යන්තර දේශපාලනය සම්බන්ධව අනවබෝධය නිසා අපේ බොහෝදෙනාට George Soros කියන්නේ කවුද කියල ලොකු නිච්චියක් නැහැ. ඉතාම සරලව කිවුවොත්, George Soros කියන්නේ, අද ලෝකයේ සියලුම නවලිබරල් බල මුලස්ථාන හසුරුවන අදිසි හස්ථය Open Society Foundation (OSF) හි අයිතිකරුවා [1].
කෙටියෙන්ම, 2020 Trump ගෙදර ගියෙත්, 2024 Trump සහ Elon Musk ලා මරාගෙන මැරෙන සටනක් කරලා ජයග්‍රහණය කරෙත් Soros ට එරෙහිව. ඔහු හඳුනාගන්න ලේසිම විදිහ, ලෝකේ කොහේ හරි සංස්කෘතිකයට, සාමයට, සහ වාර්ගික සමගියට එරෙහිව වෙන සහ යුද උන්මාදයෙන් පෙලෙන ජාත්‍යන්තර ආයතනයක් තියෙනවා නම් ඒ ඔහුගේ අනුග්‍රහ ලබන ආයතනයක් (I-NGO). ඒ වගේම පුද්ගලයෙක්, හෝ රාජ්‍යයක් ඉහත කී ආකාරයෙන් හැසිරෙනවා නම් ඒ ඔහුගේ OSF පාලනය යටතේ වීමට තිබෙන ඉඩකඩ උපරිමයි.
ඔවුන්ට හසුවෙන කිසිම රටක් යහතින් පැවතිලා නැහැ. 2020 ට සාපේක්ෂව 2024 ඇමෙරිකාවේ ආර්ථික සමාජ පරිහානිය ට ගිහින් රට හපයක් වුන නිසාම Trump ලාට සහ Musk ලාට ඔහුට එරෙහිව ජයග්‍රහණය පහසු වුනා.ඒත් Trump ට තුන් සැරේකට වඩා මැරන්න ගිහින් මරාගෙන මැරෙන සටනක් කරන්න සිද්ධ වුනා.
හඳුන්නෙත්ති Elon Musk ආර්ථික ඝාතකයෙක් කියනකොට සහ ඒ ප්‍රකාශය නිවැරදි කරන අවස්ථා දෙකේදීම කියන අනිත් කෙනා තමයි George Soros කියන්නේ ආර්ථික ඝාතකයෙක් සහ රෙජීම් චේන්ජ් කරන ලෝක බලවතා කියල. නමුත් හඳුන්නෙත්ති දන්නේ නැහැ, එයාලගෙම මාලිමාවේ අගමැති අපේක්ෂකයා ලෙස නම් කරලා කරේ තියන් යන්නේ George Soros ගේ ඉදිරිපෙළ දේශීය නියෝජිතයෙක් කියල.
ලංකාවේ විශ්ව විද්‍යාලයකට යන්න සුදුසුකම් නොලබන හරිණිට ඉන්දියන් තානාපති කාර්යාලයෙන් ප්‍රථම උපාධියට ශිෂ්‍යත්වයක් ලබනවා, ඊට පස්සේ ඇයට දෙවන උපාධිය සහ ආචාර්ය උපාධියට ශිෂ්‍යත්වය ලැබෙන්නේ I-NGO වලට කැබිරිම නිසා George Soros ලාගේ අනුග්‍රහයෙන් [2].
අනුරුපය 1: ඇය George Soros ගේ ජාත්‍යන්තර සහයෝගිතාවයත් එක්ක ඉන්නේ එම වකවානුවේ ඉදලාමයි. මේ පිංතුරයේ තියෙන්නේ 2012 දී OSF එක්ක වැඩ කරපු ව්‍යාපෘතියක් [3].
අනුරුපය 2, 3, සහ 4 න් දැක්වෙන්නේ 2024 මාලිමාව ප්‍රතිපත්ති ප්‍රකාශණයේ George Soros ගේ නවලිබරල් ව්‍යාපෘතියට ගැලපෙන හැටියට අඩංගුවෙන යෝජනා [4].
අනුරුපය 2, 3, 4: OSF සෘජුවම අනුග්‍රහය ලබන ප්‍රභල ආයතන දෙකක් වන, Planned Parenthood සහ LGBTQ+ ව්‍යාපාරයන් දෙක. මේවට විරුද්දව තමයි Trump සහ Elon ලා ඇමෙරිකන් ජාතිකත්වය අවධි කරවලා සැහෙන්න සටනක් කරේ.
2, 3, සහ 4 දැක්වෙන කාරණා පිළිබඳව මීට වඩා විස්තරාත්මක පිටුගානක් ලියන්න පුළුවන්. නමුත් කෙටියෙන් කිවුවොත්;
Planned Parenthood අභිප්‍රාය ලෝක ජනගහනය පාලනය කිරීමට සෘජුවම මැදිහත්වීම [1].
LGBTQ+ ව්‍යාපෘතියේ අභිප්‍රාය දැනට පවතින වර්ගභේදවාදයන් සහ ජනගැටුම් අතරට, වාර්ගික ලිංගික භේදවාදය ප්‍රචලිත කිරීම සහ සමාජය අතර අසහනය සහ අවසානයේ ලේ වැගිරෙන ගැටුම් දක්වා දුරදිග යාම [1], [5]. 2020 Trump ගෙදර යවන්න Black Lives Matter ව්‍යාපෘතියට පසුව ඉදිරිපෙලම වැඩකොටසක් කරේ මේ LGBTQ+ ව්‍යාපෘතිය.
අනුරුපය 5: ඔය තමයි හරිණි 2015-2019 සුමන්තිරන් සහ ලාල් විජේනායකලා එක්ක හදපු නව ව්‍යවස්ථා යෝජනාව. ඒ ව්‍යවස්ථාවට "ලංකාව අනාගමික රාජ්‍යයක් විය යුතුයි" කියන යෝජනාව ඇතුලත් කරන්නේ හරිණි. සංස්කෘතික මුදුන්මුල (හර පද්ධතියා උදුරලා දාපු කිසිම රටක් ඉන්මතුවට ඒකියව හෝ ස්වාධීනව පැවතිලා නැහැ. ඒත් Soros ගේ OSF ට සංස්කෘතින්ට එරෙහිව තියෙන්නේ බද්ධ වෛරයක්.
හරිණිට කලින් හිටපු Soros ගේ සෘජු නියෝජිතයා මංගල සමරවීර. ඔයාල මංගලගේ සාරි ඇඳපු අවතාරේට තමයි බෙල්ල බදලා රට බාරදෙන්න යන්නේ. රටේ මහජනතාවගෙන් අතිශය සාතිශය බහුතරය ගණුදෙනු කරන්න යන මේ විනාශයේ දිග පළලවත් ඔවුන් දන්නේ නැහැ.
මේ තත්වයන් යටතේ, මාලිමාවේ අනුර, ටිල්වින්, සහ විජිත තුන්බෑය [6] හැරුනම ජවිපෙ දේශප්‍රේමී කණ්ඩායම සහ George Soros ගේ I-NGO අතර දීගය කොයිතරම් තාර්කිකද සහ කොයිතරම් කාලයක් ඇදෙයිද කියන එක ඉතාම සැකසහිතයි.
ඉතින් අපිට මේ වෙන්නේ යන්නේ එදා Biden-Harris ව ඉස්සරහින් තියාගෙන Soros ට බාරදීලා හපයක් කරපු ඇමෙරිකාවට වෙච්ච වැඩේ අනිත් එකමයි. ඇමෙරිකාවේ වාසනාවකට Trump ලා සහ Elon Musk ලා හිටියා. අපේ අවාසනාවකට අනුර-හරිනි ට එරෙහිව එවැනි අව්‍යාජ ජාතිකත්ව ව්‍යාපාරයක් නැහැ. ඉතින් විශේෂ ආශ්චර්යක් නිසා වෙනසක් නොවුනොත් ඇරෙන්න, අනුර-හරිනි ලාගේ ගමනේ තාර්කික අවසානය කුඹි පුපක හරි මොළයක් තියෙන කෙනෙක් හිතාගන්න.
ඇමිණුම්
[1] 2020-02-29, ලෝක බල දේශපාලන ගැටුම,
[2] 2024-10-13, ජෝජ් සෝරෝස් නවලිබරල් හාම්පුතුන්ගේ විදේශ ශිෂ්‍යත්වය,
[4] මාලිමාව ප්‍රතිපත්ති ප්‍රකාශණය: PDF-පොහොසත් රටක් ලස්සන ජීවිතයක්,
[5] 2024-11-12, Soros ගේ LGBTQ+ වසංගතය,
[6] 2024-11-09, තුන්බෑය: ටිල්වින්, අනුර, සහ විජිත,
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්