ශ්‍රී ලංකාව BRICS සමාජිකත්වය ලබා ගැනීමට ඉදිරිපත් කළ අයදුම්පත ප්‍රතික්ෂේප වී නැහැ- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය.
"ECONOMYNEXT" වෙබ් අඩවිය විසින් පල කල පුවතක් වන ශ්‍රී ලංකාව BRICS කණ්ඩායමට ඇතුලත් වීමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වේ යනුවෙන් කළ පුවත පදනම් කරගනිමින් ලංකා ලීඩ් පුවත් වෙබ් අඩවිය ඇතුළු වෙනත් පුවත් වෙබ් අඩවි කිහිපයක්ද එම පුවත ප්‍රචාරය කර තිබුණි. ඒ අතර ඊයේ(09) වෙළෙඳ පොළට නිකුත් කළ අද(10) "Sunday Isaland" පුවත් පතද එම පුවත සිය මුල් පිටුවේම පල කර තිබුණි. මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය එම පුවත සාවද්‍ය පුවතක් බව පවසයි. රුසියානු තානාපති කාර්යාලය නිකුත් කළ මාධ්‍ය නිවේදනයට අනුව ශ්‍රී ලංකාව ඇතුළු තවත් බොහෝ රටවල් ගණනක් BRICS කණ්ඩායමට ඇතුළත් වීමට ඉල්ලා ඉදිරිපත් කළ අයදුම්පත් නුදුරේදී BRICS කණ්ඩායමේ ඊට අදාල අංශ විසින් සමාලෝචනය කර අවශ්‍ය පියවර ගනු ලබනු ඇත.
ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්...
ශ්‍රී ලංකාව BRICS කණ්ඩායමට ඉදිරිපත් කිරිමට ඉදිරිපත් කළ අයදුම්පත ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධවයි
2024 නොවැම්බර් 09 වැනි දින වෙළෙඳ පොළට නිකුත් කළ “Sunday Isaland” පුවත් පතෙහි පළ වූ බ්‍රික්ස් සාමාජිකත්වය සඳහා ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ අයදුම්පත සම්බන්ධයෙන් නොමඟ යවන සුළු ප්‍රවෘත්තිය කෙරෙහි ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ අවධානයට ලක් විය.
ශ්‍රී ලංකාව BRICS කණ්ඩායම සමඟ සම්බන්ධ වීමට ඉල්ලුම් කර ඇති බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය අවධාරණය කරමු. BRICS කණ්ඩායමේ රුසියානු සභාපතිත්වය ශ්‍රී ලංකාව BRICS කණ්ඩායමට ඇතුලත්වීමට දක්වන උනන්දුව පිළිගනු ලැබීය. ඒ අනුව ශ්‍රී ලංකාව ඉදිරිපත් කර ඇති අයදුම්පත BRICS කණ්ඩායම විසින් නියමිත කාලය තුළ පූර්ණ උපදේශන සහ එකඟතාවයකින් යුතුව අයදුම් කර ඇති වෙනත් රටවල් ගණනාවක අයදුම්පත් සමඟ සලකා බලනු ඇත. ශ්‍රී ලංකාව BRICS සාමාජිකත්වය ලබා ගැනීමට ඉල්ලා ඉදිරිපත් කළ අයදුම්පත ප්‍රතික්ෂේප කර ඇති බවට දේශීය මාධ්‍ය වල පලවන පුවත් වාර්තා නිවැරදි නොවන බව අවධාරණය කරමු.

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..