ලංකාවේ දී ඊශ්‍රායල සංචාරකයන් ඉලක්ක කර ප්‍රහාරයක් දියත් කිරීමට සූදානම්ව සිටියේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනයට යෙදවූ ඉරාන ජාතිකයාමයි – අමෙරිකාවෙන් අනාවරණයක්
තේරී පත්ව සිටින අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ටෙහෙරානය විවේචනය කරන අමෙරිකානු මාධ්‍යවේදියකු ඝාතනය කිරීමේ කුලී කොන්ත්‍රාත්තුවක් පැවරී සිටි බවට චෝදනා කෙරෙන ඉරාන ජාතිකයාට ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල සංචාරකයන් ඉලක්ක කිරීමේ වගකීම ද පැවරී තිබී ඇතැයි එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව පවසයි.
ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ (IRGC) අයකු වන 51 හැවිරිදි ඉරාන ජාතික ෆර්හාඩ් ෂකේරි ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල සංචාරකයන් ඉලක්ක කර ගැනීමේ කාර්යය භාරව සිටි බව එම දෙපාර්තමේන්තුව පවසයි.
නිව් යෝර්ක් හි ඉරාන සම්භවයක් ඇති එක්සත් ජනපද පුරවැසියකු ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධ කුමන්ත්‍රණයකට නිව් යෝර්ක් හි බෘක්ලින් හි කාර්ලිස්ල් රිවේරා (49) සහ ස්ටැටන් අයිලන්ඩ් හි ජොනතන් ලෝඩ්හෝල්ට් (36) යන පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබිණි.
කුලියට මිනීමැරීමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු විවිධ වැරදි සම්බන්ධයෙන් අපරාධ පැමිණිලි ඔවුන් දෙදෙනාටම එල්ල වී ඇත.
ටෙහෙරානයේ පදිංචිව සිටින බවට විශ්වාස කෙරෙන ෂකේරි, ඉරාන පාලන තන්ත්‍රය විවේචනය කරන විරුද්ධවාදීන්ට නිරීක්ෂණ කිරීමේ සහ ඝාතන කිරීමේ මෙහෙයුම් සිදු කිරීමට අපරාධකරුවන්ගේ ජාලයක් භාවිත කළ බවට චෝදනා එල්ල විය.
එවැනි එක් ඉලක්කයක් වූයේ ඉරාන රජය දැඩි ලෙස විවේචනය කරන නිව්යෝර්ක් හි වෙසෙන එක්සත් ජනපද පුරවැසියෙකි.
විමර්ශකයන්ට අනුව ඔහු සොයාගැනීම සඳහා වන කොන්ත්රාත්තුවට ෂකේරි විසින් රිවේරා සහ ලෝඩ්හෝල්ට් ට ඩොලර් 100,000ක් පොරොන්දු වී තිබේ.
ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ අනෙකුත් එක්සත් ජනපද සහ ඊශ්‍රායල ඉලක්ක මරා දැමීමේ සැලසුම්වලට ෂකේරි සම්බන්ධ වූ බවට ද එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව චෝදනා කරයි.
වින්දිතයන් නිරීක්ෂණය කිරීම සහ ඝාතන සිදු කිරීම පිළිබඳ විස්තර ඇතුළුව ඔහුගේ ක්‍රියාකාරීන්ට ෂකේරි විසින් දුන් උපදෙස්, සම්මුඛ සාකච්ඡා සහ ඩිජිටල් සන්නිවේදනයන් හරහා අනාවරණ වී තිබේ.
මංකොල්ලකෑම් සම්බන්ධයෙන් සිරගතව සිටීමෙන් පසු 2008 දී එක්සත් ජනපදයෙන් පිටුවහල් කරන ලද ෂකේරි, කුලියට මිනීමැරීම සහ විදේශීය ත්‍රස්තවාදී සංවිධානයකට ද්‍රව්‍යමය ආධාර සැපයීම ඇතුළු විවිධ චෝදනාවලට මුහුණ දී සිටියි.
ඔහු නිදැල්ලේ සිටින අතර රිවේරා සහ ලෝඩ්හෝල්ට් නඩු විභාගයක් පැවැත්වීම සඳහා රඳවාගෙන සිටින බව එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙම අනාවරණයට අදාළව නිකුත් කළ වාර්තාවේ දිගුව පහතින් දැක්වේ.
- ceylonwire
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්