
ලංකාවේ දී ඊශ්‍රායල සංචාරකයන් ඉලක්ක කර ප්‍රහාරයක් දියත් කිරීමට සූදානම්ව සිටියේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනයට යෙදවූ ඉරාන ජාතිකයාමයි – අමෙරිකාවෙන් අනාවරණයක්
තේරී පත්ව සිටින අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ටෙහෙරානය විවේචනය කරන අමෙරිකානු මාධ්‍යවේදියකු ඝාතනය කිරීමේ කුලී කොන්ත්‍රාත්තුවක් පැවරී සිටි බවට චෝදනා කෙරෙන ඉරාන ජාතිකයාට ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල සංචාරකයන් ඉලක්ක කිරීමේ වගකීම ද පැවරී තිබී ඇතැයි එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව පවසයි.
ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ (IRGC) අයකු වන 51 හැවිරිදි ඉරාන ජාතික ෆර්හාඩ් ෂකේරි ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල සංචාරකයන් ඉලක්ක කර ගැනීමේ කාර්යය භාරව සිටි බව එම දෙපාර්තමේන්තුව පවසයි.
නිව් යෝර්ක් හි ඉරාන සම්භවයක් ඇති එක්සත් ජනපද පුරවැසියකු ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධ කුමන්ත්‍රණයකට නිව් යෝර්ක් හි බෘක්ලින් හි කාර්ලිස්ල් රිවේරා (49) සහ ස්ටැටන් අයිලන්ඩ් හි ජොනතන් ලෝඩ්හෝල්ට් (36) යන පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබිණි.
කුලියට මිනීමැරීමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු විවිධ වැරදි සම්බන්ධයෙන් අපරාධ පැමිණිලි ඔවුන් දෙදෙනාටම එල්ල වී ඇත.
ටෙහෙරානයේ පදිංචිව සිටින බවට විශ්වාස කෙරෙන ෂකේරි, ඉරාන පාලන තන්ත්‍රය විවේචනය කරන විරුද්ධවාදීන්ට නිරීක්ෂණ කිරීමේ සහ ඝාතන කිරීමේ මෙහෙයුම් සිදු කිරීමට අපරාධකරුවන්ගේ ජාලයක් භාවිත කළ බවට චෝදනා එල්ල විය.
එවැනි එක් ඉලක්කයක් වූයේ ඉරාන රජය දැඩි ලෙස විවේචනය කරන නිව්යෝර්ක් හි වෙසෙන එක්සත් ජනපද පුරවැසියෙකි.
විමර්ශකයන්ට අනුව ඔහු සොයාගැනීම සඳහා වන කොන්ත්රාත්තුවට ෂකේරි විසින් රිවේරා සහ ලෝඩ්හෝල්ට් ට ඩොලර් 100,000ක් පොරොන්දු වී තිබේ.
ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ අනෙකුත් එක්සත් ජනපද සහ ඊශ්‍රායල ඉලක්ක මරා දැමීමේ සැලසුම්වලට ෂකේරි සම්බන්ධ වූ බවට ද එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව චෝදනා කරයි.
වින්දිතයන් නිරීක්ෂණය කිරීම සහ ඝාතන සිදු කිරීම පිළිබඳ විස්තර ඇතුළුව ඔහුගේ ක්‍රියාකාරීන්ට ෂකේරි විසින් දුන් උපදෙස්, සම්මුඛ සාකච්ඡා සහ ඩිජිටල් සන්නිවේදනයන් හරහා අනාවරණ වී තිබේ.
මංකොල්ලකෑම් සම්බන්ධයෙන් සිරගතව සිටීමෙන් පසු 2008 දී එක්සත් ජනපදයෙන් පිටුවහල් කරන ලද ෂකේරි, කුලියට මිනීමැරීම සහ විදේශීය ත්‍රස්තවාදී සංවිධානයකට ද්‍රව්‍යමය ආධාර සැපයීම ඇතුළු විවිධ චෝදනාවලට මුහුණ දී සිටියි.
ඔහු නිදැල්ලේ සිටින අතර රිවේරා සහ ලෝඩ්හෝල්ට් නඩු විභාගයක් පැවැත්වීම සඳහා රඳවාගෙන සිටින බව එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙම අනාවරණයට අදාළව නිකුත් කළ වාර්තාවේ දිගුව පහතින් දැක්වේ.
- ceylonwire
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
