News Category
From Date
To Date
Maximum Number of Result

මට රනිල්ව පේන්න බැරි ඇයි?

Nov 8, 2024 at 05:55 PM
|

යුද්ධය පවතින කාලයේ සමහරක් කොටස් රට බෙදීමට විරුද්ධව ගෙනාපු කතාවක් තමයි, ලංකාව රටවල් දෙකක් විදිහට දෙකඩ කළොත් දුර්වල රාජ්‍යයන් දෙකක් ඇති වෙනවාය කියන අදහස. ඒක වැරදි කතාවක්. දුර්වල රාජ්‍යයන් දෙකක් ඇති වෙන්‍නේ නැ. එක දුර්වල රාජ්‍යයි ඇති වෙන්නේ. ඒ තමයි සිංහල මිනිස්සු ඉන්න ලංකාව. ඊළාමය දුර්වල රාජ්‍යයක් වෙන්නේ නෑ. 

බ්‍රිතාන්‍ය පර්යේෂිකාවක් වෙන ජේන් රසල් 70 දශකයේ යාපනයේ ඉඳලා ලංකාවේ දෙමළ දේශපාලනය ගැන පොතක් ලිව්වා. ඒක තමයි Communal politics under the Donoughmore Constitution 1931-1947 කියලා පස්සේ ප්‍රසිද්ධ වුණේ. අන්න ඒ පර්යේෂණය කරන කාලේ තමන් අත්දැක්ක දෙයක් එයා විස්තර කරලා තිබ්බේ මෙහෙමයි.   

Once, while waiting for a CTB bus at Kurumbacciddy Junction in 1974, I saw a blackboard advertising a lecture by the then proto-LTTE which showed speedboats pulling the Jaffna peninsula across the Palk Straits and joining it to Tamil Nadu…

උතුරු නැගෙනහිර දෙමළ ජාතිකවාදීන්ට කවදත් අවශ්‍ය වුණේ ලංකාවේ දෙමළ බහුතර උතුර හා නැගෙනහිර ඉන්දියාවේ දෙමළ බහුතර තමිල්නාඩුව එක්ක දේශපාලනික වශයෙන් නැතත් ආර්ථික හා සංස්කෘතික වශයෙන් එක කලාපයක් කරන්නයි. එහෙම කළාම ඊළාමය කියන්නේ කුඩා භූමියක තියන දුර්වල රාජ්‍යයක් නෙමෙයි, වඩා ශක්තිමත් තමිල්නාඩුවක නැත්තම් ඉන්දියාවක කොටසක්. නිකම් හරි ඊළාමය හැදුවා නම් ඒක තමයි මේ කලාපයේ ඇති වෙන භූ දේශපාලනික තත්ත්වය. 

එතකොට අපේ බෝඩරය එහා පැත්තේ තියෙන්නේ‍ දෙමළ ඊළම විතරක් නෙමෙයි, තමිල්නාඩුව නැත්තම් ඉන්දියාවයි. එතකොට යාපනය, ත්‍රිකුණාමලය, පුත්තලම, හලාවත, මඩකලපුව කියන්නේ ඉන්දියානු, තමිල්නාඩු නගරයි. මීගමුව පවා පැරණි දෙමළ නගරයක් කියලා ඒ අය කියනවා. බොහෝ විට නුවර එළිය පවා ඒ පැත්තට යන්න තිබ්බා. හිතාගන්න කෝ ඊළම හැදුණා නම් ලංකාවේ සිංහල මිනිස්සුන්ට වෙන දේ. 

මෙන්න මේ ඉරණම තමයි අවුරුදු 30ක් අපි යුද්ධ කරලා, ජාතිවාදී ලේබල් අලවා ගෙන නවත්වාගත්තේ.

ලංකාවේ දෙමළ ජාතිවාදී ව්‍යාපෘතියේ මෙන්න මේ වුවමනාව කල් තියා දැක්ක නිසා තමයි,

•ඩී. එස්. සේනානායක වතු දෙමළ ලක්ෂ ගානකට පුරවැසි භාවය නොදුන්නේ.. 

•සිංහල ගොවි ජනපද ඇති කළේ..

•බ්‍රිතාන්‍යය එක්ක ආරක්ෂාව පිළිබඳ ගිවිසුම් ගහලා බ්‍රිතාන්‍ය නාවික හමුදාව ලංකාවේ තියාගත්තේ 

•බණ්ඩාරනායක සිංහල පමණයි භාෂා පනත ගෙනාවේ... 

•සංක්‍රමණ වළක්වා ගන්න එන්. කිව් ඩයස් යාපනය වටේ හමුදා කඳවුරු ගහන්න සැලසුම් කළේ.. 

•සිරිමාවෝ 72 ජනරජ පනත ගෙනාවේ 

•ඉන්දියානු හමුදාවට, 13ට විරුද්ධ වුනේ 

•මහින්ද යුද්ධය ඉවර කළේ, චීනය එක්ක කිට්ටු සබඳතා ගොඩනගා ගත්තේ 

මේ සේරම කළේ ලංකාව කියන දූපත් රාජ්‍යයටයි සිංහල මිනිස්සුන්ටයි වෙන්න ගිය අර ඉරණම වළක්වා ගන්නයි. 

අපි ඒකීය රටක් වෙනුවෙන් අවුරුදු 30ක් යුද්ධ කළේ නිකම් ආතල් එකට, නිකම් ඉන්න බැරුවට, නැත්තම් හුදු ගෞරවය නැත්තම් අර වමාලා කියනවා වගේ මහාවංශ මානසිකත්වයක් නිසා නෙමෙයි. දෙමළ ජාතිවාදී ව්‍යාපෘතිය පරාජය කිරීම සඳහා ඒකීය භාවය අතිශය අවශ්‍ය වෙන නිසයි. ලංකාවේ දෙමළ ජාතිවාදී ව්‍යාපෘතිය සිංහල ජනයාගේ පැවැත්මට ඇති තර්ජනයක්. 

මේ ගැන රනිල් හා චන්ද්‍රිකා හැර රට පාලනය කරපු සියළුම රාජ්‍ය නායකයන්ට (සිරිසේනත් ඇතුළුව) දැනුවත්කමක් තිබ්බා. මේ ගැන කිසිම අවබෝධයක් නැත්තේ NGO වලින් උස්සන් ගෙනාව රනිල් හා චන්ද්‍රිකාටයි. 

මේ විදිහට ජීවිත පරිත්‍යාගයෙන් අපි ‍වළක්වා ගත්ත මේ ඉරණම, රනිල් කියන මන්ද මානසික පිස්සා කොල කෑල්ලක එක අත්සනකින් දෙමළ ජාතිවාදී ව්‍යාපෘතියට දෙන්න සූදානම් වුණා. 

රනිල් කියන්නේ රටේ ආරක්ෂාව හරි අනාගතය ගැන හරි කිසිම හැඟීමක් නැති strategic thinking එකක් ගෑවිලාවත් නැති කෙලින්ම පිස්සෙක් විදිහට සළකන්න පුළුවන් පුද්ගලයෙක්. 

රනිල් කියන්නේ කිසිම විදිහකින් typical UNP නායකයෙක් නෙමෙයි. 

පැරණි UNP නායකයෝ වෙන ඩී. එස්, ඩඩ්ලි, කොතලාවල, ජේ. ආර්, ප්‍රේමදාස, විජේතුංග කියන මේ සියළු දෙනාම ඉන්දියානු/ දෙමළ ආධිපත්‍යය රටේ පැවැත්මට තර්ජනයක් විදිහට සළකපු අයයි. ඒ මිනිස්සුන්ට යම් අඩුපාඩු ඇතුව හෝ ලංකාව - ඉන්දියාව සම්බන්ධයෙන් හොඳ strategic thinking එකක් තිබ්බා. රනිල් typical UNP නෙමෙයි. NGO වලින් උස්සලා ගෙනාව නායකයෙක්. typical UNP එකෙන් රනිල්ට තිබ්බේ බටහිර ගැති කම පමණයි. 

රට දියනු කරන්න කිසිම ආර්ථික සැලැස්මක් කිසි දවසක තිබ්බේ නැති රනිල්ගේ සාමාන්‍ය ක්‍රමය තමයි මොකක් හෝ විදේශ රටක් හරි NGO එකකින් හරි දෙන සැලැස්මක් ක්‍රියාත්මක කරන්න බලන එක. (එයාගේ සාම ක්‍රියාදාමය නෝර්වේ වලින් දුන්නා වගේ) 

ඉතින් ඒ විදිහට රනිල්  2015 දි බලයට ආවාම ඉන්දියාව එයාට දුන්නා වැඩපිළිවෙලක්. ඒ වැඩපිළිවෙල වෙන්නේ, ලංකාව හා දකුණු ඉන්දියාවම එක ආර්ථික කලාපයකට ගෙන ඒමයි. තමන් එහෙම කරනවා කියලා රනිල් විවෘතවම කිව්වා. ලංකාව හා තමිල්නාඩුව යා කරමින් හදන හනුමා පාලම ඒ වැඩපිළිවෙලේ කොටසක්. 

මෝදිට අවශ්‍ය විදිහට රනිල් ලවා ලංකාවයි - දකුණු ඉන්දියාවයි (තමිල් නාඩුවයි) එක ආර්ථික කලාපයකට ගෙනාවාම, රටවල් දෙක භෞමිකව සම්බන්ධ කළාම ලංකාවේ දෙමළ ජාතිවාදීන්ගේ මහා දෙමළ රාජ්‍යයේ සිහිනය නෙමෙයි ද ඉටු වෙන්නේ? අපි අවුරුදු 30ක් යුද්ධ කරලා වළක්වාගන්න හදපු ඉරණමට පාර කැපෙන එක නෙමෙයි ද මෙතන වෙන්නේ? 

මේ සේරමෙන්ම වෙන්නේ තමිල්නාඩුව එක්ක එකතු වෙලා මහා දෙමළ රාජ්‍යයක් හදාගැනීමේ ලාංකික දෙමළ ජාතිවාදී සිහිනය ඉටු කිරීමේ මූලික අඩිතාලම දැමීමයි. එතනදි සිංහල ජනතාව ඇත්තටම කොලනියක තත්ත්වයට පත් වෙනවා. 

විශේෂයෙන් සිංහල හා දෙමළ භාෂා සම තත්ත්වයේ සළකන දෙකම රාජ්‍ය භාෂා කරපු තත්ත්වයක්, සිංහල ජනගහන වර්ධනයට වඩා දෙමළ කතා කරන පිරිසේ ජනගහන වර්ධන වේගය වැඩි තත්ත්වයක් ලංකාවේ පවතිද්දි රනිල් ගෙනාපු මෝදිගේ වැඩපිළිවෙල තාර්කික අවසානයක් කරා ගෙනිච්චා නම් සිංහල මිනිස්සුන්ට මොකද වෙන්නේ? නැවතත් කාලිංග මාඝ යුගයක් නෙමෙයි ද?

සිරිසේන හින්දා යහපාලනය කාලේ රනිල් - මෝදි ගිවිසුම ටිකක් හෝ අඩාල වුණා. යහපාලනය එළෙව්වාට පස්සේ ‍ගෝඨාභය රාජපක්ෂ ඒ ගිවිසුම් නොසළකා හැරියත් ආර්ථික අර්බුදය නිසාත් ඉන්දියාවේ උදව් අවශ්‍ය වුණු නිසාත් නැවතත් ඉන්දියානු පදයට නටන්න වුණා. 

අරගලයෙන් පස්සේ රනිල් ආව ගමන් මුලින්ම කළේ ඉන්දියාවට ගිහින් තමන් කලින් දීපු පොරොන්දු නැවතත් අළුත් කිරීමයි. 2015 ඉඳන් හෙමින් හෙමින් සිද්ධ වෙච්ච පාලම් ගැහිල්ලේ, ලංකාවයි තමිල්නාඩුවයි එකතු කිරීමේ වැඩපිළිවෙල 2022 අරගලයෙන් පස්සේ රනිල් ආවාම වේගයෙන් ඉදිරියට ගියා. 

ඒ විතරක් නෙමෙයි, රනිල්ට ලංකාවේ strategic interests ගැන අවබෝධය කොච්චර අඩුද කියනවා නම් ඩී. එස්ගේ පක්ෂයේ ඉඳගෙන ඩී. එස්ගේ ගොවි ජනපද ව්‍යාපාරය අනික් පැත්ත හරවන්න අවශ්‍ය වැඩ පටන් ගත්තා. 

ඇත්තටම මට තියන ප්‍රශ්නය රටේ ඒකීය බව වෙනුවෙන් පෙනී සිටින අය රනිල් වෙනුවෙන් පෙනී සිටින්නේ,  පාලම ගැන නිශ්ශබ්ද වෙන්නේ කොහොමද කියන එකයි.

**රනිල් කියන පුද්ගලයා මිනිස් බුද්ධියට නිගාවක්.**

**රනිල්ගේ ඉපදීම නිසාම ලංකාවට බරපතළ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වුණ.**

ශ්‍රී ලංකාව කියන රාජ්‍යයේ ඒකීය භාවය වෙනුවෙන් පෙනී සිටින සිංහල ජාතිකවාදීන් ෆෙඩරල් ව්‍යවස්ථා, ඔරුමිත්තනාඩුව, 13 සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම වගේ දේවල් වලට විරුද්ධත්වය දැක්කුවත් රනිල්ගේ හනුමා පාලම සම්බන්ධයෙන් නිශ්ශබ්ද වෙන්නේ ඇයි? මේ අය හිතන් ඉන්නේ හනුමා පාලමෙන් පස්සේ ඒකීය ලංකාවක් පවතියි කියල ද?

පාලම කියන්නේ 13 හා ෆෙඩරල් වලටත් වඩා ලොකු ප්‍රශ්නයක්. මෝදි ඇතුළු ඉන්දියානු රජය මේ පාලම අප මත බලෙන් පටවන්න හදන්නේ ඇයි කියලා හිතන්න. 

අරගලයෙන් පස්සේ රටේ දේශපාලන ස්ථාවරත්වය ඇති කරන්න රනිල්ට පුළුවන් වුණා, පෝලිම් නැති කරා, අරගලකාරයන්ට ගැහුවා කියලා හිතලා රනිල්ට සමහරු සහාය දක්වනවා. ජාතිකවාදීන් පවා. මම ඒ අයගෙන් අහන්නේ එහෙනම් ජීවිත පූජා කරගෙන යුද්ධයක් දින්නේ මොන එහෙකට ද? හනුමා පාලම කියන්නේ රනිල් සම්බන්ධයෙන් deal breaker එකක් වෙන දෙයක්. 

ලංකාවේ වාසනාවට මේ ජනාධිපතිවරණයෙන් මැන්ව එළවාදාන්න පුළුවන් වෙච්ච නිසා ඒ වැඩපිළිවෙල දැන් තාවකාලිකව නතර වෙලා තියනවා. 

ඉන්දියානු මැදිහත්වීම හා 13ට විරුද්ධව ආයුධ අතට ගත්ත ජෙප්පො (npp set එක නෙමෙයි) රනිල්ට වඩා සෑහෙන හොඳයි. උන්ට රටේ strategic interests ගැන වඩා හොඳ අවබෝධයක් තියනවා. npp එවුන් ටිකක් දිහා බලලා ජෙප්පෝ සිංහල බෞද්ධ විරෝධි කියලා හිතන් රනිල් වෙනුවෙන් ජාතිකවාදීන් පෙනී සිටිම නම් විහිලුවක්. 

පේන විදිහට මේ පාලම ඉදිරියට ගෙනියන්න ඕන කියලා දැඩි පීඩනයක් අනුර කුමාර රජයට ඉන්දියාව පැත්තෙන් එල්ල වෙමින් තියනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් දැඩි විරෝධය සිංහල මිනිස්සු රජයට පෙන්නිය යුතුයි. ඒ වගේම අනුර කුමාර රජය නොකළත් අනාගතයේ මොකක් හෝ දුර්වල රජයක් ආව ගමන් මෝදි තමන්ගේ වැඩපිළිවෙල ඔවුන් ලවා කරවන්න බලයි. 

ඒ වගේම ඉස්සරහට එන්න පුළුවන් කියලා ඉන්දියාව හිතන තරුණ දේශපාලන ක්‍රියාධරයන් ඉන්දියානු වැඩිපිළවෙලට නම්මා ගැනීමට ඉන්දියාව දැන්ම පටන් අරගෙන තියනවා. ඒ විදිහට නාමල් රාජපක්ෂ, කාංචන විජේසේකර පමණක් නෙමෙයි අර බුකියේ දේශපාලනය කරන පැතුම් කර්නර් වගේ කට්ටිය එක්කත් ඉන්දියානු රජය දැන් සම්බන්ධතා ගොඩනගමින් ඉන්නේ. 

ඒ නිසා මේ ලංකාව - තමිල්නාඩුව එක කලාපයක් කිරීමේ මෝදිගේ වැඩපිළිවෙල කියන උගුලට රනිල් කියන මොට්ට රාළ ලංකාව දැම්මා වගේ ලේසියෙන් අපට ගැලවෙන්න බැ. (2001දි රනිල් ආව වෙලේ අපව නෝර්වේ සාම උගුලට දැම්මා. මහින්දලා සැහෙන අමාරුවෙන් අපව ඒකෙන් බේරගත්තේ)

ඒ නිසා ලංකාව වෙනත් රටකට පාලමකින් හෝ සම්බන්ධ කෙරෙන්නේ නම් ඒ වගේ දෙයක් කරන්න ජනමතවිචාරණයකින් ජනතාවගේ කැමැත්ත විමසිය යුතුයි කියන වගන්තිය ව්‍යවස්ථාවට එකතු කළ යුතුයි. 

ඒ වගේම දිගුකාලීන පියවරක් හැටියට ලංකාවේ අගනුවර කොළඹ නගරයෙන් ඉවත් කරගෙන ත්‍රිකුණාමලයට ගෙනියන්නත් පියවර ගන්න ඕන.

- ඉෂ් ඩයස්

(මුහුණුපොතෙන් උපුටා ගැනිණි)

සම්බන්ධිත පුවත් | Related News

එදා අපි නුඹලාට ත්‍රස්තවාදීන් එක්ක යුද්ධ කරලා රට නිදහස් කරලා දුන්නා
චීන කොමියුනිස්ට් පක්ෂය විසින් 1953 වසරේ සිට ආරම්භ කරන ලද ‘පස් අවුරුදු සැලසුම්’ යනු චීනයේ සමාජයීය සහ ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගත් මුල් පිරීම් මාලාවකි. මෙම සැලසුම් මගින් ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන්නේ පාරිසරික ආරක්ෂාව, අධ්‍යාපනය සහ කාර්මික ක්ෂේත්‍රවල චීන රජයේ ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සංවිධානය සහ ස්ථාපිත කිරීමේ කේන්ද්‍රීය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීමය. නව පස් අවුරුදු සැලසුමක් සකස් කිරීම, සාමාන්‍යයෙන් පවතින සැලැස්මේ මැද භාගයේදී ආරම්භ වේ. මෙය වසර කිහිපයක් පුරා සිදුකරන ඇගයීම්, මූලික පර්යේෂණ කෙටුම්පත් කිරීම සහ සංශෝධන මෙන්ම, මහජන අදහස් ලබා ගැනීම වැනි වට මාලාවකින් සමන්විත වේ. මෙලෙස සකස් කෙරෙන පස් අවුරුදු සැලසුම්, ඒවායේ කාර්යක්ෂමතාව සහ හැකියාවන් මෙන්ම, වේගවත් ආර්ථික වර්ධනය, සංවර්ධනය සහ ආයතනික මූල්‍ය සහ කාර්මික ප්‍රතිපත්ති සඳහා දායක වී ඇති ආකාරය ප්‍රශංසනීයය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි සිරගත වූහ. උන්වහන්සේගේ සිවුර ගලවා ජම්පරයක් අන්දවා ඇතැයි යන ප්‍රවෘත්තිවලින් සමාජ මාධ්‍ය පිරී ඇත. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට උන්වහන්සේට ජම්පරයක් ඇන්දවීම ප්‍රවෘත්තියක් බවට පත්කර මාධ්‍යයට ප්‍රකාශ කරන්නැයි උපදෙස් දුන්නේ කවුදැයි වෙනමම සොයා බැලිය යුතුය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් දුදස්සනව එළවලා දාපු එක ලොකු ප්‍රශ්නයක් කරගත්ත පිරිසක් ඉන්නවා. කිසියම් සංවිධානයක සාමාජිකත්වයක් දරන කෙනෙක්ට ඒ සංවිධානයේ මූලික පිළිගැනීම්වලට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? කිසියම් ආයතනයක සේවය කරන කෙනෙක්ට ඒ ආයතනයේ විනය එකඟතා නො සළකා කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? තමන්ට ඕන ඕන මගුල් කියවන්න, සංවිධානයක පොදු එකඟතාවලට විරුද්ධව, විනය එකඟතා නො තකා වැඩ කරන්න ඒ සංවිධානවල සාමාජිකයන්ට බෑ.
ඊයේ දිනයේ, මගේ හදවතට ඉතා සමීප, ඒ වගේම Fair Comment හි සමීපතම මිතුරෙකුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සාපරාධී අපරාධකරුවෙක් නෙවෙයි. ඔහු නීතියෙන් පැන ගිය කෙනෙකුත් නෙවෙයි. ඔහුගේ එකම වරද වුණේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය—වෙනත් පහළ උසාවියක් හෝ අවධානය සොයන මහේස්ත්‍රාත්වරයෙක් නොව, රටේ ඉහළම අධිකරණය—මීට වසර හතකට පෙර ජනාධිපතිවරයෙක් ගත් තීරණයක් ශුන්‍ය කර දැමීමට තීන්දු කිරීම පමණයි. ඒ තීන්දුව අවලංගු කිරීමෙන් ඔවුන් කළේ ඒ මිනිසාවත් අමු අමුවේ දිය කර හැරීමයි.
බ්‍රසීලයේ 2026 මැතිවරණය ජනාධිපති ලූලා ද සිල්වා (Lula da Silva) සහ ෆ්ලේවියෝ බෝල්සොනාරෝ (Flávio Bolsonaro) අතර දැඩි තරගකාරී, අධික ලෙස ද්‍රැවීකරණය වූ සටනක් බවට පත්ව ඇත. මත විමසුම්වලට අනුව, දෙවන වටයේ තරගයකදී දෙදෙනාම කරට කර තත්ත්වයක පසුවන අතර, මැද මාවතේ විකල්පයන්ට ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකිවී නොමැත. අපේක්ෂකයින් දෙදෙනාටම 50% ක පමණ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිශතයක් ඇති අතර, එම නිසා මෙම මැතිවරණය බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට වඩා ප්‍රතිවාදියා බලයට පැමිණීම වැළැක්වීම අරමුණු කරගත් එකක් බවට පත්ව තිබේ.
ලෝකයේ දියුණු හෙවත් ධනපති රටවල (developed countries) වෘත්තිකයන්ගෙන් අයකරන පුද්ගල ආදායම් බදු (Personal Income Tax) සහ අනෙකුත් සමාජ ආරක්ෂණ දායකත්ව (Social Security Contributions) ක්‍රමවේද ප්‍රධාන වශයෙන් ප්‍රගතිශීලී බදු ක්‍රමයක් (Progressive Tax System) මත පදනම් වේ. එනම්, ලැබෙන ආදායම වැඩි වීමට අනුරූපව බදු අනුපාතයද ඉහළ යයි.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
2003 අවුරුද්දේ මාර්තු 30 වැනි දා, ඉරාකය ආක්‍රමණය කරපු ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී හවුල් හමුදාවල අවසාන බල ඇණි 2026 සැප්තැම්බර් 30 වැනි දා ඉරාකයෙන් ඉවත්වෙලා ගියා. ජනාධිපති ජෝර්ජ් බුෂ් විසින් “ඉරාක නිදහස් මෙහෙයුම” (Operation Iraqi Freedom) කියන නමින් පටන්ගත්ත මේ අධිරාජ්‍යවාදී ආක්‍රමණය අවුරුදු 23 ක වැඩි කාලයක් ඉරාකය තුළ ක්‍රියාත්මක වුණා. ජනතා ඝාතක ආයුධ හොයනවා කියලා බොරුවක් ගොතලා පටන්ගත්ත ඒ ආක්‍රමණයෙන් වෙච්ච විනාශය ලෝකය ම දන්නවා.

ප්‍රධාන පුවත්

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.