News Category
From Date
To Date
Maximum Number of Result

මට රනිල්ව පේන්න බැරි ඇයි?

Nov 8, 2024 at 05:55 PM
|

යුද්ධය පවතින කාලයේ සමහරක් කොටස් රට බෙදීමට විරුද්ධව ගෙනාපු කතාවක් තමයි, ලංකාව රටවල් දෙකක් විදිහට දෙකඩ කළොත් දුර්වල රාජ්‍යයන් දෙකක් ඇති වෙනවාය කියන අදහස. ඒක වැරදි කතාවක්. දුර්වල රාජ්‍යයන් දෙකක් ඇති වෙන්‍නේ නැ. එක දුර්වල රාජ්‍යයි ඇති වෙන්නේ. ඒ තමයි සිංහල මිනිස්සු ඉන්න ලංකාව. ඊළාමය දුර්වල රාජ්‍යයක් වෙන්නේ නෑ. 

බ්‍රිතාන්‍ය පර්යේෂිකාවක් වෙන ජේන් රසල් 70 දශකයේ යාපනයේ ඉඳලා ලංකාවේ දෙමළ දේශපාලනය ගැන පොතක් ලිව්වා. ඒක තමයි Communal politics under the Donoughmore Constitution 1931-1947 කියලා පස්සේ ප්‍රසිද්ධ වුණේ. අන්න ඒ පර්යේෂණය කරන කාලේ තමන් අත්දැක්ක දෙයක් එයා විස්තර කරලා තිබ්බේ මෙහෙමයි.   

Once, while waiting for a CTB bus at Kurumbacciddy Junction in 1974, I saw a blackboard advertising a lecture by the then proto-LTTE which showed speedboats pulling the Jaffna peninsula across the Palk Straits and joining it to Tamil Nadu…

උතුරු නැගෙනහිර දෙමළ ජාතිකවාදීන්ට කවදත් අවශ්‍ය වුණේ ලංකාවේ දෙමළ බහුතර උතුර හා නැගෙනහිර ඉන්දියාවේ දෙමළ බහුතර තමිල්නාඩුව එක්ක දේශපාලනික වශයෙන් නැතත් ආර්ථික හා සංස්කෘතික වශයෙන් එක කලාපයක් කරන්නයි. එහෙම කළාම ඊළාමය කියන්නේ කුඩා භූමියක තියන දුර්වල රාජ්‍යයක් නෙමෙයි, වඩා ශක්තිමත් තමිල්නාඩුවක නැත්තම් ඉන්දියාවක කොටසක්. නිකම් හරි ඊළාමය හැදුවා නම් ඒක තමයි මේ කලාපයේ ඇති වෙන භූ දේශපාලනික තත්ත්වය. 

එතකොට අපේ බෝඩරය එහා පැත්තේ තියෙන්නේ‍ දෙමළ ඊළම විතරක් නෙමෙයි, තමිල්නාඩුව නැත්තම් ඉන්දියාවයි. එතකොට යාපනය, ත්‍රිකුණාමලය, පුත්තලම, හලාවත, මඩකලපුව කියන්නේ ඉන්දියානු, තමිල්නාඩු නගරයි. මීගමුව පවා පැරණි දෙමළ නගරයක් කියලා ඒ අය කියනවා. බොහෝ විට නුවර එළිය පවා ඒ පැත්තට යන්න තිබ්බා. හිතාගන්න කෝ ඊළම හැදුණා නම් ලංකාවේ සිංහල මිනිස්සුන්ට වෙන දේ. 

මෙන්න මේ ඉරණම තමයි අවුරුදු 30ක් අපි යුද්ධ කරලා, ජාතිවාදී ලේබල් අලවා ගෙන නවත්වාගත්තේ.

ලංකාවේ දෙමළ ජාතිවාදී ව්‍යාපෘතියේ මෙන්න මේ වුවමනාව කල් තියා දැක්ක නිසා තමයි,

•ඩී. එස්. සේනානායක වතු දෙමළ ලක්ෂ ගානකට පුරවැසි භාවය නොදුන්නේ.. 

•සිංහල ගොවි ජනපද ඇති කළේ..

•බ්‍රිතාන්‍යය එක්ක ආරක්ෂාව පිළිබඳ ගිවිසුම් ගහලා බ්‍රිතාන්‍ය නාවික හමුදාව ලංකාවේ තියාගත්තේ 

•බණ්ඩාරනායක සිංහල පමණයි භාෂා පනත ගෙනාවේ... 

•සංක්‍රමණ වළක්වා ගන්න එන්. කිව් ඩයස් යාපනය වටේ හමුදා කඳවුරු ගහන්න සැලසුම් කළේ.. 

•සිරිමාවෝ 72 ජනරජ පනත ගෙනාවේ 

•ඉන්දියානු හමුදාවට, 13ට විරුද්ධ වුනේ 

•මහින්ද යුද්ධය ඉවර කළේ, චීනය එක්ක කිට්ටු සබඳතා ගොඩනගා ගත්තේ 

මේ සේරම කළේ ලංකාව කියන දූපත් රාජ්‍යයටයි සිංහල මිනිස්සුන්ටයි වෙන්න ගිය අර ඉරණම වළක්වා ගන්නයි. 

අපි ඒකීය රටක් වෙනුවෙන් අවුරුදු 30ක් යුද්ධ කළේ නිකම් ආතල් එකට, නිකම් ඉන්න බැරුවට, නැත්තම් හුදු ගෞරවය නැත්තම් අර වමාලා කියනවා වගේ මහාවංශ මානසිකත්වයක් නිසා නෙමෙයි. දෙමළ ජාතිවාදී ව්‍යාපෘතිය පරාජය කිරීම සඳහා ඒකීය භාවය අතිශය අවශ්‍ය වෙන නිසයි. ලංකාවේ දෙමළ ජාතිවාදී ව්‍යාපෘතිය සිංහල ජනයාගේ පැවැත්මට ඇති තර්ජනයක්. 

මේ ගැන රනිල් හා චන්ද්‍රිකා හැර රට පාලනය කරපු සියළුම රාජ්‍ය නායකයන්ට (සිරිසේනත් ඇතුළුව) දැනුවත්කමක් තිබ්බා. මේ ගැන කිසිම අවබෝධයක් නැත්තේ NGO වලින් උස්සන් ගෙනාව රනිල් හා චන්ද්‍රිකාටයි. 

මේ විදිහට ජීවිත පරිත්‍යාගයෙන් අපි ‍වළක්වා ගත්ත මේ ඉරණම, රනිල් කියන මන්ද මානසික පිස්සා කොල කෑල්ලක එක අත්සනකින් දෙමළ ජාතිවාදී ව්‍යාපෘතියට දෙන්න සූදානම් වුණා. 

රනිල් කියන්නේ රටේ ආරක්ෂාව හරි අනාගතය ගැන හරි කිසිම හැඟීමක් නැති strategic thinking එකක් ගෑවිලාවත් නැති කෙලින්ම පිස්සෙක් විදිහට සළකන්න පුළුවන් පුද්ගලයෙක්. 

රනිල් කියන්නේ කිසිම විදිහකින් typical UNP නායකයෙක් නෙමෙයි. 

පැරණි UNP නායකයෝ වෙන ඩී. එස්, ඩඩ්ලි, කොතලාවල, ජේ. ආර්, ප්‍රේමදාස, විජේතුංග කියන මේ සියළු දෙනාම ඉන්දියානු/ දෙමළ ආධිපත්‍යය රටේ පැවැත්මට තර්ජනයක් විදිහට සළකපු අයයි. ඒ මිනිස්සුන්ට යම් අඩුපාඩු ඇතුව හෝ ලංකාව - ඉන්දියාව සම්බන්ධයෙන් හොඳ strategic thinking එකක් තිබ්බා. රනිල් typical UNP නෙමෙයි. NGO වලින් උස්සලා ගෙනාව නායකයෙක්. typical UNP එකෙන් රනිල්ට තිබ්බේ බටහිර ගැති කම පමණයි. 

රට දියනු කරන්න කිසිම ආර්ථික සැලැස්මක් කිසි දවසක තිබ්බේ නැති රනිල්ගේ සාමාන්‍ය ක්‍රමය තමයි මොකක් හෝ විදේශ රටක් හරි NGO එකකින් හරි දෙන සැලැස්මක් ක්‍රියාත්මක කරන්න බලන එක. (එයාගේ සාම ක්‍රියාදාමය නෝර්වේ වලින් දුන්නා වගේ) 

ඉතින් ඒ විදිහට රනිල්  2015 දි බලයට ආවාම ඉන්දියාව එයාට දුන්නා වැඩපිළිවෙලක්. ඒ වැඩපිළිවෙල වෙන්නේ, ලංකාව හා දකුණු ඉන්දියාවම එක ආර්ථික කලාපයකට ගෙන ඒමයි. තමන් එහෙම කරනවා කියලා රනිල් විවෘතවම කිව්වා. ලංකාව හා තමිල්නාඩුව යා කරමින් හදන හනුමා පාලම ඒ වැඩපිළිවෙලේ කොටසක්. 

මෝදිට අවශ්‍ය විදිහට රනිල් ලවා ලංකාවයි - දකුණු ඉන්දියාවයි (තමිල් නාඩුවයි) එක ආර්ථික කලාපයකට ගෙනාවාම, රටවල් දෙක භෞමිකව සම්බන්ධ කළාම ලංකාවේ දෙමළ ජාතිවාදීන්ගේ මහා දෙමළ රාජ්‍යයේ සිහිනය නෙමෙයි ද ඉටු වෙන්නේ? අපි අවුරුදු 30ක් යුද්ධ කරලා වළක්වාගන්න හදපු ඉරණමට පාර කැපෙන එක නෙමෙයි ද මෙතන වෙන්නේ? 

මේ සේරමෙන්ම වෙන්නේ තමිල්නාඩුව එක්ක එකතු වෙලා මහා දෙමළ රාජ්‍යයක් හදාගැනීමේ ලාංකික දෙමළ ජාතිවාදී සිහිනය ඉටු කිරීමේ මූලික අඩිතාලම දැමීමයි. එතනදි සිංහල ජනතාව ඇත්තටම කොලනියක තත්ත්වයට පත් වෙනවා. 

විශේෂයෙන් සිංහල හා දෙමළ භාෂා සම තත්ත්වයේ සළකන දෙකම රාජ්‍ය භාෂා කරපු තත්ත්වයක්, සිංහල ජනගහන වර්ධනයට වඩා දෙමළ කතා කරන පිරිසේ ජනගහන වර්ධන වේගය වැඩි තත්ත්වයක් ලංකාවේ පවතිද්දි රනිල් ගෙනාපු මෝදිගේ වැඩපිළිවෙල තාර්කික අවසානයක් කරා ගෙනිච්චා නම් සිංහල මිනිස්සුන්ට මොකද වෙන්නේ? නැවතත් කාලිංග මාඝ යුගයක් නෙමෙයි ද?

සිරිසේන හින්දා යහපාලනය කාලේ රනිල් - මෝදි ගිවිසුම ටිකක් හෝ අඩාල වුණා. යහපාලනය එළෙව්වාට පස්සේ ‍ගෝඨාභය රාජපක්ෂ ඒ ගිවිසුම් නොසළකා හැරියත් ආර්ථික අර්බුදය නිසාත් ඉන්දියාවේ උදව් අවශ්‍ය වුණු නිසාත් නැවතත් ඉන්දියානු පදයට නටන්න වුණා. 

අරගලයෙන් පස්සේ රනිල් ආව ගමන් මුලින්ම කළේ ඉන්දියාවට ගිහින් තමන් කලින් දීපු පොරොන්දු නැවතත් අළුත් කිරීමයි. 2015 ඉඳන් හෙමින් හෙමින් සිද්ධ වෙච්ච පාලම් ගැහිල්ලේ, ලංකාවයි තමිල්නාඩුවයි එකතු කිරීමේ වැඩපිළිවෙල 2022 අරගලයෙන් පස්සේ රනිල් ආවාම වේගයෙන් ඉදිරියට ගියා. 

ඒ විතරක් නෙමෙයි, රනිල්ට ලංකාවේ strategic interests ගැන අවබෝධය කොච්චර අඩුද කියනවා නම් ඩී. එස්ගේ පක්ෂයේ ඉඳගෙන ඩී. එස්ගේ ගොවි ජනපද ව්‍යාපාරය අනික් පැත්ත හරවන්න අවශ්‍ය වැඩ පටන් ගත්තා. 

ඇත්තටම මට තියන ප්‍රශ්නය රටේ ඒකීය බව වෙනුවෙන් පෙනී සිටින අය රනිල් වෙනුවෙන් පෙනී සිටින්නේ,  පාලම ගැන නිශ්ශබ්ද වෙන්නේ කොහොමද කියන එකයි.

**රනිල් කියන පුද්ගලයා මිනිස් බුද්ධියට නිගාවක්.**

**රනිල්ගේ ඉපදීම නිසාම ලංකාවට බරපතළ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වුණ.**

ශ්‍රී ලංකාව කියන රාජ්‍යයේ ඒකීය භාවය වෙනුවෙන් පෙනී සිටින සිංහල ජාතිකවාදීන් ෆෙඩරල් ව්‍යවස්ථා, ඔරුමිත්තනාඩුව, 13 සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම වගේ දේවල් වලට විරුද්ධත්වය දැක්කුවත් රනිල්ගේ හනුමා පාලම සම්බන්ධයෙන් නිශ්ශබ්ද වෙන්නේ ඇයි? මේ අය හිතන් ඉන්නේ හනුමා පාලමෙන් පස්සේ ඒකීය ලංකාවක් පවතියි කියල ද?

පාලම කියන්නේ 13 හා ෆෙඩරල් වලටත් වඩා ලොකු ප්‍රශ්නයක්. මෝදි ඇතුළු ඉන්දියානු රජය මේ පාලම අප මත බලෙන් පටවන්න හදන්නේ ඇයි කියලා හිතන්න. 

අරගලයෙන් පස්සේ රටේ දේශපාලන ස්ථාවරත්වය ඇති කරන්න රනිල්ට පුළුවන් වුණා, පෝලිම් නැති කරා, අරගලකාරයන්ට ගැහුවා කියලා හිතලා රනිල්ට සමහරු සහාය දක්වනවා. ජාතිකවාදීන් පවා. මම ඒ අයගෙන් අහන්නේ එහෙනම් ජීවිත පූජා කරගෙන යුද්ධයක් දින්නේ මොන එහෙකට ද? හනුමා පාලම කියන්නේ රනිල් සම්බන්ධයෙන් deal breaker එකක් වෙන දෙයක්. 

ලංකාවේ වාසනාවට මේ ජනාධිපතිවරණයෙන් මැන්ව එළවාදාන්න පුළුවන් වෙච්ච නිසා ඒ වැඩපිළිවෙල දැන් තාවකාලිකව නතර වෙලා තියනවා. 

ඉන්දියානු මැදිහත්වීම හා 13ට විරුද්ධව ආයුධ අතට ගත්ත ජෙප්පො (npp set එක නෙමෙයි) රනිල්ට වඩා සෑහෙන හොඳයි. උන්ට රටේ strategic interests ගැන වඩා හොඳ අවබෝධයක් තියනවා. npp එවුන් ටිකක් දිහා බලලා ජෙප්පෝ සිංහල බෞද්ධ විරෝධි කියලා හිතන් රනිල් වෙනුවෙන් ජාතිකවාදීන් පෙනී සිටිම නම් විහිලුවක්. 

පේන විදිහට මේ පාලම ඉදිරියට ගෙනියන්න ඕන කියලා දැඩි පීඩනයක් අනුර කුමාර රජයට ඉන්දියාව පැත්තෙන් එල්ල වෙමින් තියනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් දැඩි විරෝධය සිංහල මිනිස්සු රජයට පෙන්නිය යුතුයි. ඒ වගේම අනුර කුමාර රජය නොකළත් අනාගතයේ මොකක් හෝ දුර්වල රජයක් ආව ගමන් මෝදි තමන්ගේ වැඩපිළිවෙල ඔවුන් ලවා කරවන්න බලයි. 

ඒ වගේම ඉස්සරහට එන්න පුළුවන් කියලා ඉන්දියාව හිතන තරුණ දේශපාලන ක්‍රියාධරයන් ඉන්දියානු වැඩිපිළවෙලට නම්මා ගැනීමට ඉන්දියාව දැන්ම පටන් අරගෙන තියනවා. ඒ විදිහට නාමල් රාජපක්ෂ, කාංචන විජේසේකර පමණක් නෙමෙයි අර බුකියේ දේශපාලනය කරන පැතුම් කර්නර් වගේ කට්ටිය එක්කත් ඉන්දියානු රජය දැන් සම්බන්ධතා ගොඩනගමින් ඉන්නේ. 

ඒ නිසා මේ ලංකාව - තමිල්නාඩුව එක කලාපයක් කිරීමේ මෝදිගේ වැඩපිළිවෙල කියන උගුලට රනිල් කියන මොට්ට රාළ ලංකාව දැම්මා වගේ ලේසියෙන් අපට ගැලවෙන්න බැ. (2001දි රනිල් ආව වෙලේ අපව නෝර්වේ සාම උගුලට දැම්මා. මහින්දලා සැහෙන අමාරුවෙන් අපව ඒකෙන් බේරගත්තේ)

ඒ නිසා ලංකාව වෙනත් රටකට පාලමකින් හෝ සම්බන්ධ කෙරෙන්නේ නම් ඒ වගේ දෙයක් කරන්න ජනමතවිචාරණයකින් ජනතාවගේ කැමැත්ත විමසිය යුතුයි කියන වගන්තිය ව්‍යවස්ථාවට එකතු කළ යුතුයි. 

ඒ වගේම දිගුකාලීන පියවරක් හැටියට ලංකාවේ අගනුවර කොළඹ නගරයෙන් ඉවත් කරගෙන ත්‍රිකුණාමලයට ගෙනියන්නත් පියවර ගන්න ඕන.

- ඉෂ් ඩයස්

(මුහුණුපොතෙන් උපුටා ගැනිණි)

සම්බන්ධිත පුවත් | Related News

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) රනිල් වික‍්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක යන දෙදෙනාගේම රජයන්හි ප‍්‍රධානතම ආර්ථික උපදේශකයෙකුගේ භූමිකාව ඉටු කළ බව හා ඉටුකරමින් සිටින බවත්,
2023 ඔක්තෝබර් 07 වැනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලය විසින් හමාස් සංවිධානයට සහ පලස්තීනයට එරෙහිව යුද ප්‍රකාශ කරන ලද අතර මෙම ගැටුම අතරතුර පලස්තීනය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනීසිටියේ ඉරානයයි. පසුගිය දා ඊශ්‍රායලය විසින් ඉරානයට ද ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝකය පුරා දැඩි ව්‍යාකූලත්වයක් නිර්මාණය වී තිබේ.
ලංකාවේ හමුවුණු විශේෂ ඒ වගේම හරිම ආකර්ෂණීය පුරාකෘතියක් ගැන කියන්නයි මේ සටහන වෙන් වෙන්නේ. ඒ වල්ලිපුරම් හෙවත් වැලිපුර රන් සන්නස ගැන. මේ ගොඩාක් අය මේ ගැන අහලත් ඇති. අපේ උරුමය ගැන බොහොම ලස්සනට ලියන Samarasinghe NH මැතිතුමාත් මේ ගැන වරක් මතක් කරල තිබුනා.
මේ අවුරුද්දේ ජනවාරි 18 සහ 19 දවස් දෙක ඇතුලේ රේගු පරීක්ෂාවකින් තොරව බහාලුම් 323ක් නීති විරෝධී විදිහට මුදාහරින්න ආණ්ඩුව කටයුතු කළා.ඊට උපදෙස් දුන්නේ ජනාධිපති අනුර කුමාර සහ වරාය ඇමති බිමල් රත්නායක බව කියමින් රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිවේදනය පවා නිකුත් කළා.ඒ වගේම රේගු වෘත්තීය සමිති එකමුතුවෙන් කිව්වේ මේ බහාලුම් ඇතුලේ මත්ද්‍රව්‍ය,අවි ආයුධ,ප්‍රමිතියෙන් තොර බෙහෙත් සුවඳ විලවුන් වර්ග ඇතුළු නීති විරෝධී බඩු ඕනි දෙයක් තියෙන්න පුලුවන් කියලයි.
අද වන විට ඊශ්‍රායලය සහ අමෙරිකා එක්සත් ජනපදය ලෙස රටවල් දෙකක් නොමැති බව පැහැදිලිව දැකගත හැකි බවත්, වර්තමානයේ අමෙරිකාවේ පාලනය හොබවන පිරිස යුදෙව් ක්‍රිස්තියානි මූලධර්මවාදීන් බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
අප තරුණ කළ අපට විෂය වූ මාතෘකා දෙකක් වූයේ වියට්නාමය හා පලස්තීනය. වියට්නාමයට අත නොතබනු පලස්තීනයට ජය වගේ සටන්පාඨ අප අතර ජනප්‍රිය වුණා. මා එකල කී විධියට නම් විශ්වවිද්‍යාල ප්‍රවේශ පන්තියේ සිටි කාලයේ අපට අවුරූදු කිහිපයක් ජ්‍යෙෂ්ඨයකු වූ පාසලේ ආදි ශිෂ්‍යයකු වූ ද අල්ලපු වත්තේ ඉංජිනේරු පීඨයේ ඉගෙන ගත් සමසමාජ පාක්‍ෂිකයකු වූ ද බර්නාඩ් සීසර් පෙරේරා මිහිඳුකුලසූරිය විජෙදෝරු සහෝදරයාගේ මග පෙන්වීම යටතේ අපි සටන් පුවරු ඔසවාගෙන මහා මග ගියා. අප කී දේ නොඅසා ඇමරිකාව වියට්නාමයට අත තැබුවා පමණක් නොව අවසානයේ හෝ චී මින් නගරයක නමක් පමණක් බවට පත් කළා. විජේදෝරු සහෝදරයාත් දැන් නැහැ.
ජනාධිපතිතුමාගේ බදු සතිය ආරම්භයේදීම හර්ෂ ද සිල්වා මහතා මුදල් කාරක සභාවේදී ආණ්ඩුවේ එක් නිලධාරී පිරිසක් සිදු කරන කටයුත්තක් මහත් අගේ කරනු දුටිමි .
කුප්‍රකට සීනි බදු වංචාව පිළිබඳව සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවලදී කිසිදු අපරාධමය වරදක් අනාවරණය වී නොමැති බවට නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන් බව ජනමාධ්‍යයේ සඳහන් විය.
මේ වන විට ගෝලීය වශයෙන් ඇතිවී තිබෙන යුදමය වාතාවරණය මෙන්ම විශේෂයෙන් ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත පැමිණ ඇති නව ලෝක යුධ වාතාවරණය මගින් ශ්‍රී ලංකාවට එල්ලවන අභියෝග පිළිබඳව ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ් මහත්මිය විසින් කරුණු දක්වා තිබේ.

ප්‍රධාන පුවත්

අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)

"ඝන වන මීදුම තුළ සැරිසැරීම: අවට ඇති සියල්ල වෙනස් වන විට තෝරාගත් උපාය මාර්ගම අනුගමනය කළ හැකිද?" යන මාතෘකාව යටතේ SPIEF හි වැල්ඩායි සමාජ වටමේසයේ පළමු සැසියට සහභාගි වෙමින් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා G7 "කුණු කූඩයට" යන ගමනක යෙදී සිටින බව පැවසුවේය.

ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි

බෞද්ධ භික්ෂුණීන්ට සිල් මාතා වෙනුවට භික්ෂුණි යන පිළිගැනීම ලබා දී ජාතික හැඳුනුම්පත් ලබා දෙන ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) රනිල් වික‍්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක යන දෙදෙනාගේම රජයන්හි ප‍්‍රධානතම ආර්ථික උපදේශකයෙකුගේ භූමිකාව ඉටු කළ බව හා ඉටුකරමින් සිටින බවත්,

ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..

2023 ඔක්තෝබර් 07 වැනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලය විසින් හමාස් සංවිධානයට සහ පලස්තීනයට එරෙහිව යුද ප්‍රකාශ කරන ලද අතර මෙම ගැටුම අතරතුර පලස්තීනය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනීසිටියේ ඉරානයයි. පසුගිය දා ඊශ්‍රායලය විසින් ඉරානයට ද ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝකය පුරා දැඩි ව්‍යාකූලත්වයක් නිර්මාණය වී තිබේ.

ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)

ඊශ්‍රායලය නමැති රාජ්‍යයක් මැදපෙරදිග නොතිබුනා නම් ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් නිර්මාණය කිරීමට අමෙරිකාවට සිදුවන බව 1986 දී ජෝ බයිඩන් විසින් ප්‍රකාශකර තිබූ බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසයි.

ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර

දැනට ටෙහෙරානයේ පැවැත්වෙන BRICS ආශ්‍රිත සමුළුවකට අනෙකුත් රුසියානු විද්වතුන් සමඟ සහභාගී වී සිටින රුසියානු විදේශ ප්‍රතිපත්ති විශේෂඥයෙකු වන ඇඩ්ලාන් මාගෝව්, හමුදා සහ න්‍යෂ්ටික ඉලක්ක වෙත ඊශ්‍රායලය එල්ල කළ විස්මය ජනක ගුවන් ප්‍රහාරවලින් පසු ඉරාන අගනුවර ඇති මනෝභාවය පිළිබඳව පැහැදිළි චිත්‍රයක් ලෝකයට ඉදිරිපත් කරයි.

අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..

වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජාතික සංවිධාන නියෝජිතයින් විසින් ගොනු කරනු ලැබු මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයෙන් උපදෙස් ලබාගෙන කරුණු දක්වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජූනි 16) නීතිපතිවරයාට කල් ලබා දුන්නේ ය.

කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිවුණි.

ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ

ඊශ්‍රායලය දියත් කළ "ඔපරේෂන් රයිසින් ලයන්" මෙහෙයුමට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලයේ හයිෆා වෙත පහර දීම සඳහා හජ් කසෙම් ලෙස හඳුන්වන දියුණු නියාමනය කරන ලද බැලස්ටික් මිසයිලයක් භාවිතා කර ඇති බව ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ ස්පුට්නික් පුවත් සේවය වෙත පැවසීය.

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල විශ්‍රාම වැටුප් සහ විශේෂ වරප්‍රසාද අහෝසි කිරීම අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ක්‍රියාකාරී සැලැස්මෙන් ඉවත්කර ඇති බව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත හරහා ලබාගත් ලේඛනයකින් පෙනීගොස් තිබේ.

‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්

මේ වසරේ පනවා ඇති බදුවල කිසිදු අඩු කිරීමක් සිදු නොකරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

තමන් දේශපාලන සහ සිවිල් අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ යටතේ අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් අත්අඩංගුවේ රඳවා ගැනීමේ සූදානමක් ඇති බව පිවිතුරු හෙළ උරුමෙන් නායක හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..

මේ වන විට ගෝලීය වශයෙන් ඇතිවී තිබෙන යුදමය වාතාවරණය මෙන්ම විශේෂයෙන් ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත පැමිණ ඇති නව ලෝක යුධ වාතාවරණය මගින් ශ්‍රී ලංකාවට එල්ලවන අභියෝග පිළිබඳව ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ් මහත්මිය විසින් කරුණු දක්වා තිබේ.

ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ

ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ඊයේ(13) ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කළ අතර, එයට ටෙහෙරානය ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයකින් ප්‍රතිචාර දැක්වීය. මේ අතර බටහිර ජෙරුසලම පැවසුවේ මෙම ප්‍රහාර ටෙහෙරානය න්‍යෂ්ටික අවියක් අත්පත් කර ගැනීම වැළැක්වීම අරමුණු කරගත් බවයි.

ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ලකළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවට පළිගැනීමක් ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.

‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි

2020 ඔක්තෝබර් 13 වනදා සිට සීනි බද්ධ රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමේ සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවලදී කිසිදු අපරාධමය වරදක් අනාවරණය වී නොමැති බවට නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දුන්නේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.