
අලුත් ආණ්ඩුවේ ණය රුපියල් ට්‍රිලියනය පන්නලා - ගම්මන්පිල හෙළිකරයි
වත්මන් ආණ්ඩුව පසුගිය සති හයට පමණක් රුපියල් ට්‍රිලියන 1.162ක් ණය ලබාගෙන ඇතැයි පිවිතුරු හෙළ උරුමය නායක සර්වජන බලය කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක නීතීඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
ඒ මහතා මේ බව සදහන් කර සිටියේ මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
උදය ගම්ම්නපිල මහතා එහිදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.
ආණ්ඩුවේ ණය රුපියල් ට්‍රිලියනය ඉක්මවයි
ඊයේ දවසේ දී වත්මන් ආණ්ඩුව ලබාගෙන තිබෙන මුළු ණය මුදල රුපියල් ට්‍රිලියනය ඉක්මවා ගියා. ඊයේ නොවැම්බර් 6 වන දා ආණ්ඩුව විසින් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමෙන් රුපියල් බිලියන 175ක් ණයට ගත්තා. අද දිනයේ තවත් රුපියල් බිලියන 17.5ක් ණයට ගැනීමට නියමිතයි. ඒ අනුව වත්මන් ආණ්ඩුව පසුගිය සති හයට පමණක් රුපියල් ට්‍රිලියන 1.162ක් ණය ලබා ගෙන තිබෙනවා. බිලියන ට්‍රිලියන කිව්වාම සාමාන්‍ය ජනතාවට තේරෙන්නේ නෑ. සාමාන්‍ය ජනතාව දන්නේ කෝටි වලින්. නමුත් කෝටි වලින් කියා ගන්න බැරි තරම් මේ ඉලක්කම ලොකුයි. කෝටි සීයක් බිලියන එකයි. බිලියන 1,000ක් ට්‍රිලියන එකයි. දැන් කෝටි වලින් එන ගණන හිතා ගන්න පුළුවන්නෙ.
මේ ණය ලබා ගැනීමේ දී භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමෙන් බිලියන 963ක් බැඳුම්කර නිකුත් කිරීමෙන් බිලියන 139ක් සහ ලෝක බැංකු ණයක් ලෙස ඩොලර් මිලියන 200ක් ණයට ලබා ගෙන තිබෙනවා. මේ ආණ්ඩුව බලයට එනවිට නිදහසින් පසුව ගෙවුණු වසර 76ටම ලබා ගත් ණය වලින් ගෙවීමට ඉතිරි වී තිබුණේ රුපියල් ට්‍රිලියන 30යි. නමුත් පසුගිය සති හයට ලබා ගෙන තිබෙනවා ට්‍රිලියන 1.16ක්. මේ ආණ්ඩුව වසර පහක් බලයේ හිටියොත් ශ්‍රී ලංකාව යළි ගොඩ ගැනීමට නොහැකි ණය කන්දකට යට කරන බව නම් සහතිකයි.
ජනාධිපති අනුර දිසානායක මැතිතුමා විපක්ෂයේ සිටිය දී කිව්වේ ණය අරගෙන රට පාලනය කරන්න නම් ජනාධිපති කෙනෙකු මොකටද? එතුමා දැන් ජනපති වෙනුවට ණයපති වෙලා. එතුමා විපක්ෂයේ ඉදන් කිව්වේ ණය අරගෙන රටක් කරන්න ජනපති කෙනෙක් මොකටද කියලයි. දැන් එතුමා ඉල්ලා අස්වෙන්න හිතනවද දන් නැ. ඒ වගේම ඉතිහාසයේ ලොකුම ණය මුදල අරගෙන අපි නම් ණය අරගත්තේ නෑ කියමින් ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක තවමත් ජනතාව රවටන්න උත්සාහ කරනවා. බොරුව අහු වුණාට පස්සේ විජිත හේරත් මැතිතුමා කියනවා අපි අළුතින් ණය ගත්තේ නෑ. තිබෙන ණය පියවන්න පමණයි ණය ගත්තේ කියලා.
තිබෙන ණය පියවන්න පමණක් ණය ගන්නවා කියන එක ආණ්ඩුවේ තවත් බොරුවක්. පසුගිය ඔක්තෝම්බර් මාසයේ දී ආණ්ඩුව රුපියල් බිලියන 629.75ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරලා තිබෙනවා. නමුත් ඒ මාසයේ දී කල් පිරිලා තිබෙන්නේ රුපියල් බිලියන 532.65ක භාණ්ඩාගාර බිල්පත් විතරයි. කල් පිරෙන බිල්පතේ මුහුණත අගය තුල පොලියත් එකතු වී තිබෙනවා. ඒ කියන්නේ රුපියල් බිලියන 97ක් ඔක්තෝම්බර් මාසයේ දී පමණක් ආණ්ඩුවේ ප්‍රයෝජනයට ණයට ගත්තා කියන එකයි.
– Media unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
