අලුත් ආණ්ඩුවේ ණය රුපියල් ට්‍රිලියනය පන්නලා - ගම්මන්පිල හෙළිකරයි
වත්මන් ආණ්ඩුව පසුගිය සති හයට පමණක් රුපියල් ට්‍රිලියන 1.162ක් ණය ලබාගෙන ඇතැයි පිවිතුරු හෙළ උරුමය නායක සර්වජන බලය කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක නීතීඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
ඒ මහතා මේ බව සදහන් කර සිටියේ මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
උදය ගම්ම්නපිල මහතා එහිදී වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.
ආණ්ඩුවේ ණය රුපියල් ට්‍රිලියනය ඉක්මවයි
ඊයේ දවසේ දී වත්මන් ආණ්ඩුව ලබාගෙන තිබෙන මුළු ණය මුදල රුපියල් ට්‍රිලියනය ඉක්මවා ගියා. ඊයේ නොවැම්බර් 6 වන දා ආණ්ඩුව විසින් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමෙන් රුපියල් බිලියන 175ක් ණයට ගත්තා. අද දිනයේ තවත් රුපියල් බිලියන 17.5ක් ණයට ගැනීමට නියමිතයි. ඒ අනුව වත්මන් ආණ්ඩුව පසුගිය සති හයට පමණක් රුපියල් ට්‍රිලියන 1.162ක් ණය ලබා ගෙන තිබෙනවා. බිලියන ට්‍රිලියන කිව්වාම සාමාන්‍ය ජනතාවට තේරෙන්නේ නෑ. සාමාන්‍ය ජනතාව දන්නේ කෝටි වලින්. නමුත් කෝටි වලින් කියා ගන්න බැරි තරම් මේ ඉලක්කම ලොකුයි. කෝටි සීයක් බිලියන එකයි. බිලියන 1,000ක් ට්‍රිලියන එකයි. දැන් කෝටි වලින් එන ගණන හිතා ගන්න පුළුවන්නෙ.
මේ ණය ලබා ගැනීමේ දී භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමෙන් බිලියන 963ක් බැඳුම්කර නිකුත් කිරීමෙන් බිලියන 139ක් සහ ලෝක බැංකු ණයක් ලෙස ඩොලර් මිලියන 200ක් ණයට ලබා ගෙන තිබෙනවා. මේ ආණ්ඩුව බලයට එනවිට නිදහසින් පසුව ගෙවුණු වසර 76ටම ලබා ගත් ණය වලින් ගෙවීමට ඉතිරි වී තිබුණේ රුපියල් ට්‍රිලියන 30යි. නමුත් පසුගිය සති හයට ලබා ගෙන තිබෙනවා ට්‍රිලියන 1.16ක්. මේ ආණ්ඩුව වසර පහක් බලයේ හිටියොත් ශ්‍රී ලංකාව යළි ගොඩ ගැනීමට නොහැකි ණය කන්දකට යට කරන බව නම් සහතිකයි.
ජනාධිපති අනුර දිසානායක මැතිතුමා විපක්ෂයේ සිටිය දී කිව්වේ ණය අරගෙන රට පාලනය කරන්න නම් ජනාධිපති කෙනෙකු මොකටද? එතුමා දැන් ජනපති වෙනුවට ණයපති වෙලා. එතුමා විපක්ෂයේ ඉදන් කිව්වේ ණය අරගෙන රටක් කරන්න ජනපති කෙනෙක් මොකටද කියලයි. දැන් එතුමා ඉල්ලා අස්වෙන්න හිතනවද දන් නැ. ඒ වගේම ඉතිහාසයේ ලොකුම ණය මුදල අරගෙන අපි නම් ණය අරගත්තේ නෑ කියමින් ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක තවමත් ජනතාව රවටන්න උත්සාහ කරනවා. බොරුව අහු වුණාට පස්සේ විජිත හේරත් මැතිතුමා කියනවා අපි අළුතින් ණය ගත්තේ නෑ. තිබෙන ණය පියවන්න පමණයි ණය ගත්තේ කියලා.
තිබෙන ණය පියවන්න පමණක් ණය ගන්නවා කියන එක ආණ්ඩුවේ තවත් බොරුවක්. පසුගිය ඔක්තෝම්බර් මාසයේ දී ආණ්ඩුව රුපියල් බිලියන 629.75ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරලා තිබෙනවා. නමුත් ඒ මාසයේ දී කල් පිරිලා තිබෙන්නේ රුපියල් බිලියන 532.65ක භාණ්ඩාගාර බිල්පත් විතරයි. කල් පිරෙන බිල්පතේ මුහුණත අගය තුල පොලියත් එකතු වී තිබෙනවා. ඒ කියන්නේ රුපියල් බිලියන 97ක් ඔක්තෝම්බර් මාසයේ දී පමණක් ආණ්ඩුවේ ප්‍රයෝජනයට ණයට ගත්තා කියන එකයි.
– Media unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..