රටේ ජාතික ආරක්ෂාව තඹ සතේකට මායිම් නොකර පළාලි-අච්චුවේලි ප්‍රධාන මාර්ගය විවෘත කිරීම වීරකමක් ද?
පළාලි හමුදා කදවුර සහ යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය මැදින් වැටී ඇති පළාලි-අච්චුවේලි ප්‍රධාන මාර්ගය අද දින විවෘත කර තිබේ.
ත්‍රස්තවාදි ගරිල්ලා ක්‍රම ගැන මිස යුද්ධයක් ගැන හෝ රටක ජාතික හමුදාවක් ගැන කිසිදු අවබෝධයක් නැති එක් කලෙක රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වූ පිරිසක් බලයට පත් වී අද ගන්නා මෙබදු තීරණ ගැන පුදුමයට පත් විය යුතු නොවේ.
අද අනුරලා හෝ ගා පාරවල් ඇර දමන්නේ කිසිදු ගානක් නැතිව තාප්ප කඩා බිද දමන්නේ යුද්ධය අවසන් කර ඇති බැවිනි. ඒ ගැන ඔවුන්ට හැගීමක් හෝ නැත. ඒ ගැන ඔවුන්ට කිසිදු ඇගේ අමාරුවක් හෝ නැත. යුද්ධය අවසන් කරමින් තිබූ මොහොතේදී අයවැය පරදවා එවකට රජයට එරෙහිව දෝශාභියෝගයක් ගෙනෙන්නට උත්සහ දැරුවේ අනුර ප්‍රමුඛ කණ්ඩායමයි. විමල් වීරවංශලා ජවිපෙන් එළියට ආවේද රට පාවා දී කෙසේ හෝ බලය අල්ලා ගැනීමට ඒ මොහොතේදිත් අවස්ථාවාදීව ක්‍රියා කල හෙයිනි. ඉතිං ඔවුන් අද රටේ ජාතික ආරක්ෂාව හෝ රට රැකුමට ජාතික හමුදාව ගත් ප්‍රයත්නය තඹ සතේකට මායිම් නොකිරීම පුදුමයක් නොවේ.
එහෙත් අපිට හිතේ අමාරුවක් ඇත. එසේම පුදුමයක් ඇත. මන්දයත් මොවුන්ට අද මේ රට බාර දුන්නේද එදා යුද්ධයේදි දිවිපිදු පුතුන් වැදු සිංහල බෞද්ධ අම්මලාගේ බාල පුතාලා වීමයි.
ඔවුන් යුද්ධයක් දැක හෝ නැත. උන් සාමයේ ගීතිකා ගයමින් කීයක් හෝ සොයා ගන්නේ පුස් වීරකම් පාමීන් අද චන්ඩින් සේ පෙනී සිටින්නේ මේ මහ පොලොව තුල වැළලී ගිය ඒ විරුවන්ගේ මරණය මතිනි.
අපට තවත් පුදුමයක් ඇත. ඒ ඊයේ පෙරේදා ජවිපෙට එකතු වූ එහෙත් මේ දේවල් සහසුද්දෙන්ම දන්නා ජෙබයියන් මේවැනි බාල ක්‍රියා මහා විරකම් සේ තමන්ගේ මුහුණු පොතේ සටහන් තබා ඇති කැත ස්වරූපය දැකීමෙනි.
- චම්පා වෛද්‍යතිලක -
(මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදී)



සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..