
රටේ ජාතික ආරක්ෂාව තඹ සතේකට මායිම් නොකර පළාලි-අච්චුවේලි ප්‍රධාන මාර්ගය විවෘත කිරීම වීරකමක් ද?
පළාලි හමුදා කදවුර සහ යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය මැදින් වැටී ඇති පළාලි-අච්චුවේලි ප්‍රධාන මාර්ගය අද දින විවෘත කර තිබේ.
ත්‍රස්තවාදි ගරිල්ලා ක්‍රම ගැන මිස යුද්ධයක් ගැන හෝ රටක ජාතික හමුදාවක් ගැන කිසිදු අවබෝධයක් නැති එක් කලෙක රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වූ පිරිසක් බලයට පත් වී අද ගන්නා මෙබදු තීරණ ගැන පුදුමයට පත් විය යුතු නොවේ.
අද අනුරලා හෝ ගා පාරවල් ඇර දමන්නේ කිසිදු ගානක් නැතිව තාප්ප කඩා බිද දමන්නේ යුද්ධය අවසන් කර ඇති බැවිනි. ඒ ගැන ඔවුන්ට හැගීමක් හෝ නැත. ඒ ගැන ඔවුන්ට කිසිදු ඇගේ අමාරුවක් හෝ නැත. යුද්ධය අවසන් කරමින් තිබූ මොහොතේදී අයවැය පරදවා එවකට රජයට එරෙහිව දෝශාභියෝගයක් ගෙනෙන්නට උත්සහ දැරුවේ අනුර ප්‍රමුඛ කණ්ඩායමයි. විමල් වීරවංශලා ජවිපෙන් එළියට ආවේද රට පාවා දී කෙසේ හෝ බලය අල්ලා ගැනීමට ඒ මොහොතේදිත් අවස්ථාවාදීව ක්‍රියා කල හෙයිනි. ඉතිං ඔවුන් අද රටේ ජාතික ආරක්ෂාව හෝ රට රැකුමට ජාතික හමුදාව ගත් ප්‍රයත්නය තඹ සතේකට මායිම් නොකිරීම පුදුමයක් නොවේ.
එහෙත් අපිට හිතේ අමාරුවක් ඇත. එසේම පුදුමයක් ඇත. මන්දයත් මොවුන්ට අද මේ රට බාර දුන්නේද එදා යුද්ධයේදි දිවිපිදු පුතුන් වැදු සිංහල බෞද්ධ අම්මලාගේ බාල පුතාලා වීමයි.
ඔවුන් යුද්ධයක් දැක හෝ නැත. උන් සාමයේ ගීතිකා ගයමින් කීයක් හෝ සොයා ගන්නේ පුස් වීරකම් පාමීන් අද චන්ඩින් සේ පෙනී සිටින්නේ මේ මහ පොලොව තුල වැළලී ගිය ඒ විරුවන්ගේ මරණය මතිනි.
අපට තවත් පුදුමයක් ඇත. ඒ ඊයේ පෙරේදා ජවිපෙට එකතු වූ එහෙත් මේ දේවල් සහසුද්දෙන්ම දන්නා ජෙබයියන් මේවැනි බාල ක්‍රියා මහා විරකම් සේ තමන්ගේ මුහුණු පොතේ සටහන් තබා ඇති කැත ස්වරූපය දැකීමෙනි.
- චම්පා වෛද්‍යතිලක -
(මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)
ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..
ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)
ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර
අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..
කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට
ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ
විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
