රිල්වාන්, DIG නාලක සිල්වා, මෛත්‍රීපාල සිරිසේන ඝාතන කුමන්ත්‍රණ නාට්‍යය, පාස්කු කතා මාලාවට අයත් කොටස්ය!!
ඔබ පුපුරණ ද්‍රව්‍ය අත්හදා එය පිපිරිමෙන් තුවාළ ලැබුවොත් ඔබට ඇතිවන නීතිමය බාධාවන් කොහොමද ?📍
ඔබ එලෙස අනතුරක් කරගෙන රජයේ රෝහලකට ඇතුලත් කරවිට ඔබ පෞද්ගලික රෝහලකට මාරුවෙන්න ලැබෙන අවස්ථාවක් හිතන්න පුළුවන්ද ?.📍
එයටත් වඩා ඔබේ ළගම සහෝදරයෙක් පිළිබදව ත්‍රස්තවාදී ක්‍රියාමාර්ග වලට සම්බන්ධ වීම යන්නට රජයේ අපරාධ විමර්ශණ අංශය (CID) ඔත්තු බලමින් සිටින අවස්ථාවක ඔබ බෝම්බයක් වැනි දෙයක් අත්හදා බලන්න ගොස් අධිකව තුවාළ වීමෙන් පසු ඇතිවන තත්වය කුමක්වේද ? 📍
මේ කතාව සම්බන්ධ වන්නේ රවී සෙනවිරත්න සහ ෂානි අබේසේකර සහ නාලක සිල්වා යන අය සම්බන්ධවය.
පාස්කු,ප්‍රහාරය ගැන අවංකව රාජකාරී කරා කියන රවී සෙනවිරත්න සහ ෂානි අබේසේකර සක්‍රීය සේවයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) සේවය කරන කාලයේ සහරාන්ගේ සහෝදරයා රිල්වාන් බෝම්බයක් අත්හදා බලන්නට ගොස් එය පුපුරා ඔහු බරපතළව තුවාල වී කාන්තකඅඩි රෝහලටත් ඉන් පසුව කොළඔ ජාතික රෝහළටත් මාරු කර එවනවා.
ඉන් පසුව ඔහු කඅමන හෝ බලවේගයක ආශිර්වාදයෙන් කොළඔ පෞද්ගලික රෝහලකට මාරු වෙනවා .📍
රවී සෙනවිරත්න ෂානි අබේසේකර CID එකේ ඉහළ තීන්ද ගත හැකි ධුරයන් වල සිටියදී රිල්වාන් සහරාන්ගේ සහෝදරයා ලෙස ගැඔුරින් සිතා ඔහුව කොටු කරගත්තා නම් මේ මරාගෙන මැරෙන බෝම්බ නිෂ්පාදනය ගැන එලිකරගන්න තිබුණා. ‼️
මොකද රිල්වාන් එතකොටත් CID එකට සාමාන්‍ය මනුස්සයෙක් නෙවෙයි CID ය විමර්ශණය කරමින් සිටි සහරාන්ගේ සහෝදරයා.
හැබැයි ඒ වෙනුවට ෂානිලා, රවීලා කළේ සහරාන් පසුපස පන්නමින් ඔහුව කොටුකර ගැනීමට ක්‍රියාත්මක වෙමින් සිටි සහ රිල්වාන් අත් අඩංගුවට ගෙන විමර්ශණයක් කළයුතු බව එවකට CID එකට රපෝර්තු කරන ලද නාලක සිල්වා (සුප්‍රසිද්ධ මෛත්‍රීපාල සිරිසේන මරන්න හදනවා කියලා නාමල් කුමාර නම් වරකාපොළ තරුණයෙක් හරහා පැමිණිල්ලක් සමාජගත කරමින් සේවය අත් හිටවු CID නිළධාරියාය)
වැඩ තහනමකට පත්කර සහරාන් පසුපස පන්නන මෙහෙයුම අඩපන කරවීමයි.‼️
පාස්කු ප්‍රහාරය සිදුවුනේ හමුදා බුද්ධි අංශය නිසා නොව එවකට රවීලා ෂානිලා හිටපු CID එකේ දුර්වලතාවය සහ රාජකාරිය පැහැර හැරීම නිසා බව ඕනෑම අයකුට වැටහෙන සත්‍යයකි.‼️
අනුර දිසානායක යටතේ කවර හෝ බලපෑමකට හෝ නැත්නම් රාජ්‍ය පාළනයට අත්දැකීම් මදිකම නිසා ආරක්ෂාව සමිබන්ධ තනතරු වලට ෂානිලා, රවීලා පතිවන්නේ ඔන්න ඔය තත්වයන් යටතේය.
එදා ෂානිලාට රවීලාට ගානි දිගටම සහරාන්ගේ සොහොයුරු රිල්වාන් සම්බන්ධව විමර්ශණ පුළුල් කරන්නට තිබුණි. එහෙත් ඔවුන් අතින් සිද්ධ වුනේ කුමක්ද?
සහරාන් කල්ලිය ගැන විමර්ශණය දියත්කළ නාළක සිල්වා නමි නිළධාරියා බොරු චෝදනාවක පැටලඅවත් අද මෛත්‍රීපාළ සිරිසේන මරන්න හැදුවා කියන චෝදනාව අමබොරුවක් වී ඇත්තේය.
එසේනම් කුමන හෝ උවමනාවකට සහරාන්ලා පිටුපස පන්නන CID විමර්ශණ අඩපන කරන්නට අවශ්‍යතාවයක් ක්‍රියාත්මක වීම ගැන අවධානය දැනුවත්ව හෝ නොදැනුවත්ව රවීලා ෂානිලා හරහා ගිලිහී ගොස් තිබෙන්නේය. ‼️
කාදිනල්ද මේවා හොයන්නේ නැත... අහන්නේත් නැත.
එවැනි බරපතළ මගහැරීම් ඇති නිළධාරීන් නව රජය යටතේ පාස්කු ප්‍රහාරයේ ඇත්ත ඝාතකයන්, හොයා රටට ඉදිරිපත් කරනවා යන්න විහිළුවකි.
මම හිතන්නේ ෂානි සහ රවී හරහා සිද්ධ වෙන්න නියමිත වන්නේ සහරාන් පසුපස පැන්නු නාලක සිල්වා සැළසුම් සහගත බොරු චෝදනාවකට ක්‍රියාන්විතයෙන් ඉවත් කරන්න ගෙතුන සිරිසේන ඝාතන කුමන්ත්‍රණය වැනි මන බදින තිර පිටපතක් හරහා බාහිර බලවේගයක් හැංගී අළුත් සැළසුම් සහගත නාට්‍ය තිර පිටපතකට පාස්කු අපරාධකාරයා ලියවීමට උත්සාහයක් ගැනීම පමණය.
උදය ගම්මන්පිළලා රට ඉදිරියේ සමාජගත කලේ නිවරැදි නොවන නිලධාරීන් හරහා මේ මහා ඛේදවාචකයට තවත් අළුත් රංගන පිටපත් ලියවීම නිෂ්ඵල බවට වන තර්කයයි.‼️
මේ ප්‍රහාරය පිටුපස විදේශ බුද්ධි මෙහෙයුමක් පැවති බවට යන සැකය සහ එය නිවරදිව රටට හොයා ඉදිරිපත් කරන දාක මෙම කථාව නතර වනු ඇත්තේය. එතෙක් මෙය ලංකාවේ දේශපාලනයට කුණු කරවල කෑල්ලක රසය පමණක් මවනු ඇත්තේය.
- නුවන් මොණරවිළ -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..