News Category
From Date
To Date
Maximum Number of Result

ඉන්දියාවේ මහා බෝධි විහාරයේ පාලනය බෞද්ධයින් අතට පත්කරන්නැයි බලකරමින් බිහාර් ප්‍රාන්තය පුරා විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ.

ආර්ථික වශයෙන් බංකොලොත් වී අස්ථාවර වූ රටක් ඉතාම කෙටි කලකින් ස්ථාවර කිරීමට සමත් වූ නිසා ආණ්ඩුවට පළාත් පාලන මැතිවරණය ඉතාම ඉහළින් ජයගත හැකි බව නි. අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.

උමන්දාව යටතේ ක්‍රියාත්මක ආයතනයක් වෙළෙඳ අමාත්‍යාංශයේ ගොඩනැගිල්ලක පවත්වාගෙන යාමට අදාළ ගිවිසුම්ගත වීමේදී රජයට දැවැන්ත වංචාවක් සිදුව ඇතැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි මහතා කළ ප්‍රකාශය මුළුමනින්ම අසත්‍යයක් බව උමන්දාව විශ්ව ගම්මානයේ නිර්මාතෘ පූජ්‍ය සිරි සමන්තභද්‍ර හිමියෝ පැවසූහ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

අයවැය කාරක සභා විවාදයේ අවසන් දිනය අදයි. ඒ අනුව අද (21) දිනයේ ද මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යශයේ වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතය.

දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී ඊයේ (20)සංශෝධන රහිතව සම්මත විය.

සිංහබාහු පෙන්වන්න ආපු ආණ්ඩුව අද අන්දරේලා පෙන්නන ගානට පහු බැස ඇතැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

හිරු නාලිකාවේ බලය වැඩසටහනට එක්වෙමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සදහන් කරන්නේ ‘‘අල්ජසිරා රූපවාහිනීය මගින් සිදුකළ සම්මුඛ සාකච්ඡාවේදී

ලෝකයේ දේශපාලන පක්ෂ සමඟ ඉහළ මට්ටමේ රැස්වීමක් චීන කොමියුනිස්ට් පක්ෂය පැවැත්වීය.


ප්‍රධාන පුවත්

බාලවයස්කරුවන්ගේ ලිංගික වෙනස්කම් කිරීමේ ප්‍රතිකාර වෙනුවෙන් ඇමෙරිකානු රෝහල් ඩොලර් මිලියන 120ක් අයකරලා- ඇමෙරිකානු සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව

ඇමෙරිකානු සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුවta (HHS) අනුව, බාලවයස්කරුවන්ගේ ලිංගික වෙනස්කම් කිරීමට අදාළ වෛද්‍ය සේවා වෙනුවෙන් ඇමෙරිකානු රෝහල් විසින් ඩොලර් මිලියන ගණනක මුදල් අයකර තිබේ.

87-89 භීෂණ සමයේ සත්‍ය සොයා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් සහ ස්වාධීන කොමිසමක් පත් කරන්න..- උවිඳු විජේවීර ජනපති අනුරගෙන් ඉල්ලයි..

1980 දශකයේ අගභාගයේදී (1987-1989) මෙරට ඇති වූ දේශපාලන අර්බුදය හා භීෂණකාරී යුගය පිළිබඳ සම්පූර්ණ සත්‍ය හෙළිදරව් කර ගැනීමටත්, ඒ හරහා අගතියට පත් සියලු පාර්ශ්වයන්ට හා විපතට පත් වූවන්ට සාධාරණය ඉටු කිරීමටත් ස්වාධීන හා අපක්ෂපාතී කොමිෂන් සභාවක් පත් කරන ලෙස ඉල්ලමින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමු කර ඇත.

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙනත් ස්ථානයකට ගෙන යාමේ සූදානමක්.. ජාතික ආරක්ෂාවට එල්ල වන අවදානම ගැන හිටපු හමුදා ප්‍රධානීහු සහ ආරක්ෂක විශ්ලේෂකයෝ අනතුරු අඟවති..

පලාලි ප්‍රදේශයේ පිහිටා ඇති යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය (SFHQ-Jaffna) හදිසියේම වෙනත් ස්ථානයකට රැගෙන යාමට සැලසුම් කරමින් සිටින බවට වාර්තා වන අතර, එම පියවර රටේ ජාතික ආරක්ෂාවට සහ උපායමාර්ගික ස්ථාවරත්වයට දැඩි තර්ජනයක් වන බවට ආරක්ෂක විශ්ලේෂකයෝ සහ හමුදා විශේෂඥයෝ අනතුරු අඟවති.

නැගෙනහිරට යැවූ ලක්ෂ 8ක පාසල් පෙළපොත් බෝතල් පත්තරකාරයකුට විකුණලා..

නැගෙනහිර පළාතේ පාසල්වල පළමු වසරේ දමිළ මාධ්‍ය සිසුන් සඳහා වෙන් කළ, රුපියල් ලක්ෂ 8ක් පමණ වටිනා පෙළපොත් සහ ක්‍රියාකාරකම් පොත් තොගයක් බෙදා හැරීමේ මධ්‍යස්ථාන වෙත ලබා නොදී බෝතල් පත්තරකරුවකුට විකුණා දැමූ ලොරි රියදුරෙකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි.

ඉරානයට අත තියපු ඇමරිකාවට දැන් මොකද වෙලා තියෙන්නේ?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශ්ලේෂණයක්

ප්‍රකට ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා යූටියුබ් නාලිකාවක් සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඉරානය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පවතින රාජ්‍යතාන්ත්‍රික හා හමුදාමය උණුසුම් තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කර ඇත.

22 සංශෝධනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට..

මෙරට අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත එළැඹෙන 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

කන්නියා උණුවතුර ලිං පුරාවිද්‍යා භූමිය, චෛත්‍යය සංරක්ෂණය නැවතත් අත්හිටුවයි?..

ත්‍රිකුණාමලය ඓතිහාසික කන්නියා උණවතුර ළිං පුරාවිද්‍යා භූමියේ පිහිටි චෛත්‍ය සංරක්ෂණය කිරීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් ගනු ලබන උත්සාහයන්ට නැවතත් බාධා එල්ල වී ඇති බවත්, එම සංරක්ෂණ කටයුතු අත්හිටුවීමේ තත්ත්වයකට පත්ව ඇති බවත් ජාතික උරුම සුරැකීමේ මධ්‍යස්ථානය පවසයි.

අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට බලපාන කරුණුවලදී අවදානම් ගැනීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ.. - රජීව් අමරසූරිය

අධිකරණයේ ස්වාධීනත්වය යනු රටක පවතින උත්තරීතරම සංකල්පයක් බැවින්, ඒ සම්බන්ධයෙන් කිසිදු ආකාරයක අවදානමක් නොගත යුතු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා අවධාරණය කරයි.

කියුබානු විප්ලවයේ ශත සංවත්සරයට “ෆිදෙල්: උරුමය සහ අනාගතය” ජාත්‍යන්තර සමුළුව උත්කර්ෂවත්ව පවත්වයි.

අගෝස්තු මස 13 වනදාට යෙදෙන කියුබානු විප්ලවයේ නායක ෆිදෙල් කස්ත්‍රෝ රුස්ගේ 100 වැනි ජන්ම සංවත්සරයට සමගාමීව, ඔහුගේ චින්තනය, දේශපාලන දර්ශනය සහ උරුමය පිළිබඳ අවධානය යොමු කරන පළමු ජාත්‍යන්තර සමුළුව වන “ෆිදෙල්: උරුමය සහ අනාගතය” පසුගිය 10 වනදා කියුබාවේදී ආරම්භ විය.

LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය

වත්මන් රජය විසින් ක්‍රියාත්මක කිරීමට සැරසෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ දුෂ්කර පාසල්වල වැඩබලන විදුහල්පතිවරුන්ගේ දීමනා කපා හැරීමට ගෙන ඇති තීරණයට එරෙහිව ජාතික ගුරු ව්‍යාපාරය සිය දැඩි විරෝධය පළ කර සිටියි. බත්තරමුල්ල ජාතික නිදහස් පෙරමුණු කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා මේ බව සදහන් කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.