News Category
From Date
To Date
Maximum Number of Result

වොෂින්ටනය වහාම ආර්ථික හිඟය කපා හැරීමට හෝ ඉදිරි වසර තුන තුළ ප්‍රධාන ණය අර්බුදයක අවදානමට මුහුණ දීම යන කාරණා දෙකින් එකකට මුහුණ දෙන බව බ්‍රිජ්වෝටර් ඇසෝසියේට්ස් හි නිර්මාතෘ බිලියනපති ආයෝජක රේ ඩාලියෝ පසුගිය 03 2වනදා බ්ලූම්බර්ග් වෙත අදහස් දක්වමින් පැවසීය.

රථ වාහන රාජකාරියෙ නිරතරත වන නිලධාරීන්ගේ ත්‍යාගදීමනා සියයට විසිපහකින් වැඩි කිරීමට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා උපදෙස් ලබා දී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

වැඩිහිටි ජනතාව සහ ළමුන් අතර මහා අන්ත්‍රයේ සහ ගුද මාර්ගයේ පිළිකා ඇති වීමේ ඉහළයාමක් දක්නට ලැබෙන බව ජාතික පිළිකා මර්දන වැඩසටහන පවසයි.

උතුරේ ශ්‍රී ලාංකික ධීවරයින්ගේ ජීවනෝපාය විනාශ කරන ඉන්දීය මධ්‍යම රජය සහ තමිල්නාඩු ප්‍රාන්ත රජය සිය ධීවරයින්ට නීතිය ක්‍රියාත්මක කළ යුතු බව සභානායක බිමල් රත්නායක මහතා ඊයේ (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. "ඉන්දියාව ශ්‍රී ලංකාවේ උතුරේ ධීවරයින්ට ලබා දිය යුතු හොඳම සහය වන්නේ එහි නීති ක්‍රියාත්මක කිරීම සහ එහි ධීවරයින් උතුරේ ශ්‍රී ලාංකික ධීවරයින්ගේ ජීවනෝපාය විනාශ කිරීම වැළැක්වීමයි" රත්නායක පැවසීය.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇත.

පසුගියදා මිද්දෙනිය ප්‍රදේශයේදී අනුර විදානගමගේ නොහොත් ‘කජ්ජා’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයා සහ ඔහුගේ දරුවන් දෙදෙනාට මරු කැඳවමින් සිදු වූ මාරක වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ තුවක්කුකරු මිද්දෙනිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය හෙට (6) දිනයේ සිදුකිරීමට යෝජනා කර තිබූ දීපව්‍යාප්ත සංකේත වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත.

අත්අඩංගුවට පත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂගේ මිත්තණියක වන ඩේසි ෆොරස්ට් වික්‍රමසිංහට රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප තුනක් මත ඇප නියම කර තිබෙනවා.

මිනිස් පරිභෝජනයට නුසුදුසු අපිරිසිදු පොල්තෙල් තොගයක් දේශීය වෙළෙඳපොළට පැමිණ ඇති බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.


ප්‍රධාන පුවත්

සලේ උපවාසය අත්නොහරී..

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු රැඳවුම් භාරයේ සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා සිය උපවාසය අත්නොහරින බවට යළිත් අවධාරණය කර තිබේ.

ඩොලර් මිලියන 808ක් ලේඛණවල නෑ.. මහ බැංකුව කියනවා පොඩි දෙයක්ලු.. - දිනන දකුණ සාමූහිකය

ශ්‍රී ලංකාවේ ගෙවුම් ශේෂ ලේඛනවල "දෝෂ සහ අතපසුවීම්" යටතේ සටහන් වී ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 808 ක දැවැන්ත විෂමතාවය, හුදු "සංඛ්‍යානමය දෝෂයක්" හෝ දත්ත වාර්තාගත වීමේ "කාලීන ප්‍රමාදයක්" ලෙස සලකා බැහැර නොකරන ලෙස ‘දිනන දකුණ සාමූහිකය’ මූල්‍ය බලධාරීන්ගෙන් සහ රජයෙන් ඉල්ලා සිටී.

ලෝකයේ ලොකුම ජාවාරම දත්ත ජාවරම බව කී ජනාධිපතිත් මේ ජාවාරමට හවුල් වෙලාද ඉන්නේ? – පුබුදු ජයගොඩ ප්‍රශ්න කරයි

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික පුබුදු ජයගොඩ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව ඉලක්ක කරමින් දැඩි ප්‍රශ්න කිරීමක් සිදු කර තිබේ.

ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩු වුනත් අපට තාම එන්නේ වැඩි මිලට ඕඩර් කළ ඒවා.. ඒ නිසා ඉන්ධන මිල අඩුකරන්න බැහැ - මුදල් නියෝජ්‍ය ඇමති

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහත වැටී තිබුණද, ශ්‍රී ලංකාව තවමත් පරිභෝජනය කරනු ලබන්නේ වැඩි මිලට මිලදී ගත් ඉන්ධන තොග බැවින් දේශීය වෙළෙඳපොළේ ඉන්ධන මිල වහාම අඩු කිරීමට රජයට දැනට හැකියාවක් නොමැති බව මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

සුරේෂ් සලේගේ පරිගණක මුරපද CIDයට දීම මිලේනියම් සිටි පාවාදීමටත් වඩා භයානකයි.. රාජ්‍ය බුද්ධි රහස් ඩයස්පෝරාවේ කුලීකරුවන්ට පාවා නොදෙනු! - ජයන්ත සමරවීර

රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරල් තුවාන් සුරේෂ් සලේ මහතා සතු ජාතික ආරක්ෂාවට අදාළ අතිශය රහසිගත බුද්ධි තොරතුරු සහ පරිගණක මුරපද (Passwords) ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උත්සාහ කරමින් සිටින බවත්, එම තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වත්මන් බලධාරීන්ට ලබාදීම රට පාවාදුන් “මිලේනියම් සිටි” පාවාදීමටත් වඩා භයානක අපරාධයක් හා විනාශයක් රටට අත්පත්කර දීමක් බවත් ජාතික නිදහස් පෙරමුණ අවධාරණය කරයි.

හම්බන්තොට වරාය අසල අක්කර 108ක් සංවර්ධනය කිරීමට විදේශීය ආයෝජකයින් සොයයි..

හම්බන්තොට ප්‍රදේශයේ පිහිටි අක්කර 108ක ඉඩමක් කර්මාන්ත සහ බහාලුම් (container) ව්‍යාපෘතියක් සඳහා වසර 50කට බදු දීමට සහ ඒ සඳහා ආයෝජකයින් කැඳවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

සූරේෂ් සලේව නිරුවත් කළ බව CIDය පිළිගත්තා.. - සලේගේ බිරිඳගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සූරේෂ් සලේ මහතා රඳවා සිටියදී නිරුවත් කර පරීක්ෂාවකට ලක් කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පිළිගත් බව සූරේෂ් සලේ මහතාගේ බිරිඳ, මනෝරි සලේ මහත්මිය පවසන්නීය.

පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් ආයතනයේ නිර්මාතෘ සහ සභාපති ආරියශීල වික්‍රමනායක 2026 වසරේ ආසියාවේ ශ්‍රේෂ්ඨතම වෙළඳ නාම සහ නායකයන් අතර ගෞරවයට පාත්‍ර වෙයි..

පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ් ආයතනය 2026 වසරේ ආසියාවේ ශ්‍රේෂ්ඨතම වෙළඳ නාම (Asia’s Greatest Brands 2026) අතරට තේරී පත්ව ඇති අතර, එහි නිර්මාතෘ සහ සභාපති ආරියශීල වික්‍රමනායක මහතා 2026 වසරේ ආසියාවේ ශ්‍රේෂ්ඨතම නායකයන් (Asia’s Greatest Leaders 2026) අතරට නම් කර ගෞරවයට පාත්‍ර කර ඇත.

සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට එරෙහිව පැරීසියේදී දැවැන්ත විරෝධතාවයක්..

හිටපු බුද්ධි අංශ ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා රහස් පොලිසිය (CID) මගින් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට එරෙහිව ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් විසින් සංවිධානය කරනු ලබන දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් 2026 ජූනි 24 වන අඟහරුවාද පස්වරු 3.00 ට ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.