News Category
From Date
To Date
Maximum Number of Result

සමගි ජන බලවේගයට එක්වීම නිසා පක්ෂ සාමාජිකත්වය අත්හිටවනු ලැබූ සහ විනය ක්‍රියාමාර්ග ගත් එක්සත් ජාතික පාක්ෂිකයන්ට පනවා තිබූ පක්ෂ තහනම් නියෝග සියල්ල ඉවත් කිරීමට ඊයේ(16) සවස රැස්වූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ.

අපේ රටට අවශ්‍ය වන්නේ දේශපාලකයන්ට වන්දනාමාන කරන පුරවැසියන් නොව, රට නිවැරදි දිශාවකට ගෙන යා හැකි දේශපාලකයන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව සිටින සම්පත් මනම්පේරි නමැත්තා වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට අද (17) භාරවී ඇතැයි වාර්තා වේ.

හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම සලකාබැලීම සඳහා ලබන 24 වනදාට කැදවන ලෙස අභියාචනාධිකරණය නියම කර තිබේ.

ජාතික ජන බලවේගයේද මැති ඇමතිවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ වත්කම් සම්බන්ධයෙන් නීතිය සැමට එකලෙසම ක්‍රියාත්මක වන බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා අවධාරණය කර සිටියි.

ගෝලීය අවදානම් සහ කෘතිම බුද්ධිය පිළිබඳ විශේෂඥයෙකු වන ආචාර්ය මැතිව් මාවක් සමඟ RT වෙබ් අඩවිය, මානව වර්ගයා මුහුණ දුන් විශාලතම පරීක්ෂණය කුමක්ද යන්න සම්බන්ධයෙන් කළ සාකච්ඡාවේ සිංහල පරිවර්තනය.

දියවඩන නිලමේ ධුරය සම්බන්ධයෙන් සිදුකෙරන අපහාසාත්මක සංවාද හා එමගින් ශ්‍රී දළදා මාළිගාවේ, උභය මහා විහාරයන්ගේ හා සමස්ත බෞද්ධ සමාජයේ ගෞරවයට සිදුවන හානිය පිළිබඳව දැනුවත් කරමින් මල්වතු - අස්ගිරි මහා නාහිමිවරුන් විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ලංකා විදුලි බල මණ්ඩල සේවකයින් අද දිනයේ අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රීයාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබේ.

විදේශගතව පදිංචි වී සිටින ශ්‍රී ලාංකික පුරවැසියන්ට ඡන්ද බලය දීම ගැන සිය දහස් වාරයක් සිතා බැලිය යුතු බවත්, ජනාධිපතිවරණයකදි සහ පාර්ලිමේන්තු මැතිවරණයකදි අනිවාර්යයෙන් දෙමළ ඩයස්පෝරාවේ බලපෑම දැඩි ලෙස එල්ල වන බවත් විදෙස්ගත ශ්‍රී ලාංකිකයෝ පවසති.


ප්‍රධාන පුවත්

කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..

කළු ජූලිය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෑතකදී පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ කනගාටුව සහ සමාව අයැදීම සාදරයෙන් පිළිගන්නා බව පවසමින්, එවකට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ලයනල් බෝපගේ සහ මහාචාර්ය අතුල සුමතිපාල යන මහත්වරුන් විසින් විපක්ෂ නායකවරයා වෙත විවෘත ලිපියක් යොමු කර තිබේ.

අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය මඟින් ශ්‍රී ලංකා ජනරජය තුළ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දී ඇති අතර, බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සහ සුරක්ෂිත කිරීම රජයේ වගකීමක් බව පැහැදිලිව සඳහන් කර ඇති බවත්, එබැවින් බෞද්ධ ආගමික සංකේතයක් වන චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් රජය පියවර ගැනීමේදී මීට වඩා ඉතා සැලකිලිමත්ව කටයුතු කළ යුතු වුවද, එවැන්නක් සිදුවී නොමැති බවත් ජාතික ගුරු ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා පවසයි.

2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය

එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, 2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළ ගොස් තිබේ.

ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ

බද්දේගම නගර ශාලාවේදී ඊයේ (11) පැවැති දේශපාලන සම්මන්ත්‍රණයක අදහස් දක්වමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා වත්මන් ආණ්ඩුවේ දෙවසරක පාලනය දැඩි ලෙස විවේචනය කරමින්, ආර්ථික කළමනාකරණය, විදේශ සබඳතා, බුද්ධ ශාසනය, රණවිරුවන් සම්බන්ධ නඩු කටයුතු සහ රටේ භෞමික අඛණ්ඩතාව සම්බන්ධයෙන් බරපතළ විවේචන රැසක් මතු කළේය.

ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..

රුසියානු ඩීසල් සැපයුම් සම්බන්ධයෙන් පනවා තිබූ සම්බාධක තාවකාලිකව අත්හිටුවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය හදිසියේ ගත් තීරණයත් සමඟ ජාත්‍යන්තර දේශපාලන කරළිය දැඩි උණුසුම් වී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡෙදය රට බවත්, දෙවන පරිච්චේඡද ආගම නොව බුද්ධාගම බවත්, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවති.

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ

මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කිරීමට නොයන ලෙසත්, ජනාධිපතිවරයා උතුරට ගොස් 'කිසිම ජාතිවාදයකට නැගිටින්න දෙන්නේ නෑ' යැයි පවසන බවත්, එසේ නම් උතුරේ නැගිටින දෙමළ ජාතිවාදය ද නතර කළ යුතු බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..

මෙරට පෞද්ගලික ඉන්ධන සමාගම් සතුව දැනට මාසයකට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් ක්ෂණික ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් නොමැති බවත්, එහෙත්, දිගින් දිගටම පාඩු ලබමින් ඉන්ධන අලෙවි කිරීමට සිදුවීම හේතුවෙන් ඉදිරි මාසවලදී අඛණ්ඩ ඉන්ධන සැපයුම පවත්වාගෙන යෑම සඳහා රජය පැහැදිලි උපායමාර්ගික සැලැස්මක් ඉදිරිපත් කළ යුතු බවත් ඉන්ධන ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ දැනට ක්‍රියාත්මක වන වැඩසටහන මඟින් සාර්ථකව අත්පත් කරගත් ආර්ථික ස්ථායීතාව අඛණ්ඩව ආරක්ෂා කරගනිමින්, රටේ ඉදිරි ආර්ථික වර්ධනය තවදුරටත් වේගවත් කිරීම උදෙසා ඉදිරියේදී තවත් නව එකඟතාවකට එළඹීමට රජය සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..

මහා සංඝරත්නයට පහරදීමේ ද්වේෂ සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක දේශප්‍රේමී සිංහල නායකයින්ද සිරගත කිරීමේ කුමන්ත්‍රණයක්ද පවතින බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා අනාවරණ කරයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.