News Category
From Date
To Date
Maximum Number of Result

කස්සප හාමුදුරුවන් ඇතුළු පිරිස පහර කෑ බවත්, දැන් උන්වහන්සේ ඇතුළු පිරිස බන්ධනාගාර ගත කර ඇති බවත්, රුවන්වැලි සෑය ලගට ගොස් එලවන බව සහ පහර දෙන බවට සමාජ මාධ්‍යයේ පෝස්ට් දමා එම සත්‍යග්‍රහයට පහරදීමට ගිය අය ගැන සාක්ෂි ඕනෑ තරම් තිබිය දී පොලිසිය ඒ සඳහා ක්‍රියාමාර්ගයක් නොගන්නේ මන්දැයි මිහින්තලේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි ප්‍රශ්න කරති.

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව මීට පෙර සකස් කළ විශ්වාසභංග යෝජනාව සංශෝධනය කරමින්, තවත් නව චෝදනා දහයක් ද ඊට එක්කර සම්පූර්ණ චෝදනා හැටකින් (60) සමන්විත නව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට විපක්ෂය සූදානම් වන බව වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් ධුරය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය අධිකරණය හමුවේ නීත්‍යනුකූලව විසඳා ගැනීම සුදුසු බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබේ.

පසුගිය වසර දෙකක කාලය තුළ රට හමුවේ පැවති දරුණුතම ආර්ථික අර්බුදය හා අභියෝග සාමූහිකව ජයගෙන රට ස්ථාවර මාවතකට ගෙන ඒමට රජය සමත් වූ බවත්, බංකොලොත්භාවයට පත් වූ රටක් මෙතරම් කඩිනමින් ආර්ථික වශයෙන් යළි ගොඩනැඟූ ලොව විශිෂ්ටතම ආදර්ශය ශ්‍රී ලංකාව බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා ප්‍රකාශ කර ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.

මෙම අයවැය තවදුරටත් බදු මත පමණක් ක්‍රියාත්මක වන අයවැයක් පමණක් බවත්, මෙය රටේ සාමාන්‍ය ගොවි ජනයාට සහන දෙන අයවැයක් නොවන බවත් සර්වජන ගොවි සංවිධානයේ කැඳවුම්කරු කමල් තිස්ස බණ්ඩාර පවසයි.

අනුරාධපුර පූජාභූමියේ පැවැත්වූ සත්‍යග්‍රහයට පහරදීම සම්බන්ධයෙන් ලංකාවේ ජීවත්වන බෞද්ධ ජනතාව මෙන්ම ලෝකයේ සිටින බෞද්ධ ජනතාවද දැඩි කම්පනයකට පත්ව ඇති බවත්, මෙම සිදුවීම් වර්ධනය වී මේවා සාමාන්‍ය සිදුවීම් බවට පත්වී බුද්ධ ශාසනය පරිහානියට පත්වීම ඉතා ඉක්මනින් සිදුවනු ඇති බවත් පූජ්‍ය ඔලගන්වත්තේ චන්දසිරි හිමි පවසති.

රුවන්වැලි සෑය පරිශ්‍රයේ පැවති සත්‍යග්‍රහයට පහරදීම ගුරු සංගමයක් ලෙස ලංකා ගුරු සංගමය හෙළා දකින බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු පවසයි.

අමෙරිකාවේ ගුවන් ගමන් පාලන මධ්‍යස්ථානවල ඇති වූ සන්නිවේදන පද්ධති දෝෂයක් හේතුවෙන් එරට පුරා ගුවන් යානා පිටත්වීම් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අයවැය කතාව 2027 සටහන් පොතෙහි තාක්ෂණික සටහන් වල සහ ඇමුණුම්වල කිසිඳු තැනක ජනාධිපතිවරයා සඳහන් කළ විශ්වවිද්‍යාල 50 සහ වැව් 450 ඉදිකිරීමට අදාළ ප්‍රතිපාදන සටහන් වී නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා විසින් පාර්ලිමේන්තුවේ දී සඳහන් කරන ලදී.


ප්‍රධාන පුවත්

මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර

වත්මන් රජය අමු අමුවේ හමුදාව පාවා දෙමින් ඉතාම පහත් දේශද්‍රෝහී ක්‍රියාවක් සිදු කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි.

හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..

හිඟුරක්ගොඩ විවිධ සේවා සමුපකාර සමිතියට අයත් ඉන්ධන පිරවුම්හලකදී, ඉන්ධන බවුසරයකින් ඉන්ධන බාමින් සිටියදී ඩීසල් භූගත ටැංකියට පෙට්‍රල් ලීටර් 2,000කට ආසන්න ප්‍රමාණයක් මුසු වීමේ සිද්ධියක් හේතුවෙන් ඉන්ධන නිකුත් කිරීම ඇණහිට ඇති බව වාර්තා වේ.

හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..

හඳුනා නොගත් පියාසර වස්තූන් (UFO) සම්බන්ධයෙන් දශක හතකට අධික කාලයක් සිදුකළ විමර්ශනවලට අදාළ රහස් ලිපිගොනු 40ක් සහ මීට පෙර ප්‍රසිද්ධ නොකළ හමුදා වීඩියෝ දර්ශන තුනක් අමෙරිකාව විසින් ප්‍රසිද්ධ කර ඇත.

අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි

ශ්‍රී ලංකාවේ අතීත උරුමයන් සහ නිදහස් සටනේ විරුවන් නොසලකා හරින ආකල්පමය පරිහානියක් වර්තමානයේ දක්නට ලැබෙන බවත්, එසේ අතීත උරුමයන් නොසලකා හරින්නේ නම් රටක් හා ජාතියක් ලෙස පැවතිය නොහැකි බවත් ශ්‍රී ලංකාවේ ස්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියෝ පවසති.

මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..

මාතලේ අලුවිහාරය ආශ්‍රිතව මුස්ලිම් පල්ලියක ඉදිකිරීම් සම්බන්ධයෙන් පළ වූ පුවතක් පිළිබඳව නීතිමය තත්ත්වය සොයා බැලීමට සහ අවශ්‍ය නීතිමය පියවර ගැනීමට සූදානම් බව පූජ්‍ය ගලගම කුසලධම්ම හිමියෝ පවසති.

ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සර උත්සවය අද පෙරවරුවේ කැළණිය - නාගානන්ද අන්තර්ජාතික විශ්වවිද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හමුවේ හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය ඉරානය සහ ඕමානය එක්ව පිහිටුවා ගන්නා ඒකාබද්ධ යාන්ත්‍රණයකට නතුවීම නොවැළැක්විය හැකි බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..

යාපනය ප්‍රධාන වීදියේ (Main Street) වසර නවයක පමණ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය 'මාතර ඇඹුල හෝටලය' නම් ආපනශාලාවේ ඉදිරිපස කොටස යාපනය මහ නගර සභාව මගින් කඩා බිඳ දැමීමත් සමඟ, එම නගරයේ නීති ක්‍රියාත්මක කිරීමේ සමානාත්මතාවය සහ සංහිඳියාව පිළිබඳව ප්‍රදේශවාසීන් අතර දැඩි කතාබහක් මතු වී තිබේ.

නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..

එළඹෙන නොවැම්බර් 30 වැනිදා දිවයින පුරා රාජ්‍ය සේවයේ ක්ෂේත්‍ර කිහිපයක් ඒකාබද්ධව දීපව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..

ඇමරිකානු පුරවැසියන්ගේ අදහස් වාරණය කිරීමට සහ 2024 ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණ ක්‍රියාවලීන්ට බලපෑම් කිරීමට ඇමරිකානු ජාත්‍යන්තර සංවර්ධන නියෝජිතායතනය (USAID) කටයුතු කර ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනාධිකාරිය විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද නවතම ලේඛන මඟින් අනාවරණය වී තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.