News Category
From Date
To Date
Maximum Number of Result

ඇතැම් ‘පාර්ශව’ ආර්ථික තත්ත්වයෙන් ප්‍රයෝජන ගැනීමට උත්සාහ කරන අවස්ථාවක ශ්‍රී ලංකාව බාහිර බලපෑම්වලට හිස නොනැමිය යුතු බවත් ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් පවත්වාගෙන යා යුතු බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා කොළඹදී මාධ්‍යවේදීන් අමතමින් පැවසීය.

ඩීසල් (0.05% M.S.) නැව් තොග 4ක් මිල දී ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව වාර්තා වේ.

ලොව ප්‍රමුඛතම අන්තර්ජාතික ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන ත්‍රිත්වයෙන් එකක් වන Moody’s Ratings විසින් ශ්‍රී ලංකාවේ ඉදිරි ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දැමීම සඳහා සමාලෝචනය කරනු ලබන බව වාර්තා වේ.

පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ විශ්‍රාම වැටුප සහ තීරුබදු රහිත වාහන බලපත්‍රය අහෝසි කිරීමට රජයේ අවධානය යොමුවී ඇති බව පැවසේ.

පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ විශ්‍රාම වැටුප සහ තීරුබදු රහිත වාහන බලපත්‍රය අහෝසි කිරීමට රජයේ අවධානය යොමුවී ඇති බව වාර්තා වේ.

දින කිහිපයක් පුරා පැවති අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 24ක පවුල් 120,534 පුද්ගලයන් 401,707ක පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

පොහොර සහනාධාරය ලබා දීමේ යම් ගැටලුවක් පවතින බවත්, එම ගැටලුව මේ වනවිට හඳුනාගෙන ඇති බවත් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.

අයහපත් කාලගුණය හේතුවෙන් පළාත් ගණනාවක ගොවිබිම් සියල්ලම පාහේ ජලයෙන් යටවී විනාශ වී ඇති බවත්, කොළඹ සීතල කාමර ඇතුලේ සිටින ගොවිජන සංවර්ධන නිලධාරීන් දෙන දත්ත අමූලික බොරු බවත්, එම දත්ත මත පදනම්ව මාධ්‍ය ප්‍රකාශ සිදුනොකරන ලෙස නාමල් කරුණාරත්න ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් ජාතික ගොවි ජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පවසයි.

එච්.අයි.වී.වෛරසය ආසාදනය වී ඇති නව යොවුන් වියේ පසුවන සංඛ්‍යාව ඉහළගොස් ඇතිබව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වින්ද්‍යා කුමාරපේලි මහත්මිය පවසයි.


ප්‍රධාන පුවත්

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරයේ දී ඉවත්කොට අධිකරණයට ගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් 10 දෙනෙකුට එරෙහිව බ්‍රිගේඩියර්(විශ්‍රාමික) අතුල හේමචන්ද්‍ර ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ නඩු අංක CA/WRIT/787/2026 යටතේ අද දින (2026.10.12) නඩුවක් ගොනුකර තිබේ.

චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..

චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා ගොස් තිබේ. එම මාර්ගය හරහා මේ වන විට ආනයන හා අපනයන භාණ්ඩ ටොන් මිලියන 20.77කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹීමේ ආදර්ශය අනුගමනය කරමින් රුසියාව සමඟ ආර්ථික සබඳතා යළි ස්ථාපිත කරන ලෙස ජර්මනියේ විපක්ෂ දේශපාලන පක්ෂ දෙකක් ඉල්ලා ඇතැයි වාර්තාවේ.

රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්

රුසියාව සහ යුක්‍රේනය අතර වහාම ක්‍රියාත්මක වන පරිදි බලශක්ති ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර අත්හිටුවීමේ එකඟතාවක් ඇති කරගෙන තිබෙන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)

ඊයේ(11) දිනයේ උතුරු නේපාලයට බලපෑ හදිසි මහා ගංවතුර හේතුවෙන් නිවාස හා පාලම් රැසක් ගසාගෙන ගොස් ඇති අතර, පුද්ගලයන් පස්දෙනකුට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.

ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ

කැනඩාවේ ඔන්ටාරියෝ (Ontario) පළාත් ව්‍යවස්ථාදායකය විසින් 'දෙමළ ජන සංහාරය' (Tamil Genocide) යන සංකල්පය හෝ එය නිල වශයෙන් පිළිගෙන නොමැති බව එරට අධිකරණ තීන්දු මඟින් තහවුරු වී ඇති බව ආචාර්ය නෙවිල් හේවගේ මහතා පෙන්වා දෙයි.

ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..

බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (12) තෙවන දිනටත් පැවැත්වේ.

"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..

ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට පෙර තමන්ට ඇමතුමක් ලබාදී හමුවන ලෙස දැන්වූ බවත්, එහිදී උන්වහන්සේ පැවසුවේ උන්වහන්සේව අත්අඩංගුවට ගත් පසු සිවුර ගැලවීම අනිවාර්යෙන් සිදුකරන බව යැයිද, කළින්ම උන්වහන්සේ මේ පිළිබඳව දැනසිටි බවත්, තමන් සමග මේ සම්බන්ධයෙන් උන්වහන්සේ කතා කළ බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා හෙළිදරව්වක් සිදුකරමින් පවසයි.

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීම සඳහා විශාල ආධාර මුදලක් ඉදිරියේදී ඉන්දියානු රජයෙන් ලැබීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.