News Category
From Date
To Date
Maximum Number of Result

යුක්‍රේන පරාජය මුළු යුරෝපයේම ජයග්‍රහණය නියෝජනය කරන බව ප්‍රංශ මානව විද්‍යාඥ එම්මානුවෙල් ටොඩ් ඉතාලි පුවත් ආයතනයක් වන Cඔර්‍රීරෙ ඩි ඹොලොග්න සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කර තිබේ. තමන් මොස්කව් පරිපාලනයේ පැහැදිළි ආධාරකරුවෙකු නොවන බව අවධාරණය කර ඇති ටොඩ්ට අනුව, යුක්රේන ගැටුමේදී රුසියාව පරාජයට පත් වුවහොත්, මෙය "ඇමරිකානුවන්ට යුරෝපීය යටත්වීම ශතවර්ෂයක් දක්වා දිගු කිරීමට" ඉඩ සලසයි.

පසුගියදා අවසන්වුන ජිනීවා මානව හිමිකම් කොමිසමේ 57 වන සමුළුවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවලිය රජය විසින් ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව අදහස් දක්වමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක ලේකම් යසස් ධර්මදාස මහතා ලංකා ලීඩර් නිවුස් වෙබ් අඩවියට ප්‍රකාශකර සිටියේ ජාතික ජන බලෙව්ගෙය් රණවිරු සංධානය මෙවර ජිනීවා සමුළුව වෙනුවෙන් සාධනීය බලපෑමක් කරන්න ඇතැයි සිතිය හැකි බවය.

චීනයේ නිෂ්පාදිත විද්‍යුත් වාහන (EV) සඳහා යුරෝපා සංගමය (EU) දණ්ඩනීය තීරුබදු පැනවීම අත්වැරැද්දක් වන අතර එය යහපතට වඩා හානියක් කරනු ඇතැයි බ්‍රසල්ස් කේන්ද්‍රීයව කටයුතු කරන ආර්ථික චින්තකයෙකු වන බෲගල් ඊයේ(09) ප්‍රකාශ කළේය. යුරෝපීය කොමිසම පසුගිය 04 වනදා නිවේදනය කළේ, චීන විද්‍යුත් වාහන සඳහා දණ්ඩනීය තීරුබදු පැනවීම සඳහා විමසූ ඡන්දයෙන් එම දණ්ඩනීය තීරුබදු සම්මත කිරීම යුරෝපා සංගමයේ රටවල් කිහිපයක සහ මෝටර් රථ කර්මාන්තකරුවන්ගේ විවේචන අවුලුවාලීමට හේතු විය. මෙම පියවර යුරෝපා සංගමයේ විද්‍යුත් වාහන නිෂ්පාදනයේ තරඟකාරීත්වයට එරෙහිව බූමරංගයක් විය හැකි බවට අනතුරු බෲගල් අඟවයි.

රට මුහුණ දෙන අභියෝග සහ පාර්ලිමේන්තු මැතිවරණය අභිමුව ජාතික නිදහස් පෙරමුණට හිමිවන දේශපාලන භූමිකාව පිළිබඳ ජාතික නිදහස් පෙරමුණ විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12ට අවසන් වීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවට වසර 150ක් පිරීම නිමිත්තෙන් මුද්දර කාර්යාංශය විසින් රුපියල් 25.00 වටිනාකමකින් යුත් නව සමරු මුද්දර දෙකක් ඊයේ නිකුත් කර ඇත.

පසුගිය වසර කීපය තුළ ආරක්ෂක අමාත්‍යාංශය හරහා දේශපාලනඥයන් ඇතුළු විවිධ පුද්ගලයන් ලබාගත් ගිනි අවි 1690 අතරින් පිස්තෝල 30 ක් ඊයේ (09දා) වන විට වැලිසර නාවික හමුදා කඳවුර වෙත භාරදී ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා යුධ හමුදාවේ 75 වැනි සංවත්සරය අදට යෙදී තිබේ.ඒ නිමිත්තෙන් හමුදා නිලධාරීන් 139දෙනකු සහ සෙසු නිලයන්හි 1,273කට උසස්වීම් ලබා දීමට පියවර ගෙන ඇත.

ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ කෙටුම්පත් යෝජනාවලියක් ඊයේ (09) ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසිවාරයේදී සම්මත කරගෙන තිබේ.


ප්‍රධාන පුවත්

භාණ්ඩාගාර මංකොල්ලය: වැරැද්ද කාගෙද?.. මහ බැංකුවයි-භාණ්ඩාගාරයයි මූණට මූණ ඇනකොටා ගනී!

ශ්‍රී ලංකා රජය විසින් විදේශීය ණය පියවීම් කටයුතු සඳහා වෙන්කර තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක (රුපියල් මිලියන 750කට අධික) රාජ්‍ය මුදලක් සංවිධානාත්මක සයිබර් ප්‍රහාරයක් (Cyber Theft) හරහා සොරකම් කිරීමේ සිදුවීමක් මුල් කරගනිමින්, මහා භාණ්ඩාගාරය (Treasury) සහ ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) අතර බරපතල ආයතනික සහ පරිපාලනමය ගැටුමක් හටගෙන ඇති බව වාර්තා වේ.

විදුහල්පති සේවයට වැටුප් වැඩිකිරීමේ යෝජනාව: ගුරු, විදුහල්පති සේවා වල ස්වාධීනතාවය නැති කරල, වැටුප් විශ්මතාවයක් නෑ කියන්නයි මේ හදන්නෙ - ඒකාබද්ධ ගුරුසේවා සංගමය

ගුරු සේවාවේ උසස් වීමක් ලෙස සලකා විදුහල්පති සේවයට වැටුප් වැඩිකිරීමේ යෝජනාව යනු වෙනත් වටයකින් සමාන්තර සේවා අහෝසි කිරීමට ගන්නා උපක්‍රමයක් බව ඒකාබද්ධ ගුරුසේවා සංගමය චෝදනා කරයි.

ආණ්ඩුවට බැරි බෙදුම්වාදය පරාජය කිරීමේ වගකීම බාරගන්න අපි සූදානම්.. - 'රණවිරු ජනපවුර' ආණ්ඩුවට කියයි..

පසුගිය වසර 30ක යුද්ධයේදී සන්නද්ධ හමුදාවන් සිය වගකීම 100%ක්ම ඉටු කරමින් රට දෙකකට බෙදීමේ තර්ජනයෙන් මුදාගත් බවත්, එලෙස දිනාගත් යුද ජයග්‍රහණය ඉදිරියට පවත්වාගෙන යාම සඳහා බෙදුම්වාදී මතවාද පරාජය කිරීමේ වගකීම බාර ගැනීමට විශ්‍රාමික රණවිරුවන් කිසිසේත් පසුබට නොවන බවත් "රණවිරු ජනපවුර" සංවිධානය අවධාරණය කරයි.

ඉහළ උසාවිවල විනිසුරු පුටු අටක් හිස්..

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරු පුරප්පාඩු අටක් දීර්ඝ කාලයක් තිස්සේ නොපිරවීම හේතුවෙන් අධිකරණ පද්ධතියේ නඩු ගොඩගැසීමෙන් යුක්තිය පසිඳලීමේ කටයුතු වලට බාධා මතුව ඇතැයි අධිකරණ සේවා ආරංචි මාර්ග සඳහන් කරයි.

සාම ගිවිසුමක් සඳහා අමෙරිකාව සහ ඉරානය අවසන් එකඟතාවකට ආවා - පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ්

මැදපෙරදිග කලාපීය යුද්ධය අවසන් කිරීමේ සාම ගිවිසුමක් සඳහා අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අවසන් එකඟතාවයකට පැමිණ ඇති බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් පවසයි.

ගෝඨාභය රාජපක්ෂ ඇත්ත මහමොළකරු තේරුම් ගත්තා.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

යුද්ධය අවසන් වූවද බෙම්වාදීන්ගේ මාර්ග සිතියම අවසන් වී නොමැති බවත්, බෙදුම්වාදී මාර්ග සිතියමේ අවසන් සැතපුම යාමට බිඳවැටුනු ආරක්ෂක හමුදාවක් අවශ්‍ය බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

යුක්රේන ගැටුමේදී රුසියාව සමස්ත බටහිර කඳවුරට එරෙහිව තනිව සටන් කරනවා – පුටින්

යුක්රේනය සහ රුසියාව අතර පවතින ගැටුමේදී රුසියාව ඊනියා “සාමූහික බටහිර” (Collective West ) කඳවුරට එරෙහිව තනිව සටන් කරන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රකාශ කළේය.

“පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වූ නිලධාරීන් දැන් මට එරෙහිව පරීක්ෂණ මෙහෙයවනවා”..- සලේ අභියාචනාධිකරණයට කියයි

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වූ බවට විවිධ විමර්ශන මඟින් හඳුනාගෙන ඇති ෂානි අබේසේකර සහ රවි සෙනෙවිරත්න ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් පිරිසක්, මේ වන විට තමන්ට එරෙහිව විමර්ශන මෙහෙයවමින් සිටින බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සිය නීතිඥවරයා මාර්ගයෙන් පෙරේදා (11) අභියාචනාධිකරණයට දැනුම්දී ඇත.

අලුත් පාස්කු මහ මොළකරුවෙක් සොයාගත්තා නම් FBI, Interpol, Scotlandyard, AFU ආයතනවලටත් දන්වන්න.. - දිලිත් කියයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමරිකානු එෆ්.බී.අයි (FBI) ආයතනය, ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය, ස්කොට්ලන්ඩ් යාඩ් සහ ඉන්ටර්පෝල් වැනි ලෝක ප්‍රකට විමර්ශන ආයතන සොයාගත් කරුණු වලට අමතරව නව කරුණු මෙරට බලධාරීන් සොයාගෙන තිබේ නම්, වහාම ඒ බව එම ආයතනවලට දැනුම් දීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව සර්වජන බලය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාව මෙතෙක් අනුගමනය කළ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තිය තවදුරටත් අනුගමනය කරනු ඇතැයි අපි විශ්වාස කරනවා- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් S ධගාරියන්

ජූනි මස 12 වනදාට යෙදී තිබෙන රුසියානු දිනය වෙනුවෙන් කොළඹ රුසියානු තානාපති කාර්යාලය සංවිධානය කළ උත්සවයක් පසුගිය 10 වනදා ගාලු මුවදොර පිහිටි රත්නදීප හෝටලයේදී පැවැත්වීය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.