News Category
From Date
To Date
Maximum Number of Result

එළඹෙන සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවට විරුද්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී යුද අපරාධ සම්බන්ධව බරපතළ යෝජනාවක් සම්මත කිරීමට නියමිත බව ආචාර්ය දයාන් ජයතිලක මහතා සදහන් කරයි. ඔහුට අනුව එම යෝජනාව ඉදිරිපත් කරන්නේ මහා බ්‍රිතාන්‍යය සහ කැනඩාව විසිනි.

ලංකා ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය බන්දුල දිලීප විතාරණ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇත.

2025 අප්‍රේල් 04 වැනි දින සිට 06 වැනි දා දක්වා ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත වීමට නියමිතව ඇතැයි පැවසේ.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට අනුව අද මියන්මාර වේලාවෙන් පස්වරුවේ මධ්‍යම මියන්මාරයේ රික්ටර් මාපකයේ 7.7 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වී තිබේ.

චීන ආයෝජන කොල්ලකාරී ක්‍රියාවන්ට සම්බන්ධ බවත් කිසි විටෙකත් ආපසු ගෙවිය නොහැකි විශාල ණය සමඟ බැඳී ඇති බවත් එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ කළ ප්‍රකාශයට ප්‍රතිචාර වශයෙන්, චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක ගුඕ ජියාකුන් ඊයේ(27) කියා සිටියේ, චීනය සහ අනෙකුත් රටවල් අතර අසමගිය වැපිරීමේ අරමුණින් එක්සත් ජනපදය ද්වේෂ සහගත ලෙස අසත්‍ය තොරතුරු පතුරුවන නමුත් මෙම උත්සාහයන් සාර්ථක නොවනු ඇති බවයි.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ප්‍රකාශ කර ඇත්තේ, සමස්ත ඉදිරි ආරක්ෂක රේඛාව ඔස්සේ රුසියානු හමුදා වේගවත්ව ප්‍රහාර එල්ල කරමින් පවතින බවත්, ඉක්මනින් කියෙව්හි හමුදාව “අවසන්” කළ හැකි බවත්, යුද ගැටුම රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් මගින් අඩාල කිරීමට යුක්රේනයේ යුරෝපීය ආධාරකරුවන් දරන උත්සාහයන් පිළිබඳව අදහස් දක්වමින් පැවසීය.

යුද්ධය නිමා කිරීමට කටයුතු කළ හමුදා නිලධාරීන් 3 දෙනෙකුට සහ බෙදුම්වාදී යුද්ධය පරාජය කිරීමට සහයෝගය දැක්වූ කරුණා අම්මාන් ඉලක්ක කොටගෙන බ්‍රිතාන්‍යය විසින් පණවනු ලැබූ සම්බාධාක සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට මාධ්‍ය හමුවක් පවත්වමින් විමල් වීරවංශ මහතා පැවසුවේ මෙම සම්බාධක සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශය නිකුත් කරලා තියෙන්නේ 'සංක්‍රාන්ති ලිංගික' නිවේදනයක් බවයි.

ප්‍රමිතියෙන් තොර ඖෂධ ගැන්වීම සඳහා ඉන්දීය ඖෂධ සමාගමේ නම යෝජනා කළේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක් වැල්ල මහතාගේ උපදෙස් මත බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීහු පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ පෙරේදා අනාවරණය කළහ.

සෝලා පද්ධති අලෙවි සමාගම්වල සේවකයින් පිරිසක් අද (27) පස්වරුවේ විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණි.


ප්‍රධාන පුවත්

සුරේෂ් සලේගේ පරිගණක මුරපද CIDයට දීම මිලේනියම් සිටි පාවාදීමටත් වඩා භයානකයි.. රාජ්‍ය බුද්ධි රහස් ඩයස්පෝරාවේ කුලීකරුවන්ට පාවා නොදෙනු! - ජයන්ත සමරවීර

රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී මේජර් ජෙනරල් තුවාන් සුරේෂ් සලේ මහතා සතු ජාතික ආරක්ෂාවට අදාළ අතිශය රහසිගත බුද්ධි තොරතුරු සහ පරිගණක මුරපද (Passwords) ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උත්සාහ කරමින් සිටින බවත්, එම තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වත්මන් බලධාරීන්ට ලබාදීම රට පාවාදුන් “මිලේනියම් සිටි” පාවාදීමටත් වඩා භයානක අපරාධයක් හා විනාශයක් රටට අත්පත්කර දීමක් බවත් ජාතික නිදහස් පෙරමුණ අවධාරණය කරයි.

හම්බන්තොට වරාය අසල අක්කර 108ක් සංවර්ධනය කිරීමට විදේශීය ආයෝජකයින් සොයයි..

හම්බන්තොට ප්‍රදේශයේ පිහිටි අක්කර 108ක ඉඩමක් කර්මාන්ත සහ බහාලුම් (container) ව්‍යාපෘතියක් සඳහා වසර 50කට බදු දීමට සහ ඒ සඳහා ආයෝජකයින් කැඳවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

සූරේෂ් සලේව නිරුවත් කළ බව CIDය පිළිගත්තා.. - සලේගේ බිරිඳගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සූරේෂ් සලේ මහතා රඳවා සිටියදී නිරුවත් කර පරීක්ෂාවකට ලක් කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පිළිගත් බව සූරේෂ් සලේ මහතාගේ බිරිඳ, මනෝරි සලේ මහත්මිය පවසන්නීය.

පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් ආයතනයේ නිර්මාතෘ සහ සභාපති ආරියශීල වික්‍රමනායක 2026 වසරේ ආසියාවේ ශ්‍රේෂ්ඨතම වෙළඳ නාම සහ නායකයන් අතර ගෞරවයට පාත්‍ර වෙයි..

පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ් ආයතනය 2026 වසරේ ආසියාවේ ශ්‍රේෂ්ඨතම වෙළඳ නාම (Asia’s Greatest Brands 2026) අතරට තේරී පත්ව ඇති අතර, එහි නිර්මාතෘ සහ සභාපති ආරියශීල වික්‍රමනායක මහතා 2026 වසරේ ආසියාවේ ශ්‍රේෂ්ඨතම නායකයන් (Asia’s Greatest Leaders 2026) අතරට නම් කර ගෞරවයට පාත්‍ර කර ඇත.

සුරේෂ් සලේ අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට එරෙහිව පැරීසියේදී දැවැන්ත විරෝධතාවයක්..

හිටපු බුද්ධි අංශ ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා රහස් පොලිසිය (CID) මගින් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමට එරෙහිව ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් විසින් සංවිධානය කරනු ලබන දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් 2026 ජූනි 24 වන අඟහරුවාද පස්වරු 3.00 ට ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

ඩොලරය අතහැර රුපියල්වලින් ගණුදෙනු කරන්න ඉන්දු - ලංකා අවධානය..

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සිදු කෙරෙන ද්විපාර්ශ්වික වෙළඳ කටයුතුවලදී ඇමෙරිකානු ඩොලරය මත යැපීම අවම කර, දෙරටේ දේශීය මුදල් ඒකක වන රුපියල් භාවිතයෙන් සෘජුවම ගනුදෙනු පියවීම කෙරෙහි අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්..

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළේය.

උතුරේ සිංහල ජනාවාස දරුණු අර්බුදයක.. පවුල් 300කට වඩා බෞද්ධහරණයට ලක්වෙලා.. - ආචාර්ය චන්න ජයසුමන හෙළිකරන කතාව

උතුරු පළාතේ සිංහල ජනාවාසවල අවසන් සීමාව සනිටුහන් කරන පදවි ගොවි ජනපදයේ බෝගස්වැව ඇතුළු ගම්මාන රැසක බෞද්ධ ජනතාව ඉලක්ක කරගනිමින් ඉතා සූක්ෂම බෞද්ධහරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

වසවිලාන් හමුදා රෝහලේ ඉදිකිරීම් වහාම නවත්වනු! - වලිකාමම් උතුරු ප්‍රාදේශීය සභා සභාපති යාපනය ආරක්ෂක සේනාංක මූලස්ථානය වෙත ලියයි

යාපනයේ වාසවිලාන් ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින නව යුද හමුදා රෝහලේ ඉදිකිරීම් කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කරන ලෙස වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් යාපනය ආරක්ෂක සේනාංක මූලස්ථානය වෙත ලිපියක් මගින් දැනුම් දී තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.