News Category
From Date
To Date
Maximum Number of Result

බ්‍රසීලයේ මෑතකදී පැවති තියුණු ජනාධිපතිවරණ ප්‍රතිඵලය හිටිහැටියේ උඩුයටිකුරු කරමින්, ලුයිස් ඉනාසියෝ ලූලාඩා සිල්වා (Luiz Inacio Lula da Silva) ඓතිහාසික ජයග්‍රහණයක් අත්ව කර ගැනීමට සමත් විය.

හෝමාගම පොලිස් අත්අඩංගුවේ පසුවූ තරුණයා අසනීප වීමෙන් මියගිය බවට පොලිසිය සිදුකරන ප්‍රකාශය මුළුමනින්ම අසත්‍යයක් බවත්, ජාතික ජන බලවේග රජය බලයට පත්වීමෙන් පසු ගෙවීගිය කාලසීමාව තුළ පමණක් පොලිස් සිරමැදිරි තුළදී පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා චෝදනා කළේය.

අනුරාධපුර ඓතිහාසික පූජා භූමි කලාපය ආශ්‍රිතව වන්දනාමාන කටයුතුවල නිරත වන බැතිමතුන්ට කිසිදු බාධාවක් එල්ල නොවන පරිදි සංවර්ධන සැලසුම් සකස් කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් එල්ල වන විවේචන සහ චෝදනා කිසිදු පදනමක් නොමැති ඒවා බවත් ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රුචිර විතාන මහතා අවධාරණය කරයි.

ස්පාඤ්ඤයේ ටොලෙඩෝ ප්‍රදේශයේදී අධිවේගී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ දරුණු අනතුරකින් පුද්ගලයින් 39 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනුරාධපුර ප්‍රදේශයේ පිහිටා ඇති පුරාවිද්‍යා වටිනාකමකින් යුත් පෞරාණික බෞද්ධ නටබුන් ස්ථානයක් "රාම කෝවිලක්" ලෙස වෙනස් කිරීමට සැලසුම් කරමින් පවතින බවට තොරතුරු අනාවරණය වේ.

ජාතික තරුණ සේවා සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ලලිත් පියුම් පෙරේරා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එක්දින සහ සාමාන්‍ය සේවා යටතේ විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා ප්‍රාදේශීය කාර්යාල වෙත පැමිණෙන අයදුම්කරුවන් හෙට (29) සිට අන්තර්ජාලය ඔස්සේ දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගැනීම අනිවාර්ය බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

සිරදඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස බල කරමින් කොළඹ, විහාරමහා දේවී උද්‍යානය ඉදිරිපිට පැවති සත්‍යග්‍රහයට එරෙහිව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේ රථගාලක නවතා දමා තිබියදී සොයාගන්නා ලද, ලියාපදිංචි නොකළ සහ ව්‍යාජ අංක තහඩු සවිකළ සුඛෝපභෝගී බී.එම්.ඩබ්ලිව්. වර්ගයේ මෝටර් රථයක් නීතිවිරෝධී ලෙස සන්තකයේ තබාගැනීම හා රජයට බදු පැහැර හැරීම සම්බන්ධයෙන් තමන් වරදකරු බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (28) අධිකරණය හමුවේ පිළිගත්තේය.


ප්‍රධාන පුවත්

මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර

වත්මන් රජය අමු අමුවේ හමුදාව පාවා දෙමින් ඉතාම පහත් දේශද්‍රෝහී ක්‍රියාවක් සිදු කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි.

හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..

හිඟුරක්ගොඩ විවිධ සේවා සමුපකාර සමිතියට අයත් ඉන්ධන පිරවුම්හලකදී, ඉන්ධන බවුසරයකින් ඉන්ධන බාමින් සිටියදී ඩීසල් භූගත ටැංකියට පෙට්‍රල් ලීටර් 2,000කට ආසන්න ප්‍රමාණයක් මුසු වීමේ සිද්ධියක් හේතුවෙන් ඉන්ධන නිකුත් කිරීම ඇණහිට ඇති බව වාර්තා වේ.

හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..

හඳුනා නොගත් පියාසර වස්තූන් (UFO) සම්බන්ධයෙන් දශක හතකට අධික කාලයක් සිදුකළ විමර්ශනවලට අදාළ රහස් ලිපිගොනු 40ක් සහ මීට පෙර ප්‍රසිද්ධ නොකළ හමුදා වීඩියෝ දර්ශන තුනක් අමෙරිකාව විසින් ප්‍රසිද්ධ කර ඇත.

අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි

ශ්‍රී ලංකාවේ අතීත උරුමයන් සහ නිදහස් සටනේ විරුවන් නොසලකා හරින ආකල්පමය පරිහානියක් වර්තමානයේ දක්නට ලැබෙන බවත්, එසේ අතීත උරුමයන් නොසලකා හරින්නේ නම් රටක් හා ජාතියක් ලෙස පැවතිය නොහැකි බවත් ශ්‍රී ලංකාවේ ස්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියෝ පවසති.

මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..

මාතලේ අලුවිහාරය ආශ්‍රිතව මුස්ලිම් පල්ලියක ඉදිකිරීම් සම්බන්ධයෙන් පළ වූ පුවතක් පිළිබඳව නීතිමය තත්ත්වය සොයා බැලීමට සහ අවශ්‍ය නීතිමය පියවර ගැනීමට සූදානම් බව පූජ්‍ය ගලගම කුසලධම්ම හිමියෝ පවසති.

ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සර උත්සවය අද පෙරවරුවේ කැළණිය - නාගානන්ද අන්තර්ජාතික විශ්වවිද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හමුවේ හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය ඉරානය සහ ඕමානය එක්ව පිහිටුවා ගන්නා ඒකාබද්ධ යාන්ත්‍රණයකට නතුවීම නොවැළැක්විය හැකි බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..

යාපනය ප්‍රධාන වීදියේ (Main Street) වසර නවයක පමණ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය 'මාතර ඇඹුල හෝටලය' නම් ආපනශාලාවේ ඉදිරිපස කොටස යාපනය මහ නගර සභාව මගින් කඩා බිඳ දැමීමත් සමඟ, එම නගරයේ නීති ක්‍රියාත්මක කිරීමේ සමානාත්මතාවය සහ සංහිඳියාව පිළිබඳව ප්‍රදේශවාසීන් අතර දැඩි කතාබහක් මතු වී තිබේ.

නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..

එළඹෙන නොවැම්බර් 30 වැනිදා දිවයින පුරා රාජ්‍ය සේවයේ ක්ෂේත්‍ර කිහිපයක් ඒකාබද්ධව දීපව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..

ඇමරිකානු පුරවැසියන්ගේ අදහස් වාරණය කිරීමට සහ 2024 ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණ ක්‍රියාවලීන්ට බලපෑම් කිරීමට ඇමරිකානු ජාත්‍යන්තර සංවර්ධන නියෝජිතායතනය (USAID) කටයුතු කර ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනාධිකාරිය විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද නවතම ලේඛන මඟින් අනාවරණය වී තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.