News Category
From Date
To Date
Maximum Number of Result

ණයට ගත්තු යුධ උපකරණ ජාතික නිදහස් උත්සවයේදී පෙන්නන්න බැරි බව කියන ආණ්ඩුවක නියෝජිතයින් අනුන්ගෙන් ඇඳුම් ඉල්ලාගෙන ඇඳගත්තේ ඇයිද කියා තමා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඊයේ(05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

අද කළු සුද්දන් පාලකයන් බවට පත්වී බෞද්ධයන්ට එරෙහිව සිංහලයන්ට එරෙහිව ක්‍රියාකරමින් සිටින බවත්, එනිසා අද උපන්බිමේ අසරණයන් බවට මෙම ජාතිය පත්ව ඇති බවත් පූජ්‍ය දයාරතන හිමියෝ පවසති.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාසභාව විසින් විගණකාධිපතිවරියක් පත්කළ ද එහි ගැටලුවක් ඇති බවත්, මාස 6ක පමණ කාලයක් වැඩබලන විගණකාධිපතිවරයා ලෙසින් සිටියේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ සිටි ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන ධර්මපාල ගම්මන්පිල මහතා බවත්, ඔහුට කිසිඳු චෝදනාවක් නොමැති බවත් දිනන දකුණ සාමූහිකය පවසයි.

ඊයේ පැවැති 78 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවය “බෞද්ධ ධජය ඉවත් කිරීම” ඇතුළු ඇතැම් ක්‍රියාකලාප හරහා බෞද්ධ සංස්කෘතියට සහ ආරක්ෂක හමුදාවට අවමන් කිරීමේ ව්‍යාපෘතියක් බව ජාතික නිදහස් පෙරමුණේ (ජානිපෙ) නායක විමල් වීරවංශ මහතා චෝදනා කරයි. ඔහු රජයට දින තුනක කාලයක් ලබා දෙමින් “නිදහස් චතුරශ්‍රයෙන්” ඉවත් කළ “බෞද්ධ ධජය” නැවත තිබූ තැනම ස්ථාපිත කරන ලෙස ඉල්ලා රජයට බලකර සිටියේය. එසේ නොවන්නේ නම්, මේ රටට දැයට දහමට ආදරය කරන ජනතාව සමඟ එක්ව තමන් එය ස්ථාපිත කරන බව අවධාරණය ක‍රමින් ජනිපේ නායකයා රජයට දැඩි ප්‍රතිරොධයක් එල්ල කළේය.

කතානායකතුමාට එරෙහිව අල්ලස් කොමිසමට ලැබී ඇති පැමිණිල්ල විභාග වී අවසන් කරන තුරු කතානායකතුමාට සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරයාට එම තනතුරුවල ක්‍රියා කිරීම සුදුසු නොවන නිසා ඔවුන් එම තනතුරුවලින් ඉවත් විය යුතු බවත් මේ පිළිබඳව අවධානය යොමු කරන ලෙස ජනාධිපතිතුමාගෙන් සහ ආණ්ඩුවෙන් තමා ඉල්ලීමක් කරන බවත් සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද(05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

දිවයිනේ විවිධ ප්‍රදේශවල ජාතික පාසල් අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලවලින් සමන්විත ජාතික පාසල් ගුරු දරු එකමුතුව ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන පිවිසුම අසළ අද උදෑසන විරෝධතාවක් ආරම්භ කළේය.

‘සංස්කෘතික සබඳතා පිළිබඳ ඉන්දීය කවුන්සිලයේ’ (ICCR) ආරාධනාවකට අනුව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු නියෝජිත පිරිසක් ඉන්දියානු සංචාරයක් සඳහා අද (05) පෙරවරුවේ නවදිල්ලි නුවර බලා පිටත්ව වූහ.

සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල කොලඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවට තොරතුරු වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ වසර සියයකට වඩා පැරණි මානසික සෞඛ්‍ය පනත (Mental Health Act) යාවත්කාලීන කර, නූතන අවශ්‍යතාවලට ගැලපෙන නව පනතක් කඩිනමින් හඳුන්වා දීමට පියවර ගන්නා බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පවසයි.


ප්‍රධාන පුවත්

ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..

බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (12) තෙවන දිනටත් පැවැත්වේ.

"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..

ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට පෙර තමන්ට ඇමතුමක් ලබාදී හමුවන ලෙස දැන්වූ බවත්, එහිදී උන්වහන්සේ පැවසුවේ උන්වහන්සේව අත්අඩංගුවට ගත් පසු සිවුර ගැලවීම අනිවාර්යෙන් සිදුකරන බව යැයිද, කළින්ම උන්වහන්සේ මේ පිළිබඳව දැනසිටි බවත්, තමන් සමග මේ සම්බන්ධයෙන් උන්වහන්සේ කතා කළ බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා හෙළිදරව්වක් සිදුකරමින් පවසයි.

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීම සඳහා විශාල ආධාර මුදලක් ඉදිරියේදී ඉන්දියානු රජයෙන් ලැබීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..

මාලිමාවට රැවටී තමන් වහන්සේද මාලිමාවට ඡන්දය දුන් බවත්, රට හදනවා කියා, උගන්ඩාවේ සල්ලි ගේනවා කියා, දූෂණ වංචා නොකරනවා කියා, ජනතාවට නැති කිසිවක් අපිට එපා කියා, ජනතාව අන්දවා ඡන්දය ගත් හැටි අද හොඳින් අවබෝධවී ඇති බවත් මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ පවසති.

රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි

ඇමරිකාව සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ මතු වී ඇති දැඩි ඉන්ධන හිඟයට විසඳුමක් ලෙස, රුසියාව සහ එක්සත් ජනපදය අතර සුවිශේෂී සහ ඓතිහාසික බලශක්ති ගිවිසුමකට එළඹ තිබේ.

2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..

කොළඹ රිච්වේ ආර්යා ළමා රෝහලට දානපතියන්ගේ පරිත්‍යාග ඉල්ලා සිටින ලේඛන රෝහලේ වෙබ් අඩවියේ පසුගිය ඔක්තෝබර් මස 5 දා දක්වා ප්‍රදර්ශනය කර තිබූ බවත්, මේ පිළිබඳව ජනමාධ්‍යයට පැවසූ පසු එම වෙබ්අඩවිය අවහිර කර සෞඛ්‍ය අමාත්‍යවරයාත් අදාළ රෝහලේ අධ්‍යක්ෂකවරයාත් මෙම වෙබ් අඩවියේ ඇත්තේ 2022 වසරට අයත් තොරතුරු බවට පවසන බවත්, එහෙත් 2026 ඔක්තෝම්බර් 5 දක්වා තොරතුරු මෙහි අන්තර්ගතව තිබූ බව සාක්ෂි සහිතව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කළ බවත් වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමේ තීරණය ගනු ලැබුවේ මහා සංඝරත්නය, අමාත්‍යවරුන් සහ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවති පුළුල් සාකච්ඡාවලින් අනතුරුව බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.