News Category
From Date
To Date
Maximum Number of Result

අසංග අබේගුණසේකරගේ Winds of Change කෘතිය පිළිබඳව මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා විසින් විමල් වීරවංශ මහතා සමග පැවැත්වූ සාකච්ඡාවක දී විමල් වීරවංශමහතා හෙළිකරන්නේ මෙරට ක්‍රියාත්මක වූ අරගලයට USAID සහ CIA සම්බන්ධතාවක් තිබූ බවය.

පසුගිය වසර හයක කාලය පුරා (2020-2026) කොළඹ සහ දිවයිනේ ප්‍රධාන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ලබාගත් වායු තත්ත්ව දත්ත ඇසුරින්, මෑතකදී අවසන් කරන ලද සවිස්තරාත්මක විද්‍යාත්මක පර්යේෂණයක ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමට Institute for Ethical Research and Innovation (සදාචාරාත්මක පර්යේෂණ සහ නවෝත්පාදන ආයතනය, IERI) කටයුතු කර ඇත.

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට තීරණාත්මක දායකත්වයක් ලබාදුන් යුරෝපා සංගමයේ GSP බදු සහනය වත්මන් කාලසීමාව අවසන් වූ පසු, එය යළි ලබාගැනීම සඳහා අයදුම් කිරීමට රජය සූදානම් බව විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කරයි.

අරගලය පැවැති මැයි මස 09 වන දින නිට්ටඹුව නගරයේදී පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ තීන්දුව අද (11) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඉදිරිපත් වී ඇති පැමිණිල්ලක් හේතුවෙන් කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ අවශ්‍යතාවක් නොමැති බව ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් ආචාර්ය නිහාල් අබේසිංහ මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන්ගේ වාර්ෂික ස්ථානමාරු ක්‍රියාත්මක කිරිමේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ අසාර්ථකත්වය හමුවේ වෛද්‍යවරුන් සහ රෝහල් පද්ධතිය අර්බුදයකට පත්ව ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

පසුගිය 8 වැනි ඉරිදා කුරුණෑගල සමූපකාර රෝහලේ නිලවරණයේ දී ජාතික ජනබලවේගය නියෝජනය කරමින් ඉදිරිපත් කළ කණ්ඩායමට ලැජ්ජා සහගත පරාජයක් හිමිවී ඇති බව වාර්තා වේ.

වත්මන් මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතාට අදාළව දැනට පවතින නඩු විභාගයක් ස්ථාන මාරු කිරීමට අභියාචනාධිකරණය ඊයේ (09) පියවර ගත්තේය.

ත්‍රිකුණාමලය බෝධිරාජාරාමයේ බුදු පිළිමය තැන්පත් කිරීම සම්බන්ධයෙන් ඇති වූ ගැටලුව පිළිබඳව කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහ නායක අති පූජ්‍ය ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහානාහිමියන් විසින් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර තිබේ.


ප්‍රධාන පුවත්

ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..

බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (12) තෙවන දිනටත් පැවැත්වේ.

"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..

ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට පෙර තමන්ට ඇමතුමක් ලබාදී හමුවන ලෙස දැන්වූ බවත්, එහිදී උන්වහන්සේ පැවසුවේ උන්වහන්සේව අත්අඩංගුවට ගත් පසු සිවුර ගැලවීම අනිවාර්යෙන් සිදුකරන බව යැයිද, කළින්ම උන්වහන්සේ මේ පිළිබඳව දැනසිටි බවත්, තමන් සමග මේ සම්බන්ධයෙන් උන්වහන්සේ කතා කළ බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා හෙළිදරව්වක් සිදුකරමින් පවසයි.

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීම සඳහා විශාල ආධාර මුදලක් ඉදිරියේදී ඉන්දියානු රජයෙන් ලැබීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..

මාලිමාවට රැවටී තමන් වහන්සේද මාලිමාවට ඡන්දය දුන් බවත්, රට හදනවා කියා, උගන්ඩාවේ සල්ලි ගේනවා කියා, දූෂණ වංචා නොකරනවා කියා, ජනතාවට නැති කිසිවක් අපිට එපා කියා, ජනතාව අන්දවා ඡන්දය ගත් හැටි අද හොඳින් අවබෝධවී ඇති බවත් මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ පවසති.

රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි

ඇමරිකාව සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ මතු වී ඇති දැඩි ඉන්ධන හිඟයට විසඳුමක් ලෙස, රුසියාව සහ එක්සත් ජනපදය අතර සුවිශේෂී සහ ඓතිහාසික බලශක්ති ගිවිසුමකට එළඹ තිබේ.

2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..

කොළඹ රිච්වේ ආර්යා ළමා රෝහලට දානපතියන්ගේ පරිත්‍යාග ඉල්ලා සිටින ලේඛන රෝහලේ වෙබ් අඩවියේ පසුගිය ඔක්තෝබර් මස 5 දා දක්වා ප්‍රදර්ශනය කර තිබූ බවත්, මේ පිළිබඳව ජනමාධ්‍යයට පැවසූ පසු එම වෙබ්අඩවිය අවහිර කර සෞඛ්‍ය අමාත්‍යවරයාත් අදාළ රෝහලේ අධ්‍යක්ෂකවරයාත් මෙම වෙබ් අඩවියේ ඇත්තේ 2022 වසරට අයත් තොරතුරු බවට පවසන බවත්, එහෙත් 2026 ඔක්තෝම්බර් 5 දක්වා තොරතුරු මෙහි අන්තර්ගතව තිබූ බව සාක්ෂි සහිතව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කළ බවත් වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමේ තීරණය ගනු ලැබුවේ මහා සංඝරත්නය, අමාත්‍යවරුන් සහ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවති පුළුල් සාකච්ඡාවලින් අනතුරුව බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.