News Category
From Date
To Date
Maximum Number of Result

එක්සත් ජනපද යුද හමුදා පැසිෆික් අණදෙන මූලස්ථානයේ (USARPAC) නියෝජ්‍ය අණදෙන ජෙනරාල් ලුතිනන් ජෙනරාල් ජෝයෙල් “ජේ.බී.” වවල් (Joel “JB” Vowell) සැප්තැම්බර් 29 සිට ඔක්තෝබර් 1 දක්වා පැවැත්වෙන නිල වැඩසටහන් සඳහා සහභාගී වීම පිණිස කොළඹට පැමිණ තිබේ.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මඟින් සිදු කරන ලද ‘එයාර් බස්’ ගුවන් යානා මිලදී ගැනීමේ මතභේදාත්මක ගනුදෙනුව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන විශේෂ විමර්ශනයකට අදාළව, හිටපු ජනාධිපති ලේකම්වරයෙකු මෙන්ම හිටපු මුදල් අමාත්‍යාංශ ලේකම්වරයෙකු ද වන ආචාර්ය පී. බී. ජයසුන්දර මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ඊශ්‍රායලය දක්වා පියාසර කරමින් තිබූ flydubai (FZ1073) ගුවන් යානයේ නියමු කුටිය තුළදී සහායක නියමුවා විසින් සිදුකිරීමට තැත් කළ කඩාකප්පල්කාරී ක්‍රියාවක් හමුවේ, සිය ජීවිතය පවා පරදුවට තබමින් මගීන් 174 දෙනෙකුගේ ජීවිත සුරක්ෂිත කිරීමට ප්‍රධාන ගුවන් නියමුවා සමත් වී තිබේ.

දේශපාලන ප්‍රතිවාදීන් විසින් තමන්ව පීඩාවට පත් කිරීමේ අරමුණින් එකම සිදුවීමට අදාළව නඩු දෙකක් පැවරූ බවත්, එම නඩු දෙකෙන්ම තමන් නිදොස් කොට නිදහස් වූ බවත් හිටපු අමාත්‍‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

ලෝක ළමා දිනය සහ ජාත්‍යන්තර වැඩිහිටි දිනය අදට (01) යෙදී තිබේ.

වගා ආයෝජන මුවාවෙන් ඇතැම් සමාගම් සිදුකර තිබෙන්නේ නීති විරෝධී තැන්පත් ගැනීමක් බවත් මේවායේ අවසානයේ මුදල් තැන්පත් කරන බහුතරයක් අමාරුවේ වැටෙන බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.

නව දූෂණ විරෝධී පනත මඟින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ස්වාධීන බලතල පවරා තිබුණ ද, මුදල් අමාත්‍යාංශයේ සාමාන්‍ය චක්‍රලේඛ හරහා එහි අරමුදල් පාලනය කිරීමට දැරූ උත්සාහයන් හේතුවෙන් එම ස්වාධීනත්වය බරපතල ලෙස අඩපණ වන බව අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා පෙන්වා දෙයි.

මාසික ඉන්ධන මිල සංශෝධනයට අනුව ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 පෙට්‍රල්, සුදු ඩීසල් සහ සුපර් ඩීසල් මිල ගණන් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (30) කොටුව අධිකරණයට පැමිණි අවස්ථාවෙන් අනතුරුව පිටතට පැමිණීමේදී පෞද්ගලික නාලිකාවක මාධ්‍යවේදියෙකු විසින් සිය කැමරාවෙන් හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක නිලධාරියෙකුට පහර දෙන දසුන් පෙළක් මාධ්‍යයට නිකුත් වී තිබේ.


ප්‍රධාන පුවත්

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.