News Category
From Date
To Date
Maximum Number of Result

ඉරාන විදේශ අමාත්‍ය හොසෙයින් අමීර්-අබ්දුල්ලාහියන් ඊශ්‍රායලයෙන් ගාසා තීරයට එල්ල කරන ගුවන් ප්‍රහාර අවසන් කරන ලෙස ඉල්ලා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

දකුණු ගාසා තීරය සඳහා සටන් විරාමයකට එකඟතාව පළකර ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.

හමාස් සංවිධානය ඊශ්‍රායලය වන වෙත එල්ල කළ හදිසි ප්‍රහාරයෙන් පසු ඇරඹි යුද ගැටුම් අඛණ්ඩ 10 වැනි දිනටත් ක්‍රියාත්මක වෙමින් ඇති අතර, මේ වන විට ඊශ්‍රායල - හමාස් යුද ගැටුම්වලින් මියගිය පිරිස 3,600 ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.

ඊශ්‍රායලයේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන එහුඩ් ඔල්මෙට් මහතා කන්ෆ්ලික්ට් සෝන් ( Conflict Zone ) නම් අන්තර්ජාල නාලිකාවකට එක් වෙමින් පවසා සිටියේ ඊශ්‍රායලයේ වත්මන් අගමැති බෙන්ජමින් නෙතන්යාහු මහතා වසර ගනනාවක පටන් හමාස් සංවිධානයට ඩොලර් මිලියන ගණනින් ආධාර කර තිබෙන බවයි.

ඊශ්‍රයිල් හමුදාව නිවේදනය කළ පැය 24ක සහන කාලය ඉකුත් වීමට ආසන්න වීමට පෙර ගසා තීරයේ සිට ආරක්ෂීත ප්‍රදේශයන්ට, සංක්‍රමණය වන පලස්තීන සිවිල් වැසියන් සම්බන්ධ වීඩියෝවක් පහතින් දැක්වේ.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඉදිරි දින දෙකේදී චීනයේ සංචාරයක නිරතවීමට නියමිත බව වාර්තා වේ.

පකිස්තානයේ විශාලතම ආගමික දේශපාලන පක්ෂය වන Jamiat Ulema-e-Islam (JUIF) හි නායකයා හමාස් සංවිධානය වෙත පසුගියදා මූල්‍ය ආධාර ලබා දීමට සූදානම් බව ප්‍රකාශ කළේය. එලෙසම පෙෂොවර් නගරයේ පැවැති දැවැන්ත රැලියක් අතරතුර ඊශ්‍රායලයට එරෙහි සටනේදී පලස්තීන සටන්කාමී කණ්ඩායමේ යුද පෙරමුණට සහභාගි වීමටද සූදානම් බව ප්‍රකාශ කළ බව ඊයේ පෙෂාවර් ආශ්‍රිත ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කළේය.

ඊශ්‍රායලයට සහාය දක්වන බව අමෙරිකාව වරින් වර අඛණ්ඩව පවසමින් සිටින පසුබිමක ඊශ්‍රායල - හමාස් ගැටුමේ දී පලස්තීනයට සහාය දක්වමින් විරෝධතාකරුවන් දහස් ගණනක් නිව්යෝර්ක්හි දී දැවැන්ත විරෝධතාවක නිරත වී තිබේ.

ඊශ්‍රායලය ගාසා තීරයේ ජන සංහාරයක් සිදු කරන බව හමාස් සංවිධානයේ නායක ඉස්මේල් හනියේ රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් ප්‍රකාශකර ඇති අතර, ඇමෙරිකාව සහ තවත් යුරෝපා රටවල් කිහිපයක් සමඟ එකතු වී ඊශ්‍රායලය මෙම ජන සංහාරය සිදු කරන බව හමාස් නායක චෝදනා කර ඇත.


ප්‍රධාන පුවත්

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..

​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.