News Category
From Date
To Date
Maximum Number of Result

චීන රාජ්‍ය රූපවාහිනී නාලිකාවක් වන CCTV News විසින් ඉරිදා මහජන විමුක්ති හමුදාවේ (PLA) 75 වන සමූහ හමුදාවට අයත් ප්‍රති-ඩ්‍රෝන ඒකක සටන් තත්ත්වයන්ට සමාන පුහුණු අභ්‍යාසයක නිරත වන දුර්ලභ දර්ශන විකාශය කළේය.

ඉන්දීය ආරක්ෂක බලකාය (BSF) එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පාකිස්ථාන සිවිල් වැසියන් දෙදෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පාකිස්ථානයේ ඉන්දීය තානාපතිවරයා කැඳවා විරෝධය ප්‍රකාශ කිරීමට පාකිස්ථාන විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

කෘත්‍රිම බුද්ධිය (AI) මගින් ක්‍රියාත්මක වන අතථ්‍ය සහකරුවන් සහ පෙම්වතුන් භාවිතය සම්බන්ධයෙන් ලොව දක්නට ලැබෙන වඩාත් ම පුළුල් හා දැඩි රෙගුලාසි මාලාවක් පැනවීමට චීන රජය පියවර ගෙන තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඉදිරියට ගත යුතු රාජ්‍යතාන්ත්‍රික හා හමුදාමය ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ අවධානය යොමුව තිබියදී, මැදපෙරදිග කලාපයේ ඇමෙරිකානු හමුදා පැවැත්ම තවදුරටත් ශක්තිමත් කිරීමට පෙන්ටගනය තීරණය කර තිබේ.

කෘත්‍රිම බුද්ධිය (AI) මගින් ලෝක ආර්ථිකය, ජාත්‍යන්තර තරගකාරීත්වය සහ ගෝලීය ආරක්ෂක රටාව ශීඝ්‍රයෙන් වෙනස් වෙමින් පවතින පසුබිමක, මෙම තාක්ෂණයේ අනාගත ගමන්මග තීරණය කිරීමේ ප්‍රමුඛ බලවේගයක් බවට පත්වීමට චීනය සමත්ව සිටී.

Brexit ජනමත විචාරණයෙන් වසර දශකයකට පසුව, එක්සත් රාජධානිය නැවතත් යුරෝපා සංගමය (EU) සමඟ සබඳතා යළි සකස් කිරීමේ විකල්ප පිළිබඳව අවධානය යොමු කරමින් සිටින බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඇන්ඩි බර්න්හැම් ප්‍රකාශ කර සිටී.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ඊශ්‍රායලය දක්වා පියාසර කරමින් තිබූ flydubai (FZ1073) ගුවන් යානයේ නියමු කුටිය තුළදී සහායක නියමුවා විසින් සිදුකිරීමට තැත් කළ කඩාකප්පල්කාරී ක්‍රියාවක් හමුවේ, සිය ජීවිතය පවා පරදුවට තබමින් මගීන් 174 දෙනෙකුගේ ජීවිත සුරක්ෂිත කිරීමට ප්‍රධාන ගුවන් නියමුවා සමත් වී තිබේ.

එමිරේට්ස් ගුවන් සේවයට අයත් FlyDubai ගුවන් යානයක් හදිසි තත්ත්වයක් පිළිබඳ සංඥාවක් නිකුත් කර ඇති අතර, යම් වේලාවකට පසු සෞදි අරාබියේදී හදිසි ගොඩබෑමක් සිදු කර තිබේ.

කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය මිනිස් පාලනයෙන් ඔබ්බට ගමන් කිරීම වැළැක්වීම සඳහා ලොව පුරා රාජ්‍යයන් සහ පෞද්ගලික තාක්ෂණික සමාගම් කඩිනමින් එක්ව ආරක්ෂිත නියාමනයන් සැකසිය යුතු බව නොබෙල් සාම ත්‍යාගලාභී ‘පග්වොෂ්’ විද්‍යා සංවිධානයේ ප්‍රධානී කැරන් හෝල්බර්ග් මහත්මිය ප්‍රකාශ කළ බව RT පුවත් සේවය වාර්තා කරයි.


ප්‍රධාන පුවත්

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.