News Category
From Date
To Date
Maximum Number of Result

වෙනිසියුලාවේ සිටින එක්සත් ජනපද පුරවැසියන්ට වහාම එරටින් පිටත් වන ලෙස එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී තිබේ.

නොබෙල් සාම ත්‍යාගය දිනූ වෙනිසියුලානු විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝ විසින් ඇගේ 2025 නොබෙල් සම්මානය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලබා දිය හැකි බවට කළ ප්‍රකාශය නෙබෙල් ආයතනය ප්‍රතික්ෂේප කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

වෙනිසියුලා හිටපු ජනපති නිකොලස් මදුරෝගේ ආරක්ෂක බලකායේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ජෙනරාල් ෆැවියර් මාර්කානෝ තාබාතා ධුරයෙන් ඉවත් කර තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධිත ආයතන ඇතුළු ජාත්‍යන්තර සංවිධාන 66 කින් ඉවත් වීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර ඇත.

අමෙරිකාව විසින් වෙනිසියුලාවට පහරදී වෙනිසියුලාවේ ජනාධිපති නිකොලොස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ පැහැර ගැනීම පිටුපස කියුබාවේ සම්බන්ධයක් ඇති බවට විදෙස් මාධ්‍ය විසින් පුවත් නිර්මාණය කර තිබීම සම්බන්ධයෙන් ඉන්දියාවේ කියුබානු තානාපති ජුවාන් කාලෝස් මාර්සන් අගුයිලේරා පවසන්නේ අමෙරිකාව වෙනිසියුලාවට එරෙහි මෙම ආක්‍රමණශීලී උත්සාහයෙන් පසුව, ජනාධිපති නිකොලස් මධුරෝගේ ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා බොලිවේරියානු රජයේ ආරක්ෂක කණ්ඩායමට සහාය වීම සඳහා පිරිසක් යැවූ බවය.

කැරිබියන් මුහුදේ ලුහුබැඳීමෙන් පසු එක්සත් ජනපදය උතුරු අත්ලාන්තික් සාගරයේදී රුසියානු ධජය සහිත තෙල් ටැංකියක් අල්ලා ගත් බව එක්සත් ජනපද නිලධාරීන් අද (07) පැවසීය.

වෙනිසියුලාව විසින් අමෙරිකා එක්සත් ජනපදයට බොරතෙල් බැරල් මිලියන 50ක පමණ ප්‍රමාණයක් එවනු ඇති බවත්, එම තෙල් අලෙවි කර ලැබෙන ආදායම රටවල් දෙකෙහිම යහපත සඳහා යොදවන බවත්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි.

ඇමරිකාව විසින් නිකොලස් මධුරෝ පැහැර ගැනීමෙන් පසු ඩෙල්සි රොඩ්‍රිගස් අන්තර්කාලීන ජනාධිපති ලෙස පත් කිරීම රුසියාව පිළිගෙන ඇති අතර, තම දිගුකාලීන සගයා වන වෙනිසියුලාවට සහයෝගීතාවයෙන් සිටින බව මොස්කව්හි විදේශ අමාත්‍යාංශය පවසා තිබේ.

නේපාලයේ කොමියුනිස්ට් පක්ෂය සමඟ අනුබද්ධිත බලගතු ගොවි සංවිධාන හයක්, ජාත්‍යන්තර නීතිය අමු අමුවේ උල්ලංඝනය කරමින් වෙනිසියුලාවට එරෙහිව එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් සිදු කරන ලද මිලිටරි ආක්‍රමණය මෙන්ම ව්‍යවස්ථානුකූලව තේරී පත් වූ ජනාධිපති නිකොලස් මධුරෝ මොරොස් නීති විරෝධී හා සදාචාර විරෝධී ලෙස පැහැර ගැනීම දැඩි ලෙස හෙළා දැක තිබේ.


ප්‍රධාන පුවත්

ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා දෙරටේම නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට එකඟතාව පළ වී තිබේ.

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගන්නා වයස සහ ධුර කාලය වෙනස් කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තු අනුමැතියෙන් පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා මහජන අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වන බවත් හෙළි වී තිබේ.

NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රමාණයකින් යුත් ගොවිපළ 32න් 26ක් වසර 30ක කාලයක් සඳහා පෞද්ගලික සමාගම් 7ක් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා පශු වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් සහ විරෝධයක් නිර්මාණය වී තිබේ.

ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ජාතික ජන බලෙව්ගයට ලැබී ඇත්තේ අතීතයේ ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබූ වටිනාකම බවත්, මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දෙස බැලීමෙදී අතීතයේ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමට උරදුන් පුද්ගලයකු ලෙස තමන් ඉතාමත් කණගාටුවට පත්වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.