News Category
From Date
To Date
Maximum Number of Result

සහල් ඒකාධිකාරයක් පවත්වාගෙන යන්නේ මේ රටේ මහා පරිමාණ මොල්හිමියො පස් දෙනෙක්... ගොවියා සූරා කාලා, පාරිභෝගිකයා විනාශ කරලා, ආණ්ඩු මට්ටු කරන ඔවුන්ගේ සෙල්ලමට තිත තියන්න ඕනේ - අනුරාධ තෙන්නකෝන්

Nov 1, 2024 at 01:54 PM
|

කුමන ආණ්ඩුව බලයට පැමිණියද මෙරට සහල් ඒකාධිකාරය පවතින්නේ මහා පරිමාණ මෝල් හිමියන් පස්දෙනෙකුගේ අත බවත්, රට තුළ සහල් අර්බුදයක් නිර්මාණය කරන්නේ ද ඔවුන් විසින් බවත් ජාතික ගොවිජන එක මුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පවසයි.

මීට වසර 10කට පමණ පෙර මෙරට ජාතික සහල් අවශ්‍යතාව සපුරාලන ලද්දේ කුඩා හා මධ්‍ය පරිමාණ මෝල්හිමියන් විසින් බවද,  එහෙත් අද වන විට එම මෝල් විශාල ප්‍රමාණයක් වසා දමා ඇත්තේ මෙම මහා පරිමාණ මෝල්හිමියන් විසින් දියත් කළ කුමන්ත්‍රණ නිසා බවද ඒ මහතා පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් අනුරාධ තෙන්නකෝන් මහතා තවදුරටත් මෙසේ ද පවසයි,

"මේ වන විට වෙළඳපොලේ සහ රටේම පවතින සහල් අර්බුදය කුමන්ත්‍රණය පිළිබඳව හෙළිදරව් කරන්නයි අපිට අවශ්‍යය. මේ රටේ වී අවශ්‍යතාවය ජාතික අවශ්‍යතාවය පිරිමසන්න අවශ්‍ය වී තොග මහා පරිමාණ මෝල් හිමියෝ සතුව සහ මධ්‍ය පරිමාණ මෝල් හිමියෝ සතුව තිබෙනවා. පාරිභෝගික අධිකාරිය ගිහිල්ලා පරීක්ෂා කළේ මහා මෝල් හිමියන්ගේ නාඩු සහල් තියෙනවද කියලා. මේවා සහල් පරීක්ෂා කරලා වැඩක් නෑ, හැමෝම නොමග යැව්වා පාරිභෝගික සේවා අධිකාරිය. අවශ්‍ය දේ නෙමේ පාරිභෝගික සේවා අධිකාරිය හැමදාම බලන්නේ. අලුත් ආණ්ඩුවට, වර්තමාන ජනාධිපතිවරයාට කියන්නේ මහා පරිමාණ මෝල් හිමියෝ තමයි මේ අර්බුදය නිර්මාණය කරන්නේ.  

මේ රටේ අවුරුදු දහයකට පෙර ජාතික සහල් අවශ්‍යතාවයෙන් පිරිමැසුවේ නිෂ්පාදනය කළේ කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් තිබුණ හයදහසකට අධික ප්‍රමාණයක්. ඒ මෝල් හාරදහස් පන්දහස් අතර ප්‍රමාණයක් වැහිලා තිබෙනවා. ඒවා ඉබේ වැහුනා නෙමෙයි. මේක කුමන්ත්‍රණයක්. මහා පරිමාණ මෝල් හිමියෝ හතර පස් දෙනාට ඕන උනෙත් සහල් ඒකාධිකාරයක් ගොඩනගා ගන්න.  ඒ අයගේ සහල් මිල තියාගෙන මොන ආණ්ඩුව ආවත් මොන ජනාධිපතිවරයා ආවත් ඒකාධිකාරය පවත්වාගෙන යනවා.

ජාතික මට්ටමේ ව්‍යවසායකයෝ කියලා ගොවියා සූරා කාලා පාරිභෝගිකයා විනාශ කරලා ආණ්ඩු මට්ටු කරන සෙල්ලමට තිත තියන්න ඕනේ. සමහර නිලධාරීන් රාජ්‍ය නිලධාරීන්වුත් මේ කුඩා මෝල වට්ටන්න සම්බන්ධයි. රාජ බැංකු වල ඉන්න කළමනාකරුවොත් සමහර වෙලාවට වග කියන්න ඕනේ පොඩි සහල් හිමියන් වට්ටන එකට. 

2015 මේ රටේ සම්පූර්ණ සහල් අවශ්‍යතාවය  සියයට හැත්තෑවක් පිරිමැසුවේ කුඩා හා පරණ මධ්‍ය පරිමාණ මෝල් පද්ධතිය. මහා පරිමාණ මුල් හිමියෝ සම්පාදනය කළේ සියයට තිහයි. 

විදෙස් ආධාර පවා දුන්නේ මහා පරිමාණ මෝල් හිමියට සියයට තුනටත් වඩා අඩු පොලියට. මහා පරිමාණ මෝල හිමියෝ සහාය දුන්න තමන්ගේ සහචර කුඩා පරිමාණ මෝල් හිමියන්ට.  අතකොළුවක් උනා. මිලියන 5000ක් 4000ක් පමණ ඕන වෙනවා වී සංචිත අවම වශයෙන්වත් පවත්වාගෙන යන්න රජයට. වී දාපු හැටිය තෙමෙනව. රජයේ ගබඩාවල. වී අලෙවි මණ්ඩලයට කිසිම ක්‍රමවේදයක් නෑ මේවා මිලදී ගන්න. වී අලෙවි මණ්ඩලය සුදු අලියෙක් බවට පත්වෙලා තිබෙනවා. 

2015 - 2018 ආණ්ඩුව කාලය කළේ ගත්ත මිලටත් වඩා අඩුවෙන්  සත්ව ආහාර සඳහා විකිණුවා. රජයට වෙච්ච පාඩුව මිලියන 5000ට වඩා වැඩියි. රටේ ආහාර සුරක්ෂිතතාවය බිඳ දමලා සහල් අර්බුදය නිර්මාණය කළේම රජය. කෘෂිකර්ම අමාත්‍යංශයත් වග කියන්න ඕනේ. ජනාධිපතිවරුන්ට බැරි වුණා සහල් බූවල්වලා මර්දනය කරන්න.

මේ ජනතා ආණ්ඩුවට කියන්නේ 76 වසරක සාපය නිමා කරන්න නම් සහල් මාෆියාව නැති කරන්න කියලා. ජනාධිපතිවරයාට තිබෙන වගකීම, අභියෝගය වචනවලින්  නෙවෙයි මේ අභියෝගයට මුහුණ දෙන්න. පහුගිය කාලේ බලපු විදියට හාල් තොග තියෙනවද කියලා නෙමෙයි බලන්න ඕනේ. වී සංචිත කොච්චර ප්‍රමාණයක් රට තුළ තියෙනවද කියලයි බලන්න ඕනේ. 

අපි දන්න විදිහට 2024 - 23 මස් කන්නේ වී මෙට්‍රික් ටෝන් ලක්ෂ 28ක් ලබාගත්තා අස්වැන්න. 2024 යල් කන්නයේ වී මෙට්‍රික් ටොන් ලක්ෂ දාහතක් ගත්තා. 2023 මස් කන්නේ වී සංචිත යම් ප්‍රමාණයකුත් තිබෙනවා රට තුළ. මේ රටේ වී සංචිත 2025 අප්‍රේල් වෙනකම් වී තිබෙනවා. ත්‍රිකුණාමලය අම්පාර අනුරාධපුර ඇතැම් ප්‍රදේශවල කීරි සම්බා වගා කලා විකුණ ගන්න බැරි තත්වෙකට කීරි සම්බා අතිරික්තයක් තිබෙනකොට කොළඹ තදාසන්න ප්‍රදේශවල සහල් වෙළෙන්දොත් එක්ක කතා කලහම මෝල් හිමියන්ට කතා කළහම එයාලා දානවා කොන්දේසි. කොන්දේසි දාලා තමයි හාල් විකුණන්නෙ. නාඩු සහල් දෙන්න බෑ කීරි සම්බ ගත්තොත් තමයි නාඩු දෙන්නෙ කියලා කියනවා ඒ වගේ අයුතු යෝජනා කරනවා. මහා පරිමාණ මෝල් හිමියන්ට වාසි වන විදිහට මේ රටේ වී වල තිබෙන සහතික  මිල තීරණය කරන්නේ අසනු නෙලලා සීයට අසූවක් ඉවර වුණාට පස්සේ. ග්‍රාමසේවා වසම් මට්ටමේ මේ රටේ වී සංචිත කොච්චර තියනවද කියලා හොයන්න ඕනේ. 

හාල් හිඟය මැව්වේ කෘතිමවයි. මහා පරිමාණ මෝල් හිමියෝ ළඟ විතරක් නෙමෙයි වෙනත් තැන්වලත් ගබඩා තිබෙනවා. හාල් තියෙනවාද නැද්ද කියලා හොයන්න නෙමේ ඕනේ. හාල් හිඟයක් කිසිසේත්ම නැහැ. ලබන අවුරුද්දේ අප්‍රේල් වෙනකම් වී තිබෙනවා."

සම්බන්ධිත පුවත් | Related News

මේ වන විට දිවයින පුරා පැපොල රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණද, රෝගය වැළැක්වීමට උපකාරී වන වරිසෙල්ලා එන්නත දැනට රජයේ රෝහල් ගබඩාවල නොමැති බව වාර්තා වේ.
(නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මෙන්ම ගුවාන්චා මාධ්‍ය දායකයේ මහාචාර්යවර්යෙකු වන ලියු ජුන් සහ මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, නැගෙනහිර චීන සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ තරුණ පර්යේෂක යැං ෂුපින් විසින් රචිත ලිපියකි.)
ඉන්දියාව භූ දේශපාලන වෛශ්‍යාවක් ලෙස දේශපාලන විචාරකයන් පවා හඳුන්වන බවත්, ඔවුන් ආර්ථික වාසිය තකා චීනයත් සමග ගනුදෙනු කළ ද, රෑට නිදාගන්නේ අමෙරිකාව සමග බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා නිවැරදිව විග්‍රහ කරගනිමින් න්‍යායාත්මකව පැහැදිලි කර ඇති බවත්, ඉන්දියානු න්‍යායපත්‍රය ඉදිරියට රැගෙන යාමට නම් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ගැටුම් නිර්මාණය කර ශ්‍රී ලංකාව දුර්වල කළ යුතු බව ඉන්දියාව දැන සිටි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
බෞද්ධයන් අත්‍යාගමීකරණයට ලක්කරන බවට චෝදනා එල්ලවී ඇති චාල්ස් තෝමස් නමැති පුද්ගලයා විසින් මල්වතු විහාර පාර්ශ්වයට අයත් පාදෙණිය රජ මහා විහාරයේ දී පැවැත්වීමට නියමිත වඩසටහනක් සම්බන්ධයෙන් බෞද්ධ ජනතාවගේ විරෝධය මේ වන විට එල්ලවී ඇති බව සඳහන් කරමින් මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ විසින් පාදෙණිය රජ මහා විහාරධිපති හිමියන්ට යොමුකළ ලිපියක් අප වෙත ලැබී තිබේ.
සම්බුදු තෙමඟුල සිහිපත් කෙරෙන උතුම් වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබේ.
ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.
දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ප්‍රධාන පුවත්

රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?

මේ වන විට දිවයින පුරා පැපොල රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණද, රෝගය වැළැක්වීමට උපකාරී වන වරිසෙල්ලා එන්නත දැනට රජයේ රෝහල් ගබඩාවල නොමැති බව වාර්තා වේ.

චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?

(නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මෙන්ම ගුවාන්චා මාධ්‍ය දායකයේ මහාචාර්යවර්යෙකු වන ලියු ජුන් සහ මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, නැගෙනහිර චීන සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ තරුණ පර්යේෂක යැං ෂුපින් විසින් රචිත ලිපියකි.)

ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියාව භූ දේශපාලන වෛශ්‍යාවක් ලෙස දේශපාලන විචාරකයන් පවා හඳුන්වන බවත්, ඔවුන් ආර්ථික වාසිය තකා චීනයත් සමග ගනුදෙනු කළ ද, රෑට නිදාගන්නේ අමෙරිකාව සමග බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා නිවැරදිව විග්‍රහ කරගනිමින් න්‍යායාත්මකව පැහැදිලි කර ඇති බවත්, ඉන්දියානු න්‍යායපත්‍රය ඉදිරියට රැගෙන යාමට නම් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ගැටුම් නිර්මාණය කර ශ්‍රී ලංකාව දුර්වල කළ යුතු බව ඉන්දියාව දැන සිටි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..

බෞද්ධයන් අත්‍යාගමීකරණයට ලක්කරන බවට චෝදනා එල්ලවී ඇති චාල්ස් තෝමස් නමැති පුද්ගලයා විසින් මල්වතු විහාර පාර්ශ්වයට අයත් පාදෙණිය රජ මහා විහාරයේ දී පැවැත්වීමට නියමිත වඩසටහනක් සම්බන්ධයෙන් බෞද්ධ ජනතාවගේ විරෝධය මේ වන විට එල්ලවී ඇති බව සඳහන් කරමින් මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ විසින් පාදෙණිය රජ මහා විහාරධිපති හිමියන්ට යොමුකළ ලිපියක් අප වෙත ලැබී තිබේ.

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.

අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.