
ශ්‍රී ලංකාවේ සංවර්ධන අවශ්‍යතා පිළිබඳ සම්පූර්ණ ඇගයීමක් කිරීමට චීනය කටයුතු කරනවා - ශ්‍රී ලංකාවේ චීන තානාපති
නව වසරේදී ශ්‍රී ලංකාවේ නව රජයේ සංවර්ධන අවශ්‍යතා පිළිබඳ සම්පූර්ණ ඇගයීමක් කිරීමට චීන රජය කටයුතු කරන බවත්, එහිදී ශ්‍රී ලාංකිකයින් වැඩි පිරිසකට චීනයේ දී පුහුණු ලබාදීමටත් එම පුහුණු වැඩසටහන් නිශ්චිත විෂයන්ට අදාළව වඩාත් ඵලදායී ආකාරයට සිදුකිරීමට අපේක්ෂා කරන බවත් මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ චීන ආධාර යටතේ පුහුණුවූවන් වෙනුවෙන් කොළඹ ඊයේ (31) පැවති උත්සවයකට එක්වෙමිනි.
එහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා සඳහන් කළේ මේ වසරේ ඔක්තෝබර් මාසය අවසන් වනවිට දහසකට වැඩි ශ්‍රී ලාංකිකයින් ප්‍රධාන ක්ෂේත්‍ර 17ක් ආවරණය කරන පුහුණු වැඩසටහන් සඳහා චීනයට ගොස් ඇති බවත් ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ Qi Zhenhong මහතා,
"ශ්‍රී ලංකාව සමග සියලු ක්ෂේත්‍රයන්හි අධ්‍යාපන සහයෝගිතාවක් පවත්වාගැනීම චීන රජය අතිශය වැදගත් කොට සලකනවා. වසර ගණනාවක් මුළුල්ලේ චීනයේ දී ශ්‍රී ලාංකිකයින් එවැනි විවිධ පුහුණු වැඩසටහන්වලට සහභාගී කරවීමට අපේ විදේශ ආධාර මුදල් යොදාගත්තා. මේ වසරේ ඔක්තෝබර් මාසය අවසන් වනවිට දහසකට වැඩි ශ්‍රී ලාංකිකයින් ප්‍රධාන ක්ෂේත්‍ර 17ක් ආවරණය කරන පුහුණු වැඩසටහන් සඳහා චීනයට ගොස් තිබෙනවා."
"සංවර්ධනය වෙමින් පවතින රටවල් සමග මානව සම්පත් සහයෝගිතාව වැඩිදියුණු කිරීමට චීන රජය අඛණ්ඩව කටයුතු කරනවා. නව වසරේදී ශ්‍රී ලංකාවේ නව රජයේ සංවර්ධනය අවශ්‍යතා පිළිබඳ සම්පූර්ණ ඇගයීමක් කිරීමට චීන රජය කටයුතු කරනවා. එහිදී ශ්‍රී ලාංකිකයින් වැඩි පිරිසකට චීනයේ දී පුහුණු ලබාදීමටත් එම පුහුණු වැඩසටහන් නිශ්චිත විෂයන්ට අදාළව වඩාත් ඵලදායී ආකාරයට සිදුකිරීමටත් අපේක්ෂා කරනවා. ශ්‍රී ලංකාව සහ චීනය අතර මිතුදම සදාකල් පවතීවායි මම ප්‍රාර්ථනා කරනවා."
මෙම අවස්ථාවට එක්වූ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසා සිටියේ මෙරට ණය ප්‍රතිකර්ම ක්‍රියාවලිය නුදුරේදීම අවසන් කර, ප්‍රමුඛතා ව්‍යාපෘති සඳහා නව මූල්‍යාධාර ලබාගැනීම යළි ආරම්භ කිරීමට හැකිවනු ඇති බවය.
"විශේෂයෙන් අර්බුදකාරී සමයේ දී ශ්‍රී ලංකාවට ආර්ථික අභියෝග ජයගැනීම සඳහා සහායවීමට චීනය ණය සහ මූල්‍යාධාර ලබාදුන්නා. සමස්තයක් ලෙස චීනය අඛණ්ඩව ලබාදෙන සහාය ආර්ථික වර්ධනය සහ නවීකරණය සඳහා ශ්‍රී ලංකාවේ අපේක්ෂා සාක්ෂාත් කරගැනීමට සැබැවින්ම වැදගත්වනවා. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිකර්ම ක්‍රියාවලියේ දී චීනය ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකළ බව කිවයුතුයි. හරියටම වසරකට පෙර, 2023 වසරේ ඔක්තෝබර් මාසයේ දී චීනය ශ්‍රී ලංකාවේ නිල ණයහිමියන් අතුරින් ණය ප්‍රතිකර්ම සඳහා ප්‍රකෘතිමත් එකඟතාවක් ප්‍රකාශයට පත්කළ ප්‍රථම රට වනවා. ශ්‍රී ලංකාව චීන එක්සිම් බැංකුවෙන් ලබාගත් ණය සඳහා එම ණය ප්‍රතිකර්ම කොන්දේසි එකඟතාව ඇතිවුණා. එම එකඟතාව බලාත්මක වීමත් සමග ණය ප්‍රතිකර්ම ක්‍රියාවලිය අවසන් කළ පළමු බාහිර ණයහිමියා බවට පත්වුණේ චීන එක්සිම් බැංකුවයි. චීන සංවර්ධන බැංකුවට අදාළ ණය ප්‍රතිකර්ම ක්‍රියාවලිය ද විශිෂ්ට ප්‍රගතියක් අත්කරගෙන තිබෙනවා."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
