බොලිවියාවේ හිටපු ජනපති ඉවෝ මොරාලෙස් ‘ඝාතන තැතකින්’ දිවි ගලවා ගනියි
(Former Bolivian president Evo Morales. © Popow\Getty Images)
බොලිවියාවේ හිටපු ජනාධිපති ඉවෝ මොරාලෙස් ඝාතන තැතකින් දිවි ගලවා ගත් බව අද(27) ඔහුගේ "ෆේස්බුක්" පිටුවේ පළ කර ඇති වීඩියෝවක් මගින් ස්ථිර කර සිටියි. ප්‍රහාරයෙන් ඉවෝ මොරාලෙස්ට කිසිදු හානියක් සිදුවී නොමැති අතර, ඔහුගේ රියදුරු පමණක් තුවාල ලබා ඇති බව පැවසේ.
මොරාලෙස්ගේ වාහනයේ ඇතුළත සිට ඡායාරූපගත කරන ලද විනාඩි හතරක වීඩියෝවක් ආරම්භ වන්නේ ඔහු තම රියදුරු අසල මෝටර් රථයේ ඉදිරිපස අසුනේ වාඩි වී දුරකථන ඇමතුමක් ගන්නා දර්ශනයකිනි. පසුව, වීඩියෝවෙන් රථයේ ඉදිරිපස වා මුවාවේ(වින්ඩ්ස්ක්‍රීන්) පෙනෙන වෙඩි උන්ඩ වලින් වූ සිදුරු පෙන්වයි. රියදුරුගේ හිසෙන් රුධිරය වහනය වන බවක් පෙනෙන්නට තිබුණත් ඔහු රථනය පැදවීම අත්හැර නැත. පසුපස වාමුවාව වෙඩි උණ්ඩවලින් කැඩී ගොස් ඇති ආකාරය දැකගත හැකිය.
https://www.facebook.com/watch/?v=1179310053166855
මොරාලෙස් පවසන පරිදි මෝටර් රථයට වෙඩි 14 ක් පමණ එල්ල වී තිබේ.
මධ්‍යම බොලිවියාවේ ෂිනහෝටා නගරයේ දී අලුයම හිටපු ජනාධිපතිවරයා සිය සුපුරුදු ඉරිදා දින චර්යාවට යාමට සූදානම්ව සිටියදී ඔහුගේ වාහනය මෝටර් රථ දෙකකට මැදි වී ඇති බව ඔහු විසින් තබා ඇති සටහනෙන් කියවේ. කළු ඇඳුමින් සැරසී සිටි පුද්ගලයින් සිව් දෙනෙකු මෝටර් රථයෙන් පිටතට පැමිණ හිටපු ජනාධිපතිවරයාගේ වාහනයට වෙඩි තැබූ බව එහි සඳහන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් මොරාලෙස්ගේ "ෆේස් බුක්" ගිණුමේ පළ වූ වීඩියෝ සටහනෙන් ටික වේලාවකට පසු තවත් වීඩියෝවක් පළ විය. ඔහු වාඩි වී මයික්‍රෆෝනයක් භාවිතා කරමින් දේශනයක් පවත්වන අයුරු එහි දැක්වේ.වීඩියෝ දර්ශනවලින් පෙනෙන්නට ඇති පරිදි මොරාල්ස්ට හානියක් සිදු වී නොමැති සෙයක් දිස් වේ.
කෙසේ වුවද සිද්ධිය සම්බන්ධයෙන් බොලිවියානු බලධාරීන් මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නොමැත.
https://fb.watch/vu80l9GzTh/
මොරාලෙස් 2006 සිට 2019 අතර කාලය තුළ අඛණ්ඩව වාර තුනක් බොලිවියාවේ ජනාධිපති ලෙස කටයුතු කළේය. 2019 දී, සෙනෙට් සභික ජෙනීන් ඇනෙස්ගේ රජය බලයට ගෙන ආ කුමන්ත්‍රණයකින් ඔහු නෙරපා හරින ලදී. ඇය මේ වන විට ඇගේ පාලන තන්ත්‍රය බලය මාරුවෙන් පසු ඇතිවූ මහජන විරෝධතා මැඩලීමේදී සිදු කළ අපරාධ සම්බන්ධයෙන් සිර දඬුවම් විඳිමින් සිටී.
2020 සිට බොලිවියාවේ නායකත්වය දරන්නේ මොරාලෙස්ගේ හිටපු සගයෙකු වූ ජනාධිපති ලුයිස් ආර්ස් විසිනි. ඔවුන් දෙදෙනාගේ දේශපාලන බලවේගය වන සමාජවාදය සඳහා වූ ව්‍යාපාරයේ අනාගතය සම්බන්ධයෙන් මෑතකදී මතභේද ඇති විය. කෙසේ වෙතත්, හිටපු ජනාධිපතිවරයා පසුගිය ජුනි මාසයේදී ඇතිවූ ආර්ස්ට එරෙහිව මතුවූ කුමන්ත්‍රණය හෙළා දුටුවේය.
මොරාලෙස් 2009 දී ඔහුගේ පළමු ජනාධිපති ධූර කාලය තුළ තවත් ඝාතන උත්සාහයකට මුහුණ දුන්නේය. බොලිවියානු මාධ්‍ය විසින් එවකට සිටි නායකයා සහ ඔහුගේ උප ජනාධිපතිවරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කරමින් සිටි “ත්‍රස්තවාදී කණ්ඩායමක්” ලෙස හැඳින්වූ අතර ආරක්ෂක අංශ උදාසීන කිරීම සම්බන්ධයෙන් පුවත් වාර්තා ඉදිරිපත් කළේය. මොරාලෙස් සහ ඔහුගේ උප ජනාධිපතිවරයා ඝාතනයට උත්සහා කළ කණ්ඩායමේ තිදෙනෙක් මිය ගිය අතර තවත් දෙදෙනෙක් අත්අඩංගුවට ගත්හ. එම පිරිස රුමේනියානු, හංගේරියානු, අයර්ලන්ත, බොලිවියානු සහ කොලොම්බියානු ජාතිකයන් ලෙස හඳුනාගනු ලැබීය.
Former Bolivian president survives ‘assassination attempt’
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්