
පසුගිය ආණ්ඩුව ගිවිසුම්වලට එළැඹි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ගැන සමාලෝචනය කරන්න කමිටුවක්
බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල මහතා පවසන්නේ පසුගිය කාලයේ විවිධ ගිවිසුම්වලට එළැඹී පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති පිළිබඳ සමාලෝචනයකට කමිටුවක් පත් කළ බවය.
මේ යටතේ මන්නාරම සුළං විදුලි ව්‍යාපෘතිය ඇතුළු සුළං හා සූර්ය බල ව්‍යාපෘති 40කට ආසන්න සංඛ්‍යාවක් පිළිබඳ සමාලෝචනය කිරීමට නියමිත බවත්, මෙගාවොට් 05 සිට 100 දක්වා විදුලිය උත්පානය කිරීම මෙම ව්‍යාපෘතිවලින් අපේක්ෂිත බවත් වාර්තා වේ.
ලේකම්වරයා පවසන්නේ මෙම ව්‍යාපෘතිවලට ගිවිසුම්ගත වීමේදී රටට අවාසිදායක කොන්දේසි කිහිපයක් යටතේ එකඟතාවයන්ට එළඹ ඇති බවය.
ඇතැම් ව්‍යාපෘති සඳහා ඉඩම් තෝරා ගැනීමේදී එම ඉඩම් කෘෂිකාර්මික කටයුතු සඳහා යෙදවීමෙන් ඊට වඩා ඵලදායී ලෙස ඒවා භාවිත කිරීමට හැකියාව ලැබෙන බව නිරීක්ෂණය වී තිබේ.
අදාළ කමිටුව හරහා එම ව්‍යාපෘතිවලින් විදුලිය මිලදී ගැනීමේදී එක් ඒකකයක් වෙනු වෙන් වැය කරන මුදල මෙන්ම ව්‍යාපෘතියෙන් ලැබෙන ආර්ථික ප්‍රයෝජන පිළිබඳව ද සලකා බැලීමට නියමිතයි.
මසක් තුළ එම කමිටුවේ වාර්තාව ලබා දෙන ලෙස එහි සාමාජිකයින්ට උපදෙස් දී ඇති බව ලේකම්වරයා දන්වා ඇති අතර, වාර්තාව ලැබීමෙන් පසු එම සියලු ව්‍යාපෘති රටට වඩාත් ඵලදායී හා වාසිසහගත වන ලෙස ක්‍රියාත්මක කිරීම පිළිබඳ එකඟතාවයකට පැමිණීමට නියමිත බවත් වාර්තා වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
