ඇමරිකානුවන් හතර දෙනෙකුගෙන් එක් අයෙකු පශ්චාත් මැතිවරණ සිවිල් යුද්ධයක් ඇති වේ යැයි බිය පලකරයි
(FILE PHOTO: Virginia National Guard soldiers are issued their M4 rifles and live ammunition on the east front of the US Capitol on January 17, 2021 in Washington, DC © Samuel Corum / Getty Images) පසුගියදා YouGov නම් සමාජ මත විමසුම් කරනු ලබන ආයතනයක් විසින් කළ මත විමසුමකට අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කමලා හැරිස් යන දෙදෙනාගේම ආධාරකරුවන් විසින් කළ සමාන ලෙස මත දක්වීමට අනුව, ඇමරිකානුවන්ගෙන් 27% ක් පමණ එළඹෙන එක්සත් ජනපද ජනාධිපතිවරණයෙන් පසු සිවිල් යුද්ධයක් ඇති විය හැකි බවට විශවාසය පළ කරයි.
එම සමීක්ෂණයට අනුව ඉදිරි මැතිවරණය දේශපාලන ප්‍රචණ්ඩත්වයට තුඩු දෙනු ඇතැයි ඇමරිකානුවන්ගෙන් සැලකිය යුතු සංඛ්‍යාවක් බිය වන අතර, 6% ක් දෙවන සිවිල් යුද්ධයක් “බොහෝ දුරට ඉඩ ඇති” බව ප්‍රකාශ කර ඇත. 21% ක් පමණ “තරමක් එසේ විය හැකි” බව පවසා ඇත. එලෙසම ද ටයිම්ස් සහ SAY24 ආයතන විසින් එකට එක්වී ඔක්තෝබර් 18-21 කාලය අතර සිදු කරන ලද සමීක්ෂණයට අනුව, ට්‍රම්ප් සහ හැරිස් ආධාරකරුවන් දළ වශයෙන් සමාන ප්‍රමාණයක් සිවිල් යුද්ධයක් ඇති විය හැකි යැයි අදහස් දක්වා තිබේ.
ප්‍රතිචාර දැක්වූ 1,266 දෙනාගෙන්, 12% ක් පැවසූවේ රිපබ්ලිකන් අපේක්ෂක ට්‍රම්ප්ගේ ජයග්‍රහණය වංචා කළ බව ජනයා විශ්වාස කළහොත් ආයුධ අතට ගත හැකි බව පැවසූ අතර 5% ප්‍රකාශ කර ඇත්තේ ඩිමොක්‍රටික් ප්‍රතිවාදියා වන හැරිස්ගේ ආධාරකරුවන් එසේ කිරීමට ඉඩ ඇති බවයි. ජනමතය විමසන්නන් ගිණි අවි හිමිකම ගැන ද විමසූ නමුත් ගිණි අවි හිමිකම සහ සිවිල් යුද්ධයක් ඇති විය හැකිද යන්න පිළිබඳ කිසිදු අන්තර් සම්බන්ධයක් සොයා ගෙන නැත.
ඡන්දදායකයින්ගෙන් 84% ක් අමෙරිකානු ජන සමාජය ගැඹුරු බෙදීමට ලක්ව ඇති බවට එකඟ වුණු අතර මෙම තත්වය මීට වසර 10 කට පෙර ඇමෙරිකානු සමාජය තිබුණාට වඩා බෙදීම ගැඹුරු බව තහවුරු විය.
එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් තරඟයෙන් ඉවත් වී කමලා හැරිස් ඔහුගේ පක්ෂයේ අපේක්ෂකයා ලෙස අනුමත කිරීමෙන් පසුව, ඩිමොක්‍රටිකයින් මුලින් ඡන්දදායකයින් සමඟ "මධුසමය" ගත කළ බව ඔවුන් කෙරෙහි වූ ඉහළ යන ජන ප්‍රසාදයෙන් පිළිබිඹු විය. කෙසේ වෙතත්, මෑතදි කළ සමීක්ෂණවලින් පෙන්නුම් කරන්නේ, සමීක්ෂණයේ වන දෝෂයේ මායිම තුළ පවා බොහෝ තීරණාත්මක අමෙරිකානු ප්‍රාන්තවල ට්‍රම්ප් ඉදිරියෙන් සිටින බවයි.
2020 මැතිවරණයෙන් පසුව, 2021 ජනවාරි 6 වන දින ට්‍රම්ප්ගේ ආධාරකරුවන් පිරිසක් එක්සත් ජනපදයේ කැපිටෝල් ශාලාවේදී, නීති සම්පාදකයින් විසින් බිඩෙන්ගේ වංචනික ජයග්‍රහණය පිළිගැනීම වැළැක්වීමට උත්සාහ කළහ. ඔවුන්ගේ පෙලපාලිය ඉක්මනින්ම කෝලාහලයක් බවට පත් වූ අතර, එය බයිඩන් සහ සෙසු ඩිමොක්‍රටික් පාක්ෂිකයන් "කැරැල්ලක්" ලෙස සංලක්ෂිත කළේය.
බලධාරීන් විසින් විරෝධතා වලට සහභාගි වූ 1,457 දෙනෙක් අත්අඩංගුවට ගෙන නඩු පවරන ලද අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට අනවසරයෙන් ඇතුළුවීමේ චෝදනාව ඉදිරිපත් කළේය. එහෙත් ඇතැමුන්ට වඩා බරපතල චෝදනා වලට මුහුණ දීමට සිදු විය.
පසුගිය මාස කිහිපය තුළ ඝාතන ප්‍රයත්න කිහිපයකින් දිවි ගලවා ගත් ට්‍රම්ප්, බයිඩන් පරාජය සහතික කිරීමට “අපායක මෙන් සටන් කරන ලෙස” ඔහුගේ ආධාරකරුවන්ගෙන් ඉල්ලා සිටීම හේතුවෙන් කෝලාහලය උසිගැන්වීම සම්බන්ධයෙන් ෆෙඩරල් චෝදනාවලට මුහුණ දී සිටී. කෙසේ වුවද ට්‍රම්ප්ගේ නීතීඥයින් පවසන්නේ එවැනි ප්‍රකාශයක් කිරීමට ඔහුට ඇති අයිතිය තුළ ඔහු හොඳින් ස්ථානගතව සිටින බවත්, "සාමකාමීව සහ දේශප්‍රේමීව" ක්‍රියා කිරීමට ඔහු තම ආධාරකරුවන් දිරිමත් කළ බවත් ප්‍රකාශ කළේය.
One in four Americans fears post-election civil war – poll
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..