
ආරුගම්බේ සිදුවීම ප්‍රතිනිර්මාණයක් ද?... සිදුවීමට කළින්ම චිත්‍රපට, වීඩියෝ කරළියට ඇවිත්?
ආරුගම්බේ ප්‍රදේශයේ රැඳීසිටින ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ලකිරීමේ සැලසුමක් ඇතැයි අමෙරිකානු සහ ඉන්දීය බුද්ධි අංශ පසුගිය දිනක මෙරට ආරක්ෂක අංශ දැනුම්ත් කර තිබිණි.
මෙරට සිටින ඊශ්‍රායල ජාතිකයින් ඉල්ලක්ක කර මෙම ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර තිබූ බවයි අරක්ෂක අංශ හෙළි කළේ.
අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල් ආසන්නයේ පිහිටි ආරුගම්බේ, සර්ෆින් ක්‍රීඩාවට ප්‍රචලිත සංචාරකයන් බහුලව පැමිණෙන ලොව ආකර්ෂණීයම සංචාරක කලාපයක් වන අතර, එම ප්‍රදේශය ඊශ්‍රායල ජාතිකයන් ද වැඩි වශයෙන් ගැවසෙන කලාපයකි.
එවන් පසුබිමක අදාළ ප්‍රහාරය ඔක්තෝබර් 19ත් 23ත් අතර කාලය තුළදී එල්ලවිය හැකි බවටයි ඉන්දීය බුද්ධි අංශ දැනුම්දී තිබුනේ.
එම තොරතුරුවලින් අනාවරණ කර ඇත්තේ හිස්බුල්ලා සංවිධානයේ නායකයන් පසුගිය දිනවල ඊශ්‍රායාලය මඟින් ඝාතනය කිරීම හේතුවෙන් ඊට පළිගැනීමක් ලෙස මෙම ප්‍රහාරය මෙරට තුළ දියත් කිරීමට සැලසුම් කර ඇති බවය.
කෙසේ වුවද, ඊශ්‍රායලය හිතවාදී කණ්ඩායමක් විසින් 2015 වසරේ මෙරට මඩකලපුව ප්‍රදේශයේ සංවිධානය කළ පෙළපාලියක් දැක්වෙන වීඩියෝවක් සහ 2023 වසරේ නිෂ්පාදනය කළ Arugam Bay නම් චිත්‍රපටයක වීඩියෝවක් පිළිබඳව මෙහිදී අවධානය යොමුවිය යුතු බව අප විශ්වාස කරමු.
මෙම චිත්‍රපටයේ කතා තේමාව සහ අදාල සිදුවීම සිදුවන ස්ථාන ලෙස 'ආරුගම්බේ' මුහුදු කලාපය වෙන්කර තිබීම අහම්බෙන් සිදුවූ දෙයක් ලෙස සිතීමට නොහැකි වන්නේ චිත්‍රපටයේ කතාවද බොහෝ සෙයින් මෙම සිදුවීමත් සමග සමපාත වන හෙයිනි.
දැනට දින කිහිපයකට පෙර ආරුගම්බේ ප්‍රදේශයේ ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුම හෙළිදරව් වීම සහ 2023 වසරේ අරුගම්බේ නමින්ම විදෙස් චිත්‍රපටයක් නිෂ්පාදනය වීම අහම්බයකින් සිදුවූවක් ද එසේත් නොමැති නම් මෙය එක්තරා සූක්ෂම මෙහෙයුමක් දැයි මෙහිදී ප්‍රශ්නාර්ථයක් මතුවෙයි.
එමෙන්ම මෙහි දක්වා ඇති අනෙක් වීඩියෝවේ දැක්වෙන්නේ 2015 වසරේ දී මෙරට මඩකලපුව ප්‍රදේශයේ දී 'ඊශ්‍රායලය තනි නොවේ" යන්න තේමා කරගනිමින් පැවැත්වූ පෙළපාලියකි. එය ආගමික මතවාද මත පදනම්ව පැවැත් වූ පෙළපාලියක් බව සදහන් වන අතර, එහි අරමුණ ඊශ්‍රායලයේ අනාගත වැඩපිළිවෙල සමග යම් සබඳතාවක් පෙන්වන බව මෙම වීඩියෝව තුළින් දැකගත හැකිය.
ප්‍රකට දාර්ශනික රුසියානු ජාතික Aleksandr Dugin පවා සඳහන් කරන ආකාරයට අනාගත සැලසුමක් ඇතිව ලෝකයේ සිදුවන බොහෝ සිදුවීම්වල පෙර ජවනිකා ඉතා සූක්ෂම අයුරින් ප්‍රකට වන බවත්, පසුව එය ප්‍රතිනිර්මාණය කිරීම සිදුවන බවත් මෙම සිදුවීම් මගින් පැහැදිලි වන බවයි අපගේ විශ්වාසය.
ඊශ්‍රායලය විසින් අනාගතයේ දී ලෝකය තුළ සිදුකිරීමට යන පරිවර්තනය කෙබඳු දැයි තවමත් නිශ්චිතව පැවසීමට නොහැකි වුවද, මෙවැනි සිදුවීම් පිටුපස ඊශ්‍රායල මෙහෙයුමේ අංකොන් තිබිය නොහැකි දැයි ප්‍රශ්නාර්ථයක් මතුවන්නේ මෙම සිදුවීම්වල යම් යම් ජවනිකා මීට පෙර කලඑළි බැස තිබීම හා ඒවා සාක්ෂි සැපයීම නිසා නොවේද?
වීඩියෝ පහළින්...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
