ආරුගම්බේ සිදුවීම ප්‍රතිනිර්මාණයක් ද?... සිදුවීමට කළින්ම චිත්‍රපට, වීඩියෝ කරළියට ඇවිත්?
ආරුගම්බේ ප්‍රදේශයේ රැඳීසිටින ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ලකිරීමේ සැලසුමක් ඇතැයි අමෙරිකානු සහ ඉන්දීය බුද්ධි අංශ පසුගිය දිනක මෙරට ආරක්ෂක අංශ දැනුම්ත් කර තිබිණි.
මෙරට සිටින ඊශ්‍රායල ජාතිකයින් ඉල්ලක්ක කර මෙම ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර තිබූ බවයි අරක්ෂක අංශ හෙළි කළේ.
අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල් ආසන්නයේ පිහිටි ආරුගම්බේ, සර්ෆින් ක්‍රීඩාවට ප්‍රචලිත සංචාරකයන් බහුලව පැමිණෙන ලොව ආකර්ෂණීයම සංචාරක කලාපයක් වන අතර, එම ප්‍රදේශය ඊශ්‍රායල ජාතිකයන් ද වැඩි වශයෙන් ගැවසෙන කලාපයකි.
එවන් පසුබිමක අදාළ ප්‍රහාරය ඔක්තෝබර් 19ත් 23ත් අතර කාලය තුළදී එල්ලවිය හැකි බවටයි ඉන්දීය බුද්ධි අංශ දැනුම්දී තිබුනේ.
එම තොරතුරුවලින් අනාවරණ කර ඇත්තේ හිස්බුල්ලා සංවිධානයේ නායකයන් පසුගිය දිනවල ඊශ්‍රායාලය මඟින් ඝාතනය කිරීම හේතුවෙන් ඊට පළිගැනීමක් ලෙස මෙම ප්‍රහාරය මෙරට තුළ දියත් කිරීමට සැලසුම් කර ඇති බවය.
කෙසේ වුවද, ඊශ්‍රායලය හිතවාදී කණ්ඩායමක් විසින් 2015 වසරේ මෙරට මඩකලපුව ප්‍රදේශයේ සංවිධානය කළ පෙළපාලියක් දැක්වෙන වීඩියෝවක් සහ 2023 වසරේ නිෂ්පාදනය කළ Arugam Bay නම් චිත්‍රපටයක වීඩියෝවක් පිළිබඳව මෙහිදී අවධානය යොමුවිය යුතු බව අප විශ්වාස කරමු.
මෙම චිත්‍රපටයේ කතා තේමාව සහ අදාල සිදුවීම සිදුවන ස්ථාන ලෙස 'ආරුගම්බේ' මුහුදු කලාපය වෙන්කර තිබීම අහම්බෙන් සිදුවූ දෙයක් ලෙස සිතීමට නොහැකි වන්නේ චිත්‍රපටයේ කතාවද බොහෝ සෙයින් මෙම සිදුවීමත් සමග සමපාත වන හෙයිනි.
දැනට දින කිහිපයකට පෙර ආරුගම්බේ ප්‍රදේශයේ ඊශ්‍රායල ජාතිකයන් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුම හෙළිදරව් වීම සහ 2023 වසරේ අරුගම්බේ නමින්ම විදෙස් චිත්‍රපටයක් නිෂ්පාදනය වීම අහම්බයකින් සිදුවූවක් ද එසේත් නොමැති නම් මෙය එක්තරා සූක්ෂම මෙහෙයුමක් දැයි මෙහිදී ප්‍රශ්නාර්ථයක් මතුවෙයි.
එමෙන්ම මෙහි දක්වා ඇති අනෙක් වීඩියෝවේ දැක්වෙන්නේ 2015 වසරේ දී මෙරට මඩකලපුව ප්‍රදේශයේ දී 'ඊශ්‍රායලය තනි නොවේ" යන්න තේමා කරගනිමින් පැවැත්වූ පෙළපාලියකි. එය ආගමික මතවාද මත පදනම්ව පැවැත් වූ පෙළපාලියක් බව සදහන් වන අතර, එහි අරමුණ ඊශ්‍රායලයේ අනාගත වැඩපිළිවෙල සමග යම් සබඳතාවක් පෙන්වන බව මෙම වීඩියෝව තුළින් දැකගත හැකිය.
ප්‍රකට දාර්ශනික රුසියානු ජාතික Aleksandr Dugin පවා සඳහන් කරන ආකාරයට අනාගත සැලසුමක් ඇතිව ලෝකයේ සිදුවන බොහෝ සිදුවීම්වල පෙර ජවනිකා ඉතා සූක්ෂම අයුරින් ප්‍රකට වන බවත්, පසුව එය ප්‍රතිනිර්මාණය කිරීම සිදුවන බවත් මෙම සිදුවීම් මගින් පැහැදිලි වන බවයි අපගේ විශ්වාසය.
ඊශ්‍රායලය විසින් අනාගතයේ දී ලෝකය තුළ සිදුකිරීමට යන පරිවර්තනය කෙබඳු දැයි තවමත් නිශ්චිතව පැවසීමට නොහැකි වුවද, මෙවැනි සිදුවීම් පිටුපස ඊශ්‍රායල මෙහෙයුමේ අංකොන් තිබිය නොහැකි දැයි ප්‍රශ්නාර්ථයක් මතුවන්නේ මෙම සිදුවීම්වල යම් යම් ජවනිකා මීට පෙර කලඑළි බැස තිබීම හා ඒවා සාක්ෂි සැපයීම නිසා නොවේද?
වීඩියෝ පහළින්...

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්